728x90 AdSpace

tv
Latest News
http://janathamina.blogspot.fr/

අපේ ප්‍රවෘත්ති

ඇත්ත නම්

අපේ කම

ශ්‍රී ලංකා

විසිතුර

කලා තොරතුරු

Thursday, 17 October 2013

" උඹලා පිළිකාවලට ප්‍රතිකාර කරන්න දන්නවා. අපි පිළිකා හදන්න දන්නව."

ලෝකයේ සමහර රාජ්‍ය තමන් අත්පත් කරගත් තාක්‌ෂණය හා විද්‍යාත්මක ඥානය යොදාගන්නේ මෙවැනි නින්දාසහගත අපරාධ ඉලක්‌ක සපුරා ගැනීමටය. දීර්ඝ ලෙස සංවාදයට ලක්‌විය යුතු මේ කාරණා අප විසින් මෙසේ සංක්‌ෂිප්තව පෙළගස්‌වනු ලබන්නේ සාධක සහිතවය.


  විශේෂඥ වෛද්‍ය වසන්ත දිසානායක මහරගම ජාතික පිළිකා රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්‌ෂක වරයාය. ඔහුට අනුව, සැලසුම් සහගත ඝාතකයෙකුට සිය ඉලක්‌කගත ගොදුරට රසායනික හෝ ජෛව පිළිකා කාරක ඇතුළත් කර මරණයට පත් කරන ආකාරය විද්‍යාත්මක පදනමක පිහිටා තහවුරු කළ හැකිය. මේ ඒ කරුණු පිළිබ`දව ඔහු විශේෂ සංවාදයකට එක්‌වන ආකාරයයි.

හරගම ජාතික පිළිකා රෝහල රටේ සුව සම්පත රක්‌ෂා කිරීම ස`දහා බිහිවුණ මහා සම්පතකි. පිළිකාවක්‌ වැල`දුන රෝගියෙක්‌ ස්‌වකීය අවසාන ජීවිත බලාපොරොත්තුව උපදවා ගන්නේ මහරගම පිළිකා රෝහලේ වාට්‌ටුවක බිත්ති හතර ඇතුළේදීය. රටේ අනෙක්‌ රෝහලක නැති, පිළිකා රෝහලේ ඉතාම වැදගත් අංශයක්‌ වන්නේ රෝගීන්ට විකිරණ ප්‍රතිකාර ලබාදෙන විකිරණ අංශයයි. නුතන තාක්‌ෂණික මහිමයේ ආදර්ශයක්‌ බදු මෙම ඒකකයේ ආරක්‌ෂණ පද්ධතිය ක්‍රියාත්මක වන්නේ ඇමරිකා එක්‌සත් ජනපදයේ විශේෂ අවධානය යටතේය. එබැවින්ම මහරගම ජාතික පිළිකා රෝහලත් එක්‌සත් ජනපදයේ රාජ්‍ය දෙපාර්තමේන්තුවත් එක්‌සත් ජාතීන් යටතේ ඇති අන්තර්ජාතික පරමාණුක බලශක්‌ති අධිකාරිය අතර ඇත්තේ ඉතා සමීප සබදතාවයකි. 



කෙසේ වෙතත් මේ හෙළිදරව් කිරීම හා බැ`දුණු සිදුවීම ඇතිවන්නේ මීට අවුරුදු තුනකට එපිටිනි. එනම් 2010 දීය. ඇමරිකා එක්‌සත් ජනපදයේ ජාත්‍යන්තර පරමාණුක බලශක්‌ති අධිකාරියේ විශේෂ පුහුණු වීම් සැසියකට ලංකාව නියෝජනය කරමින් මම සම්බන්ධ වුණෙමි. ඒ වකවානුවේ මා විසින් නිරීක්‌ෂණය කළ යථාර්ථය නම් මෙම ආයතනයේ වැඩි වශයෙන් සේවය කරන්නේ හමුදා සේවයේ සිටින හෝ සේවය නිමාකළ අයවලුන් විමය. මෙම පුහුණු සැසිවලදී මට හමුවන, අපේ පිළිකා රෝහලේ විකිරණ අංශය හා සම්බන්ධව කටයුතු කළ, ඇමරිකානු ජාතිකයෙක්‌ කලෙක මට සමීප මිත්‍රයෙක්‌ව සිටියේය. ඔහුත් හමුදා සේවය නිමාකළ ගුවන් නියමුවෙකි. ලංකාවට පැමිණි එක්‌ අවස්‌ථාවක මගේ නිල කාමරයේ මා ඉදිරියෙන් ඉ`දගෙන කතා කරමින් සිටි හෙතෙම දිනක්‌ මා බියෙන් සලිත කළ කතාවක්‌ කීවේය.

