728x90 AdSpace

tv
Latest News
http://janathamina.blogspot.fr/

අපේ ප්‍රවෘත්ති

ඇත්ත නම්

අපේ කම

ශ්‍රී ලංකා

විසිතුර

කලා තොරතුරු

Sunday, 2 February 2014

මිය යන මොහොතේ අත්දැකීම් විද්‍යාත්මකව පැහැදිලි කළ හැකිද...?

වසර ගණනාවක් මුළුල්ලේ මිනිසුන් මියෙන මොහොතේදී ඔවුන් මුහුණ දෙන විස්මිත අත්දැකීම් අළලා කළ අධ්‍යයනයක් ඇසුරෙන් වෛද්‍ය පෙනී සාර්ටෝරි කෘතියක් රචනා කර ඇතැයි වාර්තා වේ.
ඇය පවසා ඇත්තේ මේ පිළිබඳව කිසිදු විද්‍යාත්මක පැහැදිලිකිරීමක් මෙතෙක් සිදු නොකළ බවයි.  ඒ පිළිබඳව උත්සහයක්ද නොවීම කනගාටුවට කරුණක් බව ඇයගේ අදහසයි.

වෛද්‍ය සාර්ටෝරි සිය සේවා කාලයේ ආරම්භක යුගයේ හෙදියක් ලෙසින්ද කටයුතු කර ඇති බව වාර්තා වේ.  ඇය පවසන්නේ ඇතැම් පුද්ගලයන්ට තවත් කෙනෙකුගේ මරණය පිළිබඳ පෙරනිමිති දැකීමට හැකිවූ බවයි.
මේ අතර බි‍්‍රතාන්‍ය රෝහලක හෙදියක් වශයෙන් කටයුතු කරද්දී රෝහලේ මියයමින් සිටි කාන්තාවක් ආලෝකයක් අසල සිටි උස පුද්ගලයකු වෙතට යෑම ඇය අසල සිටි ඇගේ සැමියා සහ දියණිය විසින් නිරීක්ෂණය කළ බව සාර්ටෝරි පවසයි.

මේ අතර බොහෝ පුද්ගලයන් මියයාමට යම් කලකට පෙර සිට අංගචලනයන් භාවිතා කරමින් මළවුන් සමග කථා කරන බවත් ඇල්ෂයිමර් වැනි මොළයේ රෝගී තත්වයන් ඇති කථා කිරීමට පවා නොහැකි රෝගීන් මියයාමට මොහොතකට පෙර හොඳින් කථා කරනු දුටු බවත් ඇයගේ කෘතියේ දැක්වේ.
ඇය පවසා ඇත්තේ ඇතැම් පුද්ගලයන්ට තමන් මියන මොහොත තීරණය කිරීමට හැකියාවක් පවතින බවයි.
බොහෝවිට මරණය අසල සිටින පුද්ගලයන් තම ආදරණීයයන් ඉවතට ගිය අවස්ථාවන්හිදී මිය යාමට තෝරාගන්නා බව පෙනෙන්නට ඇති බවත් ඇතැම් විට ඔවුන් මරණයෙන් වෙන්කර තබාගන්නා එකම හේතුව ජීවත්වන්නවුන්ගේ ආදරය බව ඉන් පැහැදිලි වන බවත් වෛද්‍ය සාර්ටෝරි පවසා තිබේ.
  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: මිය යන මොහොතේ අත්දැකීම් විද්‍යාත්මකව පැහැදිලි කළ හැකිද...? Rating: 5 Reviewed By: Unknown