1998 මාර්තු 7 වැනිදා හෘදයාබාධයකින් ඔහු කයෙන් සමුගන්නා විට හැට එක්වන වියෙහි පසු විය. එංගලන්තයේ නෝර්වුඩ් සුසාන භූමියේදී බණ්ඩාරගේ දේහය ආදාහනාගාරයට ඇතුල් කරද්දී “ගල්ලෙන බිඳලා ලෙන් දොර හැරලා” ගීතය පසුබිමෙන් වාදනය කෙරිණ.
එදා මෙදා ලාංකේය වේදිකාවේ බිහි වූ අග්‍රගණ්‍ය දෘශ්‍ය කාව්‍යය ලෙස සම්භාවිත මහැදුරු එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ “සිංහබාහු” (1961) නාට්‍යයේ මහෝත්පත්තියට පසුගියදා අඩසියවසක් සපිරිණ. ඒ නිමිති කොට සරච්චන්ද්‍රයන් හා මේ නාට්‍යය ගැනත් මාක් ඇන්ටනි ප්‍රනාන්දු, චාලි ජයවර්ධන, මාලිනි රණසිංහ, ටෙරන්ස් රණසිංහ, මාලිනි පෙරේරා ප්‍රමුඛ මුල් නිෂ්පාදනයට රූපණයෙන් දායක වූ රංග ශිල්පීන් අරභයාත් විවිධ ලිපි ලේඛන පුවත්පත්වල පළ විය.
එහෙත් මේ මහා දෘශ්‍ය කාව්‍යයේ සාර්ථකත්වය සඳහා වෙසෙස් නිර්මාණශීලී කාර්ය භාරයක් ඉටු කළ එහි සංගීතය මෙහෙය වූ එච්.එච්. බණ්ඩාරයන් බොහෝදෙනකුට අමතක වී තිබිණ. අද්‍යතනයෙහි මතු නොව පසුගිය පනස් වසර පුරාම ඔහුගේ මෙහෙවර යටපත් වීම ඛේදජනක තත්ත්වයකි. මහාචාර්ය සරච්චන්ද්‍රයෝ ජීවත්ව සිටි සමයේ වරින්වර බණ්ඩාරයන් සිහිපත් කිරීමට අමතක නොකළහ.
ආචාර්ය සරත් අමුණුගම, ජයන්ත අරවින්ද, ෂෙල්ටන් ආරච්චිගේ වැනි විද්වතුන් වරින්වර විවිධ ලිපිවලින් ඔහු සිහිපත් කළ බව ඔවුන්ට ගෞරවයක් පිණිස මෙහිලා සඳහන් කළ යුතුය. පෙර පරපුරෙහිද අල්පයකගේ ඇගැයුම ලැබූ බණ්ඩාරයන් ගැන නව පරපුර හඳුනන්නේ ම නැති තරම් ය. එහි අරුමයක් ද නැත.
කිසිදු කලාවකට මෙලෝ හසරක මෙහෙවරක් ඉටු නොකළ ගොමරිටිවලට පත්‍රවල පිටකවර, පිටු ගණන් පල් හෑලි, වැඩසටහන්, ගුවන් කාල හිමිවන මාධ්‍ය යාන්ත්‍රණයක් තිබෙන රටක එච්.එච්. බණ්ඩාර වැනි සැබෑ කෘතහස්ත මිණිකැට වන් කලාකරුවන් යටපත් වීම හා නව පරපුර ඔවුන් නොහැඳිනීම ගැන කවර කතාද? අප රටෙහි තවත් කෞතුකාගාරයක් බඳු ලේක් හවුස් පුස්තකාලයෙහිත් ඔහු ගැන පළ වූ ලිපියක් හෝ ඡායාරූපයක් මට සොයා ගත නොහැකි විය. අවසෙස් පුවත්පත්, සඟරාදියෙහිද බණ්ඩාර ගැන ලියැවුණු ලිපියක් සොයා ගැනීම කළුනික සෙවීමක් වැන්න. මෙතෙක් පමා වුවත් නවපරපුර ඔහු හඳුනාගත යුතුමය. “සිංහබාහු” නාට්‍යයට පනස්වසරක් සපිරීම ඊට මාහැඟි ප්‍රවේශයක් වේ.
