වයඹ සහ මධ්‍යම පළාත් ඉලක්ක කරගත් පළාත් සභා ඡන්ද සටන මේ මොහොත වන විටත් ඇරඹී ඇත. පළාත් සභා ඡන්ද ආරම්භ කළ වකවානුවට වඩා අද තත්ත්වය බෙහෙවින්ම බරපතළය. අද ප්‍රාදේශීය සභා හෝ පළාත් සභා ඡන්දයක් යනු 'මැතිවරණයක්' තරමින්ම ජනතාවට දැනෙන දෙයකි. ඊට හේතුව ඡන්ද සටනට වැටී සිටින අපේක්ෂකයන්ගේ ඇඟ කිළිපොලා යන ක්‍රියාකාරකම් ය.
අතේ සතේ නැතිව, පාලම් බෝක්කු උඩ රස්තියාදු ගසමින් සිටි එකාත්, (මේ අපේ වචන නොව, ආණ්ඩුවේම ඇමැතිවරයකුගේ ප්‍රකාශයකින් උපුටාගත් වැකිය. එය අප පසෙකින් දක්වමු.) හිටි හැටියේ මිටි ගණනින් සල්ලි විසි කරන්නේත්, විරුද්ධ පාක්ෂිකයන්ට අතපය විසි කරන්නෙත්, ගිනි අවි භාවිතා කරන්නේත්, 'ආශ්චර්යයකින්ම' මිස අන් කිසිවකින් නොවේ.
කෙසේ හෝ මේ ආකාරයට 'ඡන්දය දිනාගන්නා' අයගේ කෙරුවාවල් පසුගිය කාලය තුළ දිගින් දිගටම අනාවරණය කළෙමු. 2013 ජුනි මස 23 වැනිදා අප ප්‍රාදේශීය සභා දේශපාලනඥයන්ගේ අමනකම් පිළිබඳව ලිපියක් පළ කර සති දෙකක් ඉකුත්ව යන්නට පෙර නැවත එවැනි සිදුවීම් ගණනාවක් වාර්තා විණි. අපි අවධාරණය කළේ ප්‍රාදේශීය දේශපාලකයන්, විශේෂයෙන් එම ප්‍රාදේශීය සභාවල සභාපතිවරුන් බොහෝ දෙනකුගේ
නොපනත්කම් මැඬ පැවැත්වීමට ආණ්ඩුවේ පාර්ශ්වයන් නො එසේ නම් ශ්රීලනිපය වහා ක්‍රියාත්මක විය යුතු බවය. විනය කමිටු, පරීක්ෂණ වාර්තා කැඳවීම හැරෙන්නට මේ ප්‍රාදේශීය සභාවල දේශපාලනඥයන් කළ අමනකම් සඳහා ගත් පියවරක් නැත.
ප්‍රාදේශීය දේශපාලනඥයකු වූ ආනන්ද සරත් කුමාර නවගත්තේගම ගුරුවරිය දණ ගැස්සවීමේ සිද්ධියෙන් පසු ප්‍රාදේශීය සභාපතිවරු දෙදෙනෙක් අත්අඩංගුවට ගන්නා ලද්දේය.
පසුගිය 03 වැනිදා තබ්බෝව වැව අසලදී වාරිමාර්ග ක්ෂේත්‍ර සහකාර නිලධාරියකුට පහරදීමේ සිද්ධියකට කරුවලගස්වැව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා පොලිස් අත්අඩංගුවට පත්විය.
ප්‍රාදේශීය බල ප්‍රදේශය හරහා පස් ප්‍රවාහනය කිරීමට අවසර ලබා දීමට රුපියල් ලක්ෂ 20 ක මුදලක් අල්ලස් ලෙස ඉල්ලා, එයින් රුපියල් ලක්ෂ 15 ක් ලබා ගැනීම හේතුවෙන් වලල්ලාවිට ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා අත්අඩංගුවට පත්විය.
