Monday 7, Apr 2025

728x90 AdSpace

tv
Latest News
http://janathamina.blogspot.fr/

අපේ ප්‍රවෘත්ති

ඇත්ත නම්

අපේ කම

ශ්‍රී ලංකා

විසිතුර

කලා තොරතුරු

Saturday, 22 June 2013

Anonymous අංශභාගය නිසා කොටි නායක සීලන් නිදහස්

ශ‍්‍රී ලංකා හමුදාවන්ට ප‍්‍රහාර එල්ල කළ බවට අනුරාධපුර මහාධිකරණය හමුවේ අධි චෝදනා ලැබ සිටි හිටපු එල්.ටී.ටී.රී. ප‍්‍රබල සාමාජිකයකු වූ සීලන් නමැත්තා එම චෝදනාවලින් නිදහස් කර මුදාහරින ලෙස උතුරුමැද පළාත් මහාධිකරණ විනිසුරු සුනන්ද කුමාර රත්නායක මහතා නියෝග ඛර ඇත.

2008 වර්ෂයේ මාර්තු මස 9 වැනි දින හෝ ඊට ආසන්න දිනකදී විල්පත්තුව කැලේ සිට රාජ්‍ය විරෝධී සංවිධානයක් වන එල්.ටී.ටී.ඊ. ත‍්‍රස්ත සංවිධානයේ සාමාජිකත්වය දරමින් විත්තිකරු ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවන්ට ප‍්‍රහාර එල්ල කළ බවට නීතිපතිවරයා විසින් අනුරාධපුර මහාධිකරණය යටතේ අධිචෝදනා ගොනු කර තිබුණි.
චෝදනාවලින් නිදහස් කර මුදාහැරුණේ යාපනය, පේදුරුතුඩුව, අල්පායි බටහිර පදිංචි පොන්නම්බලම් පෙලෙයි අලෙගෙන් නොහොත් සීලන් නමැති හිටපු එල්.ටී.ටී.ඊ. ත‍්‍රස්තවාදී සාමාජිකයාය.
සිද්ධියට අදාළ නඩුව කැඳුවූ අවස්ථාවේ නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් අනුරාධපුර මහාධිකරණයට කරුණු දැක්වූ රජයේ අධිනීතීඥ අග්බෝ පණ්ඩිතරත්න මහතා කියා සිටියේ අධිචෝදනා ලැබ සිටින ත‍්‍රස්ත සාමාජිකයා දැඩි ලෙස අංශභාගී රෝගයෙන් පෙළෙන බවත් අංශභාග රෝග හේතුවෙන් ශරීරයේ එක් කොටසක් පණ නැති වී ඇති බවත් ශරීරයේ අනෙක් අංශයටද අංශභාග රෝගය මේ වන විට වැලඳෙමින් තිබෙන බවත්ය.
  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: අංශභාගය නිසා කොටි නායක සීලන් නිදහස් Rating: 5 Reviewed By: Unknown