728x90 AdSpace

tv
Latest News
http://janathamina.blogspot.fr/

අපේ ප්‍රවෘත්ති

ඇත්ත නම්

අපේ කම

ශ්‍රී ලංකා

විසිතුර

කලා තොරතුරු

Thursday, 6 February 2014

එළදෙන රැකගන්න පැමිණි එඬේරෙක්...

මව්බිම පුවත්පතේ "Young" අතිරේකයේ 18 වංගුව නමැති විශේෂාංගයට ගයේෂා පෙරේරා විසින් පිළිතුරු ලබාදෙමින් සිටින අතරතුර ඇයගේ  පෙම්වතා  යයි  කියාගන්නාවූ හසන්ජිත් විසින් එම සම්මුඛ සාකච්චාව මැදට පැන එය නවත්වා ඇතිබව වාර්තාවේ. 

  • ප්‍රසිඩන්ට්වත් බෑ 18 න් තුනකටවත් උත්තර දෙන්න 
  • ගයේෂාට බැරි උනොත් මිනිස්සු කියයි ගොන් හරකියක් කියල 
  • ගයේෂාට හෙට අනිද්දා නොමිනේෂන් හම්බ වෙනවා 
  • ගයේෂාට වෙනම මිඩියා ටීම් එකක් ඉන්නවා , ප්‍රසිඩන්ට් හවුස් එකෙන් මොනිටර් කරනවා 

18 වංගුව නමැති විශේෂාංගය මගින් සිදු කෙරෙනුයේ කලාකරුවන්ගෙන් ප්‍රශ්න 18 ක් දුරකතනයෙන් අසා ඔවුන් ලබා දෙන පිළිතුරු එහි සටහන් කිරීමය. හසන්ජිත් සහ මව්බිම මාධ්‍යවේදී සුපුන් අතර ඇතිවූ සංවාදය පහත වේ. 

හසන්ජිත් :- දැන් මේ වෙලාවෙ ඔයා දන්නවනෙ මෙයාගෙ තත්ත්වෙ. ගයේෂා ඡන්දෙකට ලෑස්ති වෙනව. ගොං උත්තරයක් දීල බෑනෙ. ජෙනුවින්ලි කියන්න මම ඔයාගෙන් ප්‍රශ්න ඇහුවොත් ඔයාටත් බෑනෙ. මම ප්‍රශ්න 20 අහල මට පුළුවං 18න් ඔයා අවුට් කරන්න.

මව්බිම :- හසංජිත් මෙහෙමයි. මේ ප්‍රශ්න පුංචි දරුවො පවා දන්න ඒවා. අමාරු ප්‍රශ්න නෑ මෙතැන.
හසන්ජිත්  :- ඔව්. ඔව්. මේකයි. ගයේෂා අද උදෙත් ඩිබෙට් එකක්. ඊයේ රෑත් ඩිබෙට් එකක්. මව්බිමේ මෙච්චර දවසක් ගත්ත ආර්ටිකල්වලට ඉගිළෙන මාළුවො. බැරිනං ඕනම දෙයක් ඇහුවත් ගයේෂ උත්තර දේවි ඔයා දන්නවනෙ.
අහන ප්‍රශ්න ටික සාධාරණව අහන්න. නැත්තං මොකද දන්නවද? ගයේෂට වෙනම මීඩියා ටීම් එකක් ඉන්නව ප්‍රසිඩන්ට් හවුස් එකෙන් මොනිටර් කරනව. එතකොට අපිට මෝඩ වැඩ කරන්න බෑ මේ වෙලාවෙ. දෙන ආර්ටිකල් පවා ලිමිට් කරන්න කියල තියෙන්නෙ අපිට.


මව්බිම :- හ්ම්... හ්ම්...
හසන්ජිත්  :- මම මේ කියන්නෙ මව්බිම එක්ක කිසිම ඉෂූ එකක් නෑ. මව්බිම අපිට ගොඩාක් සපෝට් කරල තියෙනවා. ගිය සතියෙ වුණත් ගයේෂගෙ ආර්ටිකල් දෙකක් දාල දුන්න. ඒව ඔක්කොම පර්ෆෙක්ට්. ඔයා කල්පනා කරල බලන්න හරි ප්‍රශ්නද අහන්නෙ කියල. මොකද ගයේෂ තමයි අද පත්තරවල හෙඩ්ලයින් ඉන්නෙ. දැන් අපි වාසිගන්න නිළියන්ගෙ මොළේ පරීක්ෂා කරන්න ගියොත් මම වගකීමෙන් කියනව දැනුම බුද්ධිය අනෙක් අයට වඩා. නමුත් අමාරුවෙ දාන ප්‍රශ්න අහන්න එපා. ඒක නිසා ඔයා එඩිටත් එක්ක කතා කරල...

