මේ අතරින් නළුවන් වැඩිම පිරිසක් නාම යෝජනා භාර දී ඇත්තේ සරත් ෆොන්සේකාගේ නායකත්වයෙන් යුත් ප්රජාතන්ත්රවාදී පක්ෂයෙනි.
එම පක්ෂයෙන් කොළඹ දිස්ත්‍රික්කයට නලීන් ප්‍රදීප් උඩවෙල හා ජගත් බෙනරගමද, කළුතර දිස්ත්‍රික්කයට රවීන්ද්‍ර යසස්ද නාම යෝජනා භාර දී තිබේ.
එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ තරග කිරීමට නිළියන් තිදෙනෙකු නළුවෙකු හා ගායකයෙකුද නාම යෝජනා භාරදී තිබේ. නිළියන් වන්නේ ගීතා කුමාරසිංහ (ගාල්ල) මල්ෂා කුමාරතුංග (කොළඹ) හා අනර්කලී ආකර්ෂා (මාතර)ය.
මීට අමතරව හෙළ උරුමය නියෝජනය කරන ගායන ශිල්පී මධු මාධව අරවින්ද, එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ගම්පහට තරග කරයි.
මීට අමතරව ගියවරද බස්නාහිර පළාත් සභාවට පත්වූ රොජර් සෙනවිරත්න මෙවරත් සන්ධානයෙන් කොළඹට නාම යෝජනා භාරදී තිබේ. ඔහු ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරයි.
මෙවර ඡන්දයට එජාපයෙන්ද නිළියකට නාම යෝජනා ලැබි තිබේ. ඇය මාතර දිස්ත්‍රික් එජාප ලැයිස්තුවෙන් තරග කරන නදීෂා හේමමාලිය. එක්සත් ජාතික පක්ෂයෙන් කොළඹ දිස්ත්‍රික්කයට රොඩ්නි පේරෂර්ද නාම යෝජනා භාරදී තිබේ.
0 comments:
Post a Comment