චිත්‍රපටයකි. චිත්‍ර තිබෙන පටියකි (සිනමාව නොවේ). එය චිත්‍රපටයක් ලෙස ඉතා ලස්සනය. සමනල්ලු ඇත. කුඩා ළමයි දුව පැන නටමින්ද සිංදු කියති. තවත් පැත්තක රට එක්සත් කිරීම ගැන ගීත ගායනාය. රාජකුමාර සහ කුමාරියෝ පමණක් නොව ගමේ සිටින හරක් දමනය කරන තරුණයන්ද ඇත. මේ අපේ අතීතය නොහොත් අතීත කාමයයි. රාජකුමාරයා වුවත් රජකුමරකු නොව ගමේ කොල්ලෙකි. රාජකුමාරයා යැයි අපට හඳුන්වා දෙන කොලු පුංචා ගමේ කොල්ලෙකු ලෙස විරාජමාන වෙයි.
මේ කුමාරයාගේ සැබෑ තත්ත්වයද...? නැත. නගරයට සහ රාජමාලිගයට එරෙහිව ගම ෆැන්ටසිකරණය කරන්නේ රාජකුමාරයා නොව අධ්‍යක්ෂවරයාය. මම ගමේ කොල්ලෙක් යන දෙබස තුළ මතුවන්නේ අධ්‍යක්ෂවරයාත් ෆැන්ටසි ලෝකයයි. ගම උත්කර්ෂවත් කරන්නේ සිනමා රසිකයා රැවටීම සඳහාය. ගමේ කොල්ලෙක් යන දෙබස තුළ ගමේ මිනිසුන්ගේ උසස් යැයි යන මානසික ව්‍යාධිය තුළ චිත්‍රපටයට හොඳ ඉල්ලුමක් ඇතැයි අධ්‍යක්ෂවරයා සිතයි. අධ්‍යක්ෂවරයාගේ අවිඥානය තුළ ඇත්තේ එයයි. එසේ නැතුව චිත්‍රපටය ගලා යෑම සඳහා උචිත සන්දර්භයක් නොවේ. අපේ රටේ මෑත බිහිවූ අතීත කාමයෙන් මත්වූ සහ ජාතිවාදී යුද්ධ චිත්‍රපටවලින් ඇතිකරන ලද සමාජ ඉල්ලුම අධ්‍යක්ෂවරුන්ගේ මඩිය තර කර ගැනීමට මහත් උපකාරයක් විය. සිරි පැරකුම්ද එවැනිම ගණයේ චිත්‍රපටයකි. එම චිත්‍රපටය නොසඟවා කියන්නේ පර සතුරන්ට එරෙහිව සටන් කිරීම වැඩවසම් රාජ්‍ය පාලනය උත්කර්ෂවත් කිරීම තම අභිප්‍රාය සඵල කර ගැනීම සඳහා ළමා ලෝකය ෆැන්ටසිකරණය කිරීම වැනි සංසිද්ධීයන්ය. පර සතුරා යනු දෙමළාද විය හැක.
පෙඩ්රික් ජෙමිසන්ට අනුව ගෝලීය ධනවාදය තුළ පරිවාරයේ රටවල හෙවත් අපේ වැනි නොදියුණු ආසියාතික රටවල මතුවන්නේ ජාතිය, ආගම අතීත කාමය මුල් කොටගත් උපමා කතාය. මොන ක්‍රමයකින් හෝ තම නිර්මාණ ජාතියට ආගමට ගැට ගැසීම තුළ එක් පැත්තකින් වෙළෙඳපොළ ජය ගැනීම පමණක් නොව කිසියම් ජාතික පසුගාමී දේශපාලන වුවමනාවන්ද සඵල කර ගැනීමට අර ඇඳීම සිරිපැරකුම් පමණක් නොව මෑත අතීතයේ බිහි වූ චිත්‍රපට (සිනමාව නොව) සැලකිල්ලෙන් නරඹන විට දැනෙන කරුණකි.
කලා කෘතියක ශ්‍රේෂ්ඨත්වය නිර්ණය වන්නේ එම කෘතිය නිර්මාණය කරන පුද්ගලයා අනුව නොව නිර්මාණයේ ශ්‍රේෂ්ඨත්වය අනුවය. නමුත් බොහෝ විට ලංකාවේ කලා කෘති ශ්‍රේෂ්ඨත්වයට පත්වන්නේ කලා කෘතිය අනුව නොව පුද්ගලයා මුල් කොටගෙනය. පසුගිය කාලයේ ප්‍රදර්ශනය වූ බොහෝ සිරි පැරකුම් චිත්‍රපට දෙස බලන විට එය පැහැදිලි වෙයි. රාජපාක්ෂික භාවය, නිල බලය, මුදල් යන කරුණු මත කලාකෘතිය ශ්‍රේෂ්ඨත්වයට පත් කිරීමට බොහෝ අධ්‍යක්ෂවරු කැස කැවූහ. සමාජ ප්‍රශ්න සිනමාත්මකව කතා කළ බොහෝ සිනමා කෘති පුද්ගල සාධකය මත ඉක්මනින්ම ජනතාවගෙන් දුරස්ථ වූහ. නිකිණි වැස්ස අධ්‍යක්ෂණය කළ අධ්‍යක්ෂවරයා පුවත්පතකට ප්‍රකාශ කර තිබුණේ තමා හම්බ කිරීම සඳහාම සිනමා කෘති නොනිපදවන බවය. මුදල් අවශ්‍යය. එහෙත් ඔහු සඳහන් කරන පරිදි මූලික අභිප්‍රාය විය යුත්තේ මුදල් නොව උසස් සිනමා කෘතියක්ද බිහි කිරීමය. නමුත් සිරිපැරකුම් අධ්‍යක්ෂවරයා පවසන්නේ තම නිවසද උගසට තබා ඕස්ට්‍රේලියාවේ රැකියාවද හැර දමා මෙහි පැමිණියේ සිනමා කෘති බිහි කිරීමට බවය. මෙහි සත්‍ය අසත්‍යභාවයන් කුමක් වුවද වෙන කිසිදු අධ්‍යක්ෂවරයකුට නොදෙවැනි සේ තම චිත්‍රපටය සඳහා පිටපත් පනස්පහේ ප්‍රශ්නයට මැදිහත් වෙන්නේ හුදෙක් මුදල් උපයා ගන්නා පරමාර්ථයෙන් මිස වෙන කුමක් සඳහාද? නමුත් එය අපට ප්‍රශ්නයක් නොවේ. අප ඇසිය යුතු ප්‍රශ්නය වන්නේ මේවා සිනමා කෘතිද යන්නය.
