Friday 11, Apr 2025

728x90 AdSpace

tv
Latest News
http://janathamina.blogspot.fr/

අපේ ප්‍රවෘත්ති

ඇත්ත නම්

අපේ කම

ශ්‍රී ලංකා

විසිතුර

කලා තොරතුරු

Saturday, 14 September 2013

Anonymous කුඩු කන්ටේනරයට පාකිස්‌තාන් අයිතිකරුවෝ

රේගු නිලධාරීන් විසින් පසුගිය දින අත්අඩංගුවට ගනු ලැබූ මත්කුඩු අඩංගු කන්ටේනරයේ (දකුණු ආසියාවේදී අත්අඩංගුවට ගනු ලැබූ විශාලම මත්ද්‍රව්‍ය තොගය) පකිස්‌ථාන් ජාතික අයිතිකරුවන් තිදෙනකු සිටින බවට තොරතුරු අනාවරණය වෙමින් පවතින බව ජ්‍යෙෂ්ඨ පොලිස්‌ ප්‍රකාශකයෙක්‌ පැවසීය.


දැනට මත්ද්‍රව්‍ය අංශ පොලිස්‌ නිලධාරීන් භාරයේ සිටින පකිස්‌ථාන් ජාතික සැකකරු මෙම තොරතුරු හෙළි කළ බව පොලිසිය කියයි.

 
 මෙම පකිස්‌ථාන් ජාතිකයන් තිදෙනා ජාත්‍යන්තර මට්‌ටමේ මත්කුඩු ජාවාරම් කිරීමේ ප්‍රධානීන් බවද කියයි.

ශ්‍රී ලංකාවට පමණක්‌ නොව විවිධ රටවලට මත්කුඩු බෙදා හැරීම සඳහා මොවුන් ප්‍රසිද්ධියක්‌ උසුලන බවද කියති.

මෙම පකිස්‌ථාන් ජාතිකයන් සමග ශ්‍රී ලාංකික මත්කුඩු ව්‍යාපාරිකයෝ මිත්‍ර ගිවිසුමක්‌ පවත්වාගෙන යන අතර අද හෙටම මෙම මහා ජාවාරම්කරුවන් දෙතුන් දෙනෙකුම පොලිසියට කොටු කර ගැනීමට හැකි වෙන බවද පොලිසිය කියයි.

 
 ඉදිරි දින කීපය තුළදී පකිස්‌ථාන් පොලිසිය ශ්‍රී ලංකාව පැමිණීමට ඉඩ ඇතැයි මත්ද්‍රව්‍ය නාශක අංශය කියයි.
  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: කුඩු කන්ටේනරයට පාකිස්‌තාන් අයිතිකරුවෝ Rating: 5 Reviewed By: Unknown