එමෙන්ම දැරණියගල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයා ද, දැරණියගල නූරියවත්ත වතු අධිකාරිවරයාගේ ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවකු ලෙස පොලිස් අත්අඩංගුවේ පසුවේ.
පළාත් පාලන ආයතනවල මේ දේශපාලනඥයන් ගොන්නම පසුගිය ඡන්දයේදී "දූෂණයට වංචාවට, මැරකමට" ඉඩක් නොතබන බවට දුසිම් ගණන් පොරොන්දු දුන් බවට සැකයක් නැත. ඇතැමුන්ගේ ප්‍රමුඛතම තේමා පාඨය ද එයමය. 2005 වර්ෂයේදී මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා බලයට පැමිණියේ ද මහින්ද චින්තනය තුළ ඒ තේමාව පෙරටු කර ගනිමිනි. එහෙව් ආණ්ඩුවකට මේ පාදඩ දේශපාලනඥයන් නවතාලීමට හැකියාවක් නැතැයි කිසිවකුත් පිළිගන්නේ නැත. එහෙත් සිදුවන්නේ එයමය.
පෝරකයට නියම වූ මාවනැල්ල ප්‍රාදේශීය සභා සභාපතිවරයා, ඡන්දයෙන් එම තනතුරට පත් වන්නේ ඝාතනයකට සැකකරුවකු වශයෙන් සිටියදීම ය. ඔහු වරක් උසාවියකදී තමා හොර මත්පැන් නිෂ්පාදනය කරන බව ද පිළිගෙන තිබිණි. ශ්‍රීලනිප අපේක්ෂකයන් තේරීමේ කමිටුව 'සැකකරුවකු' හා හොර මත්පැන් නිෂ්පාදනය කරන්නෙකු ප්‍රාදේශීය සභා අපේක්ෂකයකු ලෙස නම් කිරීමම වරදකි.
ආසන්නතම උදාහරණයන් මගින් වුව පෙන්වන්නේ එය වරදකටත් වඩා සිතාමතාම කරන්නක් බවයි. පසුගිය මාසයේ විශාල ආන්දෝලනයකට තුඩු දුන් නවගත්තේගම ගුරුවරිය දණගැස්වීමේ සිද්ධියේ පළාත් සභා දේශපාලනඥයා වූ ආනන්ද සරත් කුමාර සම්බන්ධයෙන් විශාල විරෝධයක් නැඟ එද්දී ජනාධිපතිවරයා කීවේ වහා ඉල්ලා අස්වන ලෙස ය. එමෙන්ම ශ්රීලනිපය ඔහු සංවිධායක තනතුරින් හා සියලුම නිලතලවලින් ද නෙරපා හරින බවත් යළි කිසිදු කලෙක අපේක්ෂකයකු ලෙස ඉදිරිපත්වීමට නොහැකි බවත් දැන්වූ බව පුවත්පත්වල පොල්ගෙඩි අකුරින් පළ වී තිබිණි. එහෙත් එය එවේලේ නැඟ ආ මහජන විරෝධය මැඬපැවැත්වීමට කළ ගැලරිය පිනවීමේ ප්‍රකාශයක් බවත්, වත්මන වනවිට තහවුරු වී ඇත. ආනන්ද සරත් කුමාර සියලු තනතුරුවලින් හා ශ්‍රීලනිප අපේක්ෂකත්වයෙන් නෙරපා හරින ලද්දේ ද වයඹ පළාත් සභාව විසුරුවා හැරීමට දින දෙක තුනක් පමණක් ඉතිරිව තිබියදීය. මේ මොහොත වන විට ලැබෙමින් තිබෙන ආරංචි මාර්ග අනුව මෙවරද ඔහුට පළාත් සභා අපේක්ෂකත්වය හිමිව තිබේ.