"ඩොක්‌ටර් උඹලා පිළිකාවලට ප්‍රතිකාර කරන්න දන්නවා. අපි පිළිකා හදන්න දන්නව."

ගණිකාවන් වැනි ලිංගික වෘත්තියෙහි යෙදුනවුන් අතර ගැබ්ගෙල පිළිකා බෝ වීමේ අවදානමක්‌ ඇත. ඒ හැරුණුකොට පිළිකා බෝවීමක්‌ සිදුවන්නේ නැත. එහෙත් විද්‍යාත්මක දැනුමින් සන්නද්ධ සැලසුම් සහගත ඝාතකයකුට පිළිකා කාරකයක්‌ අවශ්‍ය පුද්ගලයකුට ශරීරගත කරවිය හැකිය. එය විද්‍යාත්මක පදනමක්‌ සහිතව ඔප්පු කළ හැකි යථාර්ථයකි. ලෝකයේ සමහර රාජ්‍ය තමන් අත්පත් කරගත් තාක්‌ෂණය හා විද්‍යාත්මක ඥානය යොදාගන්නේ මෙවැනි නින්දාසහගත අපරාධ ඉලක්‌ක සපුරා ගැනීමටය. දීර්ඝ ලෙස සංවාදයට ලක්‌විය යුතු මේ කාරණා අප විසින් මෙසේ සංක්‌ෂිප්තව පෙළගස්‌වනු ලබන්නේ සාධක සහිතවය.

ඇමරිකානු විරෝධී ආකල්ප සහිත, ස්‌වකීය මවුබිමට ආදරය කළ බොහෝ රාජ්‍ය නායකයෝ මෑතකදී අකාලේ මිය ගියහ. ඒ මරණවලට හේතු වූයේ පිළිකාය. වැනිසියුලාවේ ජනාධිපති හියුගෝ චාවේස්‌ ලෝකයම ආදරය කළ නායකයෙකි. චාවේස්‌ට පිළිකාවක්‌ හටගත්තේය. පිළිකාව තිබුණු අවයවය ගැන ඔවුන් කිසිවක්‌ කීවේ නැත. එහෙත් උදරේ සැත්කම් ගණනාවකට චාවේස්‌ව ලක්‌ කළේය. අවසානයේදී හේ අධික වේදනා වි`ද මියගියේය. මේ මරණය වූ පසුගිය මාර්තුවේදී වැනිසියුලාවේ කොමියුනිස්‌ට්‌ පක්‌ෂය මෙම මරණය ඇමරිකානු කුමන්ත්‍රණයක්‌ බවට වන සැකය පළ කළේය. ෆ්ර්නැන්ඩෝ ලුගෝ පැරගුවේ හිටපු ජනාධිපතිවරයෙකි. ඔහුට පිළිකාවක්‌ වැළ`දුනේය. බ්‍රසීලයේ හිටපු ජනාධිපති ලුලා ද සිල්වා ස්‌වාරලයේ පිළිකාවකින් මේ මොහොතේත් පීඩා වි`දින්නේය. ආර්ජන්ටිනා ජනාධිපති ක්‍රිස්‌ටිනා ෆර්නැන්ඩස්‌ට "පැපිලරි කාසිනෝමා ඔෆ් තයිරොයිඩ්" ලෙස හැ`දින්වෙන පිළිකාවක්‌ වැළ`දිනි. තයිරොයිඩ්වල ඇතිවන මෙම පිළිකා විශේෂය ඔබට ඇතිකරන්නට අවශ්‍ය නම් මා කළ යුත්තේ ඔබ කන ලුණු වලට නියමිත ප්‍රමාණයට වඩා වැඩිපුර අයිඩින් එක්‌කිරීම පමණය. අවුරුද්දකින් ඔබට පැපිලරි කාසිනෝමාවක්‌ හදන්නට පුලුවන. මේ කතාව කියනු ලැබුවේ බලහත් කාරයෙන් හැදිය නොහැකි යෑයි කියනා පිළිකාවක්‌ අවශ්‍ය නම් නිර්මාණය කළ හැකි ආකාරය ගැන සරලව ඔබට තේරුම් කරන්නටය.