හෙන්නත්ගෙදර හේමේන්ද්‍ර බණ්ඩාර 1937 වසරේදී උඩු නුවර මැණික්දිවෙල ග්‍රාමයේ උපත ලැබුවේ ය. තලාතුඔය මැදි මහා විදුහලේ ප්‍රාථමික අධ්‍යාපනයද ඉබ්බාගමුව මධ්‍ය මහා විද්‍යාලයේ ද්විතීය අධ්‍යාපනයද ලැබූ ඔහු 1957 දී පේරාදෙණිය ලංකා විශ්වවිද්‍යාලයට ප්‍රවිෂ්ට විය. එවකට රාමනාදන් ශාලාවේ නවාතැන් ගෙන සිටි බණ්ඩාර දක්ෂ බටනළා වාදකයකු ලෙස විද්‍යාර්ථින් අතර ප්‍රකට වී සිටියේය. එකල පේරාදෙණිය සරසවිය මිහිබට සුරපුරකි.
මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර, මහාචාර්ය ඩී.ඊ. හෙට්ටිආරච්චි, මහාචාර්ය එම්.බී. ආරියපාල, මහාචාර්ය සිරි ගුනසිංහ, මහාචාර්ය ම.ව. සුගතපාල ද සිල්වා ඈ විශ්වකෝෂ බඳු ඇදුරන්ගෙන් එදා පේරාදෙණිය සප්ජිත විය. සුචරිත ගම්ලත්, ජයන්ත අරවින්ද, විමල් දිසානායක, සරත් අමුණුගම, ඩී.බී. නිහාල්සිංහ, ජේ.බී. දිසානායක, කේ.එන්.ඕ. ධර්මදාස වැනි ශාස්ත්‍ර පිපාසිතයෝ එහි බණ්ඩාරට සමකාලීන වූහ.
1959 සරච්චන්ද්‍රයන් නිර්මාණය කළ “රත්නාවලී” නාට්‍යයේ සංගීත අධ්‍යක්ෂවරයා වූයේ ජයන්ත අරවින්දය. එහි වාදක මණ්ඩලයේ ජයන්ත වයලීනය වයද්දී බණ්ඩාර බට නළාව වාදනය කළේය. එකල්හී තබ්ලාව වැයුවේ කවුරුන්ද? පසුකලක මහැදුරු වූ හේමපාල විජේවර්ධනයන්ය. සරච්චන්ද්‍රයන්ගේ උපදෙස් පරිදි එකල වෙසක් භක්ති ගී කණ්ඩායමක් පේරාදෙණිය සරසවියේ ස්ථාපිත කෙරිණ. ජයන්ත අරවින්දයෝ මෙය මෙහෙය වූහ.
බට නළාවෙන් බණ්ඩාරද ජල තරංගයෙන් ප්‍රෙමිලා ආරුමුගම් ද වීණාවෙන් යෝගා සිවසුබ්‍රමනියම් ද වයලීනයෙන් ඥානා සිවසුබ්‍රමනියම් ද මීට දායක වූයෙන් සිංහල, දෙමළ ජන වාර්ගික සුසංයෝගය, අන්‍යෝන්‍ය සමගිය මින් ප්‍රකට කෙරිණ. 1958 සිංහල - දෙමළ ජන වාර්ගික ගැටුමෙන් කම්පා වී සිටි සරච්චන්ද්‍රයෝ මේ කණ්ඩායම හරහා සිංහල - දෙමළ ජන වාර්ගික සමගිය පේරාදෙණිය සරසවියෙහි ගොඩනැඟූහ.
