පොඩිපුතා චිත‍්‍රපටයෙන් ගායන ලොවට පිවිසි නවක ගායකයා වූ සිසිර සේනාරත්න සමග එයාර් සිලෝන් ගුවන් යානයකින් මදුරාසිය බලා පිටත් වූ මොහොත අදත් මැවී පෙනෙයි. මගේ පළමු ගුවන් ගමනද එයයි. ගමන අරඹා මඳ වෙලාවකට පසු ගුවන් යානයේ සිටි හැම මගියෙකුටම කාඞ් පතක් ලැබිණි. මෙය පිරවීමට මගේ දැනුම මඳ නිසා අසල සිටි සිසිර සේනාරත්නගේ සහාය පැතීමි. නිහතමානීව ඔහු එය ඉටුකර දුන්නේය.
අපි දෙදෙනාගේ මුල්ම හමුවීම එයයි. දෙදෙනා පිළිබඳ තොරතුරු දෙදෙනාම හුවමාරු කර ගත්තෙමු. දුටුවන් සිත් ඇදගන්නා ආකර්ශනීය කඩවසම් බවක් පළකළ ඔහු තැන්පත් ගති ඇත්තෙකු විය. යෞවනයෙකු වූ ඔහුගේ ඇසුර යෞවනියක වූ මම ප‍්‍රිය කළෙමි. ගීත පුහුණුව අතරදී ඇතිවන කතාබහට ආදරය සම්බන්ධ දැ ඇතුළත්වීම අනිවාර්යයෙන්ම සිදුවිණි. එය මගේ මවගේ උකුසු ඇස්‌වලට නොපෙනෙන පරිදි කිරීමට අපි දෙදෙනාම පරෙස්‌සම් වීමු.
සුදු සඳ එළියේ නළමත පොපියන
හිරිමල් කැකුලක රොන් කෙමියේ
මුලූ මල් වන ලොවැ ඉරණම සැතැපේ
කුළු ගැන්වෙන තුරු හිමිදිරියේ....
ඔවුන් දෙදෙනාම අද වියපත්ය. ඒත්, අවුරුදු පනස් පහකට පෙර බැඳි ඒ ආදරය... අදත් වෙනසක් නැත.
ඔහුට උවටැන් කරමින් ඈ ඔහුගේ සෙවනැල්ල මෙන් සිටින්නීය.
ඔබගේ සෙවනැල්ල ලෙසේ
එන්නෙමි සැමදාම මෙසේ
මේ දෛවේ තීරනේ...
මතු අනාගතේ....
මේ නම් සංසාරගත බැඳීමකි... කිසිදා නොවෙනස්‌වන පේ‍්‍රමයකි.... සිසිර සේනාරත්න... ඉන්ද‍්‍රානි විජේබණ්ඩාර... අවුරුදු පනස් පහක් පුරාවට ගී ගයමින් අපේ සංගීතය සිනමාව උසස් තැනකට ගෙන ඒමට කළ කැප කිරීම අගයන මොහොතට අපි පැමිණ සිටින්නෙමු.
ඔවුන්ගේ වසර පනස්‌පහක කලා ජීවිතය ගැන තොරතුරු ඇතුළත් රන්පියවර කෘතියට ඉන්ද‍්‍රාණි ලියා ඇති කොටසකිනි අපි මෙම සටහන ආරම්භ කළේ.
''බොහෝ දෙනෙක් මගෙන් ඉල්ලීම් කළා ජීවිත කතාව ලියන්න කියලා.... ආර්. ආර්. සමරකෝන් වගේම ධර්මසිරි ගමගේ කියන අද අප අතර ජීවතුන් අතර නැති කලාකරුවන් පවා ඒ කාලේ මට කිව්වා ජීවිත කතාව ලියන්න කියලා. ඒත් මට හිතුනා ජීවිත කතාවට වඩා අවුරුදු පනහක කලා ජීවිතය ගැන ලියන්න ඕනෑ කියලා... එහෙම හිතලා තමයි මේ පොත ලියුවේ... රන්පියවර කියලා නම තැබුවේ අරිසෙන් අහුබුදු මහත්තයා... පොත කියවලා ඔහු කිව්වා මේකට හොඳයි ඉන්ද‍්‍රාණි 'රන්පියවර' කියන නම කියලා. පියවර කියන්නේ ඉන්ද‍්‍රාණි ආ ගමන... ඒ ගමන රත්තරන් හා සමානයි කියලාත් ඔහු මට කිව්වා..." වසර ගණනකට පසු ශ‍්‍රී ලාංකිකයනට ලබාදෙන තිළිනයක් ගැන ඉන්ද‍්‍රාණි විජේබණ්ඩාර පැවැසුවාය.