මව්බිම :- හසංජිත් මම මේ සම්බන්ධයෙන් එඩිටත් එක්ක කතා කරල තියෙන්නෙ.
හසන්ජිත්  :- මොකද දන්නවද ප්‍රශ්නෙ තියෙන්නෙ. මේක ඉලෙක්ෂන් එකක් කරන මොහොතක් වීම. ඉඳුනිල් දිසානායක ඡන්දෙ ඉල්ලන්නෙ නෑනෙ. අනෙක ගයේෂගෙ මයින්ඩ් එක මේ වෙලාවෙ බිසී.

මව්බිම :- මයින්ඩ් එක බිසී වුණා කියල උත්තර දෙන්න අමාරු ප්‍රශ්න නෙවෙයි මේවා. අපි ඉස්කෝලෙ යන කාලෙ අහපු සරලම ප්‍රශ්න.
හසන්ජිත්  :- හරි ළමයෝ. ඔයාට මං කියන එක තේරෙන්නෙ නෑ. මට ඔයාගෙ ආර්ටිකල් එක ගැන කිසිම ඉෂූ එකක් නෑ. මං කියන්නෙ ප්‍රශ්න සාධාරණ නං අවුලක් නෑ. ගයේෂා ලබන සතියෙ නොමිනේෂන් ගන්න ඉන්නෙ. ඊළඟ මාස දෙක ඇතුළෙ ඡන්දෙ. අපි ඕක ඉලෙක්ෂන් එකෙන් පස්සෙ කරමු. විහිළු නෙවෙයි.

මව්බිම :- මමත් විහිළු නෙවෙයි කරන්නෙ.
හසන්ජිත්  :- ඉන්න කියන්න. මමත් මීඩියා චැනල් එකක හෙඩ් කරපු කෙනෙක්.

මව්බිම  :- ඔව් ඒක මම දන්නව.
හසන්ජිත්  :- ඒකනෙ කියන්නෙ. අපි වාද පිටිය ඊයෙ කරා. වාද පිටියට එන්න බෑ කිව්ව නදීෂා, රුවන්ති, ජින්ජර් ලබන ඉරිදා දෙරණෙන් අපිත් එක්ක උදෑසන වැඩසටහනකට කතා කරනව. ඩිබෙට් එකකට එන්න බැරි කට්ටියක් එක්ක අපි උදෑසන වැඩසටහනකට යන්න ඕන නෑනෙ.

මව්බිම :- හසංජිත් කතන්දරේ මෙහෙමයි. 18 වංගුවට ඡන්දෙට ඉදිරිපත් වෙන හැම කලාකරුවෙක් වගේම දේශපාලකයන්ගෙ පුතාල දුවලත් එකතු කරගන්නව. ගයේෂට ගත්තෙත් ඒ පදනම මත.
හසන්ජිත්  :- ගයේෂා මීඩියා එක්ක හොඳයි. මීඩියා තමයි ගයේෂව උස්සල තිබ්බෙ. අද උදේ පළමුවැනි කෝල් එක දිවයින එඩිටගෙන්. අහන ප්‍රශ්න සාධාරණව අහන්න ගයේෂා රෙඩි වුණේ පොලිටිකල් ආර්ටිකල් එකකට. මේ වෙලාවෙ ඔයාගෙ ප්‍රශ්නවල පොඩි අසාධාරණ කමක් තියෙනව.

මව්බිම  :- ගයේෂට මම පැහැදිලි කරල තියෙන්නෙ.
හසන්ජිත් :- හොඳම දේ මම කියන්නද. ඔයා ඕකට ඡන්දෙට ඉන්න අය නෙවෙයි. නිකං ඉන්න ආර්ටිස්ලව දාන්න. ඡන්දෙන් පස්සෙ අපි බලමු ගයේෂව දාන්න. ඔයා පළමු වැනි කකුල් මාට්ටුව දාන්නෙ ගයේෂට.