තවත් එවැනිම සිද්ධියක් කෙරෙහි අවධානය යොමු කරමු. තංගල්ලේ මැඩිල්ලේ හෝටලයකදී බ්‍රිතාන්‍ය ජාතික "කුරාම් ෂෙයික්' ඝාතනය පිළිබඳව සැකපිට අත්අඩංගුවේ පසුවන්නේ ද ප්‍රාදේශීය සභා සභාපතිවරයෙකි. පසුගිය සතියේ ද මේ ගැන පරීක්ෂණ සාධාරණව ඉටු කරන ලෙස බ්‍රිතාන්‍ය රජය ඉල්ලීමක් කර තිබිණි. රට පිළිබඳව අපකීර්තියක් ඇතිවන මට්ටමේ ක්‍රියාවලියකට සහභාගි වූවා යෑයි සැකකර තිබියදීත් පක්ෂයෙන් ඔහුට එරෙහිව ගත් විනය පියවරක් නැත. ප්‍රදේශ ගණනාවක ප්‍රාදේශීය දේශපාලනඥයන් හා පළාත් පාලන ආයතන නියෝජිතයන් මෙවැනි සිද්aධීන් ගණනාවකට චෝදනා ලැබ තිබියදීත් ඔවුන්ට එරෙහිව කෙරුණු විනය පරීක්ෂණයක් නැත. පැවැත්වූ විනය පරීක්ෂණයකින් වරදකරුවකුව පක්ෂයෙන් නෙරපූ අයෙකු ද නැත.
ආණ්aඩුවේ උත්සව පැවැත්වෙන මොහොතේදී ඉහළම දේශපාලනඥයන්, වෙනතක් තබා පක්ෂයේ මහ ලේකම්වරයා ද සමඟ එකට අසුන් ගෙන ජනතාවට ආචාර කිරීමට මේ ප්‍රාදේශීය දේශපාලනඥයන්ට අවස්ථාව තිබේ.
මේවා ඉදිරි පළාත් පාලන මැතිවරණවලට ද නරක පූර්වාදර්ශයන් සපයන්නේ ය. මේ ගැන ආණ්ඩුවේම ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයකුගෙන් විමසූ විට ලැබුණු පිළිතුර වූයේ,
"කවුරු අපේක්ෂකකම දුනනත්, ගමේ මිනිහ ගැන දන්නේ ගමේ මිනිස්සු. ඒ අය ඡන්දෙ දෙනව නම් අපි මොකද කරන්නේ......" යනුවෙනි.
එතැනදී මතුවන ප්‍රබලම ප්රශ්නය වන්නේ මෙවැනි කෂඩ දේශපාලනඥයන් හැරුණු විට අපේක්ෂකත්වය ලබා දීමට තරම් පිරිසිදු චරිත ගමට රටට හිඟ ද යන්නය. අප විශ්වාස කරන්නේ ඉතා දිගු කලක පටන් තුප්පහි දේශපාලන සංස්කෘතියට හුරු වූ පිරිසත්, එවැනි අමනයන් ද රැසක් සිටින දේශපාලන පිටියකට ඒමට තරම් පිරිසිදුÊචරිත පෙළඹෙන්නේ නැති බවයි.
මෑතකදී තණමල්විල ප්‍රදේශයේදී මුණගැසුණු පුද්ගලයකු පැවසුවේ, ඒ ඒ ප්‍රදේශවල පළාත් සභා, ප්‍රාදේශීය සභා දේශපාලනයට පිවිසෙන වැඩි දෙනකු තමන් 'ව්‍යාපාර' කරන බව පවසන මුත්, ඒ සියල්ල නීති විරෝධී ව්‍යාපාර බවය. ඔවුන් දේශපාලනයට පිවිසෙන්නේ තමන්ගේ නීති විරෝධී කටයුතුවලට ආරක්ෂාකාරී ආවරණයක් ලබා ගැනීමට බව ද හෙතෙම කීවේය. එය ඇත්තක් බව පෙනී යන්නේ ද පසුගිය කාලයේ මෙවැනි දේශපාලනඥයන් රැසක් පොලිස් නිලධාරීන්ට දැමූ 'පාට්' විමර්ශය කරන විටය. එම ප්‍රදේශයේ පමණක් නොව රට පුරාම ප්‍රාදේශීය දේශපාලනඥයන්ගේ ව්‍යාපාර එතරම් සුදු නැති බව ඔවුන්ගේ පැටිකිරිය සොයා බැලීමේදී ඔප්පු වන්නකි.
