පළාත් සභා මැතිවරණය අවසන් වනතුරු ආණ්ඩුවෙන් තාවකාලිකව ඉවත්වීමට ආණ්ඩුව නියෝජනය කරන මුස්ලිම් කොංග්රස් ඇමැතිවරුන් සහ නියෝජ්‍ය ඇමැතිවරුන් සූදානම් වේ.පසුගිය දිනෙක පැවැති මුස්ලිම් කොංග්රස් උත්තරීතර මණ්ඩල රැස්වීමේදී බහුතරයකගේ අදහස වී ඇත්තේ තම පාක්ෂිකයන් අතරට ගොස් මැතිවරණ ප්රචාරක කටයුතු ආරම්භ කිරීමට පෙර එවැනි තීරණයක් ගැනීම වඩාත් සුදුසු බවයි.
ඒ හරහා තම පක්ෂයේ පාක්ෂිකයන්ට අමතරව, ආණ්ඩුව නියෝජනය කරන සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසය වැනි
පක්ෂවල ආධාරකරුවන්ගේ ඡන්ද ද තමන්ට ලබාගැනීමට හැකියාව ලැබෙනු ඇතැයි එහිදී අවධාරණය වී ඇත.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කර එවැනි තීරණයක් ගැනීමට ඇති හැකියාව සම්බන්ධයෙන් සොයාබලන බවට මෙහිදී මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් මහතා පොරොන්දු වී ඇත.
ඒ අනුව මේ සතිය ඇතුළතදී ජනාධිපතිවරයා සහ මුස්ලිම් කොංග්‍රසය අතර සාකච්ඡාවක් පැවැත්වෙනු ඇතැයි එම පක්ෂයේ ප්‍රකාශකයකු සඳහන් කෙළේය.
0 comments:
Post a Comment