අසීමිත බලයක් හිමි වූ කල ඔලුව උදුම්මාගෙන අමනුෂ්‍යයෙක් සේ ක්‍රියා කරන්නා මෝඩයෙකි. දේශපාලන බලයෙන් පිස්සු කෙලින මෝඩයන් මෙන්ම මෝඩ පුත්‍රයන්ද අද සමාජයේ සුලභය. එසේම පොලිස් බලතල පාවිච්චි කරමින් උන්මත්තකයන් සේ කටයුතු කරන නිලධාරින් පොලිස් දෙපාර්තමේන්තුව සතුය.
නිල බලය අනිසි ලෙස පාවිච්චි කරමින් මහා අපරාධවල නිරත වූ හැම එකකුටම ඉතිහාසය පාඩම් කියාදී හමාරය. චන්ද්‍රිකා ජනාධිපති පාලන සමයේ ද ඒ ආකාරයට අසීමිත බලපරාක්රමයෙන් දැඟලූ අමන නිලධාරියෙක් සිටියේය. මේ නිලධාරියා කළ යුතු දහදුරා වැඩ හැම එකක්ම කළේය. එහෙත් බලය අහිමි වූ කල ඔහු නන්නත්තාර වූවේය.
ප්‍රේමදාස පාලන සමයේද මේ ආකාරයටම උන්මත්තක උසස් පොලිස් නිලධාරීහු කිහිප දෙනෙක්ම සිටියෝය. ඔවුහු අහිංසක මිනිසුන් අමු අමුවේ මරා දැම්මෝය. ඒ හැම තවත් මහපොළාව නූහුලන අපරාධ කළෝය. එහෙත් අද ඒ හැම නිලධාරියකුටම දිට්ඨ ධම්ම වේදනීය කර්මය ප්රතිසන්ධි විපාක දී හමාරය.
වර්තමානයේ සිදුවී ඇත්තේද එයමය. අසීමිත වූ බලය සමඟ හිතුමතේ ක්‍රියා කළ නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන අද බන්ධනාගාරගතව දුක් විඳියි. පියාගේ අඩි පාරේම යමින් පොලිස් බලතළ පාවිච්චිකළ රවිඳු වාස් ගුණවර්ධනට සිදු වී ඇත්තේ ද ඒ ආනිසංසයමය.
අප කුඩා කල වැරැද්දක් කළ විට මවුපියන් දඬුවම් දෙන්නේ ඒ වැරැද්ද නිවැරැදි කිරීමටය. ජීවිත කාලයටම පාඩමක් ඉගැන්වීමටය. එසේ නොකර තම දරුවන් කරන කියන පාපතර අමන ක්‍රියා අනුමත කිරීමට යැම ඒ දරුවන්ගේ විනාශයට හේතුවනු ඇත. වාස් ගුණවර්ධන සිද්ධියෙන් පසක්වන්නේ ද ඒ සත්‍යයි.
වාස් ගුණවර්ධන හෝ ඔහුගේ බිරිඳ දරුවන්ට හරිවැරැද්ද කියා දුන් බවක් පෙනෙන්නට නැත. දරුවන්ට කියා දීමට පෙර ඔවුන් හරි මාර්ගයේ ගිය බවක් පෙනෙන්නට තිබුණේ ද නැත.
දරුවන් මෙන්ම වාස් යුවලද කළ කී වැරැදිවලට ඔවුහු සියල්ලෝම අද දඬුවම් විඳිති. සමාජයේ ගැරහුම් ලබති.
පසුගිය දින කීපයේදීම අසන්නට ලැබුණේ පියවරුන්ගේ අසීමිත බලතල පාවිච්චි කිරීමට ගොස් අමාරුවේ වැටුණු පුත්‍රයන් ගැන වූ පුවත්ය. තම පියාගේ දේශපාලන බලපුළුවන්කාරකම් අසීමිතව පාවිච්චි කරමින් අමන මදාවියකු ලෙස හැසිරුණු පුත්‍රයකු ද පසුගිය දා අමතක නොවන පාඩමක් ඉගෙන ගත්තේය.
පුත්‍රයා කළ දහදුරා වැඩ සියල්ල අනුමත කළ දේශපාලක පියා අද ඒ පිළිබඳව පශ්චාත්තාප වනු නොඅනුමානය. රාත්‍රි සමාජ ශාලාවලට වැදී පිස්සු කෙලිමින් සිටි මේ ඇමැති පුත්‍රයා ඔඩෙල් ආයතනය ඉදිරිපිට දී බඩ කට පුරා ගුටිකැවේය. තම පියාගේ බලය අත ගත් පුත්‍රයාට වැරදුණේ එතැනදීය. රවිඳු වාස් ගුණවර්ධනට සිදුවූයේ ද එයමය.