මේ සියලු දේ ගැන දිගින් දිගටම කතා කිරීමේ ඵලක් නැත. මෙවැනි පාදඩයන් "ගෙදර යෑවීමේ" වගකීම ඇත්තේ රටේ ජනතාවටය. එය ආරම්භ කිරීමේ මහඟු අවස්ථාවක් උදාවී තිබේ. ඒ එළැඹෙන පළාත් සභා ඡන්දයයි. ජරාජීර්ණ වූ දේශපාලන සංස්කෘතිය අවසන් කර, ජනතා හිතෛෂී දේශපාලනඥයන් බිහිකිරීම උදෙසා සිය කතිරය භාවිත කිරීමට ජනතාවට වගකීමක් ඇත.
තමන් ආදරය කරන පක්ෂය මේ අසික්කිත දේශපාලනඥයන් විනය පරීක්ෂණ පවත්වා දොට්ට දමන දින ගැන ගැන සිටින්නන්ට තමන් කරගත් ගොන්කම් ගැන පසුතැවෙන්නට සිදුවන්නේ උන් පැමිණ තමන්වම ගස් බඳින දින හෝ දණගස්වන දිනය.
ඊට පෙර අපි මේ පාදඩයන් දණගස්වන්නට කතිරය භාවිත කරමු.
උදේශ සංජීව ගමගේ
දැනගැනීම උදෙසා චණ්ඩිකම් ලැයිස්තුව නැවතත්
2011 දෙසැම්බර් 25
තංගල්ල මැඩිල්ල ප්‍රදේශයේ සංචාරක හෝටලයකදී බ්‍රිතාන්‍ය ජාතිකයකු ඝාතනය කර බ්‍රිතාන්‍ය ජාතික පෙම්වතියට බරපතළ තුවාල සිදු කිරීම. සැකකරු තංගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති.
2012 ජුනි 12
දොම්පේ ප්‍රාදේශීය සභාවේ සභාපති ලක්ෂ 70 ක අල්ලස් සිද්ධියකට අත්අඩංගුවට ගැනේ.
2012 අගෝස්තු 05
පොලිස් රාජකාරියට බාධා කළ දකුණු පළාත් සභාවේ එජාප මන්ත්‍රී හා ප්‍රාදේශීය සභා මන්ත්‍රී රිමාන්ඩ්
2012 නොවැම්බර් 18
ආණ්ඩුවේ ප්‍රාදේශීය දේශපාලනඥයන් පනහකට ආසන්න පිරිසකට එල්ලවී ඇති දූෂණ චෝදනා ගැන ජනාධිපති විමර්ශන ඒකකය පරීක්ෂණ අරඹයි. (2012.11.18) "දිවයින" මුල් පුවත.
2013 ජනවාරි 13
ප්‍රාදේශීය දේශපාලනඥයන් රැසක් ඔවුන්ගේ නම්වලින් පදනම් පිහිටුවාගෙන සමාජ සත්කාරයන් මුවාවෙන් කෝටි ගණන් වංචා කරයි. ("දිවයින" මුල් පුවත)
2013 පෙබරවාරි 13
ගංජා වැවූ, හොර හරක් පැටවූ, වැලි ගොඩ දැමූ ප්‍රාදේශීය දේශපාලනඥයන් පොලිසියටත් බලපෑම් කරති. ("දිවයින" මුල් පුවත)
2013 පෙබරවාරි 13
ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මීරිගමදී පුද්ගලයකු පැහැරගෙන ගොස්, ජනාකීර්ණ ස්ථානයකදී අමානුෂික ලෙස පහරදී පිස්තෝලයක් එල්ල කර තර්ජනය කිරීම හා මීරිගම පොලිසියේ ස්ථානාධිපතිට තර්ජනය කිරීම හා පොලිස් රාජකාරියට බලපෑම් කිරීම.