මෙහිදී පෑ දස්කම් හේතු කොට සරච්චන්ද්‍ර තම “සිංහබාහු” නාට්‍යයේ සංගීතය මෙහෙයවීමට බණ්ඩාර තෝරා ගත්තේය. සිංහල විශේෂ විෂය ලෙස හදාරා ප්‍රථම පන්තියේ ශාස්ත්‍රවේදී (B.A) ගෞරව උපාධිය ලැබූ බණ්ඩාර 1961 දී සහය කථිකාචාර්යවරයකු ලෙස ද පේරාදෙණිය සරසවියේ සේවය කළේය. ගුරු සරච්චන්ද්‍ර සමඟ ජයන්ත අරවින්ද, බණ්ඩාර යන ශිෂ්‍යයෝ එදා නාඩගම්, නුර්ති ගී පිළිබඳ අනේකවිධ ශාස්ත්‍රීය සංවාද පවත්වමින් ඒ අරභයා විවිධ අත්හදා බැලීම් සිදු කළහ. පසුව බණ්ඩාර පරිපාලන සේවයට බැඳී නාවලපිටියේ ප්‍රාදේශීය ආදායම් නිලධාරියකු (D.R.O) ලෙස සේවය කළේය.
1956 “මනමේ” නාට්‍යය නිර්මාණය කිරීමෙන් පසු සරච්චන්ද්‍රයන් “කදා වළලු”, “රත්තරන්” වැනි කෙටි නාට්‍ය මෙහෙයවීමෙන් ඉක්බිතිව “සිංහබාහු” නමැති ඉතා බැරෑරුම් නිර්මාණ කර්තව්‍යයට අත ගැසුවේය. එහිදී මීට ඖචිත්‍ය සංගීතය යොදා ගැනීම අභියෝගාත්මක විය. මන්ද මීට උචිත නාඩගම් තනු “මනමේ” නිමවන සමයේදීම අවප්‍රමාණ වී තිබිණ. නාඩගම් ශෛලිය නොබිඳෙන සේ නව්‍ය ස්වර සංරචනා කරමින් මේ අසීරුතාවෙන් සරච්චන්ද්‍ර බේරා ගන්නා ලද්දේ බණ්ඩාර විසිනි.
“මනමේ” නාට්‍යයටත් සින්දු නාඩගම් තනු හිඟ වීම නිසා කවි නාඩගම් තනු තෝරා ගැනීමට සරච්චන්ද්‍රයන්ට සිදු විය. මේ නිසා “සිංහබාහු” නිර්මාණය කළ කාල වකවානුව වන විට නාඩගම් තනුවල උග්‍ර හිඟයක් තිබිණ. “මනමේ” නාට්‍යය උදෙසා භාවිත කළ ඇතැම් තනු “සිංහබාහු” නාට්‍යය සඳහා ද උපයුක්ත විය. නිදර්ශන වශයෙන් “මනමේ” හි පූර්ණ විරුදුව හා පොතේ ඉන්නිස ගැයෙන තනුව ඒ අයුරින් ම “සිංහබාහු” හීද දක්නට ලැබිණ. අනෙක් තනු අනියම් අයුරින් සොයා ගැනීමට සරච්චන්ද්‍රයෝ ප්‍රයත්න දැරූහ.
“වගුරට නරිනිඳු” යන ගීයෙහි තනුව මාතර ප්‍රදේශයේ දරු නැළවිලි ගීයකින් උපුටා ගැනුණකි. මාතර විසූ නීතිඥ විල්මට් විජේතුංග මහතාගේ සහාය එවකට සරච්චන්ද්‍රයන්ට ලැබිණ. ඔහු නුර්ති ගී විශාරදයෙකි. ස්වර ප්‍රස්තාර සහිත නුර්ති ගීත 250 ක් එක්රැස් කොට විල්මට් ග්‍රන්ථයක් ද පළ කළේය. මහාචාර්ය සරච්චන්ද්‍ර විල්මට් මහතා සොයා ගොස් මාතර ඒ නිවසේ නවාතැන් ගෙන මේ තනු පිළිබඳ අධ්‍යයන කළේය. “සිංහබාහු” නාට්‍යයේ තනු උදෙසා මේ ඇසුරද බලපෑ බැව් ජයන්ත අරවින්දයෝ වරක් මට පැවසූහ. “නොකරන් මා පුතුනේ මේ සටනා” යන ගීතය මහාචාර්ය සරච්චන්ද්‍රට හලාවතදී අසන්නට ලැබුණු ධීවර ගීතයක තනුවක් ඇසුරෙන් බිහිවූවකි.
