"දේශපාලන රැකවල් පතා රට ගිය
මාධ්‍යවේදීන් ගෙන්වන්න රජයට බෑ"
දේශපාලන රැකවරණ අවශ්‍ය යෑයි පවසමින් පිටරටවලට ගොස් සිටින මාධ්‍යවේදීන් මෙරටට කැඳවීමේ හැකියාවක් රජයට නැතැයි රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග දිවයිනට පැවැසීය.
ප්‍රංශයේ තිදෙනකු ද, ජර්මනියේ සිවු දෙනකු ද, බ්‍රිතාන්‍යයේ දෙදෙනකු ද, ස්විට්සර්ලන්තයේ හයදෙනකු ද, ස්වීඩනයේ තිදෙනකු හා නෝර්වේ දෙදෙනකු ද ලෙස ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන් සිටින බව හෙළිවී ඇත.
මින් ඇතැමුන්ට එම රටවලට යැම සඳහා තානාපති වරප්‍රසාද පවා හිමිවී තිබේ.
ඇතැම් දේශපාලනඥයන් මොවුන්ට විදේශගත වීම සඳහා වාර්තා පවා ලබාදී ඇති බව හෙළිවී ඇත.
මෙලෙස දේශපාලන රැකවරණ ලැබූවන් ඔවුන්ගේ කැමැත්තකින් තොරව මෙරටට ගෙන්වීමට නොහැකි බව ඉහත ආරංචි මාර්ග කීවේය.
කීර්ති වර්ණකුලසූරිය

0 comments:
Post a Comment