728x90 AdSpace

tv
Latest News
http://janathamina.blogspot.fr/

අපේ ප්‍රවෘත්ති

ඇත්ත නම්

අපේ කම

ශ්‍රී ලංකා

විසිතුර

කලා තොරතුරු

Wednesday, 19 June 2013

වෘෂභ රාජ්‍යයේ ගොන් කතා

පාර්ලිමේන්තු මට්‌ටමින් පහළ මට්‌ටමේ සිට දේශපාලනය කරන ආණ්‌ඩුවේ දේශපාලනඥයන්ගේ "දළ ජාතික නිෂ්පාදිතය" පිළිබඳ මේ මොහොතේදී පවත්නා ශේෂ පත්‍රය මෙසේය:

  පොලිස්‌ කොස්‌තාපල්වරුන් දෙදෙනකුට පහරදුන් ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති එම්. කේ. අමිල දවස්‌ කිහිපයක්‌ම රිමාන්ඩ් කූඩුවේ ලැග ඇප ලබා එළියට විත් සිටී. ඔහුට ඇප දීමට පෙර බුදුදහමේ එන සතර අගතිය ගැන සිහිපත් කරගෙන ජීවත් වන්නැයි ඇඹිලිපිටියේ මහෙස්‌ත්‍රාත්තුමා පවසා සිටියේය.



මිනීමැරුමකට සහ බලහත්කාරකමකට සම්බන්ධ වූ බවට චෝදනා ලැබූ තංගල්ලේ ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමා එක්‌කෝ ඇතුළේයá නැත්නම් ඇපපිට එළියේය.

ෆ නවගත්තේගම පාසලකට කඩා පැන ගුරුවරියක දණ ගැස්‌සවූ වයඹ පළාත් සභාවේ ගොන් රජා රිමාන්ඩ් කූඩුවේය. ඔහුට ඇප දුන්නොත් ගුරුවරිය තම පැමිණිල්ල පවා ඉල්ලා අස්‌කර ගැනීමට සිදුවෙතැයි පළාත්වාසීහු සැක කරති.

ෆ මාවනැල්ලේ ප්‍රාදේශීය සභාපති තමා එම පුටුවට ඒමට පෙර කළ මිනී මැරුමක්‌ නිසා මරණ දණ්‌ඩනයට නියම කර ඇත. එය අෂ්ට ලෝක ධර්ම චක්‍රයයි.

ෆ කරන්දෙණිය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී කෙනෙක්‌ දෙදරු මවක්‌ දූෂණය කර කූඩුවට ගොස්‌ ඇපපිට එළියට විත් සිටියි.

ෆ අකුරැස්‌සේ ප්‍රාදේශීය සභාපති කුඩා දැරියක අපයෝජනය කළ බවට චෝදනා ලබා එක්‌කෝ ඇතුළේයá නැත්නම් ඇප ලබා එළියේය.

මේ සියලුම දෙනා ආණ්‌ඩුවේ අය බව අපි නැවත වරක්‌ අවධාරණය කරමු. යූ.එන්.පී. කාරයන් වැරදි නොකිරීම මේ මොහොතේදී අපට ලොකු ප්‍රශ්නයකි. පිස්‌තෝල පෙන්වා ඡන්ද දායකයන්ගේ බඩ බුරුල් කළ මන්ත්‍රීවරුන්, ගැටඹේ රාජෝපවනාරාමය වටේ කම්බි ගැසීමට ආමි එකත් සමග ගිය දේශපාලනඥයන් යනාදීහු එකල තොග පිටින් සිටියහ. දේශපාලනය කරන්නට ඉඩක්‌ නොලැබී මියගිය ගෝනවල සුනිල් වැනි මහතකු ගැන සළකා බැලුවොත් පෙනීයන වැදගත්ම කාරණය වන්නේ අද සිටියා නම් ආණ්‌ඩුව හෝ විපක්‍ෂය යන දෙකෙන් එකක මන්ත්‍රී කෙනකු බවය. 1980 ජූලි වැඩවර්ජනයට නායකත්වය දුන් අලවි මවුලානාගේ බඩ ටවුන් හෝල් එකේදී පිහියකින් කපන ලද්දේ එවකට සිටි එජාප මන්ත්‍රී කෙනකුගේ නියෝගය ඉක්‌මවා එම කොන්ත්‍රාත්තුව ලැබූ දාමරිකයන් කටයුතු කළ නිසාය. "මවුලානාගේ බඩ පිහියෙන් සූරා තුවාල කරපන්" යයි දේශපාලනඥයා ඕඩරය දුන්නේය. දාමරිකයා තම අත වැඩිපුර තද කළේය. පිහිය බඩ කපාගෙන බැස්‌සේය. බඩ හරස්‌ අතට කැපුණු විට අතුණු බහන් පිටතට ඒම සාමාන්‍ය සරල සිද්ධියකි. අලවි මවුලානා රෝහලට ගෙන යන ලද්දේ එළියට ආ අතුණු බහන් යළි කුසට ඇතුළු කිරීමෙන් පසුවය·

ඒ කතා පසෙක තිබියේවා. ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් කොතරම් අවාසනාවන්ත පිරිසක්‌දැයි ඊයේ (18) නැවත වරක්‌ අපට දැන ගන්නට ලැබිණ. ඒ මිහින්තලේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී අනිල් පුෂ්පානන්දගේ පුතා අනුරාධපුරයේ නිවන්තක ෙච්තිය විදුහලේ විදුහල්පතිට පහර දුන් නිසාය. මේ පුතා ඒ විදුහලේම සිසුවෙකි. වාහන කිහිපයකට ගල් ගසා රිමාන්ඩ් කූඩුවේ ලගින්නට ද මේ පුතාට පසුගිය කාලයේදී සිදුවිය. කර දඬු උස්‌ව සිටින මේකාගේ කර ඇඹිය යුතු බව තාත්තාට තේරුම් නොයැමෙන් අපට තේරුම් යන්නේ තාත්තාගේ කර අඹා අත්දැකීමක්‌ ලබාදී පුතා හදාගැනීමට අනුබලයක්‌ ලබාදිය යුතු බවය. අපගේ වැටහීමට අනුව විදුහල්පතිට පහර දුන් පුතා වෙනුවෙන් ඇපදීමටවත් එම පියා ඉදිරිපත් විය යුතු නැත. එහෙත් සංසාර සාගරයේ ගැඹුර කොතරම්ද යත් මේ පුතා බේරා ගැනීමට ඉදිරිපත්වනු ඇත්තේත් පියාමය.

මේ අර්ධ තිරිසන් තරුණයා කිසි කලෙකත් දේශපාලනයට නො යවන ලෙස මිහින්තලේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී අනිල් පුෂ්පානන්දගෙන් අපි නමස්‌කාර පූර්වකව ඉල්ලා සිටිමු. බිම් මට්‌ටමේ දේශපාලනඥයන් නිසා මේ ආණ්‌ඩුව සෑහෙන්නට මඩ කෑවේය. ඒ මඩ ඊළඟ පරම්පරාවටත් ගෙන යා යුතු නැත.
  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: වෘෂභ රාජ්‍යයේ ගොන් කතා Rating: 5 Reviewed By: Unknown