මැතිවරණයක් හරහා ජනතාව අට එකට පෙරා දෙන තුනෙන් දෙක යනු හරියටම අඩි හයක මිනිසෙකු වැනිය. උහු සද්ධන්තය. දීඝ ජන්තුය. සියලූ බලයන්ට වඩා උසින් තිරසාරව පෙනේ. හෙතෙම දැවැන්තය. ශක්තිවන්තය, අපරාජිතය.
පෙනුමෙන් දැකුමෙන් පවා ආස්වාද ජනකය. එසේ ඒකරාශී වූ බලය යනු මහා ආශ්චර්යයකි. එසේ නොවුණ විටෙක කිසිදු පාලකයකු ලද දෙයින් සතුටු විය යුතුවේ. ඉන් ඔබ්බට ගමන් කළ යුතු නැත. එසේ කිරීම ප‍්‍රජාතන්ත‍්‍රවාදය විශ්වාස කරන ප‍්‍රජාතන්ත‍්‍රවාදයට ගරුකරන කිසිවෙකුත් අපේක්‍ෂා නො කරන්නකි. එසේ නොවුණ තැන එ පෙනුම බොරු කකුල්කාරයකුට වඩා වැඩි සතුටක් දකින්නාට ලබා දෙන්නේ නැත. එහෙත් ජාතික ආපදාවල දී ජාතික ආණ්ඩු නමින් ඒකරාශී වූ අවස්ථා පිළිබඳ අභ්‍යාසයන් බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුවෙන් පවා ගුරුකම් ගත හැකිය.
ගෙවුන සතියේ ප‍්‍රධාන දේශපාලන ප‍්‍රවෘත්තිය දයාසිරි ජයසේකරය. පිල් මාරු කිරීම් දේශපාලනයට අරුමයක් නොවේ. ඇස්.ඩබ්. ආර්.ඞී. බණ්ඩාරනායක එජාපයෙන් පිටවී ගොස් ශී‍්‍රලනිපය පිහිටුවීය. එදා ඒ පක්‍ෂයේ ලේකම් ධුරයට පත්වුණේ මාතලේ බර්නාඞ් (බී.එච්.* අළුවිහාරේය. 1952 මැතිවරණයේදී ශී‍්‍රලනිපය මන්ති‍්‍ර ආසන අටක් දිනා ගත්තාය. ඉන් දෙකක් මාතලේ දිස්ති‍්‍රක්කයෙනි. ඒ මාතලේ බී.එච්. අළුවිහාරේ සහ දඹුල්ලේ එච්.බී. තැන්නේ ය. පසුව බර්නාඞ් අළුවිහාරේත් එච්.බී. තැන්නේ දෙදෙනාම එජාපයට එක්වූහ. ඒ 1956 මහ ඡුන්දය කටඋඩ තියාගෙනය.
සිද්ධ වුණේ කුමක්ද? දඹුල්ලත් මාතලේත් දෙකම එජාපයට පමණක් නොව ප‍්‍රදේශයටත් නැතිවීම ය. දඹුල්ල දිනුවේ පාත දුම්බර කුණ්ඩසාලේ පිලවල ඉපිද, දෙයියන්නේවෙල පදිංචිව සිටි තෙන්නකෝන් කෙනෙකි. මාතලේ දිනුවේ කෑගල්ලේ හෙට්ටිමුල්ලේ කරුණාතිලක කෙනෙකි. 1956 දී සත්තකින්ම සිද්ධ වුණේ කුමක්ද? මාතලේ අළුවිහාරේත් දඹුල්ලේ එච්.බී. තැන්නේත් යුඇන්පියට ගියා නොව හිටි තැනට එනම් ආපසු පැමිණීමය. දයාසිරි ජයසේකර පාර්ලිමේන්තුවේදී කීවේ මම ආපසු මගේ තිඹිරිගෙයට ආවා කියාය. මේ සකි‍්‍රය වන්නේ කුමක්ද? ඉරහඳ යට අලූතින් කිසිවක් සිදු නොවේ යයි කියන ඉතිහාසගත න්‍යායයි. එහෙත් මෙතන ඉතිහාසයෙන් සැ`ගවිය නොහැකි රහසක් ඇත. අළුවිහාරේලාගේ එච්.බී. තැන්නේලාගේ පිල් මාරුව කිසිවෙකු රුපියල්වලින් තක්සේරු කළේ නැත. ඒ ගැන ටී.බී. ඉලංගරත්න මාතලේදී කීවේ අර රදළයන් යන්නට ගියා කියාය. ඒ ප‍්‍රකාශය කරන විට මුලසුනේ සිටි එදවස විපක්‍ෂ නායක ඇස්.ඩබ්.ආර්.ඞී. බණ්ඩාරනායක ‘‘කට කට’’ කී බවක් එදවස ජීවත්වූ වැඩිහිටියෝ කීහ. ඊට වැඩි අවලාදයක් නගන්නට ශී‍්‍රලංකාකාරයන්ට නොහැකි විය.