මේ වනවිටත් පිදෙල් ක්‍රැස්‌තෝ අබිරහස්‌ රෝගයකින් පීඩා වි`දී. හේ ජනාධිපති ධුරයෙන් ඉවත් වන්නේ ඒ පීඩාව හේතුවෙනි. ඔහුත් පීඩා වි`දින්නේ පිළිකාවකින් බව සැක කරයි. තවද කොලොම්බියා ජනාධිපති ජුවාන් මැනුවෙල් සැන්ටෝස්‌ට පිළිකාවක්‌ හැදුනි. මෙසේ මිය ගිය හා මිය යැමට නියමිත සියලු දෙනා හුදු සම්ප්‍රදායික රාජ්‍ය නායකයන් නොවේ. ස්‌වකීය රටට ආදරය කළ මිනිසුන්ය. දකුණු ඇමරිකානු රටවල් සහිත සිතියමක්‌ ගෙන එහි මේ රාජ්‍ය නායකයන්ගේ රටවල් ලකුණු කළහොත් මුළු දකුණු ඇමරිකාවම ආවරණය කරන දේශ ප්‍රේමී නායකයන්ගේ අකල් මරණ ඔබට දැකගත හැකිය. අපට වැටහෙන්නේ මේ එක්‌ මරණයක්‌වත් අහම්බයන් නොවන බවය.

මේ වනවිට ලෝකයේ ඉතාම ආන්දෝලනයට ලක්‌වෙමින් ඇති මරණයක්‌ වේ. එය පලස්‌තීන නායක යසර් අර්ෆත්ගේ මරණයය. යසර් අර්ෆත් මිය යන්නේ 2004 වර්ෂයේ නොවැම්බර් 11 වැනිදාය. ඔහුගේ මිනිය තැන්පත් කෙරිණි. මරණයට අවුරුදු අටකට පසු ඔහුගේ මිනියේ අවශේෂ පරීක්‌ෂා කර බලන විට පොලෝනියම් 210 ලෙස හැ`දින්වෙන අධි විකිරණශීලී සමස්‌ථානිකය සිරුරේ ද්‍රවමය කොටස්‌ වලත්, ඔහු පළ`දින සම්ප්‍රදායික හිස්‌වැසුමේත් තිබි හමුවූයේය. මේ වනවිට යසර් අර්ෆත් ගේ මරණය ඔහු විකිරණයකට ලක්‌ කර කළ මිනීමැරුමක්‌ විය හැකි බවට වන සංවාදය උපදවා තිබේ. මීට පෙර අවධියක කේජීබී ඔත්තුකරුවන් බොහෝ දෙනෙක්‌ පොලෝනියම් විෂ වී මිය ගියේය. එම මරණ අබිරහස්‌ මරණ ලෙස සටහන්ව තිබේ.

ලෝක ඉතිහාසයේ පෙළ ගැසෙනා තොරතුරු ප්‍රකාරව ඇමෙරිකාවේ සමහර කුමන්ත්‍රණවලට එක්‌වන කුමන්ත්‍රණකරුවන් එකපිට එක පිළිකා හැදී මිය යන ආකාරය ගැන තොරතුරු ලැබේ. මේ වනවිට කවුරුත් දන්නා ආකාරයට ජෝන් එෆ්. කෙනඩි ඝාතනය හුදකලා වෙඩික්‌කරුවකුගේ කටයුත්තක්‌ නොවේ. එය කුමන්ත්‍රණයකි. එක්‌ මිනීමරුවෙක්‌ හසුවුවද කෙනඩිට එක්‌ අයෙකුට වඩා වෙඩි තිබ්බෝය. එම කුමන්ත්‍රණයට සම්බන්ධ සැකකරුවන් 108 දෙනෙක්‌ අත්අඩංගුවට ගැනුණි. විශේෂත්වය වන්නේ ඔවුන්ගෙන් වැඩි දෙනෙක්‌ මිය ගියේ පිළිකා වලින් වීමය.

