Monday 7, Apr 2025

728x90 AdSpace

tv
Latest News
http://janathamina.blogspot.fr/

අපේ ප්‍රවෘත්ති

ඇත්ත නම්

අපේ කම

ශ්‍රී ලංකා

විසිතුර

කලා තොරතුරු

Tuesday, 11 March 2014

Anonymous යුරෝපා කොටින්ට ගම්මිරිස්‌ ගසා එළවයි

ශ්‍රී ලංකාව දෙකඩ කර ඊළාම් රාජ්‍යයක්‌ පිහිටුවන ලෙස ඉල්ලමින් ජිනීවාහි එක්‌සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරියේ කලබලයක්‌ ඇති කිරීමට උත්සාහ කළ ද්‍රවිඩ සහ යුරෝපා කොටි හිතවාදීන්ට පොලිසිය ගම්මිරිස්‌ වායු ප්‍රහාරයක්‌ එල්ල කර විසුරුවා හැර ඇත.


කොටි ක්‍රියාකාරීන් මෙහෙයවූ මෙකී උද්ඝෝෂණයට එක්‌සත් ජාතීන්ගේ හිටපු නියෝජ්‍ය මහලේකම් ඩෙනිස්‌ හැලිඩේද සහභාගි වී තිබේ.

ඇමරිකාව ප්‍රමුඛ රටවල් හයක්‌ කෙටුම්පත් කළ ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාව ශ්‍රී ලංකා හමුදාවට දඬුවම් කිරීමට ප්‍රමාණවත් නැතැයි කියමින් එක්‌සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරියේ මාර්ග අවහිර කිරීමට මෙම කොටි හිතවාදීන් ක්‍රියාකර ඇත.

මුල්වරට ස්‌විස්‌ පොලිසියේ කැරලි මර්දන ඒකකය එම ස්‌ථානයට පැමිණ කොටි ක්‍රියාකාරීන් ඇති කිරීමට උත්සාහ කළ කලබලය ව්‍යර්ථ කර තිබේ.

මෙම කොටි උද්ඝෝෂණයේදී ප්‍රභාකරන්ගේ කාඩ්බෝඩ් ප්‍රතිමාවන්ද ප්‍රදර්ශනය කර ඇත.

ජිනීවා හි පෙරේදා (10 දා) දහවල් පැවැති කොටි රැලියට ප්‍රංශයේ සිට පැමිණි අධිවේගී දුම්රියෙන් පැමිණ ඇත්තේ 50 කට නොඅඩු සංඛ්‍යාවක්‌ යෑයි ජිනීවා ආරංචි මාර්ග කියයි.

මෙම කොටි රැලියේදී ද්‍රවිඩයන් 146679 ක්‌ මරා දමා ඇති බවටද සාවද්‍ය ප්‍රකාශයන් කර ඇත.

ජිනීවා කොටි රැලිය පෙරේදා සවස 5.30 වනතුරු පැවැති අතර එය අවසානයේදී ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ පිළිරුවක්‌ පුළුස්‌සා ඇත.
  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: යුරෝපා කොටින්ට ගම්මිරිස්‌ ගසා එළවයි Rating: 5 Reviewed By: Unknown