Friday 11, Apr 2025

728x90 AdSpace

tv
Latest News
http://janathamina.blogspot.fr/

අපේ ප්‍රවෘත්ති

ඇත්ත නම්

අපේ කම

ශ්‍රී ලංකා

විසිතුර

කලා තොරතුරු

Monday, 2 September 2013

Anonymous කෝටි 260 ක කුඩු සහ සැකකරුවන් පරීක්‍ෂණ සඳහා


දකුණු ආසියාවේදී අත්අඩංගුවට ගත් විශාලතම හෙරොයින් මත් කුඩු තොගයට සම්බන්ධ සැකකරුවන් හා කුඩු තොගය රේගු මත්ද්‍රව්‍ය අංශය විසින් මාලිගාවත්ත මහෙස්‌ත්‍රාත් රශාන්ත ගොඩවෙල මහතා වෙත  ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඒ පිළිබඳව වැඩිදුර පරීක්‍ෂණය සඳහා පොලිස්‌ මත්ද්‍රව්‍ය නාශක පාලන අංශයට බාරදී ඇත.


මීට පෙරත් මේ ආකාරයටම මත්කුඩු ගෙනැවිත් ඇති බවට සැකයක්‌ මතුව ඇති බැවින් ඒ පිළිබඳ පරීක්‍ෂණ පවත්වාගෙන යන බව රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ අධිකාරි නිහාල් අලහප්පෙරුම මහතා "දිවයින"ට පැවසීය.

මෙම කුඩු තොගය සම්බන්ධව ජාත්‍යන්තර රේගු ජාලයද දැනුවත් කළ බවත් දැනට කළ පරීක්‍ෂණ අනුව එම කන්ටේනරයේ මත්කුඩු කිලෝ 260 ක්‌ තිබූ බැවින් එහි වටිනාකම රුපියල් කෝටි 260 ක්‌ බවත් ඔහු පැවසීය.

මත්කුඩු ගෙනා කන්ටේනරයේ තිබූ ග්‍රීස්‌, නාන කාමර උපකරණ, ප්ලාස්‌ටික්‌ උපකරණ ඇතුළු භාණ්‌ඩ රේගුව විසින් රාජසන්තක කරන ලදී.

අදාළ රේගු පරීක්‍ෂණ නියෝජ්‍ය රේගු අධ්‍යක්‍ෂ සිරිපාල එදිරිමාන්න මහතාගේ මෙහෙයවීම යටතේ සිදුකෙරේ.
 
  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: කෝටි 260 ක කුඩු සහ සැකකරුවන් පරීක්‍ෂණ සඳහා Rating: 5 Reviewed By: Unknown