මිහිර සිරිතිලක රංගන ශිල්පියාට ශාරීරික හා මානසික වධ වේදනා දී ඔහුව “බයිට්” කළ මාධ්‍ය මී හරකුන් එවන් තත්ත්වයකට පත් වූයේද සීමාව ඉක්මවා යාම නිසාය. “මෙගා බයිට්” නම් එම කුප්ප වැඩසටහනින් හා තවත් එවැනි වැඩසටහන්වලින් ජනතාව රැවටීම හා රවටා සිනාසීම මීට පෙරද සිදු විය.
මුලදී අහිංසක මට්ටමින් සිදු වූ එය දැන් පිරිහී ඇත්තේ හරියට ඉස්සර සරසවියේ අහිංසක නවකවදය දැන් මාරාන්තික නවකවදයක් වී ඇති ආකාරයටමය. වරක් එවැනි වැඩසටහනික් ගොවි මහතෙකුට කතා කර අස්වැන්න වැඩි මිලට ගැනීමට එන බවට රවටා ඔහු හා බිරිඳ “බයිට්” කරනු ඇසූ ප්‍රභාත් යාපා නමැති මිතුරු වෛද්‍යවරයා මා සමග කීවේ මෙවැනි මාධ්‍ය භාවිතාවල යෙදෙන්නන් අතුගා දැමිය යුතු බවයි. විද්වත් සමාජයේ පොදු මතය එයමය. මිහිරගේ සිද්ධිය යටපත් කරන්නට දැන් උප්පරවැට්ටි යොදනවාලු. එය යටපත් කළත් නොකළත් මේවායින් බැටකන ජනතාව එම ඉදිරිපත් කරන්නන්ට එරෙහිව සියලු උපරිම නෙතික දඬුවම් ලබා දීම සඳහා නැගීසිටිය යුතුය.
කසුන් කල්හාරගේ “Culture Shock” ප්‍රසංගය දා හමු වූ කිංස්ලි රත්නායක පසුගිය සතියේ “කලාකිරිඤ්ඤ” සටහන ගැන කතා කළේය. මාධ්‍ය විසින් සංගීත කලාකරුවන්ට කර්තෘභාග නොගෙවීම හා ඔවුන්ගේ නම් පවා ප්‍රචාරය නොකිරීම ගැන පළ කෙරුණු එම ලිපිය කියවූ බව කී කිංස්ලි “නිමල් ලක්ෂපතිආරච්චිගෙන් නොකෙරුණු දේවල් කරන්න තමයි මම ආපහු “සිරස”ට ඇවිත් ඉන්නේ. වෙනසක් වෙලා තියෙනවද කියලා “සිරස” අහල බලන්න.” යනුවෙන්ද සිනාමුසුව පැවසීය.
ඉන්පසුව ඉඩ ලද මොහොතක සිරසට කන්දුන් මට ඔහුගේ කතාවේ යම් ඇත්තක් ඇති බව වැටහිණ. බොහෝ ගීත සමග ගායක ගායිකාවන්ගේ හෝ නම් කියවෙන තත්ත්වයක් ඇති වී තිබෙනු පෙනුනි. එය සාධනීය තත්ත්වයකි. තවදුරටත් වර්ධනය විය යුතු තත්ත්වයකි. කර්තෘ භාග ගෙවීම සම්බන්ධයෙන්ද “සිරස” එවැනිම සාධාරණයක් ඉටු කළ යුතුය.
“සිරස” පැමිණි විට යහපත මෙන්ම අයහපතද සිදු විය. ඉන් පසුව හතු පිපෙන්නාක් මෙන් බිහිවූ පෞද්ගලික විද්‍යුත් මාධ්‍යයන් “සිරස” හිටගෙන කළ දේ දුව දුවා කරනු අසන්නට දකින්නට ලැබුණි. වැලන්ටයින් දිනයක් මෙරටට හඳුන්වා දිය යුතුද යන ප්‍රශ්නාර්ථය ඉතිරි කරමින් එය එසේ හඳුන්වා දුන්නේ සිරසය. වැලන්ටයින් දිනයේ ගීත ඉල්ලීම් වැඩසටහනකින් පුංචි පාසල් සිසුවියකගෙන් පෙම්වතෙකු නැද්දැයි විමසා බලන වැලන්ටයින් දිනය වන විටවත් පෙම්වතෙකු සොයා ගන්නැයි කීවේ එහි නිවේදකයෙකි. ගීත දර්ශක වැඩසටහනක් “මැජෙස්ටික් සිටි” සංකීර්ණණයේ සිට ඉදිරිපත් කරමින් “අපි අද එම් සී එකට ආවෙ කෙල්ලන්ගෙ කකුල් බලන්න.” කීවේද එවැන්නෙකි. පොසොන් පෝදාට පසු දින වැඩසටහනකදී “ඊයේ පොසොන් පෝයදා පන්සලේදී මට විශාල සංවේගයක් ඇති වුණා.” යනුවෙන් කැලුම් ශ්‍රී මාල් කියද්දී ‘ඇයි මහින්ද ආවෙ නැද්ද..” කියා ඇසුවේද එහි නිවේදකයෙකි. දස වසරකට පෙර සිරසේ සිටි කිංස්ලිට වඩා පරිණත කිංස්ලි කෙනෙකු ලෙස යළි “සිරසේ” ලොක්කා වී පැමිණ සිටින කිංස්ලි රත්නායක යටතේ නැවත එවැනි පහත් මාධ්‍ය භාවිතයක් සිදුනොවී ආදර්ශමත් ගුවන් විදුලි මොඩලයක් බවට එය පත්වේ නම් සතුටු විය හැකිය. කාලකණ්ණියා, බල්ලා, බූරුවා, පාහරයා ආදී වදන්වලින් රනිල් වික්‍රමසිංහ ඇතුළු දේශපාලන සතුරන්ට උදේ පාන්දර හඩ්සන් සමරසිංහ ගුවන් විදුලියෙන් බණිද්දී පෞද්ගලික මාධ්‍යවල නිවේදකයන්ගේ වැරදි ගැන කතා කළ හැකිදැයි කිසිවෙකු විමසන්නට බැරි නැත. එහෙත් එවැන්නන් නෂ්ටාවශේෂ බවට පත්වෙමින් යද්දී කිංස්ලි රත්නායකලාට “හොඳ නම” හා හොඳ තැන ගන්නට බැරිකමක්ද නැත. ස්වයං විවේචනයට අකමැති ජනතා විමුක්ති පෙරමුණ මෙන් සිටීමෙන් ඒ තැන ලබා ගත නොහැක. “පෙර වැරදි” හඳුනාගැනීම හා ඒ වැරදි යළි නොකිරීම එය ලබාගත හැකි මගයි. දස වසරකට පෙර සිටියාටත් වඩා සිරුරෙන් හා පෙනුමෙන් සුන්දර වී සිටින කිංස්ලි සිය පරිණත බුද්ධිය ඒ සඳහා මෙහෙයවුවහොත් “සිරස” ඇවෑමෙන් බිහි වූ මාධ්‍ය අපතයන්ගේ දුරාචාරවලට මග කී පාපයෙන් යම් තරමකට හෝ මිදෙන්නට “සිරස”ට හැකි වනු ඇතැයි සිතේ.
ආනන්ද පද්මසිරි

0 comments:
Post a Comment