Friday 11, Apr 2025

728x90 AdSpace

tv
Latest News
http://janathamina.blogspot.fr/

අපේ ප්‍රවෘත්ති

ඇත්ත නම්

අපේ කම

ශ්‍රී ලංකා

විසිතුර

කලා තොරතුරු

Tuesday, 10 September 2013

Anonymous අන්තවාදී පාර්ශ්වවල චෝදනාවන්ට ප්‍රමුඛත්වය නොදෙන්න

- ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ජිනීවාහිදී කියයි



ද්‍රවිඩ ඩයස්‌ පෝරාවේ අන්තවාදී පාර්ශ්වයන් දියත්කර ඇති න්‍යාය පත්‍රයන් වෙනුවෙන් එල්ලකරන චෝදනාවලට ප්‍රමුඛත්වය නොදෙන ලෙස ජිනීවා නිත්‍ය නියෝජිත රවිනාත් ආරියසිංහ මහතා ජිනීවාහි 28 වැනි මානව හිමිකම් සැසිවාරය අමතා ප්‍රකාශ කර ඇත.






2012 දී හිටපු කොටි ක්‍රියාකාරීන් සඳහා රජය රුපියල් මිලියන 79 ක්‌ද, 2013 දී මිලියන 69.29 ක්‌ද, වැය කරමින් පුනරුත්ථාපන කටයුතු ඉටුකළ බවද පැවසූ ඒ මහතා දැනට ඉතිරිව ඇත්තේ පලාලි අධි ආරක්‌ෂක කලාපය පමණක්‌ බව ද කීවේය.

මානව හිමිකම් කොමසාරිස්‌වරිය හමුවූ සිවිල් ක්‍රියාකාරීන් හා අනිකුත් පාර්ශ්වයන්ට හිරිහැර එල්ලවී ඇති බවට නැගෙන චෝදනාවට අදාළ සියලු තොරතුරු ලබාදෙන ලෙස තමා ඉල්ලීමක්‌ කරන බව ද ආරියසිංහ මහතා තවදුරටත් පැවැසීය.

දේශපාලන අරමුණු ඉටුකර ගැනීම සඳහා මෙලෙස එල්ල කරන චෝදනා රජය පිළිගන්නේ නැතැයිද ඒ මහතා කියා සිටියේය.

උගත් පාඩම් කොමිසමේ නිර්දේශවලින් 53 ක්‌ රජය දැනටමත් පිළිගෙන ඇතැයි හෙතෙම තවදුරටත් සඳහන් කළේය.
 
  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: අන්තවාදී පාර්ශ්වවල චෝදනාවන්ට ප්‍රමුඛත්වය නොදෙන්න Rating: 5 Reviewed By: Unknown