මේ ගීයට උරුට්ටු කොටස නිර්මාණය කරන ලද්දේ බණ්ඩාර විසිනි. සාමාන්‍යයෙන් මධ්‍ය ලයකින් ඇරඹෙන නාඩගම් ගීයක මැද හරියේ උරුට්ටු කොටසක් දක්නා ලැබේ. ශාස්ත්‍රීය ගීයක දක්නා ලැබෙන අන්තරා කොටස වෙනුවට නාඩගම් ගීයෙහි ඇත්තේ උරුට්ටු කොටසකි. උරුට්ටු යන දෙමළ වචනයෙහි අරුත “ආභරණය” යි. “තනුවට ආභරණයක්” බඳු යන්න ඉන් කුළුගැන්වේ. සෑම නාඩගම් ගීයකම පාහේ මේ උරුට්ටු කොටස දක්නා ලැබෙන අතරම යමක් නාඩගම් ගීයක්ද? නැත්ද? යැයි සොයා ගත හැකි වනුයේද එමඟිනි. ස්ථායි කොටස මධ්‍ය ලයෙන් ගැයීමත් උරුට්ටු කොටස දෘත ලයෙන් (වේගයෙන්) ගැයීමත් මෙහි ස්වභාවය වේ.
මෙකී අනියම් තනු ස්වල්පය හැරුණුවිට “සිංහබාහු” නාට්‍යයේ සියලු තනු බණ්ඩාර නිර්මාණය කළේය. සංගීතඥයකු වූ සරච්චන්ද්‍රයන්ගේ උපදෙස් ද මෙහිදී ඔහුට වැදගත් විය. පසුකලක (1968) සරච්චන්ද්‍රයන් ජයන්ත අරවින්ද ලවා “සිංහබාහු” නාට්‍යයේ ඇතැම් පැරැණි නාඩගම් තනු (පූර්ණ විරුදුව හා පොතේ ඉන්නිස කවි) නවීකරණය කළේය. “එසේම වෙමි මම”, “දයාබරව සිත සතොසෙන්” හා “මන්ද අහිංසක” යන ගීත සඳහා නවතම තනු ජයන්ත තැනුවේය. “නෙත් කමලේ දෙන රැව්” ගීය එකම වචන තෙයාකාරයට ගැයෙන අයුරින් එනම් අපරදිග සංගීතයේ බහුලව එන ප්‍රතිස්වරන්‍යාස (සරච්චන්ද්‍රයන්ට අනුව ප්‍රතිසංධ්වනි) හෙවත් ”counter melody” අනුව නිර්මාණය වූවකි.
එහිදී එකවර තනු දෙකකින් ගැයීම අපරදිග සංගීතයේ ක්‍රමය වේ. පෙරදිග සංගීතයේ ක්‍රමය මෙහිදී අනුදත් අතර එකකට පසුව එකක් ගැයෙනු අපට අසන්නට ලැබේ. “සිංහබාහු” හී “ගල්ලෙන බිඳලා ලෙන් දොර හැරලා” නමැති සිංහයාගේ වැලපුම් ගීතය බණ්ඩාරයන්ගේ ප්‍රශස්තම තනු නිර්මාණය වේ. “සිත නොම සැනසේ” යන ගීතය ද ඔහුගේ අමරණීය තනු නිර්මාණයකි. “ඇන්ද දිගංගන උරතල යස” යන ගීතය පැරැණි ප්‍රශස්ති ගීයක තනුවක් අනුව යමින් තැනුවකි.
