විවිධ වූ ලෙසින් අද සංනිවේදනය අප රට පුරාවටද පැතිර ඇත ..ඉස්සර මෙන් ගොන් කතා කියා අහිංසක ජනතාව රැවටිය නොහැක ..නමුත් එදා මෙන්ම අදටත් පැන පැන රැවටෙන ජනතාව ද නැත්තේ නැත ...
එහෙයිණි ..දේශපාලනය ගැන තබා අපේ සමාජය ගැන මෙලෝ හසරක දැනුමක් නැති උපේක්ෂා ,අනර්කෙලි ,රෝසි , මෙන්ම මෙලෝ රහක් නැති උපන් ගෙයි කපටියන් වන ,රන්ජන්,රොජර් ,ජීවන් ,වැනි උන් පත් කොට ගන්නේ ....ජනතාවට සුරඟන කතා කියමින් තමුන්ගේ දරුපවුල් සහ පරපුර පෝෂණය කරන ආඩම්බරකාර පියවරුන් ...රට පුර කුඩු බෙදමින් ලම්බෝගිනි වාහන පදිමින් රණවිරු වනට ගසා වීරයන් වන, විදේශිකයන් මරා දමන ,දුෂණය කරන,වනාන්තර කපා පරිසරය විනාශ කරන නිධන් හාරන ,කරන තරම් ජඩ වැඩ සියල්ලක්ම කරන ..ඉන්පසුව නිතියෙන්ද නිදහස් වන...නීති සිසුන්ගේ හිසට පරාල ඇණ ගසා දෙතිස් වධදී ,මරා දමා නැවත පාර්ලිමේන්තු මැති ඇමතිවරුන් ලෙස ද්වුරුම් දෙන ...කාලකණ්නි දේශපාලුවන් සිටින රටක ...කළ හැකි ලොකුම දෙය නම් වෙබ් අඩවියක් ලංකාව තුළ වාරණය කිරීම පමණී ..නමුත් වාරණය කරන්නාවූ ඕනෑම අඩවියක් ප්‍රොක්සි නම් තවත් සහකාරක අඩවි ඔස්සේ කියවිය හැකි බැවින් එයද මේ කපටියනට නතර කළ නොහැක .... රටට කුඩු බෙදා තවත් දේශපාලකයන් මහමග මරා දමා බොරුවට වසන් වී සිට නැවත පැමිණ කල රඟ දැක්වීමේ නිරත පාදඩයගේ සිට උගේ චරිතය මහා වීර චරිතයක් බවට පත් කරන උගේම සහෝදර ගේ මාධ්‍ය ජාලයේ මුදල් වලට ලියන ,සේවය කරණා පිරිසගේ පටන් අද රටට ජාතියට මේ සිදුවෙමින් පවත්නා මහා ඛේදවාචකය නැවැත්වීමට ...හැක්කේ කාටද ...ජෙප්පන්,හෝ ලොම් හැළුණු යූ එන් පී කට්ටන්ගේ සිට කතාකලොත් වාචාල ලෙසින් පැත්තම ගඳ ගස්වන මෝඩ දේශපාලන ගොන් චරිතයක් වන පොන්සේකා දක්වා ....එසේම රට පහළොස් වසරක් කා දැමූ ..පරම්පරාවෙන් පරම්පරාවට දේශපාලනය කරමින් රට කෑ චන්ද්‍රිකා දක්වා ....මේ සියල්ලක් තුළින්ම රටට හෙළිදරව්වන ඉතා අවාසනාවන්ත පසුබිමක් ඇත... ජනතාව බොහෝ සේ කළකිරී ඇත . .උන් නිහඩව සිටියත් ඇතුලතින් පාරවන තරහක්,ද්වේෂයක් ක්‍රමයෙන් මතුවෙමින් පවතී ..යථාර්තය එයම වන්නේය ....මහා විධායක ජනාධිපති තුමාණෝ පාරේ සිටින අසරණ හොටුපෙරගත් දරුවෙකු වඩා ගෙන ,හතර ගාත් දණ බිම ඔබා ලක්මව සිප ගෙන දක්වන බොරු රංගනයට එහායින් තිරෙන් පසුපස විසල් දෙයක් සිදුවෙමින් පවතී .... අධි වේගී මහා මග තනන්නට ,එහි තාර අතුරන්නට දුන් කොන්ත්‍රාත්තුව වෙනුවෙන් නාමල් කුමාරයට කතරගම ඉදිකරන සප්තමහා සාගරයක් බඳු මාළිගාව ,එහි දෙවන මහලේ ඇති සුවිශේෂ පිහිනුම් තටාකය ....සියයට දහයක් කොමිස් ගනිමින් කොටි ගණන් උපයන බැසිල් ,සිය පුතාගේ ආසාවට දුන් කාල්ටන් වැනි මාධ්‍ය ආයතන, කේ .