බාල තෙල් පිළිබඳ යළිත් කතා කරන්නට සිදුව ඇත. බාල තෙල් මෙරටට ගෙන්වීම පිටුපස මහා පරිමාණ ජාවාරමක් ඇත. නොමැති නම් ප්‍රමිතිය පිළිබඳ ගැටලු සහගත තෙල් මෙලෙස මෙරටට එන්නේ මන්ද? මේ තෙල් ගනුදෙනු කරන උදවිය, බාල තෙල් ගෙන්වා කෝටි ගණනින් මුදල් යටිමඩි ගසා ගන්නා බවට කෙරෙන චෝදනා පදනම් විරහිත ඒවාද...?
රාජ්‍ය සම්පත් විකිණීම රටක පැවැත්මට යොදා නැත. එනිසා රට කරවන ඇත්තන් රාජ්‍ය සම්පත් විකුණන විට රටේ පුරවැසියන් ලෙස අපද රාජ්‍ය සම්පත් විකිණීමට එරෙහිව කතාබහ කළ බව කිව යුතුය. අදටත් රාජ්‍ය සම්පත් ටික නොරටුන්ට කුණු කොල්ලයට විකිණීමට අපි එරෙහි වෙමු. තෙල් සංස්‌ථාව එ.ජා.ප. රජයක් යටතේ 2003 වසරේදී විකුණා දැමීය. ආයතනය ගෙඩි පිටින්ම විකිණීම සිදු නොවුණද තෙල් සංස්‌ථාව සතුව තිබූ ඉන්ධන හල් සියයක්‌ද, ත්‍රිකුණාමල චීන වරායේ පිහිටි තෙල් ටැංකි සංකීර්ණයද, තෙල් අලෙවි කිරීමේ අයිතියද ඉන්දියානු තෙල් සමාගමට විවර වුණේ ඒ විකුණාකෑමේ ආර්ථික ප්‍රතිපත්තියම නිසාය. එ.ජා.ප. ය ඒ කාලයේ කළ රාජ්‍ය ආයතන විකිණීමට දෙස් දෙවොල් තබා පලක් නැත. නමුත් තෙල් සංස්‌ථාව කම්බස් කළ ඒ දේශපාලනය රටට කර ඇති වින්නැහියේ ප්‍රතිඵල අදටත් බරපතළ ලෙස මෙරට ආර්ථිකයට බලපෑම් කරන නිසා ඒ ආර්ථික ක්‍රමය සිහි නොකරම බැරිය.
වත්මන් පාලනය රටේ සම්පත් විකුණන්නේ නැත. නමුත් රටේ සම්පත් සොරාකෑම නම් පෙරටත් වඩා අති භයංකාරව සිදුවන බව කීම අතිශයෝක්‌තියක් නොවේ. සොරකම, කොමිස් ගැහිල්ල රස්‌සාව බවට පත්කර ගත් පිරිසක් මෙරට සිටිති. රස්‌සාව කරන ගමන් කොමිස් ගැසීම වෙනුවට කොමිස් ගැසීම හා සොරකම රස්‌සාව බවට පත්කරගෙන සිටින දේශපාලනඥයන් දේශපාලන ගෝලබාලයන් හා නිලධාරීන් තෙල් සංස්‌ථාවේ සිටින බව බොරුවක් නොවේ.
බාල තෙල් ගෙන්වන්නේ ඒ ඇයදැයි සොයා බැලිය යුතුය.
ඇත්තටම මේ බාල තෙල් ගෙන්වීම පිළිබඳ විශේෂයෙන්ම සොයා බැලිය යුතුය. නොඑසේ නම් මෙහි ප්‍රතිඵලය වන්නේ ලංකා ඛනිජ තෙල් සංස්‌ථාව හෙවත් සිපෙට්‌කෝ නමින් හඳුන්වන ආයතනය හා ඊට අයත් ඉන්ධන හල්වලින් නිකුත් කරන ඉන්ධන බාල ඒවා යෑයි ජනමනස තුළ පැළපදියම් වීමය. ඊට පසුව ඉන්දීය තෙල් සමාගමට අයත් ඉන්ධනහල් වලින් තෙල් ගසා ගැනීමට ජනතාව නැඹුරුවීමේ අනතුරක් ඇත. එලෙස සිදුවූ විට තෙල් සංස්‌ථාව නමැති රාජ්‍ය සම්පත ඉබේම කඩාවැටී, ඉන්දීය තෙල් සමාගමට රටේ තෙල් ව්‍යාපාරය නතුවීමට පුළුවනැයි තෙල් සංස්‌ථාවේ ඇතැම් ප්‍රධානීන්ගේ මතයය.
