728x90 AdSpace

tv
Latest News
http://janathamina.blogspot.fr/

අපේ ප්‍රවෘත්ති

ඇත්ත නම්

අපේ කම

ශ්‍රී ලංකා

විසිතුර

කලා තොරතුරු

Monday, 5 August 2013

බුදු මැදුරෙන් ලයිට් අරන් ..පන්සල් වත්තෙම නිධන් හැරූ විහාරාධිපති නම .....ලැජ්ජයි


බදුරලිය ගුරුළුබැද්දේ විහාරස්ථානයක හිමිනමක් සහ පාලින්දනුවර ප්‍රාදේශීය සභාවේ ආදායම් පරිපාලකවරයෙක් විහාරස්ථාන භූමියේ ඩයිනමයිට් දමා නිදන් හෑරීමේ යෙදී සිටියදී බදුරලිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.



පොලිසිය පැවැසුවේ ඩයිනමයිට් පුපුරවන විට පිටතට ශබ්දය නොඇසෙන පරිදි මහ හ¾ඩින් පිරිත් දමාගෙන මේ නිදන් හෑරීම සිදුකර ඇති බව පරීක්ෂණවලදී හෙළිවී ඇති බවයි.
එම ස්ථානයේ අඩි 30ක් පමණ ගැඹුරැති වළක් හාරා දෝනාවක්ද කපා ඇති අතර, එයට බැසීමට ඉණිමං පාවිච්චි කර ඇති බවත්, විහාරස්ථානයේ සිට අඩි 126ක් දිගැති වයරයකින් දෝනාවට විදුලිය ලබාගෙන ඇති බවද හෙළිවී තිබේ.

එම ස්ථානයේ තිබූ ඩයිනමයිට් කූරු කොටස් හා නිධන් හෑරීමට උපයෝගී කරගත් භාණ්ඩ, පලතුරු වට්ටි, ගල් කටුද පොලිසිය භාරයට ගෙන ඇත.
අත්අඩංගුවට ගනු ලැබූ සැකකාර හිමිනම සහ ආදායම් පරිපාලකවරයා මතුගම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

කළුතර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි රොෂාන් සිල්වා මහතාගේ උපදෙස් මත බදුරලිය පොලිස් ස්ථානාධිපති උදයකුමාර මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: බුදු මැදුරෙන් ලයිට් අරන් ..පන්සල් වත්තෙම නිධන් හැරූ විහාරාධිපති නම .....ලැජ්ජයි Rating: 5 Reviewed By: Unknown