ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ මිට සුළු මොහොතකට පෙර නැවත නොසන්සුන් තාවයක් ඇතිවී ඇති බව වාර්තා වෙයි.
මේවන විට ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ ඇතිවී තිබෙන තත්වය වාර්තා කිරීම සඳහා එහි යමින් සිටි මාධ්‍යවේදීන් දෙදෙනෙක් පිරිසක් අතර ඇතිවූ නොසන්සුන්කාරී තත්වයකට රාජකාරි කටයුතුද කර ගැනීමට නොහැකිව මැදිවීම හේතුවෙන් මේවන විට ආරක්ෂාව සඳහා එක්තරා ස්ථානයකට වී සිටින බවට වාර්තා වෙයි.
අද සවස 6 සිට හෙට උදැසන 7 දක්වා ග්‍රෑන්ඩ් පාස් පොලිස් බල ප්‍රදේශයට පොලිස් ඇඳිරි නිතිය පනවනු ලබන බව ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා සඳහන් කළේය.
අද පෙරවරුවේ ප්‍රදේශය සන්සුන්ව පැවති නමුත් සවස් භාගය වනවිට යම් කිසි නොසන්සුන්කාරී තත්වයක් දක්නට ලැබිණි.
පොලිසිය හා පොලිස් විශේෂ කාර්ය බලකාය ප්‍රදේශයේ ආරක්ෂාවට යොදවා තිබේ.
0 comments:
Post a Comment