ඕනෑම දේශපාලනඥයෙකුට යන එන ඉඩකඩ 1978 ව්‍යවස්ථාව තෙක් සැලසී තිබිණ. අද වන විට ඒ කරණම් හරිදැයි තීරණය කරන්නේ උසාවිය විසිනි. උසාවියේ නඩුකාරයක් ගැන පාර්ලිමේන්තු මන්තී‍්‍රවරු නඩු අසති. පාර්ලිමේන්තුවේ පිල් මාරු ගැන උසාවියේ විනිසුරුවරු නඩු අසති. කොට්ඨාස ක‍්‍රමය යටතේ හෝ මනාප ක‍්‍රමය යටතේ හෝ ජනතාව පත් කළ මන්තී‍්‍රන් මහජන නියෝජිතයෝ වෙති. ඔවුන්ට සිය හෘදය සාක්‍ෂිය අනුව කි‍්‍රයා කිරීමේ ඉඩකඩ ඇහිරීම කිසිසේත් නො කළ යුත්තකි. එහෙත් නිදහස් ලංකාවේ පාර්ලිමේන්තුව තුළ සිදු වූ බොහෝ පිල්මාරු සාමාන්‍ය ස්වභාවය නම් පැවති ආණ්ඩු හැර දමා විපක්ෂයේ වාඩිවීමය.
එහෙත් 1978 ව්‍යවස්ථාව යටතේ පවා ජේ.ආර්.ගේ සද්දන්ත ආණ්ඩුව හැර දමා ගිය අවස්ථා වාර්තා විය. දොස්තර නෙවිල් ප‍්‍රනාන්දු, ගාමණි ජයසුරිය එවැනි චරිත දෙකකි. එහෙත් 1978 ව්‍යවස්ථාව යටතේ විපක්‍ෂයෙන් ආණ්ඩුවට සේන්දුවීම් ද සිදුවිය. බේරුවල ආර්.ජී. සමරනායක ඉන් එක් චරිතයකි. මඩකලපුව පළමුවෙනි මන්ත‍්‍රී සී. රාජදුරෙයි ආණ්ඩුවට පැමිණීම තවත් සිද්ධියකි. සී. රාජදුරෙයි ආණ්ඩුවට පැමිණි දවසේ පාර්ලිමේන්තුවේදී විපක්‍ෂ නායක ඒ අමිර්තලිංගම් ප‍්‍රකාශයක් කළේය. ඔහු එහිදී මහා හඬින් විමසා සිටියේ ආණ්ඩුවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය මේකද කියාය.
