Friday 11, Apr 2025

728x90 AdSpace

tv
Latest News
http://janathamina.blogspot.fr/

අපේ ප්‍රවෘත්ති

ඇත්ත නම්

අපේ කම

ශ්‍රී ලංකා

විසිතුර

කලා තොරතුරු

Thursday, 12 September 2013

Anonymous බොම්බේ ලුකින් කල්කටා කියන්නේ මෙව්වට......

හඩ්සන් කියන ඒවා ප්‍රවේශමෙන් අහන්න

'ටියුෂන් නැවැත්තුවොත් ආණ්ඩුව පෙරළෙනවා' යන ශීර්ෂ පාඨයෙන් 4දා 'මව්බිම' පුවත්පතේ 06 වැනි පිටුවේ මගේ සම්මුඛ සාකච්ඡාවක් පළ වුණා. ඒ සම්බන්ධයෙන් ඊයේ උදේ ජාතික ගුවන් විදුලියේ සභාපති හඩ්සන් සමරසිංහ සම්මුඛ සාකච්ඡාවෙ නොතිබූ දෙයක් ගැන ජරාජීර්ණ අශීලාචාර, මාධ්‍යවේදියකුට නොගැළපෙන වැඩසටහනක් කළා.


හඩ්සන්ගේ මේ වැඩසටහන අහපු පුවත්පත නොකියවපු අය තුළ වැරැදි අවබෝධයක් ඇති වීමේ ඉඩක් තිබෙන නිසයි, මම මේ විදියට පිළිතුරු දෙන්න අදහස් කළේ. පුවත්පතේ පළ වෙලා තිබුණු ආණ්ඩුව පෙරළෙනවා කියන වචන දෙක තිබුණේ ලොකු අකුරුවලින්.
වයසක කෙනකුට වුණත් කියවන්න පුළුවන්. මම කිව්වෙත්, පත්තරේ තිබුණෙත් ආණ්ඩුව පෙරළෙනවා කියලා. හඩ්සන් කිව්වේ ආණ්ඩුව පෙරළනවා කියලා. සම්පූර්ණයෙන් වැරැදි අදහසක්.
ගම්වල බොම්බෙ ලුකින් කල්කටා කියන්නේ මේ වගේ වෙලාවට. ඒ කියන්නේ බොම්බෙ දිහා බලපුවහම පේන්නේ කල්කටාව. ගම්වල ආත්තම්මලා බත් හැළිය පෙන්නුවහම පේන්නෙ හොදි හට්ටිය කියන්නෙත් ඔය වගේ වෙලාවට. කොහොම වුණත් මම ඔහුට අනුකම්පා කරනවා. ඒ වගේම රටේ ජනතාවට කියන්නේ හඩ්සන් කියන ඒවා ප්‍රවේශමෙන් අහන්න. පේන එක නෙවෙයි කියන්නේ. හඩ්සන්ව විශ්වාස නොකර පත්තර කියවන්න.
  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: බොම්බේ ලුකින් කල්කටා කියන්නේ මෙව්වට...... Rating: 5 Reviewed By: Unknown