අපි අවුරුදු පනස් පහක්‌ම මේ ක්‍ෂේත‍්‍රයේ හිටියා. හරිම තෘප්තිමත්.... ගත වූ අවුරුදු පනස් පහ තුළ අපිට කිසිවෙකුගෙන් වරදක්, සිත් රිදීමක් සිදුවී නැහැ... අපෙන් කාටත් හිරිහැරයකුත් නැහැ... ඒත් පහුගිය දාක එක්‌තරා රූපවාහිනී නාලිකාවක ප‍්‍රවෘත්තියක් දැම්මා සිසිරට කරදරයක් වුණා කියලා... හැම කෙනෙක්‌ම ඒකෙන් කලබල වුණා. හුගක් අය ගෙදරට දුවගෙන ආවා. ඒත් කිසිම කරදරයක් වුණේ නෑ. අපි එදා ප‍්‍රසංගයට ගීත පුහුණුවීම් කරමින් හිටියේ... සොයා නොබලා මේ වගේ ප‍්‍රවෘත්ති ඉදිරිපත් කිරීම වරදක්. අපිට හානියක් නොවුනත් එකෙන් දැඩි සිත් වේදනාවක් ඇති වුණා.
සිසිර කියන්නේ හරිම නිවුණු ගති තියෙන... නිහතමානි කෙනෙක්... හරියට පොඩි ළමයෙක් වගේ... හරිම සංවේදී හිතක් තියෙන්නේ... ඕනෑම කෙනෙක් කෙරෙහි ආදරය, කරුණාව දයාව සිසිරගේ හිතේ උපදිනවා... සිසිරගේ හදවත තරම් ලස්‌සන හදවතක් මම නම් දැකලා නැහැ....
තිබේ පියකරු දසුන් අපමණ
අනන්තයටම මෙදියතේ
ඔබේ හදවත තරම් ලස්‌සන
හදවතක් මා දැක නැතේ
ගීත කොල්ලය ගැනද අදහස් දැක්‌වූ ඕ... මෙසේ කීවාය.
හරිම වැරදියි... අපි ගීයක් නිර්මාණය කරලා එළියට දාන්න කොතරම් මහන්සි වෙනවද.... ජනප‍්‍රිය වුනාට පස්‌සේ ඒක අරගෙන වෙන වෙන අය පල ප‍්‍රයෝජන ගන්නවා. උපහාර ප‍්‍රසංගයකට ගායනා කරන එක වරදක් නෑ. ඒත් හම්බ කිරීමේ චේතනාවෙන් කෙනකුගෙ දෙයක් ප‍්‍රයෝජනයට ගැනීම හොරකමක්.
එදා ගීතයේ උසස් බවත් අද තියෙන සංගීතයේ බංකොලොත් බවත් ඉන් පෙන්නුම් කරනවා. අද ඉන්න අලූත් ළමයින් හරිම කලබලකාරියි. හැම දෙයක්‌ම ඉක්‌මනට කරන්න ඕනෑ තරගයක් තියෙන්නේ. හැම දෙයක්‌ම කඩා බිඳ දමමින් ඉදිරියට එන්න හදනවා.... ඉවසීමක් නැහැ.... ඇය කීවාය.