විදග්ධ දේශපාලනඥයකු වූ අමිර්තලිංගම් ඒ ප‍්‍රකාශයෙහිදී ප‍්‍රජාතන්ත‍්‍රවාදය යන වචනය පාවිච්චි කළේ සදාචාරය යන්න වෙනුවට බවට කිසිදු සැකයක් නැත. අප්පා පිල්ලේ අමිර්තලිංගම්ගේ දේශපාලනය ගැන දකුණේ දේශපාලනඥයන්ට විවිධ නිර්වචන සහ ප‍්‍රශ්න තිබිය හැකිය. එහෙත් අමිර්තලිංගම් නම් චරිතය නිර්මාණය වුණේ නිදහස් ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදි දේශපාලනය තුලය. සුන්දරලිංගම්, පොන්නම්බලම් චෙල්වනායගම් ආදි දේශපාලනඥයන්ගේ සටන්වලට අවතීර්ණව උතුරුකරෙන් තේරී පත්වූ මේ දේශපාලනඥයා පසුව පොන්නම්බලම් චෙල්වනායගම්ලාගේ හිදැස පුරවමින් උතුරට නායකත්වය දුන්නේය. පසුව කැමැත්තෙන් හෝ අකමැත්තෙන් සිය විශ්වාසය දේශපාලන ඇදහීම යටපත් කර ගන්නට අප්පා පිල්ලේ අමිර්තලිංගම්ට සිදුවිය. එහි ප‍්‍රතිඵලය ලෙස ඔහු උතුරේ කැරලිකරුවන්ගේ සිරකරුවෙකු වී රූකඩයක් බවට පත් වී අවසානයේ ඔවුනටම බිලිවිය. ඒ හරහා සිය මරණයෙන් පවා ප‍්‍රජාතන්ත‍්‍රවාදි දේශපාලනයෙන් පිටමං වීමේ අනිටු විපාක ප‍්‍රජාතන්ත‍්‍රවාදි සමාජයට සාක්‍ෂාත් කිරීමට ඔහුට සිදුවූ බව අප අමතක කළ යුතු නැත.
විපක්‍ෂ නායක ඒ අමිර්තලිංගම් ආණ්ඩුවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය මේකදැයි ඇසූ ප‍්‍රශ්නය අදටත් වලංගුය. දයාසිරි ජයසේකරගේ කරණම පෙරළිය නික්මයාම හෝ ඊනියා පැමිණීම හෝ එකී කි‍්‍රයාව හරහා කියැවෙන්නේ කුමක්ද? මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුවේ පාර්ලිමේන්තු ශක්තිය තවත් එක් සංඛ්‍යාවකින් ඉහළ ගියා කියාද? නැත. වර්තමාන ආණ්ඩුවේ උජාරුව අවසන් වී ඇති බවය. ගරා වැටීම සනිටුුහන් කර ඇති බවය. පාර්ලිමේන්තු පාලන ක‍්‍රමයේ උපරිමය කූට ප‍්‍රාප්තිය ඉෂ්ඨාර්ථය තුනෙන් දෙකක බලයෙන් සන්නද්ධ වීමය. ඒ මිස තුනෙන් දෙක යනු පැවතිය යුත්තක් නොවේ. එවැන්නක් නිර්මාණය නොවීම රටට හොඳය. පාලකයන්ට හොඳය. ලැබෙන තුනෙන් දෙක මැතිවරණයක් හරහා ජනතාව පෙළ ගැසී ලබාදුන් රන් අසිපතක් විය යුතුවේ. ඉන් ඔබ්බට ගමන් කිරීමක් ප‍්‍රජාතන්ත‍්‍රවාදය විශ්වාස කරන්නන් කිසි විටෙකත් අපේක්‍ෂා නොකරනු ඇත. ජනතාව වරමක් ලෙස තුනෙන් දෙකක් ලබාදුන් විට පාලකයා සිය පාලනය අතර බෙහෙවින් සීරුමාරු විය යුතුව ඇත. එහෙත් තමන්ට නොදුන් නොලැබුණ ජනතාව අත ඇති බලය කෙරෙහි ගෞරවනීය විය යුතුවේ. ඊට අභියෝග නොකළ යුතුවේ. නොලැබුණ බලය සඳහා ඉලක්කම් වැඩි කර ගැනීම කළ උත්සාහයන් පිළිබඳ අත්දැකීම් අනන්තය. එවිට සිද්ධ වෙන්නේ කුමක්ද? පාර්ලිමේන්තු ක‍්‍රමයේ පැවැත්මට අහිතකර පිළිකාවන් ඒ දේහය තුළ නිර්මාණය වීම පමණකි. දැන් ඒ දේ වර්තමාන ලංකා පාර්ලිමේන්තුවට සිද්ධ වී හමාරය.