පිළිකාවක්‌ යනු ශරීර කොටසක සෛලවල අපේක්‌ෂා නොකරන ආකාරයේ අසාමාන්‍ය වර්ධනයකි. මෙම වර්ධනයන් ඇතිකරවීමට රසායනික ද්‍රව්‍ය හා විකිරණ මෙන්ම ජීව විද්‍යාත්මක සංඝටකද යොදා ගත හැකිය. අපට හමුවන සුලබ පිළිකාවල රෝග කාරකය වන්නේ බොහෝවිට බැක්‌ටීරියාවක්‌ වෛරසයක්‌ හෝ දිලීරයකි. වැඩිදියුණු කළ මෙම පිළිකා කාරක අපේක්‌ෂිත පුද්ගලයන් වෙත ශරීරගත කළ හැකිය. ජලය මගින්, කෑම මගින්, විකිරණ කලාපයන්ට රහසේ නිරාවරණය කර මෙම පිළිකා ඇතිකරවීමේ අවදානම තිබේ. රෝග කාරකය සහිත නමුත් ප්‍රතිශක්‌තිකරණයට ලක්‌ කළ පුද්ගලයන් සමග අතට අත දීම, සිප වැළ`දගැනීම, වැනි ක්‍රම මගින් මෙම පිළිකා කාරක ද්‍රව්‍ය ශරීර ගත කළ හැකිය. නැවතී සිටින නවාතැනේ දොර අගුල් වල, නාන කාමරයේ ජල කරාම වල, මෙන්ම වායු සමන යන්ත්‍රවල වායු ධාරක අතර ද මෙම පිළිකා කාරක ද්‍රව්‍ය තැන්පත් කර තබා ශරීරගත කළ හැකිය. මේ මරණ ලෝකයේ ඕනෑම තැනකදී සිදුවිය හැකිය. ඕනෑම අවස්‌ථාවකදී මේ ක්‍රියාවලිය ආරම්භ විය හැකිය.

මේ මරණීය අවදානම බටහිර ගැති නොවනා ලෝකයේ ඕනෑම ප්‍රගතිශීලි නායකයකුට, ජනතා ප්‍රසාදයක්‌ සහිත දේශපාලකයකුට, කලා කරුවකුට හෝ දියුණු සමාජ ක්‍රියාකාරිකයකුට තිබේ. අපේ රට ගැන සලකා බලන විට එවැනි මෙහෙයුම් අපේ කලාපය තුළ බලවතුන්ට ද දියත් කළ හැකි බව වටහා ගත යුතුය. අද මේ රටේ බලවත්ම ගැටලුව රටට පිළිගත හැකි ජාතික නායකයින් ගේ විරල කමය. ලලිත් ඇතුලත්මුදලි, ගාමිණි දිසානායක, රණසිංහ ප්‍රේමදාස වැනි නායකයින් එක පිට එක මැරී වැටෙනා විට ලෝකය ඇ`ගිල්ල දික්‌ කරනු ලැබුවේ කොටි සංවිධානයටය. එහෙත් එම ඝාතන පිටුපස වෙනත් බලවේග තිබුණාද යන්න ගැන නිසි විමසීමක්‌ මේ වනවිටත් අප කර නැත. හිටපු ජනාධිපති ලේකම් බ්‍රැඩ්මන් වීරකෝන්ට අනුව කොටි සංවිධානයට රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා මරන්නට බරපතල අවශ්‍යතාවක්‌ තිබී නැත.

ලෝකයේ කටයුතු සිදුවන්නේ අප හිතන සරල සුගම ආකාරයෙන් නොවේ. එහි සංකීර්ණ ස්‌වරූප හ`දුනාගැනීම බෙහෙවින්ම අසීරුය. එබැවින්ම මේ හෙළිදරව් හුදු හිතලු ලෙස බැහැර විය හැකිය. ගර්හාවට ලක්‌විය හැකිය. එහෙත් බලය රක්‌ෂා කරගැනීම ස`දහා බලය සහිත උන් ඕනෑම දුෂ්ට අමානුෂික මෙහෙයුමක නිරතවන ආකාරය මනුෂ්‍ය ඉතිහාසය පුරාම ලියෑවී තිබේ. ඉතිහාසය ගලාගෙන එන්නේ ඒ ම්ලේච්ඡ අත්දැකීම් අතරිනි. එම අමානුෂික ම්ලේච්ඡත්වය ලෝකයට හෙළිදරව් වන්නේ කාලයත් සමගිනි.

මේ සංවාදයේ බිහිසුණු යථාර්ථය වටහා ගන්නට ලෝකය තවත් කලක්‌ ගතකරනු ඇත. ඒ වනවිට ලෝකයට වැඩදායී උන්නතිකාමී මනුෂ්‍යයින් කොපමණ ප්‍රමාණයක්‌ මරා දමනු ලැබ ඇත්දැයි අප දන්නේ නැත.

වසන්ත දිසානායක
නියෝජ්‍ය අධ්‍යක්‌ෂ - මහරගම ජාතික පිළිකා රෝහල




  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: " උඹලා පිළිකාවලට ප්‍රතිකාර කරන්න දන්නවා. අපි පිළිකා හදන්න දන්නව." Rating: 5 Reviewed By: Unknown