සෞදි අරාබියේ අනවසරයෙන් රැඳී සිටින විදේශිකයන් සඳහා වූ පොදු සමාකාලය ජූලි 3 වැනි දායින් අවසන් වන බව එරට පුවත්පත් වාර්තා කරයි.
ලක්ෂ පනහකට අධික පිරිසක් නීත්‍යානුකූල නොවන අයුරින් අරාබියේ සේවය කරන අතර ඔවුනට නිත්‍යානුකූලව ලියකියවිලි සාදා ගෙන රැකියාව කිරීම හෝ රටින් පිට වීමට පසුගිය අප්‍රේල් 6 වැනි දා සිට ජූලි 3 දක්වා සහන කාලයක් එරට රජය ලබා දුන්නේය.
කෙසේ වුවද තවත් නීත්‍යානු කූල නොවන අයුරින් සිටින බැවින් ඔවුන් නිත්‍යානූකූලව ලිපි ලේඛන සදාගැනීමට හෝ එරටින් පිටවීමට කටයුතු කරමින් සිටී.
මෙම පිරිස් අතර ශ්‍රී ලාංකිකයෝ 400ක් පමණ නැගෙනහිර පලාතේ නයින්ට් වන් ප්‍රදේශයේ ආගමන විගමන කාර්යාලයය අවට රැඳී සිටිති.
ජෙඩා කලාපයේ සිට ආ මෙම පිරිසට දින 10ක් පමණ අධික හිරු රශ්මිය මධ්‍යයේ කිසිදු පහසුකමක් නොමැතිව කාඩ්බෝඩ් වලින් තැනූ කුටිවල රැඳි සිටින බව වාර්තාවෙයි. ඔවුනට නිසි ආහාරයක් හෝ ජලය ද නොමැති බව කියති. දමාවි අල් බීබී ආයතනයේ ශ්‍රී ලාංකික නිලධාරයකු වන රන්ජිත් මහදුර් මහතාගේ මූලිකත්වයෙන් එරට ශ්‍රී ලාංකික ප්‍රජාවගේ අනග්‍රාහයෙන් රාත්‍රී ආහාර ලබාදීමට කටයුතු කළ අතර නඩෙක් ආයතනය කිරි මිශ්‍ර ආහාර ලබාදීමට කටයුතු කළේය.







0 comments:
Post a Comment