මැතිවරණයක් හරහා ජනතාව අට එකට පෙරා දෙන තුනෙන් දෙක යනු හරියටම අඩි හයක් මිනිසෙකු වැනිය. උහු සද්ධන්තය. දීඝ ජන්තුය. සියලූ බලයන්ට වඩා උසින් තිරසාරව පෙනේ. හෙතෙම දැවැන්තය. ශක්තිවන්තය, අපරාජිතය. පෙනුමෙන් දැකුමෙන් පවා ආස්වාද ජනකය. එසේ ඒකරාශී වූ බලය යනු මහා ආශ්චර්යයකි. එසේ නොවුණ විටෙක කිසිදු පාලකයකු ලද දෙයින් සතුටු විය යුතුවේ. ඉන් ඔබ්බට ගමන් කළ යුතු නැත. එසේ කිරීම ප‍්‍රජාතන්ත‍්‍රවාදය විශ්වාස කරන ප‍්‍රජාතන්ත‍්‍රවාදයට ගරුකරන කිසිවෙකුත් අපේක්‍ෂා නො කරන්නකි. එසේ් නොවුණ තැන එ් පෙනුම බොරු කකුල්කාරයකුට වඩා වැඩි සතුටක් දකින්නාට ලබා දෙන්නේ නැත. එහෙත් ජාතික ආපදාවල දී ජාතික ආණ්ඩු නමින් ඒකරාශී වූ අවස්ථා පිළිබඳ අභ්‍යාසයන් බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුවෙන් පවා ගුරුකම් ගත හැකිය.
ඒ අර්ථයෙන් ගත් කළ මේ වනවිට රටේ සියලූ ප‍්‍රජාතන්ත‍්‍රවාදි අපේක්‍ෂාවන් විනාශ වී හමාරය. ජනතා අයිතිය ජනතාවට නැත. ප‍්‍රජාතන්ත‍්‍රවාදය අබ්බගාතව සිටී. යහ පාලනය වළපල්ලේය. ස්වාධීනත්වය ආරක්‍ෂා කරමින් 17 වෙනි ව්‍යවස්ථා සංශෝධනය නිර්මාණය කළ කොමිෂන් සභා අහෝසි කර හමාරය. ඒ වෙනුවට 18 වෙනි සංශෝධනය නීතිගත කර තිබේ.
පොලිසියේ බලතල පළාතෙන් පළාතට නොව ග‍්‍රාම නිලධාරි වසමෙන් වසමට වෙනස් ආකාරයට එකිනෙකාගේ වාසියට කි‍්‍රයාත්මක වේ. දැරණියගල නූරියේ මෙන් මිනිස් ජීවිත විනාශ කිරීමට එසේ බෙදුණ පොලිස් බලතල කි‍්‍රයාත්මක වේ. ඒ තත්ත්වය තුළ ආණ්ඩුවේම සමහරු උතුරට පොලිස් බලතල දීමේ අවදානම තානාපති කාර්යාල ගානේ යමින් කියා සිටි. එහෙත් ඔහුන් කිසිවෙකු දකුණේ සිද්ධ වී ඇති මේ වින්නැහිය නොදකිති. හෝ නොදත්තා සේ සිටිති.
එහෙත් 17 වෙනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කොට 18 වෙනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කළ ආණ්ඩුවට 13 වෙනි සංශෝධනය අහෝසි කිරීමට හයියක් නැත. දයාසිරි ආවාට ඒ හයිය ආණ්ඩුවට ලැබෙන්නේ නැත. ඉන් කළ හැක්කේ යුඇන්පියට රනිල් වික‍්‍රමසිංහට සිනාසීම පමණකි. දයාසිරි ජයසේකර ආණ්ඩුවට ගියාට විදුලි බිල අඩුවේද? නැත. විදුලි බල මණ්ඩලය, මිහින් ලංකා එයාර් ලංකා ආයතන ලාභ ලබාවිද? නැත. ඒවා කළ හැක්කේ එක්කෝ ජනාධිපතිවරයාටය. නැතහොත් පී. බී. ජයසුන්දරටය. වයඹ පළාත් සභාව සාර්ථක වී නම් අතුල විජේසිංහට අනුප‍්‍රාප්තිකයන් නුවමනාය. එස්. බී. නාවින්න පරණ රස මතක්වී දතකට මදින්නේ නැත. එහෙත් අතුල විජේසිංහත් එස්. බී. නාවින්නත් පෝලිමේ සිටියදී දයාසිරි ජයසේකරට දොර ඇරියේ ඇයි? නහය තෙක් පිරී ඇති ඡුන්ද භීතිය අඩුකර ගන්නටය. තම පාලනය හරහා ජනතාව වෙත මුදා හැරි පීඩාවන් යටපත් කොට ජනතාවට අත්පුඩි ගැසිය හැකි අවස්ථා නිර්මාණය කිරීමටය. මේ මොනවා කළත් ඉන්ධන මිල අඩුවෙන්නේ නැත. කොටස් වෙළෙඳපොළ ප‍්‍රතිසංවිධානය වන්නේ නැත. හාල් පොල් බෙහෙත් බනිස් මිල අඩු වෙන්නේ නැත. කෝප් වාර්තාවේ සඳහන් වන දාර ගැහිලි දයාසිරි ආවාට අවම වන්නේ වත් නැත. කොටින්ම දයාසිරි ජයසේකර යනු ඡුන්දය දිනන තුරුම්පුවක් නොවේ.