තම පියාගේ පොලිස් බලතල පාවිච්චි කරමින් උන්මත්තකයකු ලෙස ක්‍රියා කළ රවිඳු අද මුළු සමාජයේම පිළිකුලට බඳුන් වී හමාරය.
මේ සියලු කරුණු කාරණා එකින් එක පෙළ ගැසෙන්නේ බම්බලපිටියේ කෝටිපති ව්‍යාපාරිකයකු වූ මොහොමඩ් සියාම් නමැත්තා පැහැරගෙන ගොස් වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියෙන් පසුවය.
මේ ඝාතනය සම්බන්ධයෙන් පෑලියගොඩ පොලිසියේ නිලධාරින් පිරිසක් මුලින්ම අත්අඩංගුවට පත්වන්නේය. ඝාතනයට ලක් වූ සියාම්ගේ හොඳම මිතුරා වූ ෆවුස්ඩීන් නමැත්තා ද පොලිසියට කොටු වූවේය.
මොහොමඩ් සියාම් ඝාතනය සඳහා රුපියල් තිස් ලක්ෂයක කොන්ත්‍රාත් මුදලක් ලබාදීමට පොරොන්දු වූ බවක්ද කියෑවිණි.
මොහොමඩ් සියාම් සපත්තු කර්මාන්ත ශාලාවක් පවත්වාගෙන ගිය ධනවත් ව්‍යාපාරිකයෙකි. නීත්‍යනු කූල මෙන්ම නීත්‍යනුකූල නොවන ආකාරයටද මොහු මේ කර්මාන්තය කරගෙන ගියේය.
සියාම් ඝාතනය වී මාස කීපයකට පසු ඔහු නීත්‍යනුකූල නොවන ආකාරයට රැගෙන ආ සපත්තු කන්ටේනරයක් රේගු නිලධාරින්ට හසු වන්නේය.
ෆවුස්ඩීන් කළේ ද නීත්‍යනුකූල නොවන ආකාරයේ මුදල් ගනුදෙනුය. (උණ්ඩියල් මුදල් ගනුදෙනු) සියාම් සිය ව්‍යාපාරය සඳහා ෆවුස්ඩීන්ගෙන් රුපියල් කෝටි ගණනක් ණයට ගත්තේය. එහෙත් එය ආපසු ගෙවා දැමීම දවසින් දවස පමාවුණේය. ඒ සපත්තු ව්‍යාපාර බංකොලොත් වීම නිසාය.
ෆවුස්ඩීන් ණය ඉල්ලා කරදර කරන්නට පටන් ගත්තේය. ෆවුස්ඩීන් සියාම් ව්‍යාපාරික ආරවුල නිර්මාණය වන්නේ එතැන් සිටය.
නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන කරළියට එන්නේ ඉන් පෆසුවය. වුස්ඩීන් වාස් ගුණවර්ධන හඳුනන්නේ වසර ගණනක සිටය. මුදල් ආරවුල සිය මිතුරා වූ වාස් ගුණවර්ධනට කියු ෆවුස්ඩීන් ඊට ඔහුගෙන් පිළිසරණක් ද පැතුවේය. "අපි හොඳින් නැතිනම් නරකින් හරි සල්ලි ටික ගමු". පොලිස් මිතුරා සිටියේ එවැනි මතයකය.
සියාම් කිහිප විටක්ම රැගෙන ගොස් ඔහුට තරවටු කරමින් මුදල් ඉල්ලා සිටීමට වාස් ප්රමුඛ ඔහුගේ පොලිස් බලඇණිය කටයුතු කළෝය. එහෙත් මුදල් ලැබුණේ නැත.
සියාම් ගේ ගමන් බිමන් ගැන පමණක් නොව ඔහුගේ ව්‍යාපාර පිළිබඳව ඔත්තු බැලීමේ කාර්ය රවිඳු වාස් ගුණවර්ධන වෙත පැවරෙන්නේ ඒ අතරතුරදීය. පොලිස් උණ ඔහුට ලැබී තිබුණේ උපතින්මය. තමාට පැවරුණු රාජකාරිය ඔහු නොපිරිහෙලා ඉටුකිරීමට වගබලා ගත්තේය.
දිනක් රවිඳු සියාම්ගේ සපත්තු වෙළෙඳසලට ගියේය. තමන්ට ගැලපෙන සපත්තු යුගලක් තෝරාගත් රවිඳු ඊට මුදල් නොගෙවා ආපසු යන්නට හැරුණේය.
"සපත්තු දෙකේ සල්ලි ගෙවල යන්න" සියාම් රවිඳු ගුණවර්ධනට කීවේය.