බණ්ඩාර වූ කලී පෙරදිග උත්තර භාරතීය ශාස්ත්‍රීය සංගීතයෙහි ඇසුර ලැබූ ගාන්ධර්වයෙකි. සරච්චන්ද්‍රයන්ගේ නාට්‍යවල බටනළා වාදනය බහුලව අසන්නට ලැබුණේත් ඒවා ගැමි නාද රටාවලින් මඳක් දුරස් වී ශාස්ත්‍රීය සංගීතය වෙත නැඹුරු වූයේත් බණ්ඩාරගේ ප්‍රවිෂ්ටය හේතු කොටගෙනය. මෙය කිසිදු විද්වතකුගේ අධ්‍යයනයට ලක් නොවූවකි. “මනමේ” නාට්‍යයේ ‘නොදනිමි කාගේ දෝසා” ගායනයත් කුමරිය මිය යෑමට පසුව එන දීර්ඝ බටනළා සංගීත ඛණ්ඩයත් ඇතුළත් වූයේ බණ්ඩාරගේ දායකත්වයෙන් බව වරක් ආචාර්ය සරත් අමුණුගම සඳහන් කොට තිබූ බව මට මතකය.
බණ්ඩාර එදා නාට්‍ය පිළිබඳ පර්යේෂණ ලිපි රාශියක් සිංහල හා ඉංගී‍්‍රසි ද්විභාෂාවෙන්ම රචනා කළේය. ඔහු ගාන්ධර්ව හෙවත් නැටුම් සංගීත විභාගය සමත්ව සිටියේය. හේ සරච්චන්ද්‍ර නාට්‍යවල තනු නිර්මාණයේදී ජයන්ත අරවින්ද තරමට රාගවලට නැඹුරු නොවූ බව පෙනේ. ඔහුගේ නිර්මාණවල ස්වීය අනන්‍යතාවක් ඉන් ඉස්මතු විය. “සිංහබාහු” නාටකයට සරච්චන්ද්‍ර ලියූ ප්‍රස්තාවනාවෙහි මෙසේ දක්වේ.
”සිංහබාහු නාටකය සඳහා සෑහෙන තරම් අවස්ථාවෝචිත සින්දු රාග මට සොයා ගත නොහැකි විය. එහෙයින් එහි සින්දු රාගවලින් තුනෙන් පංගුවක් පමණ එච්. එච්. බණ්ඩාර විසින් රචනා කරන ලද ඒවාය. නාඩගම් සින්දු රාගවල ශෛලියෙන් පිට නොපැන ඒවා රචනා කිරීමට ඔහු විසින් උත්සාහයක් දරන ලදි. එසේ වුවද ඔහු ශාස්ත්‍රීය රාගවලින් ද ආභාසය ලබා ඇති බව සංගීතඥයන්ට පෙනෙනු ඇත. මේ නාටකයේ රසෝද්දීපනය සඳහා ඔහුගේ සින්දු රාග රචනා අතිශයින් ම සාර්ථක වී තිබෙන බවට රසිකයෝම දෙස් කියති. අනාගතයේදී නාඩගම් සම්ප්‍රදාය ලක්දිව දියුණුවීමට නම් ඔහු මෙන් දේශීය ඌරුව හඳුනාගෙන, ශාස්ත්‍රීය සංගීතයෙන්ද පෝෂණය ලබා නිර්මාණ කරන සංගීත රචකයන්ගේ සහාය නාට්‍ය රචකයන්ට අත්‍යවශ්‍ය බව මෙහිලා සඳහන් කරනු කැමැත්තෙමි.”