මව්බිම :- මේක කකුල් මාට්ටුවක් නෙවෙයි එහෙම දැනෙන්නෙ පොඩ්ඩක්වත් සාමාන්‍ය දැනුම නැති කෙනකුට.
හසන්ජිත් :- හරි ඔයා ප්‍රශ්න ටික එවන්නකො. අපි ඒ ප්‍රශ්නවලට උත්තර දීල එවන්නං.

මව්බිම :- එහෙම කරන්න බෑ හසංජිත් ඔයත් මීඩියාවල හිටපු කෙනෙක් කිව්වනෙ. එතකොට දන්නවනෙ පත්තරේක ක්‍රමවේදය.
හසන්ජිත් :- ඒක තමයි මම කියන්නෙ. ගයේෂට මීඩියා ටීම් එකක් ඉන්නව. හරි ඔයාට පුළුවන්ද නාමල් රාජපක්ෂට එක පාරටම ප්‍රශ්න 18 අහන්න බෑනෙ.

මව්බිම :- නාමල් රාජපක්ෂ මන්ත්‍රිතුමා පළාත් සභාවට ඉල්ලන්නෙ නෑ.
හසන්ජිත් :- අපි ගයේෂව ප්‍රටෙක්ට් කරගෙන ඉන්නෙ. මීඩියාවලින් ගහනව. ඉගිළෙන මාළුවන්ගෙන් ගහනව, ඔයාලගෙ කැලෑ පත්තරෙන් ගහනව. ඔයා මමවත් උත්තර දන්නෙ නැති ප්‍රශ්න අහන්නෙ. පැලදොරින් මොකක්ද නේද අහපු ප්‍රශ්නෙ.

මව්බිම :- ඒ ප්‍රශ්නෙට උත්තරෙ ඔයා දන්නෙත් නැද්ද? හසංජිත් ඔයා චැනල් එකක හෙඩ් වෙලා ඉඳලත් පෑලදිග කියන්නෙ බටහිරට කියල දන්නෙ නැද්ද?
හසන්ජිත් :- ඉතිං ළමයො මම ඉගෙන ගත්ත ඉස්කෝලෙ මට ඕක කියල දීලා නෑ. ඒකයි මම කියන්නෙ මේක හරිම ඔළුවෙන් කරන්න ඕන වැඩක්. නදීෂා හේමමාලි ඔයාලගෙ ප්‍රශ්න ඊ-මේල් කරන්න කියපු වෙලාවෙත් ගයේෂා ආර්ටිකල් එක දුන්න.

මව්බිම :- මේ ප්‍රශ්නවලට හොඳට උත්තර දුන්නාම ඒක ඇඩ්වාන්ටේජ් එකක් කරගන්න පුළුවන් නේද?
හසන්ජිත් :- උතුර - දකුණ පේන්නෙ නෑ. ප්‍රශ්නවලට උත්තර දෙන්න පුළුවං මානසික මට්ටමක්ද තියෙන්නෙ. යං කවර් පේජ් එකටත් ගයේෂ හිටිය. හරි නම් ඔයා කියන්න ඕන 'මෙන්න තියෙනව ගයේෂා ප්‍රශ්න 18 මට මේකට උත්තර දෙන්න' කියන එක.

මව්බිම :- එතකොට හසංජිත් උත්තර කොහෙන් හරි හොයල දෙන්න පුළුවන්නෙ. ආර්ටිකල් එකේ තේරුමක් නෑ එතකොට.
හසන්ජිත් :- ඒක තමයි අපි වෙන මොකක් හරි කරමු. 17, 13, 18, 19 සංශෝධන විතරක් නෙවෙයි. සෝභිත හාමුදුරුවන්ගෙ 21 සංශෝධනය බලාගෙන ඉන්න මිනිහෙකුට වතිකානුවෙයි පැපුවානිව්ගිනියාවෙයි සයිස් එක හොය හොයා ඉන්න බෑ.

මව්බිම :- එහෙමද?
හසන්ජිත් - අපේ කලාකාරයො ඔලමොට්ටලයො. නමුත් ගයේෂා පෙරේරා ඔලමොට්ටලයෙක් නෙවෙයි.

මව්බිම :- ඒකෙන් අලුත් ප්‍රශ්නයක් එනව නේද සේරම කලාකරුවො ඔලමොට්ටලයො. ගයේෂා එහෙම නොවෙනකොට, ගයේෂා කලාකරුවෙක් නෙවෙයිද කියල.
හසන්ජිත් :- ඒක ඔප්පු කරා. ඊයේ වාද පිටියට අනෙක් අය ආවෙ නෑ. අපි දෙන්න අතරෙ ආගියුමන්ට් ඕන නෑ. ඔයා ට්‍රයි කරන්නෙ මගේ ආර්ටිකල් එකක් කරන්නද?