"මගේ තාත්තා ඩී.අයි.ජී. වාස්. තමුසෙ ඒක දන්නෙ නැද්ද" රවිඳු පොලිස් පාට් එකක් දැම්මේය. සියාම් ඒ වන විට වාස් ගුණවර්ධන කෙරෙහි දැඩි අමනාපයකින් පසු වූවේය.
"තමුසෙගෙ කාත්තා ඩී.අයි.ජී. නම් සපත්තු දෙකක් ගන්න සල්ලි නැද්ද? සියාම් සපත්තු කඩේ සෙනග මැද්දේ රවිඳුට බැණවැදුනේය. ඉන් රවිඳු දැඩි ලෙස ලැජ්ජාවට පත්වූවේය. ඒ ලැජ්ජාව මහා වෛරයක් දක්වා දුරදිග ගියේ ඉන් ඉක්බිතිවය.
මේ අතර කෝටි ගණනක් වූ මුදල් පලහිලව්ව දිගින් දිගටම ඇදී යමින් තිබිණ. ඒ වන විට සියාම්ට මරණ වරෙන්තු නිකුත් කර තිබුණේ ෆවුස්ඩීන්ගේ ද කැමැත්ත මතය. හොඳින් බැරිනම් නරකින් මුදල් ලබා ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබිණි.
පෑලියගොඩ පොලිසියට නියුක්තව රාජකාරි කළ පොලිස් නිලධාරින් ක්‍රියාත්මක වුණේ ඉන් පසුවය. ඒ අනුව සියාම් නුගේගොඩ දී පැහැර ගත්තේය. දිනක් සියාම් තමාට කළ අපහාසය පිළිබඳ වූ වෛරය රවිඳුගේ හිතේ කැකෑරෙමින් තිබිණි. සියාම් පරලොව යෑවීමට රැගෙන යන ගමනට රවිඳු සම්බන්ධ වන්නේ ඒ වෛරය පිරිමසා ගැනීමටය.
"ඕකව ඉවර කරන තැනට මටත් යන්න ඕනෙ".
රවිඳු එහිදී සිය අවශ්‍යතාව දැනුම් දුන්නේ ය. ඔහුගේ අවශ්‍යතාවට ඉඩ ලැබිණ. සියාම් පැහැරගත් වෑන් රථයට රවිඳු ගොඩවන්නේ ඉන් පසුවය, වෑන් රථය දොම්පේ ප්‍රදේශයේ පාලු පෙදෙසක නතර කෙරිණි.
සියාම්ට අවසන් ගමන් යන්නට තිබුණේ තවත් සුළු වේලාවකි. පෑලියගොඩ පොලිසියේ නිලධාරීහු කිහිප දෙනා සියාම් වෑන් රථයෙන් පිටතට ඇද දැමූහ. මෙතැනදීම ඔහු පාලු ස්ථානයක් කරා ඇදගෙන යැමට රවිඳු ද දායක වූවේය. ඒ සපත්තු කඩේදී වූ වෛරය සංසිඳුවා ගැනීමටය.
මොහොමඩ් සියාම් වෙඩි තබා ඝාතනය කළ ඒ පාපතරයන් නැවත කොළඹට එන්නේ මේ මරණය සදාකාලිකව වැළලී යන අපරාධයක් වනු ඇතැයි සිතමින්ය.
එහෙත් සියල්ල උඩු යටිකුරු වීමට වැඩි දවසක් ගත වුණේ නැත. සියාම් ඝාතනයට සම්බන්ධ වූවන් අතරින් රවිඳු හැර අනෙක් සියලු දෙනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට පත් වූහ.
රවිඳු අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීහු දැඩි උත්සාහයක නිරත වූහ. එහෙත් ඔහු ආ ගිය අතක් සොයා ගැනීම පහසු වූයේ නැත.
රවිඳුගේ නිවස තුන් හතර වතාවක් ම වට කළද ඉන් පලක් නොවීය. මේ අතර කඩුවෙල අධිකරණය මගින් රවිඳු වාස් ගුණවර්ධනට වරෙන්තු නිකුත් කෙරිණි.
ඒ මීට වසර දෙකකට පමණ උඩදී රවිඳු සිය මෑණියන් සමඟ එක්වී කළ තවත් හපන් කමක ප්‍රතිඵල නිසාය.
මාලඹේ තොරතුරු තාක්ෂණ ආයතනයේ අධ්‍යාපනය ලබමින් සිටි නිපුන රාමනායක පැහැරගෙන ගොස් සිය නිවසේ තබාගෙන අමානුෂික ලෙස පහර දී විවිධ වධ බන්ධනයන්ට ලක් කිරීමේ නඩුව කඩුවෙල අධිකරණයේ විභාග වෙමින් තිබිණි. ඒ නඩුව සඳහා පෙනී නොසිටීම නිසා රවිඳුට වරෙන්තු නිකුත් කෙරිණි.