අපේ රසික රසිකාවියන් වෙනුවෙන් ආයෙත් අපි සිසින්ද‍්‍ර, ප‍්‍රසංගය කරනවා... සිසිර මේ ක්‍ෂේත‍්‍රයට විශාල සේවයක් කළ කෙනෙක්... අද ඔත්පල වෙලා... ඒ නිසා අලූත් නිර්මාණ කරන්න විදිහක් නැහැ. ඒත් සිසිර තවමත් රසික රසිකාවියන් අතර ජීවත්වෙන්නේ ඔහු කලින් කළ නිර්මාණ නිසා... සිසිර එදා වගේම අදත් සංගීතය සමගයි ජීවත්වෙන්නේ....
ඉන්ද‍්‍රාණි... සිසිරගේ සෙවනැල්ල බඳුය. සංසාරගත බැඳීමක් බව අපි කලින්ද සඳහන් කළෙමු. ආත්ම ගණනාවක් ඈ පෙරුම් පුරන්නේ ඔහු පතාය.... ඒ ආදරය... අවංකය.... සදාකාලිකය... සිසිරද එසේමය... ඔහුගේ සදාකාලික පැතුම ද ඇයමය.
සිත සැබෑ වන්න මෙසේ
පෙරුම්පුරා ආවෙදෝ
මා උපන්නෙ පේ‍්‍රම ලොවේ
ඔබ පතා ප‍්‍රියේ....
ඔබ නිසා ප‍්‍රියේ....
මල් වැටුණට තරු නිවුණට කමක් නෑ
ඔබ ආයෙ දකින තුරු මට ඉවසුමක් නෑ
සුදු නොමැති ලොවක තනියෙන් හිඳ
පලක් නෑ...!
(පද - සිසිර සේනාරත්න)
අප ‘සඳ වැසුණට’ ගීතයෙන් මෙම ලිපිය අරඹන්නේ සංගීතවේදී ගායන ශිල්පී සිසිර සේනාරත්නයන් මෙම ගීතය පද රචනය කර ඇත්තේ එවකට ඔහුගේ පෙම්වතියව සිටි ඉන්පසු මෙතෙක් අඩසිය වසරක් පුරාම ආදරණීය සහකාරිය වී ඔහු සමඟින් ම රැඳී සිටින ඉන්ද්‍රානි විජයබණ්ඩාර වෙනුවෙන් වීම නිසා ය.
ශ්‍රී ලාංකේය සංගීත ක්‍ෂේත්‍රයේ ආදරණීය ගායක ගායිකා යුවළක ලෙස සැලකෙන සිසිර සේනාරත්න සහ ඉන්ද්‍රානි විජේබණ්ඩාර යුග දිවි ගමන් ඇරැඹුවේ 1962 මැයි 31 වැනිදා ය. ඒ අනුව සිසිර සහ ඉන්ද්‍රානිගේ යුග දිවියට අඩ සියවසක් සැපිරීම නිමිත්තෙන් මෙවර ‘ස්වර වර්ණ’ ගන්වන්නට අපි ඉන්ද්‍රානි විජයබණ්ඩාර එක්කර ගනිමු.
’සිසිරයි මමයි පෙම්වතුන්ව හිටපු කාලයේ දවසක සිසිර මා වෙනුවෙන්ම තමයි ‘සඳ වැසුණට’ ගීතය ලව්වේ. ඔය සින්දුවේ සිසිර ලියා තිබෙනවා වගේම තමයි දැන් අවුරුදු පනහක්ම අපි දෙන්නා එකටමයි ජීවත් වෙන්නේ. මම නැතුව තනියෙන් ඉන්න සිසිර කැමැතිම නැහැ. මමත් හැම වෑයමක්ම ගන්නවා සිසිරව තනි නොකර එයා ළඟින්ම ඉන්න.”
”අපේ කලා දිවිය වගේම යුග දිවියත් හරිම තෘප්තිමත්. අවුරුදු පනහක් පුරා සිසිරගේ බිරිඳ ලෙස මට එයාට ආදරෙන් ඉන්න පුළුවන්කම ලැබුණේ සිසිරත් ආදරණීය ස්වාමිපුරුෂයෙකු වූ නිසයි. අවුරුදු පනහක් කියන්නේ දිගු කාලයක්. අපි දෙන්නා අද දරු මුනුපුරන් සහ මිනිබිරියන්ගේ සෙනෙහසත් ලබමින් සතුටින් ජීවත් වෙනවා. අපේ ජීවිත ආදරයෙන් පිරිලා. ඒ හින්දා ජීවිතය සුන්දරයි කියලා මං හිතනවා.”