මව්බිම :- අපෝ නෑ. ඔයාගෙ ආර්ටිකල් එකක් කරන්න තරං වැලිව් එකක් නෑ.
හසන්ජිත් :- ආ... ඒකනෙ එහෙනං වෙන කෙනෙක් හොයල ආර්ටිකල් එක කරන්න. අපිට පබ්ලිසිටි හොඳටම ඇති. ගයේෂගෙ දැනුම මනින්න බෑ ඔයාලට ඕන ප්‍රශ්න අහල.

මව්බිම :- ඒ කියන්නෙ ගයේෂාගෙ දැනුම මනින්න ඕන ගයේෂට ඕන ප්‍රශ්න අහලද?
හසන්ජිත් :- කුණුහරුප කතා කරන්න එපා සුපුන්. ඔයා නිකං රෝන් ටෝක් දාන්න එපා. මාධ්‍යවේදියෙක් වෙච්ච පළියට මාත් එක්ක හරිද? මනුස්සයෙක් එක්ක කතා කරද්දි හරියට කතා කරන්න. මාධ්‍යවේදීන්ට ඕන දේ නෙවෙයි වෙන්න ඕනෙ. ඔයාල මාධ්‍ය සදාචාරය කඩල දාලා ගොසිප් සදාචාරයට රිංගන්න හදන්නෙ. ඔයාලගෙ කැලෑ පත්තරෙන් කැත විදියට ගහල තිබුණ නදීශටයි, ගයේෂටයි, සංවරව හැසිරෙන්න.

මව්බිම :- හරි අවසානයෙ කියැවෙන්නෙ ගයේෂා 18 වංගුවට කැමැති නෑ කියලනෙ.
හසන්ජිත් :- තුන් වැනියට ඔයා අහපු ප්‍රශ්නෙට මටත් උත්තර නෑ. සමහරවිට මට වඩා ඔයාග දැනුම වැඩි ඇති.

මව්බිම :- ඒ කියන්නෙ පළමුවැනි ප්‍රශ්න දෙකටත් උත්තර දුන්නෙ හසංජිත්ද?
හසන්ජිත් :- සමහර වෙලාවට ජනාධිපතිතුමාට ඔය ප්‍රශ්න 18 දුන්නත් එතුමටත් පුළුවං වෙයි ප්‍රශ්න තුනකට උත්තර දෙන්න. ඔයා දන්නවනෙ ජනාධිපතිතුමා එකපාරට ආර්ටිකල් දෙන්නෙ නෑනෙ. හොඳට ප්‍රිපයාර් වෙලා එන්නෙ. 

දෙරණ 360 දී උපේක්ෂට කරපු දේද ඔයා ගයේෂට කරන්න යන්නෙ. ඒකට ඉඩ දෙන්නෙ නෑ අපි. දිදුල බෝගහකුඹුරල, ක්ලෝචිලා මේ ඔක්කොම ගයේෂට උදවු කරනවා. ඉතිං ඒ වගේ ජේෂ්ඨ මාධ්‍යවේදීන් උදවු කරන තැන ඔයත් ඉඳ ගන්න.
මං ඒකයි කියන්නෙ. ඔය ප්‍රශ්න 18 තුනකට විතරයි නම් ගයේෂට උත්තර දෙන්න පුළුවං. යං බලන අය කියාවි ගොං හරකියෙක්නෙ මේකි කියල. ඉවරයිනෙ වැඩේ.

මව්බිම :- ඇත්තටම ප්‍රශ්න 18න් තුනකට විතරයි නං උත්තර දෙන්න පුළුවං ඒක ලොකු ප්‍රශ්නයක් මොකද මේව සරල ප්‍රශ්න.
හසන්ජිත්  :- මේක අහන්නකො. ගයේෂට ඊට වඩා උත්තර දෙන්න පුළුවං කියල මම දන්නව. ඔයාලට ඉන්ටවීව් දෙන්නෙ නැති පොලිටීෂියන්ල අද ඉන්නෙ.

ගයේෂා :- සුපුන්. මට මේ ඉන්ටවීව් එක කරන්න ඕන නෑ.


  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: එළදෙන රැකගන්න පැමිණි එඬේරෙක්... Rating: 5 Reviewed By: Unknown