728x90 AdSpace

tv
Latest News
http://janathamina.blogspot.fr/

අපේ ප්‍රවෘත්ති

ඇත්ත නම්

අපේ කම

ශ්‍රී ලංකා

විසිතුර

කලා තොරතුරු

Thursday, 13 June 2013

මරාගෙන කෑම සඳහා ඌරන්, හරකුන්, එළුවන් ඇති කරන තැන 'සත්ව ගොවිපළ' ය.

 අපේ රටේ ගව ඝාතකයා නමැති කාලකණණියා අසරණ සතාට මෙතරම් වද දෙන්නේ ඇයි? මේ රටේ බලපවත්වන සත්ත්ව සුබසාධන නීති රීතිවලට අනුව මෙබඳු දේ තහනම්ය. එහෙත් ගව ඝාතකයන් ගවයන් මරණ ආකාරය නිරීක්‍ෂණය කරන්නට කිසිදු රජයේ නිලධාරියකු නැත. සුදු කලිසමක්‌ සහ කමිසයක්‌ ඇඳගෙන ගවයාගේ හෝ ඌරාගේ සිරුර පාස්‌ කිරීමට එන 'සැන්ටිපෝට්‌'ට ගනුදෙනුවක්‌ දුන් විට ඔහු සතාගේ සිරුර මත සීල් කිහිපයක්‌ ගසා ජරාවකුත් සාක්‌කුවේ දමාගෙන අතුරුදන් වෙයි.

ගවයන් කෲර ලෙස ඝාතනය කරන අළුගෝසුවන්ට එරෙහිවත්, නීති විරෝධී ගව ඝාතකාගාරවලට එරෙහිවත් මිනිසුන් සංවිධානය විය යුතු කාලය පැමිණ තිබේ. එය සද්භාවයෙන් කළ යුතු සංවිධානය වීමකි. ගව ඝාතනයට එරෙහිව පසුගියදා සිරුරට ගිනි තබා ගත් ඉන්දරතන හාමුදුරුවන්ගේ මෘත දේහය වෙන අය විසින් පාවිච්චි කරන ලදී. මෙහිදී සිදුවූයේ අසරණ භික්‌ෂුවගේ ජීවිතය නැති වීමත් ඇතැම් හොරුන් වාසි ලැබීමත් පමණි.




වසර 2000 සිට 2011 දක්‌වා අවුරුදු 11 කාලය තුළ මේ රටේ වැඩිම හරක්‌ ප්‍රමාණයක්‌ මස්‌ පිණිස මරණ ලද අවුරුද්ද 2003 ය. ඒ වසරේදී මරණ ලද හරක්‌ ප්‍රමාණය 216066 කි. මෙයට හොරෙන් මරණ ලද ගවයන් ප්‍රමාණය එකතු කර නැත. වාර්ෂිකව මේ රටේ ලක්‍ෂ 2 කට වැඩි හරක්‌ ප්‍රමාණයක්‌ හොරට මරණ නිසා 2003 දී මරණ ලද හරක්‌ ප්‍රමාණය හාරලක්‍ෂය ඉක්‌මවන්නේය. ඒ අවුරුද්දේ ඌරන් 29752 ක්‌ ද එළුවන් 70449 ක්‌ ද මරණ ලද බව දැනගන්නට තිබේ. හොරට මරණ ලද ඌරන් සහ එළුවන් ගැන මේ සංඛ්‍යා ලේඛනවල සඳහනක්‌ නැත. ඒ නිසා තවත් ඌරන් ලක්‍ෂයක්‌ද, එළුවන් ලක්‍ෂයක්‌ද මෙයට එකතු විය යුතුය. (ජන සංගණන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ දත්ත ඇසුරිනි.) ඒ අවුරුද්දේ මරණ ලද කුකුළන් ප්‍රමාණය නම් අඩුම ගණනේ කෝටියක්‌වත් ඉක්‌මවන්නට ඇති.