රවිඳු අත්අඩංගුවට ගැනීම දිනෙන් දිනම පමා වන්නට විය. විවිධ පාර්ශ්වවලින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත චෝදනා එල්ල වන්නට වූවේය. මාධ්‍ය ඔස්සේ දැඩි විවේචන එල්ල විය. පාර්ලිමේන්තුවේදී පවා මේ පිළිබඳ විවාදයට ගැනිණි.
මේ අතර රවිඳු විදේශ ගතවීම වැළැක්වීම සඳහා අධිකරණ නියෝගයක් ලබා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කළේය. එහි නිලධාරින් රවිඳු අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් අත්හැරියේ නැත. ඔහු සැඟවී සිටින බවට ලැබෙන හැම තොරතුරක්ම පරීක්ෂා කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීහු කටයුතු කළෝය.
වැඩි කාලයක් රවිඳුට කට්ටි පැනීමට ඉඩ ලැබුණේ නැත. රහස් පොලිසියේ නිලධාරින්ගේ උකුසු ඇස් වලින් පලායැමට රවිඳු දක්ෂ නොවීය.
රවිඳු පැපිලියාන මයුර පෙදෙසේ සුවිසල් නිවසක සැඟවී සිටින බවට තොරතුරක් ලැබිණි. කල් නොයවා එය පරීක්ෂා කිරීමට පොලිස් නිලධාරීහු පියවර ගත්හ.
පැපිලියානේ නිවස වටකළ පොලිස් නිලධාරීන් 04 වනිදා අලුයම එහි කඩා පැන්නාහ. නිලධාරින් දුටු රවිඳු අන්දුන්කුන්දුන් වූවේය. පලායැමට කිසිම ඉඩක් නැත.
රවිඳුගේ ආරක්ෂාවට සිටි තරුණයාද ඒ අවස්ථාවේ පොලිස් අත්අඩංගුවට පත් විය. ඔහු දිමුතු ශ්‍රීමාල් හෙට්ටිආරච්චි නමැති අයෙකි. ඔහු ගාල්ල අහංගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. බෝම්බ ගසා පුද්ගලයකු ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වූවකු වන දිමුතු ශ්‍රීමාල්, රවිඳු පුත්‍රයාගේ ආවතේවකරු ලෙස කටයුතු කරමින් සිටියේය.
රවිඳු සැඟවී සිටි සුවිසල් නිවස ගාල්ල උණවටුන ප්‍රදේශයේ පදිංචි හෝටල් හිමියකු වූ නිමල් ගීගනගේ නමැති අයකුට අයිති එකක් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සොයා ගත්තේය.
එය විකුණා දැමීම සඳහා සූදානම් කර තිබූ එකකි. රවිඳු සිය සගයා සමඟ මේ නිවසේ සැඟවී සිටීමට එන්නේ අත්අඩංගුවට පත්වීමට දින කීපයකට උඩදීය.
රවිඳු රහස් පොලිසියෙන් බේරීමට විවිධ ප්‍රදේශවල සැඟවී සිටීමට දැඩි උත්සාහයක් ගෙන තිබිණි. ගාල්ල, අනුරාධපුරය, මීගමුව, ඒත්තුකාල වැනි ප්‍රදේශවල තම හිතවතුන්ගේ රහසිගත ස්ථාන ඔහුට ආරක්ෂාව ලබාදුන්නේය.
එහෙත් හැමදාමත් රහස් පොලිසිය සමඟ කට්ටි පැනීමට රවිඳුට ඉඩ ලැබුණේ නැත. අද රවිඳු අත්අඩංගුවේ පසුවෙයි. හෙට ඔහු බන්ධනාගාරයේ සිර මැදිරියකටද කොටුවනු ඇත.
මොහොමඩ් සියාම් ඝාතනය සම්බන්ධයෙන් එල්ල වන සියලු චෝදනා රවිඳු වාස් ගුණවර්ධන ප්‍රතික්ෂේප කරයි. ඔවුන් පවසන්නේ තම පවුල අපහසුතාවට පත්කිරීමට ගොතා ඇති කුමන්ත්‍රණයක් බවයි.
එහෙත් හෙට දිනයේ සත්‍ය හෙළිවනු ඇත. කරුණු කාරණා කෙසේ වුවද රවිඳු මෙන්ම වාස් පවුලම අද පසුතැවිලි වනු ඇත. මේ අතර තම වැඩිහිටියන් තමා යහමගට ගැනීමට කටයුතු නොකිරීම ගැන රවිඳු ද ඔවුන්ට ශාපකරනු නොඅනුමානය.
හේමන්ත රන්දුණු
ඡායාරූපය - කමල් බෝගොඩ

0 comments:
Post a Comment