භූතයන් යොදාගෙන ගුප්ත විද්‍යාවෙන් කරන බව කියන හාස්කමක්
රසික වැලිහිඳ. ඔහු පාරම්පරික තරුණ කපු මහතෙකි. ඔහු දැන් එම ක්ෂේත්රයට ප්රවීණයෙකි. ඒ වයස අවුරුදු 8 සිට ගුප්ත විද්‍යාව හා සම්බන්ධව වැඩ කරමින් ඒ සම්බන්ධව යම් පළපුරුද්දක් ඔහු ලබා තිබෙන බැවිනි.
රසික අපට හමුවන්නේ ගුප්ත විද්‍යාව මුසාවක් යැයි කියන අයට පිළිතුරක් ලබා දීමේ අදහසිනි. අප ඔහුට ඒ සඳහා ඉඩ ලබා දුන්නේ එම විද්‍යාවට අභියෝග කරන පිරිසටද මේ වෙනුවෙන් වේදිකාවක් සකස් කර දීමේ අදහස ඇතිවය.
මම ගුප්ත විද්‍යාව පාවිච්චි කරන්නේ නරක වැඩවලට නමෛයි.
යන්තර මන්තර ගුරුකම්වලින් පවා මම අයහපත් දේ, කිසිවෙකුට හානි වන දේ කරන්නේ නෑ. කවදාවත් මම කාටවත් කොඩිවින කරලා නැහැ. ඒවාට සම්බන්ධවෙලත් නැහැ. නැති බැරි අයට හඳහන් පවා මම නොමිලේ බලලා දෙනවා. ඒවා කරන්නේ පිං තකායි. රසික අප සමග එකතු වෙමින් කීවේය.රසික වැලිහිඳ. ඔහු පාරම්පරික තරුණ කපු මහතෙකි. ඔහු දැන් එම ක්ෂේත්රයට ප්රවීණයෙකි. ඒ වයස අවුරුදු 8 සිට ගුප්ත විද්‍යාව හා සම්බන්ධව වැඩ කරමින් ඒ සම්බන්ධව යම් පළපුරුද්දක් ඔහු ලබා තිබෙන බැවිනි.
රසික අපට හමුවන්නේ ගුප්ත විද්‍යාව මුසාවක් යැයි කියන අයට පිළිතුරක් ලබා දීමේ අදහසිනි. අප ඔහුට ඒ සඳහා ඉඩ ලබා දුන්නේ එම විද්‍යාවට අභියෝග කරන පිරිසටද මේ වෙනුවෙන් වේදිකාවක් සකස් කර දීමේ අදහස ඇතිවය.
මම ගුප්ත විද්‍යාව පාවිච්චි කරන්නේ නරක වැඩවලට නමෛයි.
ඊළඟ මොහොත එළඹෙද්දී රසික එන්නේ පොල් ගෙඩියක් අතැතිවය. ඔහු එම පොල් ගෙඩිය රැගෙන එන්නේ මතුරමිනි.
මම මේ පොල් ගෙඩිය උඩ තියලා ඔයගොල්ලෝ එක්ක ආපු කෙනෙක්ව ඕනෑම පැත්තකට කරකවනවා. කවුරුත් ඒ දේ බලාගන්න.
රසිකගේ ආරාධනාව පිළිගත් අප සමග ගිය සුමිත් පොල් ගෙඩිය මත වාඩි විය.
බැලන්ස් එක ගන්න ඇඟිලිවලින් පොළව අල්ලගත්තට කමක් නැහැ. රසික එසේ කියද්දී සුමිත් අත්දෙකේ ඇඟිලි තුඩු පමණක් බිමට තබා ගත්තේය.
ආ... දැන් දකුණට කැරකෙමුකෝ බලන්න... රසිකගේ විධානයෙන් පොල් ගෙඩිය කරකැවෙන්නට පටන් ගැනිණි. එහි උඩ වාඩි වී සිටි සුමිත් විශ්මයෙන් යුතුව අප දෙස බැලුවේය.