විමල් නවගමුවගේ “අජාසත්ත” (1963), එදිරිවීර සරච්චන්ද්‍රගේ “මහාසාර” (1968) හෙන්රි ජයසේනගේ “කුවේණි” (1963), බන්දු ජයවර්ධනගේ “බෙරහඬ” (1963), “ස්වර්ණ හංස” (1965), “ඝෝෂක වස්තුව“ (1961), “බිහිවනු බෝසතාණෙනි” (1966), “දියසේන නොපැමිණීම” (1965) ඈ නාට්‍යවලද බණ්ඩාර සංගීතය මෙහෙය වූයේය. “කුවේණි” උදෙසා හේ හොඳම සංගීත අධ්‍යක්ෂ ලෙස 1963 රාජ්‍ය නාට්‍ය උලෙළේ සම්මානයට පාත්‍ර විය. මෙහි සංගීතය සඳහා බෙරය යොදා ගැනීම බණ්ඩාර අනුමත නොකළ නමුත් නිර්මාපක හෙන්රි ජයසේන එය නාට්‍යයේ මුඛ්‍ය රසයට අවැසි බව කී විට ඔහු එය පිළිගත්තේය.
“අන්ධකාරෙන් දුරාතීතෙට”, “නොදන්නෝ කවුරුද”, “සත් සියක් කපුමල් රැගෙන මම” යනාදිය “කුවේණි” උදෙසා බණ්ඩාර තැනූ අමරණීය ගී තනු වේ. ඔහු නාට්‍යෝචිත අවස්ථා සංගීතයෙන් උද්දීපනය කරනු වස් උචිත වාද්‍ය භාණ්ඩ තෝරා ගත්තේය. “සිංහබාහු” හිදී හේ යෝගා සිවසුබ්‍රමනියම් ලවා වීණාව වැයීම මීට එක් නිදර්ශනයකි. “කුවේණි” හී පූරක ගැයූ තේමා ගීතය (“අන්ධකාරෙන් දුරාතීතෙට”) ජන සංගීතයේ සැහැලි විරිතෙන් ද කිතුනු යාදිනි ගැයුම් විලාසයෙන් ද අනුප්‍රාණය ලබා ඔහු නිර්මාණය කළේය. කාව්‍යකරණයෙහිලා බණ්ඩාරයන් සතු ප්‍රතිභාව “නිසඳැස”, “පේරාදෙණි කවි” වැනි සඟරාවන්ට ඔහු ලියූ පද්‍ය රචනාවන්ගෙන් හෙළි වේ.
“පියවර” (10) සඟරාවට දේශීය සංගීතය අරභයා ඔහු ලියූ පර්යේෂණ ලිපිය අපට අමතක කළ නොහැකිය. ජන සංගීතය හා උත්තර භාරතීය රාගධාරී සංගීතය සහසංකලනයෙන් දේශීය සංගීතයක් ගොඩනඟා ගැනීමේ වැදගත්කමත් හොරණෑව හා උඩැක්කිය යන සංගීත භාණ්ඩ දියුණු කිරීමේ අගයත් ඒ භාණ්ඩවල පවත්නා ඌනතාවත් යථෝක්ත ශාස්ත්‍රීය ලිපියෙහිදී බණ්ඩාර පෙන්වා දුන්නේය.
සරච්චන්ද්‍රගේ “මහාසාර” (1968) ඔහු අවසන් වරට සංගීතය සැපයූ නාට්‍යය වේ. එහි “ලස්සන උදයා එරන් උදේයා”, “කොයි වැඳිරිය වුණත්”, “ගී රසයේ ඔය අනුසස්” වැනි සුමධුර ගී තනු අමරණීය විය; ප්‍රහසන ඖචිත්‍ය විය. පේරාදෙණිය සරසවියේ එදා සිසුන් (කේ.කේ. එල් ද සිල්වා, ඩී.බී. නිහාල්සිංහ) තැනූ “නියඳ රටා” (1962) විත්ති කථා චිත්‍රපටයේ සංගීතයද බණ්ඩාරගේය. හේ සිනමාවට දායක වූ එකම අවස්ථාව මෙය වේ. සංස්කෘතික අමාත්‍යාංශයේ සහකාර ලේකම් ලෙස කටයුතු කළ බණ්ඩාර පසුව අධ්‍යාපන අමාත්‍යාංශයේ සහකාර ලේකම් ධුරය හෙබවීය. එහිදී ඔහුට ඉහළ නිලතල හෙබවූ නිලධාරීන්ගේ කෙනෙහිලිකම් නිසා කලකිරුණු බණ්ඩාර සිය බිරිය ලංකා සමඟ 1971 ප්‍රංශය බලා නික්ම ගියේ යළිත් කිසිදා මෙරටට නොඑන්නට සිතාගෙනය.