දයාසිරි ජයසේකර සිය පාර්ලිමේන්තු සේවා කාලය ගත කළේ විපක්‍ෂ මන්තී‍්‍රවරයකු හැටියටය. ඔහු සිය පාර්ලිමේන්තු සේවා කාලය පුරා මහින්ද රාජපක්‍ෂ රජයට එල්ල කළ විවේචන කිසිවෙකුට අමතක කළ නොහැකිය. නීතිඥයෙකු වූ ඔහු අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභීයෝගගයේ දී ආණ්ඩුවට එල්ල කළ ප‍්‍රහාර සුළු පටු නොවේ. හම්බන්තොට වරාය, මත්තල ගුවන් තොටුපළ මිහින් ලංකා ආදි ලංකාවේ ආර්ථීක දේහයට වින කරන පාලකයන්ගේ විනෝද කී‍්‍රඩා ගැන කළ විවේචන මින් පසුව අපට නො ඇසෙනු ඇත. ඒ හරහා ඔහු ජනතාව දැනුවත් කළ තර්ත විතර්ක දයාසිරි ජයසේකර සටනෙන් පලායාම තුළ යටපත් වේද නැත. ඒවා ජනතාව අතර රැුව්පිළිරැුව් දෙමින් පවතී. සී. රාජදුරෙයි එජාප ආණ්ඩුවට එකතු වන විට අමිර්තලංගම් ඇසු ප‍්‍රශ්නය අප නැවත මේ ආණ්ඩුවෙන් අසමු.
ආණ්ඩුවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය මේකද? දයාසිරි ජයසේකර දිනා ගත්තාට ආණ්ඩුව රටේ ආර්ථීකය ජනතාවට දිනා දිය හැකිද? ජනතාව ආණ්ඩුවෙන් මෙහෙම අසනවාය.යුඇන්පීකාරන්ට දයාසිරි ජයසේකර සින්දු කියන ඇතාය. එක්සත් ජනතා නිදහස් සන්ධානයට සිංදු කියන ඇතුන් උවමනාද? නැත. ඔවුන්ට අවශ්‍ය එහෙන් මෙහෙන් අහුලා ගෙන තුනෙන් දෙක පවත්වාගෙන යාමට අවශ්‍ය බයිලාකාරයන් පමණකි. කාටූන්කාරයන් කියන විදියට රෙදි සෝදන, දර පළන, පොල් ගාන, රෙදි හෝදන නිවටයන් පමණකි. මෙහිදී දයාසිරිට සිද්ධ වෙන්නේ බයිලා කියන්නට පමණකි. ජොලිය වැඩි කරන බයිලා කීමට නම් දයාසිරි හපනෙකු විය හැකිය. ඔහු තවදුරටත් සින්දු කියනවා විය හැකිය. එහෙත් ඔහු ඇතෙක් නම් නොවේ. බඩගෝස්තරයට බස්වලට නැග රබන් ගසන විරිදුකාරයෙක් පමණකි. විරිදු කියන්නෝ ඒක කරන්නේ සිය බඩ ගෝස්තරය පිණිසය. එයින් ජනතාවගේ බඩගින්න රටේ විනාසය නැති වෙන්නේ නතර වෙන්නේ නැත. දැන් දයාසිරි දෙන හැම සතේටම විරිදුවක් සින්දුවක් කිව යුතුවේ. ඔහු තමන් දෙස නොබලා හොර නින්දක වැටී සිටින රැුවුල්කාරයා හිනස්සන සින්දු බයිලා විරිදු කිව යුතුවේ. සරත් ෆොන්සේකාගේ වේදිකාවේ දී ඔහු ‘‘මම හංසයාට බයයි මල්ලියේ’’ යනුවෙන් සිංදුවක් කවිකර කීවා මිස කතා කළේ නැත.