සිසිර රෝගී වීම නිසා ජීවිතයට දුක එකතු වුණේ නැද්ද?
”ලෙඩ දුක් ජීවත් වෙන කාටත් පොදු දේවල්නේ. අපි කවුරුත් සොබා දහමට අවනත විය යුතුයි. හැමදාම සවි ශක්තිය තියෙන්නේ නැහැ. වියපත් වෙද්දී ඇතිවන ස්වභාවික වෙනස්වීම් අපේ ශරීරවලත් සිදුවෙනවා. ඒ වගේම අපේ හිත් සංවේදීයි. ඒ නිසා සිසිර රෝගීවීම නිසා ජීවිතයට දුක එකතු වීම අරුමයක් නොවේ. කොච්චර දුක එකතු වුණත් අපිට ආදරෙන් ඒ දුක බෙදා ගන්න පුළුවන් වුණා. දුකට පුළුවන් වුණේ නැහැ අපේ ආදරේ පරාද කරන්න.”
දැන් ඔබ දෙදෙනා කල දවස ගෙවන්නේ කෙසේද...?
”මගේ කාලය වැඩිපුරම ගෙවන්නේ සිසිරගේ ඕනෑ එපා කම් වෙනුවෙන්මයි. සිසිරගේ බේත්, කෑම බීම එයා කැමැති විදියට වගේම එයාට සුදුසු විදිහට ලබාදෙන්න මම විශේෂයෙන් වගබලා ගන්නවා. මම උයන කෑම කන්න තමයි ඉස්සර ඉඳලම සිසිර කැමැති. ඒ හැරුණාම සිසිර අපේ සුභානි දුව උයන පිහන කෑම බීමත් ආසාවෙන් කනවා බොනවා. සිසිර ඉරිදා පත්‍ර බලන්නයි රූපවාහිනී නාට්‍ය බලන්නයි දරුවන්ගේ දරුවෝ සමඟ කතාබහ කර කර ඉන්නයි ප්‍රිය කරනවා. වැඩිපුර සිසිර එක්ක ඉන්නේ සෙනුජ මුනුපුරායි, සරිඳු මුනුපුරාත් ජීවත් වෙන්නේ අපිත්තෙක්කයි. දරු මුනුපුරන් එක්ක ඉන්න කොට හරිම සතුටක් සහ සැහැල්ලුවක් දැනෙනවා.”
එදා මෙදා සිසිරගේ ඔබ දුටු සුවිශේෂ ගුණාංග මොනවාද?
”සිසිර එදා වගේම අදත් සුන්දරව ඉන්න ආසයි. ගේ දොර පිරිසුදුවට පිළිවෙළට තියෙනවා දකින්න කැමැතියි. ප්‍රතිපත්තිගරුකයි. තරුණ වයසේදී තිබුණු අදහස් උදහස්ම තමයි දැන් වියපත් වෙලත් සිසිරගේ අදහස් උදහස් වී තිබෙන්නේ. ඒවා වෙනස් වී නැහැ. අවංකයි. ආදරණීයයි. වෙලාවකට පුංචි ළමයෙක් වගේ.
ඔබ දෙදෙනා ගීත සාහිත්‍යයේ ජනප්‍රිය පෙම් යුවළක් වී සිටි යුගයේ මතකය බිඳක් අවදි කරමුද..?
”කරුණාසේන ජයලත් ගේ ‘ගොළු හදවත’ නවකතාවේ දම්මි සහ සුගත් චරිත දෙක ඇසුරෙන් ඔහු ලියා දුන් ‘නුහුරු නුපුරුදු රහස’ ගීතය ගායනා කිරීම නිසා හැටේ දශකයේ මුල් කාලයේ ඉඳන් මමයි සිසිරයි සුගතුයි දම්මියි ලෙස ගීතලෝලීන් අතරේ ගොඩක් ජනප්‍රිය වුණු ඒ යුගය හරිම මිහිරියි. ‘සරල ගී’ වැඩසටහනකට තමයි සිසිරයි මමයි මුලින්ම ඔය ගීතය ගායනා කෙරුවේ. තාමත් අපෙන් ‘දම්මි සුගත් ගීතය ගයන්න’ කියා ඉල්ලන රසික රසිකාවියන් ඉන්නවා. අපි දෙන්නාගේ ආදර ලෝකයට එදා දම්මි සුගත් ගීතය ආශිර්වාදයක් වුණා.”