අනෙක් අතට සපුගස්‌කන්ද තෙල් පිරිපහදුව දැන් මරණාසන්න වියපත් මිනිසකු බඳුය. 1969 වසරේදී ඉදිකළ මෙය අදටත් යාවත්කාලීන කර නැත. කොටින්ම එය විටක නතර වේ. මෙම වසරේ ගෙවීගිය මාස හතේදී හය වතාවක්‌ම පිරිපහදුව නතර කෙරිණ. නොමැති නම් පිරිපහදුව අඩපණ කෙරිණ.
දැන් අපි බාල තෙල් ගෙන්වීම, තෙල් පිරිපහදුව වැසීයැම හා තෙල් සංස්‌ථාවේ කඩා වැටීම හරහා රටට සිදුවිය හැකි විපත පිළිබඳ අපි හෙළි කරමු.
ඉන්දීය තෙල් සමාගම 2003 ඔක්‌තෝබර් මාසයේදී මෙරට තෙල් වෙළෙ¹මට ආවේ දේශපාලනයේ වැරැදි තීරණ පිහිටෙනි. දැන් ඉන්දියාව ශ්‍රී ලංකාවේ ඉන්ධන විකුණන අතර ඊට අමතරව තෙල් පිරිපහදුවක් මෙරට ඉදිකිරීමට සැලසුම් කර ඇතැයි කියති. ඊට අමතරව සීමාවක් නොමැතිව පිරිපහදු කළ තෙල් ආනයනය කිරීමටද ඔවුන් සැලසුම් කර ඇතැයි කියති.
කරුණු එසේ වන්නේ නම් තෙල් සංස්‌ථාවට සිදුවන දේ සිතාගත හැකිය. මෙහි අවසානය වන්නේ ඉන්දියාවට මෙරට තෙල් ඒකාධිකාරිය හිමි වීමය. මිනිසකුට සිය පණනල තරමට රුධිරය වටිනා සේම රටක් පවත්වාගෙන යැමේදී ඉන්ධනවල අයිතිය රජය සතුවීම රට පැත්තෙන් ඉතා වැදගත්ය. නමුත් තෙල් සංස්‌ථාව දැන් ගමන් කරන්නේ අවරටය. විනාශයටය. කොටින්ම තෙල් සංස්‌ථා දැන් පාඩු ලබන ආයතනයකි. කෝප් වාර්තාවේද මේ බව සඳහන්ය. මෙරට ප්‍රධාන රාජ්‍ය බැංකු දෙකට පමණක් රුපියල් කෝටි 4000 ක් තෙල් සංස්‌ථාව ණයව සිටී. තෙල් සංස්‌ථාවේ මුළු පාඩුව රුපියල් කෝටි 12,000 කි. විදුලිබල මණ්‌ඩලය, මිහින් ලංකා ඇතුළු රාජ්‍ය ආයතනවලින් ලැබිය යුතුව තිබෙන රුපියල් බිලියන විසිඅටක මුදලක් තෙල් සංස්‌ථාවට ලබාගත නොහැකිව ඇත.
තෙල් සංස්‌ථාවට සිදුව ඇති නස්‌පැත්තියේ තරම එයින්ම නොපෙනේද?
තෙල් සංස්‌ථාවට මෙලෙස වූයේ මන්ද? ඊට හේතු රැසකි.
ප්‍රධානම ප්‍රශ්නය වන්නේ තෙල් සංස්‌ථාවේ කළමනාකාරිත්වයට සුදුසු අය පත් නොකිරීමය. තෙල් නළ පද්ධතියම හිල්ය. කොළඹ වරායට එන නෞකාවකින් තෙල් ගොඩබෑමේදී කෝටි ගණන් වටිනා ඉන්ධන හිල් වූ නළ පද්ධතියෙන් මහ පොළවට ගලා යන අතර වේගයෙන් ගොඩබෑමට නොහැකි නිසා වරාය ගාස්‌තු, ප්‍රමාද ගාස්‌තු ආදියද වැඩිපුර ගෙවති.
