728x90 AdSpace

tv
Latest News
http://janathamina.blogspot.fr/

අපේ ප්‍රවෘත්ති

ඇත්ත නම්

අපේ කම

ශ්‍රී ලංකා

විසිතුර

කලා තොරතුරු

Sunday, 30 June 2013

ලන්ඩනයේ දී ලැබුවේ අමතක නොවන ආදරයක්

 

 වෛද්‍යවරයෙක් මට කිව්ව “අපි සුවපත් කරන්නෙ රටේ රෝගීන් කීපදෙනයි; ඒත් ඔයාල මුළු සමාජයම කලාවෙන් සුවපත් කරනව“ කියල. ඉතින් වෛද්‍යවරු වැනි උදවිය පවා කලාකරුවන්ට දක්වන ඒ ආදරය ගෞරවය ඉතාම වටිනව. මට ඒ ගෞරවය ලැබුණේ මම කලාකාරිනියක් වීම නිසයි.
රෙබෙකා නිර්මලී
රඟපැ එක් චරිතයකින්ම මුළු රටක් හඳුනන්නේ නම් එය කෙතරම් ජනප්‍රියත්වයක් ද; වාසනාවක් ද? ඒ වාසනාවට හිමිකම් කියන ඇය රෙබෙකා නිර්මලී. ‘වෙද හාමිනේ’ නමින් කවුරුත් හඳුනන ඇය පසුගිය දිනවල ලන්ඩනයේ සංචාරයකට සහභාගි වුණා.
පසුගිය දිනවල ඔබ සහභාගි වුණු එංගලන්ත සංචාරයට හේතු වුණේ කුමක් ද...?
මම එංගලන්තයට ගියේ රොඩ්නි විදානපතිරණ පිටපත ලියා අධ්‍යක්ෂණය කළ ‘මව් සෙනෙහස’ ටෙලි චිත්‍රපටයේ මංගල දැක්මට සහභාගි වෙන්නයි. මේ ටෙලි චිත්‍රපටය නිෂ්පාදනය කළේ ලන්ඩන් නුවර ජීවත්වෙන නිමල් අලහකෝන් සහ කාන්ති අලහකෝන් යන දෙදෙනා. ලන්ඩන් නුවර මේ වෙනුවෙන් විශේෂ උත්සවයක් තිබුණා. මම ඉතාම ආශාවෙනුයි එම අවස්ථාවට සහභාගි වුණේ. එහිදී එහි තිබෙන සුවිශේෂී ස්ථාන කීපයක්ම නරඹන්න අවස්ථාව මට ලැබුණා.
ලන්ඩන් නුවර ජීවත්වෙන ?ශ්‍රී ලාංකේය රසික රසිකාවියන්ගෙන් ඔබට මොන වගේ ප්‍රතිචාරයක් ද ලැබුණේ?
මට හරිම පුදුම හිතුණා ලන්ඩන් නුවර ජීවත්වන ප්‍රේක්ෂකයින් මට දක්වපු ආදරය ගෞරවය ගැන. මට ඒ වෙන තෙක් දැනිල තිබුණේ නෑ විදෙස් රටවලත් මට ආදරය කරන ප්‍රේක්ෂක පිරිසක් ඉන්න බව. ඔවුන් මගේ සෑම ටෙලි නාට්‍යයක්ම නරඹල තියෙනව. මේ දිනවල ස්වර්ණවාහිනියෙන් විකාශය වන ‘හෝපලු අරණ’ සහ ‘සිටු මැදුර’ කියන ටෙලි නාට්‍යවල මගේ රඟපෑම් ඇතුළත් වෙනවා. ඒ ටෙලි නාට්‍ය දෙක එහේ හරිම ජනප්‍රියයි.
දැන් අවුරුදු 24 ක් පුරාම මට කවුරුත් කතා කරන්නේ ‘වෙද හාමිනේ’ කියල. මේ සංචාරයේ දී මට කීප දෙනෙක්ම ‘හේමලතා’ කියල කතා කළා. ඒ ‘සිටු මැදුර’ ටෙලි නාට්‍යයේ මම රඟපාන හේමලතාගේ චරිතය නිසා. ‘හෝපලු අරණ’ ටෙලි නාට්‍යයේ ‘මාර්තා අම්මා’ චරිතයත් එහේ හරිම ජනප්‍රියයි. ලන්ඩන් නුවර දී අපේ ?ශ්‍රී ලාංකිකයින් ගෙන් ලැබුණු ආදරය හිතවත්කම මට කවදාවත්ම අමතක වෙන්නේ නෑ.
මේ දිනවල ඔබ මොන වගේ වැඩත් එක්ක ද ඉන්නේ?
සමන් කුමාර ලියනගේ ගේ නවතම ටෙලි නාට්‍යයේත් ශිහාන් රෝහණගේ ‘මුතු කැට සිරස’ ටෙලි නාට්‍යයේත් රංජිත් ආනන්දගේ ‘සුයාමය’ ටෙලි නාට්‍යයේත් රූපගත කිරීම්වලට සහභාගි වෙනවා.