ඔබ දෙදෙනාගේ ගායන දිවියේ අමතක නොවන සිදුවීමක් පවසන්න කැමැතිද?
”අමතක වෙන්නේ නැති සිදුවීම් කොච්චර තියෙනවාද. හ්ම්.. විශේෂ සිදුවීමක් පසුගිය ජනවාරි 20 වැනිදා අපේ ‘සිසින්ද්‍රා’ ප්‍රසංගයේ දී සිදුවුණා. එදා අපේ ප්‍රසංගයට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා සහභාගි වී පැය එකහමාරක පමණ කාලයක් අප සඳහා රැඳී සිටීම අමතක කරන්න බැරි සිදුවීමක්. අපට එතුමාගේ ආශිර්වාදය එදා ලැබුණා.
’සිසින්ද්‍රා’ ප්‍රසංගයේ දී එළිදැක්වූ ‘ඉරේෂා’ ගීත ඇල්බමයට ලැබුණු ප්‍රතිචාර කෙසේද?
”අපි හිතුවාටත් වඩා ඉහළ ප්‍රතිචාර ලැබුණා. තවමත් එය ලබා ගන්න නොහැකි වූ බොහෝ දෙනකු අපෙන් එය ඉල්ලනවා. (“ඒ අය වෙනුවෙන් මෙම දැනුම් දීම කරන්න” යැයි ඉල්ලමින්) ‘ඉරේෂා’ ගීත ඇල්බමය ඕනෑ හැමෝටම දැන් එය ‘සිංග්ලංකා’ වෙතින් ලබා ගන්න පුළුවන්. ඒ වගේම මා ලියූ ‘රන්පියවර’ පොතටත් හොඳ ඉල්ලුමක් තියෙනවා. එය අවශ්‍ය පාඨකයින්ට නුගේගොඩ ‘සරසවි’ පොත්හල්වලින් ලබාගන්න පුළුවන්.”
ජ්‍යෙෂ්ඨ ගායන ශිල්පිනියක් වන ඔබ විනිසුරුවරියක් ලෙස එකම එක රියැලිටි වැඩසටහනකට පමණයි සහභාගි වුණේ. ඒ ඇයි?
”මා සහභාගි වුණු එකම එක වැඩ සටහනත් ළමා වැඩසටහනකුයි වුණේ. එහිදී ඇති වූ කලකිරීම නිසයි ඉන්පසු එවැනි විනිශ්චයන් කෙරෙන වැඩ සටහන් සඳහා නොගියේ. විශේෂයෙන්ම ළමයින්ව ලොකු අය වගේ අන්දලා ඔවුන් ලවා වැඩිහිටි ගී ගැයවීම සුදුසු නැහැ කියා මං හිතනවා. තවත් කරුණක් තමයි ‘ඔයාගේ ගායනය වගේම රඟපෑමත් හොඳයි’ වැනි එකම වචන මාලාවක් හරව හරවා කියවන රූකඩ විනිශ්චයකට සහභාගි වෙන්නත් මට බැහැ. ඔය තරු නිකම්ම නිකම් තරු විතරයි. sms මනාප ක්‍රමයෙන් සැබෑ තරු තෝරන්නත් බැහැ. මම sms ක්‍රමයටත් කැමැති නැහැ.”
ඔබේ අනාගත පැතුම කුමක්ද?

සිසිර ඉන්ද්‍රානි යුග දිවියට 52 වසරයි
සඳ වැසුණට ඉර ගිලුණට කමක් නෑමල් වැටුණට තරු නිවුණට කමක් නෑ

0 comments:
Post a Comment