2003 වසරේදී චන්ද්‍රිකාගේ පාලන කාලයේදී ඉදිකළ මුතුරාජවෙල තෙල් අංගනයට පැය 48 ක් තුළ තෙල් ගොඩබාන්ට හැකියාව තිබියදී කොළොන්නාවටම තෙල් ගොඩබාන්නේ ඒ හරහා පෞද්ගලික බවුසර්කරුවන් රැකීමටය. මෙරට තෙල් බවුසර් වල අයිතිය ඇත්තේ කෝටිපතියන්ටය. දේශපාලනඥයන්ගේ ඥති පරපුරද, තෙල් සංස්‌ථාවේ මහ පුටුවල සිටි උසස් නිලධාරීන්ගේ ඥති හිතමිත්‍රාදීන්ද මේ තෙල් බවුසර්වල අයිතිකරුවන්ය.
කොළොන්නාවට ගෙන එනු ලබන තෙල් පිට පළාත්වලට ගෙන යන්නේ පෞද්ගලික බවුසර්වලින්ය. සංස්‌ථාව සතු බවුසර්වලට තෙල් ගෙන යන්නට වන්නේ කොළඹ හා ළඟපාතටය. පෞද්ගලික බවුසරයකට, මසකට ලක්‍ෂ පහේ සිට ලක්‍ෂ පහළොව දක්‌වා මුදලක් ගෙවීමට තෙල් සංස්‌ථාවට සිදුව ඇත.
තෙල් බෙදාහැරීමේ ලාබම ක්‍රමය, දුම්රිය මගින් තෙල් ප්‍රවාහනය කිරීමය.
අනුරාධපුරය, මඩකලපුව, ගාල්ල, මාතර, කුරුණෑගල, කොටගල ඇතුළු ඈත ප්‍රදේශවලට දුම්රියෙන් තෙල් ප්‍රවාහනය කිරීමට ශක්‌තිමත් ප්‍රවාහන ක්‍රමයක් සකසා තිබියදී බවුසර් වලින් තෙල් ගෙන යන්නේ මේ ඉහළ පැලැන්තියේ පැවැත්ම වෙනුවෙනි.
යුද්ධ කාලයේදී වව්නියාවට තෙල් ගෙන යන ව්‍යාපාරය කළ එක්‌තරා ඇමැතිවරයකු තෙල් ලීටරයක් වෙනුවෙන්a අවදානම් ගාස්‌තු අය කළ බවද සංස්‌ථාවේ උදවියට රහසක් නොවේ. හිටපු ඛනිජ තෙල් කර්මාන්ත ඇමැති සුසිල් පේම්ජයන්ත මහතා මැදිහත්වී එය නතර නොකරන්නට අදටත් ඒ දේ සිදුවීමට ඉඩ තිබිණි.
රුපියල මේ තරමට බාල්දුවීම පිටුපස, තෙල් ගනුදෙනුවලට ඩොලර් වැඩිපුර ගෙවීමට සිදුවීමද බලපා ඇත. මේ වනවිට සපුගස්‌කන්ද පිරිපහදුවේ පිරිපහදු වන පෙට්‍රල් හා ඩීසල් ප්‍රමාණය සියයට පනස් පහේ සිට සියයට තිහටත් වඩා අඩුවී ඇත. මේ නිසා වැඩිපුර ඩොලර් ගෙවා, පිරිපහදු කළ පෙට්‍රල් හා ඩීසල් මිලදී ගැනීමට සිදුවීමෙන් රුපියලට වන බලපෑම වැඩිවී ඇතැයි ආර්ථික විශේෂඥයෝ පවසති.
මේ වනවිට තෙල් මිලදී ගැනීමට සංස්‌ථාව සතුව මුදල් නැත. ඉන්ධන මිලදී ගන්නේ ණයටය. පිළිගත්, ලියාපදිංචි පිරිපහදුවලින් හෝ සමාගම්වලින් ඉන්ධන ණයට නිකුත් කරන්නේ නැත. එනිසා දැන් ශ්‍රී ලංකාවට සිදුව ඇත්තේ එතරම් පිළිගැනීමක් නොමැති, අප්‍රකට සමාගම්වලින් තෙල් මිලදී ගැනීමටය. දැන් මේ ණයට තෙල් මිලදී ගන්නේ එවැනි සමාගම්වලිනි. බාල තෙල්, ප්‍රමිතියෙන් උසස් තෙල් ද බල බලා සිටින්නට හෝ කේවල් කිරීමේ ශක්‌තිය නොමැති නිසා ණයට තෙල් මෙරටට ගෙන්වා ගන්නේ තෙල් සංස්‌ථාව දුර්වලයකු බවට පත්ව සිටින නිසාය. තෙල් සංස්‌ථාව හිඟන මට්‌ටමට වට්‌ටා තිබීම නිසාය.
