728x90 AdSpace

tv
Latest News
http://janathamina.blogspot.fr/

අපේ ප්‍රවෘත්ති

ඇත්ත නම්

අපේ කම

ශ්‍රී ලංකා

විසිතුර

කලා තොරතුරු

Saturday, 1 June 2013

විවිධ කළට විවිධාකාරයෙන් විවිධ අය  පහල වෙති ..නමුත් බුද්ධ පුත්‍රයෙකු ලෙසින් චීවරයක් ගත වටේ ඔතාගෙන හදි හූනියම් ගුරුකම් කරන්නාවූ ..හොරුන්ද අප රටේ සිටිති .පුදුමය නම්  තවමත් අපේ ඇතැම් පිරිස් මෙවුන් විශ්වාස කිරීමය ...
මට මතක ඇති විදිහට මෙවැනි අය  ගැන මා  එකළ  ස්වාධින රුපවාහිණියේ  නිෂ්පාදනය කල විමසුම කාලින සංවාද සංග්‍රහය වැඩසටහන තුලින් මෙන්ම පසුව සිරස ටීවී වෙනුවෙන් නිෂ්පාදනය කළ විවරණ වැඩසටහන තුලින්ද ..එළිදරව් කළා ඒවා නැරඹු අයෙකු නම් ඔබට මෙහිදී මතක් වනවා ඇති ...කෙසේ වෙතුදු අද මෙම ගුරුකම් කාරයන් විවිධ නම් වලින් පෙනී සිටිති ...මෙය ව්‍යාපාරයකි ......මේ වන විට නෙත් ගුවන්විදුලි විකාශයෙන් අප මාධ්‍ය වේදීන් පිරිසක් මෙවැනි නුතන හොරුන් ගේ නිරුවත එළිදරව් කරමින් සිටින සැටිද මෙහිලා සඳහන් කරණු වටී ...

එදා රුපවාහිණියේ අප රටේ ප්‍රාථමික අවදියේදී පවා කිලෝ ගණන් බරැති කැමරා  අම්පන්නයන් කර ගසා ගෙන ..කබල් වාහන මගින් වැස්සේ ,පින්නේ ගිනියම් වූ අව්වේ  පීඩා  විඳිමින්  අප කළ  නිර්මාණ සහ අද  චිත්‍රාගාර තුලට වී ප්‍රාදේශීය මාධ්‍යවේදීන් ගෙන එන  දර්ශණ යොදාගෙන කරන්නාවූ විකාර දුටුවිට  අප  මාධ්‍ය අද ගමන් ගන්නේ කොයිබටද යන්න පවා සිතා  ගත නොහැක.

කෙසේවතත්  අපගේ රටේ රූපවාහිනී  ආයතනයන්හි විකාශය වන වැඩසටහන්,ටෙලි නාට්‍ය කොපි කොට ඒවා තුළට  විවිධ නම් ඇතුල් කොට වෙබ් අඩවි  යාවත්කාලීන කරන්නාවූ  පිරිස ට අයත් වෙබ් අඩවි වල පළකොට  ඇති  දැන්වීම් වලින් විශාල කොටසක්  අහවල් ගුරු මෑණියන් ,මම උපන්නේ ඔබට සේවය කරන්න ,හරිගිය පසු ආධාර කරන්න,මම ඔබේ ගුරු දේවයාණෝ ,දකුණේ ඇති ප්‍රබල වශී ගුරුකම්, මාතර අහවල් හාමුදුරුවෝ ...යනුවෙන් බුදුදහම විකුණා කන්නාවූ  පිරිස් රැසකි ....
පසුගිය කාලයේ එවැනි  ප්‍රබල පෙලේ හොරෙකු හංවැල්ලේ  සෝභිත ලෙසින් ප්‍රචලිතව සිට කොටු විය ....

මෙවන් අවදියක දී  මහාචාර්ය කාලෝ පොන්සේකා සහ තවත් අය මෙම බොරු කාරයන් සහ මැජික් එළිදරව් කරන්නට වීම උන්ගේ නොසතුටට හේතු විය ...මන්ද උන්ගේ බඩ ගොස්තරය මිනිසුන් මුළා කොට මුදල් ගැරීම  නිසාය ...පාණදුරේ සිටි එවන් චීවරධාරියෙකු  පිළිබඳව මා  සොයා බැළුවා  මතකය ...ඒ
2004 වසරේදීයි ...පසුගිය දිනක මව්බිම පුවත්පත මගින් අප රටේ ගායකයෙකු වන  [  දේශපාලනයට ඒමට උත්සහ කරන ] මධුමාධව උන්නැහේ ප්‍රසිද්ධිය තකා හෝ වෙනත් හොඳ අරමුණකින්  යුතුව හෝ එක්තරා ගුරුකම් කරනා තවත් හිමි නමක් හා අභියෝගයක්  භාරගෙන තිබේ .....
 මෙහිදී මධුමාධව ඉතා සංවාදශීලි සහ තර්කාකුල අදහස් ප්‍රකශ කරන්නේ .මෙම වාදය ඔස්සේ ලබාගන්න ප්‍රසිද්දිය ඔස්සේ අපේ රටේ ජනතාවට මාර්කට් වී දේශපාලනයට ගොඩ බැසීමට විය හැකිය..මන්ද ඔහු පසුගිය චන්ද අපේක්ෂකයෙකුද විය ....තීරණය සහ විනිශ්චය බුද්ධිමත් ඔබට භාරයි ....

මෙහි පසුබිම තවත් කපටි අරමුණක්ද  කීමට තරම් අපද ඉක්මන් නොවෙන්නෙමු .මන්ද දැන් අපේ රටේ සිදුවන්නේ කිසි ලෙසකින් සොයාගත නොහැකි රාජ්‍ය මට්ටමේ  ඇන්දවිම්ය ...කෙසේවතත්  මෙම දෙදෙනාගේ  අභියෝගයන්  උසි උසී කියමින් කුලප්පු කරන්නාවූ වීඩියෝ පටයක් මේ සමග ...තාර්කිකත්වය ට වඩා සමාජයට වැඩ දායක ප්‍රයෝගිකත්වයෙන් යුතු එළිදරව්වක් සඳහා අපද අවදියෙන් සිටින්නෙමු...

සුමිත් ජයන්ත ඩයස් 


  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: Rating: 5 Reviewed By: Unknown