Sunday 6, Apr 2025

728x90 AdSpace

tv
Latest News
http://janathamina.blogspot.fr/

අපේ ප්‍රවෘත්ති

ඇත්ත නම්

අපේ කම

ශ්‍රී ලංකා

විසිතුර

කලා තොරතුරු

Saturday, 22 June 2013

Anonymous ඩෙංගු උණට වේදනානාශක දෙන්නේ පරිස්සමෙන්

උණ රෝගයෙන් පෙළෙන රෝගීන්ට පැරසිටමෝල් හැර වෙනත් වේදනානාශක ලබා දීම හේතුවෙන් පසුගිය කාලයේ ඇතැම් දරුවන් ඩෙංගු රෝගයෙන් මරණයට පත් වූ බවත් එම අවදානම් තත්ත්වයෙන් මිදීම සඳහා උඅණ රෝගීන්ට පැරසිටමෝල් හැර වෙනත් වේදනානාශක ලබා නොදෙන ලෙසත් රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය රත්නසිරි හේවගේ මහතා අවධාරණය කරයි.


ඒ හේතුවෙන් උණ රෝගයෙන් පෙළෙන දරුන්වට වෛද්‍ය නිර්දේශ නොමැතිව වෙනත් වේදනානාශක ලබා නොදෙන ලෙසත්, එසේ වේදනානාශක ලබා දීමෙන් ඩෙංගු රෝගීන් අනිවාර්යයෙන්ම බරපතළ සංකූලතාවලට ලක්විය හැකි බව ද හෙතෙම පෙන්වා දුන්නේය.
වේදනානාශක ලබා දීම හේතුවෙන් දරුවන් හෝ වැඩිහිටියන් ඩෙංගු රක්තපාත තත්ත්වයට පත්වන බවත් එය උත්සන්න වී මරණයට පවා පත්වීමේඉ අවදානමක් මතුවන බවත් වෛද්‍ය හේවගේ මහතා ප‍්‍රකාශ කළේය.
කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කරන ලද එවැනි දරුවන් කිහිප දෙනකු මරණයට පත් වූ බව ද ඔහු පැවසීය.
  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: ඩෙංගු උණට වේදනානාශක දෙන්නේ පරිස්සමෙන් Rating: 5 Reviewed By: Unknown