728x90 AdSpace

tv
Latest News
http://janathamina.blogspot.fr/

අපේ ප්‍රවෘත්ති

ඇත්ත නම්

අපේ කම

ශ්‍රී ලංකා

විසිතුර

කලා තොරතුරු

Tuesday, 25 June 2013

රටේ කාලකන්ණි නිලධාරීන් නිසා රටට වැඩක් කළ අයෙකු කණස්සල්ලෙන් ...


විදුලිය මුහුදු ජලයෙන් නිපැයුම්කරු කනස්‌සල්ලෙන්


අද පවතින විදුලි අර්බුදයට අප රට තුළින්ම අවශ්‍ය පිළියම් යොදාගත හැකිව තිබියදී අපි තවත් නිහඬව බලාසිටිය යුතු නැත.

ජාතික වශයෙන් පුනර්ජනනීය බල ශක්‌තිය වැඩිදියුණු කරමින් පවතින මේ යුගයේ (සුළං හා හිරු බලය) මුහුදු රළ උපයෝගි කරගෙන බලශක්‌තිය නිපදවිය හැකි පුද්ගලයකු ඉකුත්දා හමුවිය.

ඔහු බණ්‌ඩාරගම පාරේ කුඩාවැව නගරයේ නොම්මර 217 ඒ නිවසේ පදිංචි රජිත් උපාලි කෝරළයේ නමින් හැඳින්වේ.




විවිධ පර්යේෂණ හා අත්හදා බැලීම් වල නියෑළී මුහුදු රළ උපයෝගී කරගෙන බල ශක්‌තිය, නිපදවීමේ ක්‍රමවේදය හදාරා මේ වන විට "පේටන්ට්‌" බල පත්‍රයද හිමි කරගත් අයෙකි.

එහෙත් ඔහු ලබා ඇති දස්‌කම් තුළින් රටට ප්‍රයෝජනයක්‌ ලබාදීමට මෙතෙක්‌ අවස්‌ථාව නොලැබීම පිළිබඳව කනස්‌සල්ලෙන් සිටී.

ඔහුගේ දැනුම පිළිබඳ මාධ්‍ය ඔස්‌සේ දැනගත් හිටපු (සංවර්ධන අමාත්‍ය චමල් අමාත්‍යවරයා) ඇමැතිවරයකු දැනුවත් කිරීමට ශ්‍රී ලංකා කෘෂිකර්ම හා පර්යේෂණ සහකාර සංගමයේ සම්බන්ධිකරණ ලේකම් ප්‍රශාන්ත ලියනගේ මහතා ගත් ක්‍රියා කලාපයට ඇමැතිවරයා ක්‍රියාත්මක වූවත් අදාළ නිලධාරීන් අකාර්යක්‍ෂම වීම නිසා ලත් තැනම ලොප්වූ බවද ඔහු පවසයි.

මේ වන විට පවතින අධික විදුලි බල අර්බුදයට විසඳුමක්‌ ලෙස ශ්‍රී ලංකාව වටා ඇති මුහුද ආශ්‍රිත ප්‍රදේශ සඳහා මෙම බලශක්‌ති ක්‍රමවේදය ක්‍රියාත්මක කළහොත් දිවයිනේ මුහුද ආශ්‍රිත ප්‍රදේශවලට සපයන විදුලි බලය ඉතිරි කර ගැනීමට හැකි බව ඔහු පවසයි.

රට වටා මුහුදු තීරයක්‌ ඇති අප රටේ දැනට මීටර් 500 ත් 1000 ත් ඇතුළත මෙම ක්‍රමවේදය ව්‍යාප්ත කළහැකි බව ඔහු පවසයි. මුහුදු රළ නොනඟින සමයේ ප්‍රධාන විදුලි දහරාව සමඟ සම්බන්ධවීමෙන් මුහුදු රළවලින් විදුලි උත්පාදනය අඩු වූවද වායු සමීකරණ ආදි යන්ත්‍ර ස්‌වයංක්‍රීයව ප්‍රධාන විදුලි දහරාව වෙත මාරුවීමක්‌ සිදුවන බවද ඔහු පවසයි.

මුහුදුබඩ ආශ්‍රිත සියලු හෝටල් සඳහා වායු සමීකරණ හා ශීතකරණ පද්ධති ක්‍රියාත්මක කිරීමට හැකිවන බවද ඔහුගේ පරීක්‍ෂණ අනුව හෙළිවී තිබේ.

මෙම ක්‍රමය තුළින් අති විශාල විදුලි පිරිවැයක්‌ ඉතිරි කරගත හැකිවාක්‌ මෙන්ම හෝටල්වල සහ ආයතනවලටද මුදල් ඉතිරියක්‌ කළ හැකි බවද පවසයි.

උපාලි මහතා විසින් මේ වන විට නිෂ්පාදනය කර හඳුන්වාදී ඇති ගෘහස්‌ථ පරිභෝජනය සඳහා පාවිච්චි කරන දහයියා සහ පොල්කටු අඟුරු භාවිතයෙන් ක්‍රියාත්මක කරන උදුනද විදුලි බිල අඩුකර ගැනීම සඳහා ජනතාව අතර ඉතා ප්‍රයෝජනවත් උපකරණයක්‌ බවද ඔහු කියයි.

ඒ තුළින්ද විදුලිය හා ගෑස්‌ 60% ක්‌ පමණ ඉතිරි කර ඉවුම් පිහුම් කටයුතු සාර්ථකව ඉටුකර ගැනීමට හැකිබවද පවසන උපාලි මහතා මුහුදු රළ ජවය උපයෝගි කරගෙන සකස්‌ කිරීමට බලාපොරොත්තු වන බල ශක්‌තිය නිපදවීමෙන් මුහුද අවට විශාල පිරිසකට විදුලි බලය ලබාදීමෙන් විශාල මුදල් ඉතිරියක්‌ මෙන්ම ප්‍රයෝජනයක්‌ වන බවද පවසයි.


  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: රටේ කාලකන්ණි නිලධාරීන් නිසා රටට වැඩක් කළ අයෙකු කණස්සල්ලෙන් ... Rating: 5 Reviewed By: Unknown