Monday 7, Apr 2025

728x90 AdSpace

tv
Latest News
http://janathamina.blogspot.fr/

අපේ ප්‍රවෘත්ති

ඇත්ත නම්

අපේ කම

ශ්‍රී ලංකා

විසිතුර

කලා තොරතුරු

Thursday, 27 March 2014

Anonymous ශ්‍රී ලංකාව ජිනීවාහීදී පරදී....


ලංකාවට එරෙහි
ඇමරිකානු යෝජනාව
වැඩි ඡන්ද 11 කින් සම්මතයි


අපට ඡන්දය කරපු
රටවල් මෙන්න


අමෙරිකාව ප්‍රමුඛ රටවල් විසින් ශ්‍රී ලංකාවට එරෙහිව ගෙන එනු ලැබූ යෝජනාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවේදී මීට ටික වේලාවකට පෙර වැඩි ඡන්ද 11 කින් සම්මත වී තිබේ.යෝජනාවට පක්ෂව ඡන්ද 23ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ ඡන්ද 12ක් පමණි.

 රටවල් 12ක් ඡන්දය ලබාදීමෙන් වැළකි සිටියේය.ඉන්දියාව මෙවර ඡන්දය දීමෙන් වැළකුණි. ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා රටවල් 47ක් සුදුසුකම් ලබා තිබු බව කියැවිණ. යුද්ධය පැවැති කාලයේදී මෙරට සිදුව ඇතැයි කියන මානව හිමිකම් උල්ලංඝණයවීම් ඇතුළු සිද්ධි කිහිපයක් සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්විය යුතු බවට අමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් විසින් ජගත් මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කළ යෝජනාවකට අනූව මෙම ඡන්ද විමසීම සිදුකෙරිණ.

ලංකාවට විරුද්ධ යෝජනාවට පක්ෂව ඡන්දය දුන්නේ

ආජන්ටිනා, ඔස්ට්‍රියා, ඛෙනින්, බොට්ස්වානා, බ්‍රසීලය, චිලී, කොස්ටරිකා, ෂෙට් ජනරජය, ස්ටෝනියාව, කොට් ඩිවොයිරේ, ප්‍රංශය, ජර්මනිය, අයර්ලන්තය, ඉතාලිය, මෙක්සිකෝව, මොන්ටිනීග්‍රෝ, පේරු, දකුණු කොරියාව, රුමේනියාව, සියරාලියොන්, මැසිඩෝනියා, එංගලන්තය, අමෙරිකාව

යෝජනාවට එරෙහිව ජන්දය දුන්නේ

ඇල්ජීරියාව, චීනය, කොංගෝ, කියුබාව, කෙන්නියා, මාලදිවයින, පාකිස්තානය, රුසියාව, සෞදි අරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍ය, වෙනිසියුලාව හා වියට්නාමයය.

ඡන්දය දීමෙන් වැලකී සිටියේ

බුකිනාෆාසෝ, ඉතියෝපියා, ගැබන්, ඉන්දියාව, ඉන්දුනීසියාව, ජපානය, කසකස්තානය, කුවේට්, මොරොක්කෝව, නැමීබියාව, පිලිපීනය, දකුණු අප්‍රිකාව ය.
  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: ශ්‍රී ලංකාව ජිනීවාහීදී පරදී.... Rating: 5 Reviewed By: Unknown