ජෝන් ස්ටුවර්ඞ් මිල් නම් දේශපාලන චින්තකයා නියෝජිත ආණ්ඩු ක‍්‍රමය යහපත් පාලනයකට මාවත ලෙස පිළිගනී. මිල් සිය විග‍්‍රහය අතර, සමානුපාතික ක‍්‍රමයෙහි නූගත් පන්තියේ සංඛ්‍යාත්මක බලය (සුප‍්‍රකට ඔළුගෙඩි ප‍්‍රජාතන්ත‍්‍රවාදය* ගැන විශ්වාසය නොතබයි. ඊට විකල්ප ලෙස එකකට වඩා ලැබුණ බහු ඡුන්ද ක‍්‍රමය ගැන විශ්වාසය තබයි. ඔහු ලියන්න කියන්න ගණිතය නොදන්නා අය අන් කිසිවෙකු ප‍්‍රතික්‍ෂේප නොකරයි. ඒ අර්ථයෙන් උසස් අධ්‍යාපනයක් ලැබු අයවලූන්ට ඡුන්ද දෙකකට වැඩි ගණනක් දීමට යෝජනා කරයි. මෙහිදී පක්‍ෂ නායකයා සමග ගැටුණ දයාසිරි ජයසේකර පිල් මාරු කරයි. කඩා වැටෙන තුනෙන් දෙක අටවා ගත් අධිකරණය බියපත් කළ යහ පාලනය විනාස කළ ආණ්ඩුවකට ඈඳෙයි. මේ තත්ත්වය ජෝන් ස්ටුවර්ඞ් මිල්ගේ විග‍්‍රහය අනුව දයාසිරි ජයසේකර වැටෙන්නේ ලියන්න කියන්න ගණිතය නොදන්නා පිරිසටද? නැතහොත් ඡුන්ද දෙකකට වැඩි ගණනක් දිය යුතු අධ්‍යාපනයක් ලැබු පිරිසටද යන්න කියවන්නා තීරණය කළ යුතුව ඇත.
මේ උත්සාහ කරන්නේ ජෝන් ස්ටුවර්ඞ් මිල් හරහා දයාසිරි ජයසේකර නූගතෙක් කරන්නට නොවේ. පවත්නා දේශපාලනයේ යථාර්ථය දකින්නටය. වර්තමාන පාලනයේ උජාරුව අවසන් වී ගරා වැටීම ආරම්භව ඇති බව කියන්නටය. අද ආණ්ඩුව තමන් තුළම සිරවී සිටී. එය හරියට ඔරලෝසුවේ දුන්න ඔරලෝසුව තුළම සිරවෙලා වාගේය. එය අතුරු බලපෑමකින් සිද්ධ වුණ දෙයක් නොවේ. ඒ තත්ත්වය තුුළ ඔරලෝසු මුණතේ පැය විනාඩි තත්පර කටු වැඩි කර පලක් නැත. ඉලක්කම් වැඩි පලක් නැත. එහෙම කළාට ඔරලෝසුවට දුවන්න බැරුවා වාගේය.
මාතලේ අළුවිහාරේලාගේ එච්.බී. තැන්නේලාගේ පිල් මාරුව කිසිවෙකු රුපියල්වලින් තක්සේරු නොකළේ ඇයි? ඔවුන් ගත් තීරණවලට පදනමක් තිබුණ නිසාය. ඒ පිල් මාරුවට ඉලංගරත්නගේ අර රදල අවලාදය හැර වෙන කියන්නට දෙයක් තිබුණේ නැත. එය අසා සිටි විපක්‍ෂ නායක බණ්ඩාරනායක කට කට කීවේ සාධාරණ තීරණයකට අවලාද නොකිව යුතු නිසාය. විපක්‍ෂ නායක ඒ අමිර්තලිංගම් ආණ්ඩුවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය මේකදැයි ඇසූ ප‍්‍රශ්නය අදටත් වලංගුය. දයාසිරි ජයසේකරගේ කරණම පෙරළිය නික්මයාම හෝ ඊනියා පැමිණීම හෝ එකී කි‍්‍රයාව හරහා මහින්ද රාජපක්‍ෂටවත් රටේ ජනතාවටවත් ලැබෙන හරයාත්මක යමක් නැත.