සිනමා කෘතියක් යනු උසස් සංස්කෘතික නිෂ්පාදනයකි. සිරිපැරකුම් යනු අවවර්ධිත සංස්කෘතික නිෂ්පාදනයකි. සිනමා කෘතියක් නිර්මාණය කිරීම සඳහා රජ කතා පාදක කොට ගැනීම වරදක් නොවේ. එහෙත් සිරිපැරකුම් රජ කතාව පාදක කොටගැනීමේ අරමුණ කුමක්ද? ඒ හරහා සමාජ විග්‍රයක් හෝ ජීවිතය පිළිබඳව අරුතක් නිෂ්පාදනය කෙරේද? කොහෙත්ම නැත. එහෙන් මෙහෙන් අමුණා ගන්නා සිද්ධි සමුදාය තුළ ඒ සිද්ධිවලට ද ඉතා සරලව රසිකයා මත් කරන ගීත රචනාද, තනුද, යොදා ගැනීම තුළ මුළු චිත්‍රපටයම අච්චාරුවක් බවට පත්වෙයි. මෙවැනි අවවර්ධිත සංස්කෘතික නිෂ්පාදන මේ රටේ සිනමා ශාලා පනස් පහට පමණය.
‘අශෝක්’ වැනි ඉන්දීය චිත්‍රපට උසස් සංස්කෘතික නිෂ්පාදනයන්ය. එවැනි චිත්‍රපට ලෝක ප්‍රකට සිනමා උළෙලවල් පවා නියෝජනය කරන්නේ එබැවිනි. සිරිපැරකුම් නිෂ්පාදකවරුම පවසන ලෙස අල්ලපු රටේවත් මේ චිත්‍රපට ප්‍රදර්ශනය කළ නොහැක. එහෙත් උසස් සංස්කෘතික කලා කෘති ලෙස අපේ රටේ සිනමා කෘති ලෝක ප්‍රකට සිනමා උළෙලවල්වලදී සම්මාන ලබාගෙන ඇති බව අප අමතක නොකළ යුතුය. ගැහැනු ළමයකු වැඩිවියට පත්වී දිය නෑම පවා සම්ප්‍රදායක ලෙස ප්‍රේක්ෂකයාට පෙන්වීම තුළ මතුවන්නේ සංස්කෘතික රෝග ලක්ෂණයන්ය.
රාජකුමාරයා ගමේ සිටින කම්මල්කරුවා විශ්මයට පත්වන ලෙස උදලු නිර්මාණය කිරීම, එක් විධානයකින් කුඹුරු සී සෑම සඳහා හරකුන් අවනත කර ගැනීම, මඟුල් ඇතා රජකම දීම සඳහා කුමාරයා සොයා ගම් දනව් සැරිසැරීම, රෙදි නැන්දා ගොළු කිරීම වැනි අසංස්කෘතික නිමේෂයන් චිත්‍රපටය පුරා විදහා හරින්නේ ප්‍රේක්ෂකයා මායා ලොවකට රැගෙන ගොස් අතරමං කිරීමටය. එහෙත් සිනමාව පිළිබඳව හය හතරක් නොදන්නා ශ්‍රී ලාංකික බහුතරය මෙවැනි ජවනිකා හරහා ලබන විනෝදය අධ්‍යක්ෂවරයාට මහත් වාසියකි. ඔවුන් චිත්‍රපටයට බැඳෙන්නේ රසවින්දනය හරහා නොව මෙම ලාබාල විනෝදය හරහාය. මෙම චිත්‍රපටය නැරඹූ මගේ මිත්‍රයෙක් පැවැසුවේ ඔහුගේ කුඩා පුතා නැවත නැවතත් චිත්‍රපටය නැරඹීමට ආශා කළ බවය. ඔහුට මා කීවේ එසේ නම් සිරිපැරකුම් ළමා චිත්‍රපටයක් බවය. ඇත්තය. සිරිපැරකුම් යනු වැඩිහිටි ළමයින් කිහිප දෙනකු නිර්මාණය කළ බොළඳ ළමා චිත්‍රපටයකි.
ආරියතිලක පීරිස්

0 comments:
Post a Comment