ඔබ මෙතෙක් කල් කුමන චරිතය නිරූපණය කළත්, ඔබ තවමත් ‘වෙද හාමිනේ’ නේද?
ඔව්, ඒක එහෙම තමා. ඒ චරිතය මට ගෞරවයක්. ජයන්ත චන්ද්‍රසිරි නිර්මාණය කළ ‘වෙද හාමිනේ’ ටෙලි නාට්‍යයේ වෙද හාමිනේ චරිතය නිරූපණය කරල දැන් අවුරුදු 24 ක්. ඒත් තාමත් මට කවුරුත් කතා කරන්නේ වෙද හාමිනේ කියල. ඒ මගේ පළමු රංගනය. රංගනය ගැන ටෙලි නාට්‍ය ගැන කිසිම දැනුමක් මට ඒ දවස්වල තිබුණේ නෑ. නමුත් ඒ චරිතය කළාට පසුව මුළු සමාජයම මට ආදරය කරන්න ගත්තා. ඒක මට වාසනාවට ලැබුණු චරිතයක්. ජයන්ත චන්ද්‍රසිරි වැනි කලාකරුවකගේ නිර්මාණයකින් ක්ෂේත්‍රයට එන්න ලැබීම වාසනාවක්. ඉතින් මම එදත් අදත් ‘වෙද හාමිනේ’ට හරිම ආදරෙයි.
ඔබ රංගනයට පැමිණ කලක් ගත වුණත් සිනමාවට ඔබේ දායකත්වය ලැබී තිබෙනවා අඩුයි නේද?
‘වෙද හාමිනේ’ ටෙලි නාට්‍යයෙන් පසුව මට චිත්‍රපට කීපයකටම ආරාධනා ලැබුණා. නමුත් ඒ චරිත මට එතරම් ගැළපෙන චරිත නෙමෙයි. ඒ නිසා මම ඒවා බාරගත්තේ නෑ. ඒ අතරේ ‘උත්තරා’, ‘අම්මාවරුනේ’, වැනි චිත්‍රපටවලත් දෙමළ චිත්‍රපටයකත් රඟපෑමේ අවස්ථාව ලැබුණා.
ලන්ඩන් නුවර වෙසෙන සහෘදයින් ඔබට සම්මානයකුත් පිරිනැමුවා නේද?
ඔව් මගේ රංගන ජීවිතය අගය කරමින් ලන්ඩන් නුවර මගේ රසික රසිකාවියන් මට සම්මානයක් පුද කළා. එය මට විශාල ගෞරවයක්. මම බොහෝ කාලයක් තිස්සේ කලාවේ රැඳීල ඉන්නේ ප්‍රේක්ෂකයින් දක්වන ආදරය නිසයි. ඉතින් මහජන සම්මානය මට ගොඩක් වටිනවා.
අවුරුදු 25 කට ආසන්න කාලයක් කලා ශිල්පිනියක්ව සිටින ඔබ කලා ශිල්පිනියක් වීම ගැන තෘප්තිමත් ද?
ඇත්තෙන්ම ඔව්. කලාකාරිනියක් වෙන්න හැමෝටම අවස්ථාව ලැබෙන්නේ නෑ. රටක ඉතාම සීමිත පිරිස තමයි ඒ අවස්ථාව ලැබෙන්නේ. ඒ සඳහා වාසනාවක් තියෙන්න ඕන. ඒ වාසනාව මට තිබුණා. මම හිතන විදියට ලෝකයේ උතුම්ම රැකියාව කලාවයි. සමාජයේ ඕනෑම මට්ටමක කෙනෙක් කලාකරුවන්ට ආදරය කරනවා. මේ ළඟදී මම ලංකාවේ ප්‍රධාන විශේෂඥ වෛද්‍යවරයකු මුණගැසෙන්න ගියා බෙහෙත් ගන්න. එතුමා මාව හොඳීන් පරීක්ෂා කරල බෙහෙත් නියම කරල චැනල් ගාස්තුව ආපසු ලබාගන්න කියල කියල කිව්ව.
මම එතකොට කිව්ව එහෙම කරන්න එපා ඩොක්ටර් කියලා. එතකොට එතුමා මට කිව්ව “මම කොහොමද වෙද හාමිනේ ගෙන් සල්ලි ගන්නේ” කියල. වෙනත් දවසක තවත් වෛද්‍යවරයෙක් මට කිව්ව “අපි සුවපත් කරන්නෙ රටේ රෝගීන් කීපදෙනයි; ඒත් ඔයාල මුළු සමාජයම කලාවෙන් සුවපත් කරනව“ කියල. ඉතින් වෛද්‍යවරු වැනි උදවිය පවා කලාකරුවන්ට දක්වන ඒ ආදරය ගෞරවය ඉතාම වටිනව. මට ඒ ගෞරවය ලැබුණේ මම කලාකාරිනියක් වීම නිසයි.
  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: ලන්ඩනයේ දී ලැබුවේ අමතක නොවන ආදරයක් Rating: 5 Reviewed By: Unknown