රටේ යෝධ මාර්ග සංවර්ධනයක් සිදුවේ. සැබැවින්ම අධිවේගී මාර්ග පද්ධතිය දකින කල පොඩි අභිමානයක් සමග ආශ්චර්යයක පෙර නිමිතිද පෙනෙන්නට පටන්ගෙන ඇත. නමුත් රටේ ආර්ථිකයේ ජීවයට දැඩි ලෙස රුකුල් වන තෙල් පිළිබඳව රටේ ප්‍රධානීන් මීට වඩා අවධානය යොමුකළේ නම් හොඳය.
සපුගස්‌කන්ද පිරිපහදුව නවීකරණයට වැය වන්නේ ඩොලර් මිලියන 1500 ක පමණ මුදලකි. මේ මුදල විදේශීය රටක ණය ආධාර ලෙස හෝ ලබාගෙන පිරිපහදුව නවීකරණය කළේ නම් තෙල් සංස්‌ථාව නිකරුණේ වැයකරන මුදලින් මේ ණය ටික ටික ගෙවා දැමීමට ඉඩ තිබිණි. ඉරානය පිරිපහදුව නවිකරණයට සූදානම් වුවද එහි මූලික කටයුතු වෙනුවෙන් ඩොලර් මිලියන 475 ක් සොයාගත නොහැකිව ඒ කටයුත්ත පමා වී අවසානයේ දී ඇමරිකානු සම්බාධක නිසා, ඒ ව්‍යාපෘතියද නතර විය. ඒ වෙනුවෙන් අත්පත් කරගත් අක්‌කර තිස්‌පහක භූමි භාගය වෙනුවෙන් ඩොලර් පන්සියකට මුදලක්‌ද වැයකර ඇත. ඇතැම් ඉඩම් හිමියන්ට, ලොතරැයි දිනුම් ඇදෙනා සේ වටිනාකමටත් වඩා වැඩි මුදලක් ඉඩම් වෙනුවෙන් ගෙවා ඇතැයි තෙල් වෘත්තීය සමිති පවසති.
මෙම සපුගස්‌කන්ද පිරිපහදුව පිළිබඳව හා එය නවීකරණය කිරීමෙන් රටට වන යහපත පිළිබඳ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ විශේෂ අවධානය යොමු කිරීමට තරම් දැක්‌මක් හා දැනුමක් ඇති සංස්‌ථා ප්‍රධානීන් නොහිටීම හා විෂය භාර ඇමැතිවරු නොසිටීම අභාග්‍යයක් යෑයි තෙල් සංස්‌ථාවේම බහුතර සේවක මතයය.
හම්බන්තොට වරාය, මත්තල ගුවන්තොටුපළ, මිහින් ලංකා, ක්‍රිකට් ක්‍රීඩාංගණ හා මහ පාරවල් ඉදිකළ රජයට, පිරිපහදුව නවීකරණය කිරීමට නොහැකිවීම රටට සිදුවූ පරාජයකි.
දැන්වත් ඒ කටයුත්ත ඉක්‌මන් කරන්න යෑයි අපි ඉල්ලන්නේ දුරදිග පෙනෙන තෙල් සංස්‌ථා නිලධාරීන් ඒ බව අවධාරණය කරන නිසාය.
ඉන්දියාව දහතුන් වැනි ව්‍යවස්‌ථා සංශෝධනය ක්‍රියාත්මක කරන්න යෑයි ශ්‍රී ලංකාවට කරන බලපෑමට වඩා තෙල් සම්පත ඉන්දියාවට නතුවීමෙන් සිදුවන විනාශය භයානකය.
යම් හෙයකින් බාල තෙල් නිසාම තෙල් සංස්‌ථාව, ලංගම සේ බංකොලොත් වුවහොත් ඉන්දියාවට මෙරට තෙල් ඒකාධිකාරිය ඉබේම හිමිවීමේ බරපතළ අනතුරක් ඇත.
එනිසා තෙල් සංස්‌ථාවේ නස්‌පැත්තිය පිළිබඳ සෙවීමට විශේෂ කමිටුවක් පත් කිරීම හොඳය. රතුපස්‌වල කම්හලක ප්‍රශ්නය විසඳීමට විරෝධතාකරුවකු මියයනතුරුම නිදා සිටින පාලකයන් සිටින රටක තෙල් සංස්‌ථාව මොන බම්බුවක්‌දැයි යමෙකුට සිතීමට පුළුවන. ඒ සිතුවිල්ල සිතට නැගුන නිසා දැනට මේ ටික ප්‍රමාණවත්ය.
ශිරාන් රණසිංහ

0 comments:
Post a Comment