සුදුස්සන්ට සුදුසු තැන නොලැබීම හා සැබෑ දක්ෂයන්ට සිදුවන කෙනහිලි නිසා අප රටට එදත් අදත් බුද්ධි ගලනයෙන් (BRAIN DRAIN) අහිමිවන සම්පත් කොතෙක්ද? මුලින් ප්‍රංශයේ අවන්හලක සේවය කළ බණ්ඩාර පසුව එංගලන්තයට ගොස් බ්‍රිතාන්‍ය මහා කෞතුකාගාරයේ සුචි නිලධාරි (catalogue officer) ලෙස සේවය කළේය. 80 දශකයේ මුල “මනමේ” නාට්‍යය එංගලන්තයේ වේදිකාගත කිරීමට ඔහු මූලික වූයේය. බණ්ඩාර අප රටට අහිමි වීම ගැන මහාචාර්ය සරච්චන්ද්‍ර “පින් ඇති සරසවි වරමක් දෙන්නේ” ග්‍රන්ථයෙහි (පිට 257) මෙසේ ලීවේය.
“බණ්ඩාර ලංකාව අත්හැර එංගලන්තයෙහි වාසයට යාමෙන් කලා ක්ෂේත්‍රයට සිදු වූයේ එසේ මෙසේ පාඩුවක් නොවේ. අපේ සංගීතඥයන් වැඩි දෙනෙකුට භාෂා ඥානයක් හෝ සාහිත්‍ය ඥානයක් නොමැතිවීම නිසාත් නාට්‍යයක් බැලීමට ඔවුන් ඉඳහිටවත් නොයාම නිසාත් නාට්‍යයකට සුදුසු අයුරේ සංගීතයක් නිර්මාණය කරවා ගැනීමට කෙනකු සොයා ගැනීම දුෂ්කර කාර්යයක් වී තිබේ.” බ්‍රිතාන්‍යයේ සිංහල සංගමය පිහිටුවීමට මූලික වූ බණ්ඩාර එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය තහනම් කරන ලෙස ඉල්ලා එරට ප්‍රබල හඬක් නැඟුවේය.
1998 මාර්තු 7 වැනිදා හෘදයාබාධයකින් ඔහු කයෙන් සමුගන්නා විට හැට එක්වන වියෙහි පසු විය. එංගලන්තයේ නෝර්වුඩ් සුසාන භූමියේදී බණ්ඩාරගේ දේහය ආදාහනාගාරයට ඇතුල් කරද්දී “ගල්ලෙන බිඳලා ලෙන් දොර හැරලා” ගීතය පසුබිමෙන් වාදනය කෙරිණ. ඔහුගේ දියණියෝ (ඉන්ධ්‍යා, ඊෂා) අද එංගලන්තයේ වෛද්‍යවරියෝ වෙති. බණ්ඩාර වැනි විශිෂ්ට කලාකරුවකු අප රටට අහිමි කළ ඇතැම් පාපතරයන්ගේ ක්‍රියා නිසාත් “සිංහබාහු” ට පනහ පිරෙන තෙක්ම ඔහු අරභයා හරිහමන් ඇගැයීමක් මතු පරපුරට උරුම කර තැබීමට මෙතෙක් පමා වූ නිසාත් අප ඔහුගෙන් සමාව අයැදිය යුතු යැයි මට සිතේ.

0 comments:
Post a Comment