එක්සත් ජාතික පක්ෂයේ සිට ආණ්ඩුවට එක්වූ දයාසිරි ජයසේකර මහතාට හැමර් රථයක් ලැබී ඇති බවත්, මේ දිනවල ඔහු මැතිවරණ ප්රචාරක කටයුතුවල නිරතව සිටිනුයේ මෙම හැමර් රථයෙන් බවත් 'ලංකා' පුවත්පත අනාවරණය කර තිබේ.
කුරුණෑගල එජාප අපේක්ෂකයකු වන ජේ.සි. අලවතුවල මහතා ද තම මැතිවරණ කටයුතු සඳහා හැමර් රථයක් යොදාගෙන තිබේ. ඔහුගේ දියණිය විවාහ වී සිටින්නේ, ප්‍රසිද්ධ මැණික් ව්‍යාපාරිකයකු වූ විනිල් මැණික් හිමිකරුගේ පුතා සමගය.
මේ අතර, කාල්ටන් සුපර් තරඟාවලියෙන් පසු වයඹ මැතිවරණයට එක්වන නාමල් රාජපක්ෂ මහතා ඇතුළු 'තාරුණ්‍යට හෙටක්' කණ්ඩායමේ ගමන් බිමන් සඳහා හැමර් රථ කිහිපයක්ම යොදා ගැනීමට ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ පුත් ජොහාන් ප්‍රනාන්දු මහතාද කටයුතු යොදා ඇතැයි වාර්තාවේ.
මේ අනුව මෙම මැතිවරණ සමයේදී හැමර් ඇතුළු වටිනාම මෝටර්රථ පෙළක් දැකගැනීමේ අවස්ථාව කුරුණෑගල ජන්දදායකයින්ට හිමිවනු ඇත.
මෙම ජීප් රථයක් වෙළඳ පොළ මිල රුපියල් කෝටි 07කට වැඩිය. දයාසිරි මහතාගේ කාර්යාල නිලධාරියකු කියා සිටියේ, එම හැමර් රථය මැතිවරණ කටයුතු සඳහා බිත්තර ව්‍යාපාරිකයකු වන සරත් රත්නායක නමැති අයකු විසින් ලබාදුන් එකක් බවයි.
කුරුණෑගල එජාප අපේක්ෂකයකු වන ජේ.සි. අලවතුවල මහතා ද තම මැතිවරණ කටයුතු සඳහා හැමර් රථයක් යොදාගෙන තිබේ. ඔහුගේ දියණිය විවාහ වී සිටින්නේ, ප්‍රසිද්ධ මැණික් ව්‍යාපාරිකයකු වූ විනිල් මැණික් හිමිකරුගේ පුතා සමගය.
මේ අතර, කාල්ටන් සුපර් තරඟාවලියෙන් පසු වයඹ මැතිවරණයට එක්වන නාමල් රාජපක්ෂ මහතා ඇතුළු 'තාරුණ්‍යට හෙටක්' කණ්ඩායමේ ගමන් බිමන් සඳහා හැමර් රථ කිහිපයක්ම යොදා ගැනීමට ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ පුත් ජොහාන් ප්‍රනාන්දු මහතාද කටයුතු යොදා ඇතැයි වාර්තාවේ.
මේ අනුව මෙම මැතිවරණ සමයේදී හැමර් ඇතුළු වටිනාම මෝටර්රථ පෙළක් දැකගැනීමේ අවස්ථාව කුරුණෑගල ජන්දදායකයින්ට හිමිවනු ඇත.
0 comments:
Post a Comment