728x90 AdSpace

tv
Latest News
http://janathamina.blogspot.fr/

අපේ ප්‍රවෘත්ති

ඇත්ත නම්

අපේ කම

ශ්‍රී ලංකා

විසිතුර

කලා තොරතුරු

Tuesday, 18 June 2013

තවත් මන්ත්‍රී පුතෙක්‌ විදුහල්පතිට පහර දෙයි

'ගෙදර ගිහින් පාඩම් කරන්න' කීවාම
තවත් මන්ත්‍රී පුතෙක්‌ විදුහල්පතිට පහර දෙයි
අනුරාධපුර දිස්‌ත්‍රික්‌ සියලු ගුරුවරු අද විරෝධතා දැක්‌වීමට සූදානම්!

පසුව වැඳලා සමාව ගනී

අනුරාධපුර නිවන්තකෙච්තිය මහා විද්‍යාලයේ විදුහල්පති සෝමසුන්දර කටුගම්පල මහතාට ඊයේ (18 වැනිදා) පෙරවරුවේ මිහින්තලේ ප්‍රදේශීය සභාවේ නිදහස්‌ සන්ධාන මන්ත්‍රි අනිල් පුෂ්පානන්ද මහතාගේ පුත්‍රයා විසින් විදුහල් භූමියේදීම පහර දී තිබේ.



එම විදුහලේ ඉගෙනුම ලබන ශිෂ්‍යයකු වන මන්ත්‍රීවරයාගේ පුත්‍රයා මෙවර අපොස උසස්‌ පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතව සිටි අයකු වන අතර ඊයේ (18 දා) පෙරවරු 10.30 පමණ මෙම පහර දීම සිදුවූ බව විදුහලේ ප්‍රකාශකයෙක්‌ සඳහන් කළේය.

ලබන අගෝස්‌තු මාසයේ විභාගයට පෙනී සිටීමට නියමිත මන්ත්‍රි පුත්‍රයා පසුගිය දිනවල පාසලට නොපැමිණ සිට ඊයේ (18 වැනිදා) තවත් මිතුරන් තිදෙනකුද සමගින් පාසල් ශිෂ්‍යයකුට නොගැලපෙන සේ කොණ්‌ඩය සහ රැවුල වවාගෙන අවේලාවේ පාසලට ඇතුළු වී ඇත.

එසේ පැමිණි මන්ත්‍රී පුත්‍රයා ඇතුළු මිතුරන් පාසලේ අනෙකුත් ශිෂ්‍යයන්ගේ අධ්‍යාපන කටයුතුවලට බාධා එල්ල වන ලෙස වෙනත් සිසුන්ට විවිධ අඩත්තේට්‌ටම් කරමින් පාසල තුළ එහේ මෙහේ ඇවිදිමින් පාසල් විනය කඩවන සේ හැසිරී තිබේ.

මේ අවස්‌ථාවේ මන්ත්‍රි පුත්‍රයා සහ මිතුරන් සිටි ස්‌ථානයට ගිය විදුහලේ විදුහල්පතිවරයා විදුහලට ඇතුළු වී විනය විරෝධී ලෙස හා අනෙකුත් ශිෂ්‍යයන්ගේ ඉගෙනුමට බාධා වන අයුරින් කටයුතු කරන්නේ මන්දැයි විමසා එසේ හිතුවක්‌කාරී ලෙස කටුයුතු නොකොට නිවසට ගොස්‌ ඉදිරියේදී මුහුණ දෙන විභාගයට සූදානම් වන ලෙස ඔවුන්ට දැනුම් දී ඇත.

ඒ සමග ප්‍රකෝපකාරී ලෙස විදුහ්පතිවරයා ඉදිරියට පැමිණි මන්ත්‍රිවරයාගේ පුත්‍රයා "අපිට පාසලෙන් යන්න කියන්න තමුසේ කවුද.. අපිට ඉස්‌කෝලේ එන්න අයිතිය තියනවා "යෑයි පවසමින් විදුහල්පතිවරයාට පහරදී තිබේ.

එම අවස්‌ථාවේ මන්ත්‍රිවරයාගේ පුතා විසින් එල්ල කළ පහරකින් බේරීමට ගත් උත්සාහයකදී විදුහල්පතිවරයා අත තිබූ ලිපි ගොනු කිහිපයක්‌ද බිම වැටී වීසි වී ගොස්‌ ඇති අතර එහිදී විදුහල්පතිවරයා තල්ලු කර දැමූ මන්ත්‍රි පුත්‍රයා මිතුරන් තිදෙනා සමගින් පාසලෙන් පලා ගිය බවද ඉහත ප්‍රකාශකයා පැවැසීය.

මෙම පහරදීමට සම්බන්ධ මන්ත්‍රි පුත්‍රයා මීට මාස තුනකට පමණ ඉහත අනුරාධපුර ත්‍රිකුණාමලය මාර්ගයේ මහකනදරාව වැව් බැම්ම මත බීමතින් හැසිරෙමින් මහ මග යන රථ වාහනවලට ගල් ප්‍රහාර ඒල්ල කිරීමේ සිද්ධියක්‌ සමබන්ධයෙන් පොලිස්‌ අත්අඩංගුවට පත්ව රක්‍ෂිත බන්ධනාගාර ගත කර සිට දැනට අධිකරණ ඇප මත මුදා හැර සිටින්නකු බව ප්‍රදේශයේ උසස්‌ පොලිස්‌ නිලධාරියෙක්‌ පැවැසීය.

විදුහල්පතිවරයාට පහර දීමේ සිද්ධියත් සමග එයට විරොAධය පාමින් ඊයේ විදුහලේ සියලුම ගුරුවරුන් අධ්‍යාපන රාජකාරිවලින් ඉවත්වී විදුහල්පති කාර්යාලය අසලට රැස්‌වී ඇති අතර පසුව මේ බව දැනගත් ප්‍රදේශීය සභා මන්ත්‍රි අනිල් පුෂ්පානන්ද මහතා වහාම විදුහලට පැමිණ සිද්ධිය පිළිබඳ කනගාටුව ප්‍රකාශ කරමින් සිය පුත්‍රයා පාසලෙන් අස්‌ කර ගැනීමට කටයුතු කර පුත්‍රයාවද පාසලට කැඳවා විදුහල්පතිවරයාගෙන් සහ ගුරුවරුන්ගෙන් වැඳ සමාව ගැනීමටද සලස්‌වා තිබේ.

මෙම සිද්ධියට විරොAධය දක්‌වමින් අනුරාධපුර දිස්‌ත්‍රික්‌කයේ සියලුම පාසල් ගුරුවරුන්ගේ සහභාගිත්වය ඇතිව අද (19 දා) අනුරාධපුර නගර මධ්‍යයේදී විරෝධතාවක්‌ දැක්‌වීමට තම සංගමය තීරණය කර ඇතැයි ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා "දිවයින" ට පැවැසීය.

අනුරාධපුර පොලිසිය සිද්ධිය පිළිබඳව පරීක්‍ෂණ පවත්වයි.
  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: තවත් මන්ත්‍රී පුතෙක්‌ විදුහල්පතිට පහර දෙයි Rating: 5 Reviewed By: Unknown