මේ අයුරින් අප සමග ගිය සුරංග හා තුෂාරද පොල් ගෙඩිය උඩ වාඩි වූයේ මේ ක්රියාවේ සත්‍යතාවය කුමක්දැයි තවදුරටත් සුපරික්ෂාකාරීව බලන්නටය. සුරංගව වමට කරකවන්න පුළුවන්ද...? අප එසේ විමසද්දී රසික ඒ අභියෝගයද බාර ගනිමින් පොල් ගෙඩිය වම් අතට කරකවන්නට කටයුතු කළේ සුපුරුදු විධානය ලබාදෙමිනි.
නවීන විද්‍යාව හා ගුප්ත විද්‍යාව අතර ඇත්තේ විවාදාත්මක තත්ත්වයකි. මේ නිසාම අප තුළ හට ගන්නේද විමතියකට වඩා ගැටලු සහගත බවකි. මෙය මානසික තත්ත්වය මත සිදුවන දෙයක්ද.? ඊට විද්‍යාත්මක හේතුවක් තිබේද? අප තුළ ඒ ගැටලුව නිරන්තරයෙන්ම ඇති විය. එහෙත් දැන් අප ඉදිරියේ පෙනෙන ගුප්ත විද්‍යාවේ ප්රාතිහාර්ය එක එල්ලේ ප්‍රතික්ෂේප කිරීමේ වුවමනාවක් අප තුළ නැති විය.
මම මේ හාස්කම කරන්නේ භූතයන්ගේ උදව් අරගෙන. හැබැයි එහෙම වුණා කියල කාටවත් හානියක් නැහැ.
රසික පවසන ආකාරයට ඔහු තම වැඩ කටයුතුවලට උදව් උපකාර ලබාගන්නේ භූතයින්ගෙනි.
දැන් මේ වැඩේට ගන්නෙත් භූතයෙක්. භූතයෝ කිව්වහම ඒ අතරත් ප්‍රේත භූතයෝ වගේම දේව භූතයෝ ඉන්නවා. නමුත් මම මේ වැඩේට ගන්නේ දේව භූතයෙක්. අපි ඔවුන්ගෙන් වැඩ ගන්නවා. ඔවුන් අපෙන් පිං බලාපොරොත්තු වෙනවා. සිද්ධ වෙන්නේ එච්චරයි.
රසික භූත දේවතාවුන් වහන්සේලා යැයි කියන පිරිසගෙන් තවත් බොහෝ වැඩ රාජකාරි කර ගනියි. ඒ අනුව පොල් ගෙඩිය සේම කුල්ල කැරකැවීම හා කනප්පුව ඇවිද්දවීම දක්වයි.
මීට ඉස්සර මම කනප්පුව භාවිතා කරල හොරු පවා අල්ලල දුන්නා. ඒත් ඒ දේවල්වලින් සිද්ධවෙන්නේ තරහකාරයෝ ඇතිවෙන එක විතරයි. ඒ නිසා මම ඒ දේවල් නවතා දැම්මා. අන්තිමට කළේ ගමේ පන්සලක ජංගම දුරකථනයක් හොරකම් කළ කෙනෙක් අල්ලා දීම පමණයි.
රසික මේ හොරු ඇල්ලීම නවතා දමා ඇත්තේ සොරකම් කරන අයගේ වෛරයට තමා පත්වන නිසා බව ඔහු වැඩිදුරටත් පවසයි.
හැබැයි කවුරුහරි මේක බොරු කියනවා නම් මට ඒක කරලා පෙන්වන්න පුළුවන්..
මම කනප්පුව ඇවිදවන්නේත් භූත දේවතාවුන් වහන්සේලාගේ උදව් අරගෙනයි.
රසික පාරම්පරික කපු මහතෙකි. ඔහු මාතර ප්‍රදේශයෙන් පානදුරට ආ කෙනෙක්.