මනුෂ්‍යයා ඉතා දරුණු ලෙස ආත්ම වංචාවට හුරු වෙමින් සිටියි. මරා කෑම සඳහා කුකුළන් ඇති කරන මිනිහා එය කරන්නේ කුකුළු ගොවිපළ යන බෝඩ් ලෑල්ල යටතේය. මෙයින් හැඟෙන්නේ කුකුළා යනු වගා කර ගෙඩි කරල් හෝ අල ලබාගත හැකි සතකු බවය. මරාගෙන කෑම සඳහා ඌරන්, හරකුන්, එළුවන් ඇති කරන තැන 'සත්ව ගොවිපළ' ය. උයා කනු පිණිස විකිණීමට ඉස්‌සන් ඇති කරන තැන 'ඉස්‌සන් වගාව'ය. මේ වචන සියල්ලම හෘද සාක්‍ෂිය මුළා කිරීම සඳහා යොදා ගනු ලබන වචන ය.

මිනිසා මස්‌ කන්නට පටන් ගෙන කිව නොහැකි තරම් දිගු කාලයක්‌ ගත වී තිබේ. මස්‌ කෑම නතර කිරීමට විවිධ ව්‍යාපාර සංවිධානය කරනු ලැබුවත් අද දක්‌වාම එය නතර කිරීමට හැකිව නැත.

පුත්තලමේදී නීති විරෝධී ගව ඝාතකාගාරයක්‌ වටලන ලදැයි ද මරණ ලද එළුවන් 70 කගේ සිරුරු ද මැරීමට සූදානම් කළ එළුවන් 60 දෙනකු එහි වී යෑයි ද ඊයේ (13 දා) 'දිවයිනේ' පළ වී තිබිණ. මෙබඳු හොර ගව ඝාතකාගාර ඕනෑ තරම් ලංකාවේ තිබේ. ගැබ්ගත් එළදෙනුන් සහ එළු ගැහැනු සතුන් ලක්‍ෂ ගණනින් මේවායේදී මරණු ලැබේ. සමහර ඝාතකාගාර පවත්වාගෙන යන්නේ බටලන්දේ ඝාතකාගාරය මෙන් ගෙවල් තුළය. සෙස්‌ස කැලෑවල් මැද තාවකාලික මඩු තුළය.

නීත්‍යනුකූල ගව ඝාතකාගාර තුළ සත්ත්ව ඝාතනය සිදු කරන්නේ ඉතා නීච ලෙසය. හරක්‌, ගව, ඌරු සතුන් මරණ විට පිටරටවල් අනුගමනය කරන ජාත්‍යන්තර ප්‍රතිපත්තියක්‌ තිබේ. පළමුව ඒ සතා සිහිසුන් කරනු ලැබේ. දෙවනුව ඉතා කෙටි ක්‍රමවලින් ඝාතනය කරනු ලැබේ. මෙහිදී සතා ලබන මරණීය වේදනාව එක්‌කෝ ශුන්‍යයá නැත්නම් අවම ය. ලංකාවේ ගව ඝාතක අලුගෝසුවා මුලින්ම කරන්නේ කසිප්පු බෝතලයක්‌ ගැසීමය. ඊළඟට ගව ඝාතකාගාරය තුළ සිටින හරකාගේ කකුල් කඩා ඌ බිම දැමීමය. තෙවනුව උගේ හිසට විශාල කුළු ගෙඩියකින් පහර දී හිස කුඩු කිරීමය. සිව්වනුව ගෙල කැපීමය.



සත්ත්ව හිංසනය වළක්‌වන ගමන් මෙබඳු කපටි හොරුන්ගෙන් රට බේරා ගැනීමද ජනතාවගේ යුතුකමකි.


 මෙය අප උපුටා  ගන්නා ලද්දේ දිවයින කතුවැකියෙනි ...
  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: මරාගෙන කෑම සඳහා ඌරන්, හරකුන්, එළුවන් ඇති කරන තැන 'සත්ව ගොවිපළ' ය. Rating: 5 Reviewed By: Unknown