එළැඹෙන බොහෝ විට අවසන් මොහොතේ කල් දැමෙන මේ පළාත් සභා ඡුන්දය සින්දු කාරයෙකුගෙන් වර්ණවත් කිරීම පමණකි. ඒ හරහා එස්.බී.නාවින්නගේ පාක්‍ෂිකත්වය හැකිලී යයි. මෙතෙක් නිදහස් සන්ධාන ධජය අත දරා සිටි අතුල විජේසිංහ තද පීඩනයකට පත් වෙයි. අමාත්‍ය ජයරත්න හේරත් මේවන විට දයාසිරි ජයසේකර සමග වෙනම ප‍්‍රවෘත්ති සාකච්ඡුා පවත්වති. ඊට සමගාමීව පිළිතුරු දීමට හිටපු ප‍්‍රධාන අමාත්‍ය අතුල විජේසිංහට සිදුවී ඇත.
එසේම අමාත්‍ය ජයරත්න හේරත් ස්පි‍්‍රතුකාරයන් ගැන ප‍්‍රසිද්ධියේ කතා කරයි. නවගත්තේගම ආනන්ද සරත් කුමාර එහෙ මෙහෙ කරමින් මාධ්‍ය වාර්තා නිර්මාණය කරයි. මේ සියල්ල හරහා පවත්නා ප‍්‍රශ්න යටපත් කරනු මිස ආණ්ඩුව විදුලි බිල බඩු මිල අඩු කරනට බැරිය. ඩෙංගු උවදුර නැති කරන්ට බැරිය. වනඅලි තර්ජන නැති කරන්නට බැරිය. එහෙත් තුනෙන් දෙකක බලය තිබියදීත් පළාත් සභා අහෝසි කරන්නටත් මේ ආණ්ඩුවට බැරිය. මේ සියලූ නො හැකියා බැරිකම් අතර තෙරපෙන මේ ආණ්ඩුවට හයියක් වෙන්ට දයාසිරි ජයසේකරට බැරිය. ඒ නිසා දයාසිරි ජයසේකරටත් ඒ නො හැකියා බැරිකම් බෝ්වෙනවා හැර වෙන සිද්ධ වෙන අලූත් දෙයක් නැත.
ජනතාව පැත්තෙන් ඇසෙන කසුකුසුව කුමක්ද? මහින්ද රාජපක්‍ෂට බයිලා කාරයන් හෝ එකතු කරනවාය. එහෙත් රනිල් වික‍්‍රමසිංහ සින්දු කාරයක්ද පලවා හරිනවාය. යථාර්ථය නම් බයිලා වලින් හෝ සින්දු වලින් රටක ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආරක්‍ෂා කළ නොහැකිය. ඒ සඳහා ජනතාව ඒකරාශි කළ යුතුව තිබේ. ආණ්ඩුව යුද්ධය දිනා රටට ජනතාවට ලබාදුන් සහනය 13 වෙනි සංශෝධනය, ¥ෂණය භීෂණය දේශපාලන හෙංචයියන් නිසා අහිමි කර අවසානය. ඒ නිසා ජනතාව ඒකරාශී කිරීම ආණ්ඩුවේ පැත්තෙන් අති දුෂ්කර කාර්යයකි. හැමදාම දේශ හිතෛෂී භාවය රට අවදි කරවන්නේ නැත. එය ජනතා යහපතට හේතු නොවේ. ඒ වාසිය යුඇන්පියට ලබාදීමට පක්‍ෂ නායකත්වය හැකි බව රනිල් වික‍්‍රමසිංහ විසින් තනිවම ඔප්පු කරන තැනට එක්සත් ජාතික පක්‍ෂය පත්වී හමාරය. ඒ ගැන ජනතාව පසුවන්නේ විස්සෝපයෙනි.
නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න

0 comments:
Post a Comment