අපේ පරම්පරාවේ අය මීට වඩා ගුප්ත විද්‍යාව ප්‍රයෝජනයට අරන් වැඩ කරලා තියෙනවා
එක් වරක් අපේ සීයා සමග සිටි ගෝල කපු මහත්වරු දෙන්නෙකුට තවත් කෙනෙක් බඩ බුරුල් කර මලපහ පිටවෙන විදිහට ගුරුකමක් කළා. ඒ වෙලාවේ මගේ සීයා ඒක අනිත් පැත්තට පාරවල ඒ පුද්ගලයා සුනඛ බන්ධනයට යටත් කළා. අන්තිමට ඔහු ඇවිත් අර මලපහ ලෙව කෑවා.
මේක අප්‍රසන්න දෙයක්. නමුත් කරපු දේට උත්තර දුන්නේ. ඔන්න ඔහොමයි..
රසික කියන්නේ මෙවැනි බොහෝ යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් තම පරම්පරාවේ ඇත්තන් තුළ තිබෙන බවකි.
ඒත් අපි ඒ තත්ත්වයට පත්වී නැහැ. අපි හොඳ දේ විතරයි කරන්නේ ඔහු නැවත කියයි.
ගිනි පෑගීම පිළිබඳව බොහෝ වාද විවාද පසුගිය කාලයේ ලක්බිම ඉරිදා සංග්‍රහය තුළ ඇති විය. ඊට මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා ප්රමුඛ හේතුවාදීන්ගේ සංගමය බොහෝ තර්ක විතර්ක ඉදිරිපත් කළේය. මේ පිළිබඳවත් රසික කතා කරයි.
ගිනි සිසිල් කළාම පුංචි දරුවෙකුට වුණත් ගින්දර ගොඩේ ඇවිද යන්න පුළුවන්. ඔය යථාර්ථය දන්නේ නැතිව තමයි කාලෝ ෆොන්සේකා මහත්තයාගේ කට්ටිය කතා කළේ.
අනිත් කාරණය අපි හැමෝම හැදිලා තිබෙන්නේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන ශක්තීන් එක්කයි.
තේජෝ බලය තිබෙන කෙනෙකුට ගින්දර එක්ක ඕනෑම සෙල්ලමක් කරන්න පුළුවන්. වායෝ බලය තිබෙන අයට නයි දෂ්ඨ කළත් විසක් නැහැ. පඨවි බලය තිබෙන අයට කොයිතරම් ගුටි කෑවත් ගානක් නැහැ. ආපෝ බලය තිබෙන අයට ඕනෑම දෙයක් දරා ගන්න හැකි ශක්තියක් හිතේ තිබෙනවා. මේ බොරු නමෛයි.
ඉතිං මේවා බොරු කියන්නේ නැතිව ඇත්ත සොයන එක මොළේ තියන අයගේ යුතුකමක්.
රසික පානදුර, අළුබෝමුල්ල පිහිටි සතර මහා දේවාලයේ කපු මහතාය. ඔහු පවසන්නේ තමන් පවසන හා කියන කරන දේ බොරු නම් ඒවා සියැසින් දැක බලා ගන්නට එන ලෙසය.
නවීන වෛද්‍ය විද්‍යාවට හසුනොවන ගුප්ත විද්‍යාව තුළින් රෝග සුවපත් කිරීමේ සිට ඔවුනොවුන්ගේ චර්යාවන් ගැන සුදුසු අවබෝධයක් ලබාගෙන ප්‍රතිකර්ම යෙදූ අවස්ථා බොහෝ අතීතයේ සිට අප අසා ඇත්තෙමු. එහෙත් ඒවා සත්‍යයද? එසේත් නැතිනම් අසත්‍යද යන්න සොයා බැලීම සැබවින්ම කළ යුත්තකි.
21 වන සියවසේ ජීවත්වන අපට තවමත් ගුප්ත විද්‍යාවට අභියෝග කළ හැකි සාර්ථක මගක් ඇත්දැයි සැබවින්ම ගැටලුවකි. එය කාලයට බාර දී ඒ දෙස බලා සිටීම හැර වෙනත් විකල්පයක් අපට නැත.
සමන් ප්‍රියංකර නම්මුනිගේ
0 comments:
Post a Comment