2013 මාර්තු 08
කෑගල්ල අවන්හලකදී එජාප පළාත් සභා මන්ත්‍රීවරයකු බ්‍රිතාන්‍ය ජාතිකයන් දෙදෙනකුට පහරදීම.
2013 මාර්තු 29
මහරගම නගර සභාවේ සන්ධානයේ නාගරික මන්ත්‍රීවරයකු අවුරුදු 12 ක දැරියකට අතවර කිරීම.
2013 අප්‍රේල් 16
ගම්පහ නගරාධිපතිවරයා පොලිස් නිලධාරීන්ට බැණ පහරදී තර්ජනය කිරීම.
2013 අප්‍රේල් 24
බුත්තල ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයා හා පොලිසිය අතර ගැටුමක්. උප සභාපතිවරයා හෙල්මට් නොපැළඳ යතුරුපැදියේ ගමන් කළ විට පොලිස් නිලධාරීන් එය ප්‍රශ්න කර ඇත. උප සභාපතිවරයා ඊට එරෙහිව පොලිසිය සමග ගැටුම් ඇතිකරගෙන තිබේ.
2013 ජුනි 04
පනාමුරේ පොලිසියට අනුයුක්තව රාජකාරි කළ පොලිස් නිලධාරීන් දෙදෙනකුට ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා අමානුෂික ලෙස පහර දෙයි.
2013 ජුනි 05
වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමේ චෝදනාවට මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට මරණීය දණ්ඩනය නියම වේ.
2013 ජුනි 13
විල්ගමුව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා හා සන්ධානයේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු අතර ගැටුමක්.
2013 ජුනි 14
වයඹ පළාත් සභාවේ මන්ත්‍රී ආනන්ද සරත් කුමාර නවගත්තේගම ඉසුරු පාසලේ විනය භාර ගුරුතුමියට බැණ මරණ තර්ජනය කර ඇය දණ ගස්වයි.
2013 ජුනි 17
මිද්දෙණියේදී ජුනි 13 වැනිදා වෙඩි තබා පුද්ගලයකු ඝාතනය කළ සන්ධානයේ හිටපු පළාත් සභා මන්ත්‍රීවරයකුගේ පුතුන් දෙදෙනා අත්අඩංගුවට ගැනේ.
2013 ජුලි 03
තබ්බෝව වැව අසලදී කරුවලගස්වැව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා වාරි මාර්ග ක්ෂේත්‍ර නිලධාරියකුට පහර දේ. 04 වැනිදා සභාපතිවරයා අත්අඩංගුවට පත් විය.
2013 ජුලි 09
රුපියල් ලක්ෂ 15 ක මුදලක් අල්ලස් ලෙස ලබාගත්තේ යෑයි වලල්ලාවිට ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා අත්අඩංගුවට
2013 ජුලි 09
දැරණියගල නූරියවත්ත වතු අධිකාරිවරයා ඝාතනයට සැකපිට දැරණියගල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයා අත්අඩංගුවට
මේ හැරුණුවිට අවස්ථා කිහිපයකදීම විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යවේදීන්ට ප්‍රාදේශීය සභා හා පළාත් සභා දේශපාලනඥයන් විසින් පහරදීම් වාර්තා විය.
අකුරැස්සේ "සාරව සුනිල්" වැනි සල්ලාල ප්‍රාදේශීය දේශපාලනඥයන් බොහොමයක් ළාබාල දැරියන් හා කාන්තාවන් කෙළිබඩු ලෙස සලකා ක්‍රියා කළ අවස්ථා ද බොහෝය. මෙහි සටහන්ව ඇත්තේ තෝරාගත් සිද්ධීන් කිහිපයක් පමණක් බවද සැලකුව මනාය.

0 comments:
Post a Comment