පී ගේ සල්ලිවලින් ආරම්භ කෙරුණු සුප්‍රීම් සැට් මගින් ලේබල් ගසා චන්ද්‍රිකා ගුවන් ගතකරණ හැටි පෙන්වන ආඩම්බරකාර තාත්තාගේ තවත් පුත්‍රයෙකු , මේ සියල්ලටම යටින් ඇති තවත් බොහෝ දේවල් අප නොදන්නවා සේ සිටියද නොදන්නවා නොවෙමු... බොරැල්ලේ ලී ව්‍යාපාරයක් සහ සුරතල් මසුන් අපනයන කරන ආයතනයක් දමා තිබු තව හොරෙක් පසුගිය යු එන් පී කාලයේදී ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ කොන්සල් වරයා ලෙසින් පත්වීමක් ලබා ගොස් ..එහිදී තවත් වැන්දඹු කාන්තාවක් රවටාගෙන නිකම් කකා බිබී සිටි නිකමෙකු පසුව සුනාමි ව්‍යසනය ඌගෙ වාසියට යොදාගත්තේ ඉංග්‍රීසි බසින් පොතක් ලියාය ...සිංහල පොත ඌ ලංකාවේ අයෙකුට මුදල් දී ලියවාගෙන ..ඇමෙරිකාවේ ජිවත්වන බද්‍රජි මහින්ද ජයතිලකට බෝලය බස්සවා ඉංග්‍රීසි බසින් ලියවාගෙන මුගේ නම ඊට යොදා ...අපේ රන්ගොජාට එය පිළිගන්වා ...ඒ ආනිශංස අද ඌ රජයේ වාණිජ නීතිගත සංස්ථාවක මුල් පුටුව ඔසවයි ...මෙසේම පි.බි. ජයසුන්දර වැනි ලෝක කපටියන් ලංකාවේ මහබැංකුවට පත් කරමින් ,දයාන් ජයතිලක වැනි ලෝක හොරුන් හට යුරෝපිය තානාපතිකම් දෙමින් ,පවිත්‍රා වැනි විදුලි බලයේ වොට් සහ කිලෝ වොට් නොදන්නා ගැහැනුන් හට ඇමතිකම් දෙමින් ....රඟපෑමට තබා කකුලක් ඔසවා ගැනීමට නොහැකි ජීවන් වැනි නළුවන් හට තැපැල් හා විදුලි සංදේශ ඇමතිකම් දෙමින් ,උදාහරණයක් ජීවන් නැමැත්තා පාරිසරික වනාන්තර කපා හෝටල් හදමින් සිටිනවා සේම රද්දොළුගම අයෙකුට ඌ ලබාගන්න කොමිස් මුදල් බැර කරන්නේ ජනතාවට අහුවේය යන බියෙනි .... මහත්වරුනි මේ කාලකන්ණින් විනශ කරමින් පවතින්නේ අපේ රටයි .....දේශපාලුවන් සියල්ලන්ම එසේයි ....වාසු දේව ගේ ළමයින් ඉගෙන ගන්නේ පිටරටවලය ...සෝමවංශ ජීවත්වුයේ එංගලන්තයේයි ....සරත් ෆොන්සේකාගේ දුවල ඉගෙන ගත්තේ ඇමෙරිකාවෙයි ...සත්‍යය නම් එයයි .... සටහන විකුම් අද විවිධ ලෙසින් ෆේස් බූක් ඔස්සේ සංසරණය වන නිහඬ සමාජයක් ඇත ..එහිදී අප හට හමුවූ රසවත් කාටුන යන කිහිපයක් මේ සමග....
කෲර මර්ධනය එළඹියේ ඉන් අනතුරුවයි. ත්රීමා විතාන සොයුරා, රංජිත් පෙරේරා, ඞී. ඞී. බන්දුවර්ධන යන සොයුරන් සමඟ රත්නපුර බස්නැවතුම් පොල අසලදී 1988 ඔක්තෝම්බර් 22 වෙනිදා පැහැර ගනු ලැබීය. පසුව වද බන්ධනයට ලක් කර එදින රාත්‍රියේ දී පුළුස්සා වැල්ලවාය කොස්ලන්ද මාර්ගය අසල දමා තිබුණි. ඔහුගේ සිරුර සිගැරැට්ටු කොට වලින් පුළුස්සා, නියපොතු ගලවා, යටිපතුල් පලා, ඇස් උගුල්ලා හිස දෙපසට ගැසූ පරාල ඇණ වල බැදි ලනුවකින් ජීප් රථයකින් මහමඟ දිගේ ඇදගෙන ගොස් මිලේජ්ච ලෙස මරා දමා තිබුණි.
මෙම ඝාතනයේ චෝදනා එල්ල වූයේ සබරගමුව මහ ඇමතිගේ පුත් සුසන්ත පුංචිනිලමේටය. මහත් ආන්ෙදාලනයකට ලක් වූ එම නඩුව රත්නපුර අංක 2 මහාධිකරණයේදී විභාග විය. සුසන්ත පුංචිනිලමේ ඇතුළු කීප දෙනෙකුට එරෙහිව අධිචොදනා 13 ක් යටතේ එම නඩුව පවරා තිබුණි. නඩුව අවසානයේ චෝදනා ඔප්පු කිරීමට නොහැකි වූ නිසා චූදිතයෝ නිදහස් වූහ.
0 comments:
Post a Comment