සමර්සෙට් මෝම් බ්‍රිතාන්‍යයෙන් බිහිවූ මාහැඟි නවකතාකරුවෙකි. ඔහු තුළ තුබූ දුරදක්නා නුවණත් ස්වකීය ජීවිත දර්ශනය එක් මාහැඟි වාක්‍යයකින් පිඬුකොට දැක්වීමේ හැකියාවක් අතිශය විස්මය ජනකය.
1874 ජනවාරි මස 25 දා උපන් මෝම්ට වයස අවුරුදු 08 පිරෙන විට මව මියගිය අතර ඔහුගේ පියා මිය ගියේ ඉන් වසර 02 කට පසුවය. මෝම් පවුල ජීවත්වූයේ පැරීසියේය.
සමර්සෙට් මෝම් ගේ මවත් පියාත් මිය යාමෙන් පසු තම මාමාගේ සෙවණ යට ඇති දැඩි වූ ඔහු යෞවන වියේදීම අධ්‍යාපන කටයුතුවලට දක්‍ෂයකු බව ප්‍රකට කළේය. ගත්කරුවකු වීමට පෙරුම් පිරූ මෝම් රටරටවල සංචාරය කිරීමට දැඩි කැමැත්තක් දැක්වීය. පසුව ඔහු තම මාමාගේ ඉල්ලීම පරිදි වෛද්‍ය විද්‍යාව හැදෑරීමට තීරණය කළේය. මෝම් වයස අවුරුදු 18 දී ශාන්ත තෝමස් වෛද්‍ය විද්‍යාලයට ඇතුළු විය. එහෙත් ඔහු මහත් අභිරුචියකින් වෛද්‍ය විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු වල නිරත නොවූ අතර ඔහු වඩාත් ආසක්ත වූයේ ලේඛන කලාවටය; දේශාටනයටය.
මේ කාල වකවානුවේදී ඔහු ඉංගී‍්‍රසි සාහිත්‍ය කෘති පරිශීලනයටත් යුරෝපා සාහිත්‍ය හැදෑරීමටත් යොමු විය. ඔහු පොත් රැසක් පරිශීලනය කළේය. වෛද්‍ය විද්‍යාලයේ සිටියදී මෝම් තම ප්‍රථම නවකතාවේ වැඩ අවසන් කළේය. ”Lisa of Lambeth” කෘතිය ලියා අවසන් කළ මෝම්ට වෛද්‍ය විද්‍යාලයේ අවසන් වසරේදී තෙවිසි විය සපිරිණි.
මෝම් අවසන් වශයෙන් තීරණයකට එළැඹුණු අතර දේශාටනය ඔහු තෝරාගත් මඟ විය. මේ වන විට ඔහුට පියාගේ වත්තෙන් මසකට පවුම් 150 ක් ලැබිණි. ඔහු ඉතාලියට හා ස්පාඤ්ඤයට යාමට තීරණය කළේය.
මෝම් පැරීසියේදී කලාකරුවන් හා ගත්කතුවරුන් පිරිසක් සමඟ එක්විය. 1892 දී ඔහු ප්‍රථම නාට්‍යය රචනා කළේය. ඉන්පසුව ඔහු A man of Honour හා Lady Fredrick යන නාට්‍ය ලියා කරළියට අවතීර්ණ කළේය. පළමුවැනි ලෝක යුද්ධයෙන් පසු ඔහු නාට්‍ය 5 ක් රචනා කළේය. බ්‍රිතාන්‍යයේදී ඔහුගේ නාට්‍යවලට ඉහළම ප්‍රේක්‍ෂක ප්‍රතිචාරය ලැබිණි. මෝම් 1912 දී ”Human Bondage” නවකතාව රචනා කළේය. මෝම් ගේ ”The moon and sixpence” ග්‍රන්ථය උණු කැවුම් මෙන් විකිණිනි. 1914 දී මෝම් ප්‍රංශයේ රතුකුරුස සංවිධානයට බැඳී එහි සේවය කළේය. මේ කාලයේදී ඔහු මහත් අත්දැකීම් සම්භාරයක් ලබා ගත්තේය.
1916 දී ඔහු ”Syrie” මෙනෙවිය සමඟ විවාහ දිවියට පත් විය. සමර්සෙට් මෝම්ගේ දැලි පිහි තුඩ නමැති නවකතාවෙන් මාර්ටින් වික්‍රමසිංහ මහතා විරාගය නවකතාවේ අරවින්දගේ චරිතය ගොඩ නැංවීමට ආභාසය ලබා ඇතැයි ඇතැම් විචාරකයන් පෙන්වා දෙති. මෝම්ගේ මෙම නවකතාව අතිශය ලෞකික හා ආධ්‍යාත්මික හැඟුම් ප්‍රකට කරවන මාහැඟි කෘතියක් ලෙස විචාරකයෝ දකිති.
මෝම්ගේ විවාහය එතරම් කාලයක් නොපැවතුණි. මෝම් ඉතා සංකීර්ණ පුද්ගලයෙක් විය. ඔහු දේශාටනයටත් ලේඛන කලාවටත් ආසක්ත වූවෙකි. මෝම්ගේ හා මෝම් මහත්මියගේ අදහස් නිතර ගැටුණු අතර එහි ප්‍රතිඵලයක් වශයෙන් 1927 දී ඔහුගේ විවාහය දික්කසාදයකින් කෙළවර විය.
විවාහය අසතුටුදායක ලෙස කෙළවරවීම මෝම්ට දරාගත නොහැකි විය. ඔහු වඩා වඩාත් දේශාටනය වෙත ඇදී යන්නට විය. විවිධ රටවල සංචාරය කරමින් අත්දැකීම් ලබාගන්නට මෝම් තැත් කළේය.
මෝම් ඇමරිකාවට ගිය අතර 1919 දී ඔහු තම නවතම කෘතිය එළි දැක්වීය. 1921 සිට 1931 අතර කාලය ඔහුගේ ජීවිතයේ සරුම කාලය විය. එම කාලයේදී මෝම් අතින් ලේඛන කටයුතු රැසක් එළි දැක්විණි. එම කාලයේදී හාස්‍යෝත්පාදක කතා තේමාවන් ගත් ”The Circle”, “The Constant wife” සහ ””The Breadwinner” යන නාට්‍ය ත්‍රිත්වය මෝම් විසින් රචනා කරන ලදී. දෙවන ලෝක යුද්ධයේදී ගැටලු වලට මුහුණ දුන් මෝම් 1950 දී සිය අවසන් නවකතාව රචනා කළේය. ”The Razor’s Edge” රචනා කළ ඔහු ලිපි රැසක් ලියා පළ කළේය. 1958 දී මෝම්ගේ අවසන් කෘතිය එළි දැක්විණි. 1965 දෙසැම්බරයේ දී මෝම් ප්‍රංසයේදී මිය ගියේය.
සමර්සෙට් මෝම්ගේ ”Painted Veil” නවකතාව සිංහලට නැගී ඇත. ඩබ්ලිව්. පී. සෙනෙවිරත්නයන් විසින් එය සිංහලට නගා ඇත්තේ සෝබන වේල්පට යනුවෙනි.
සෝබන වේල්පට නවකතාවේ චරිත විසින් ඇති කර ගන්නා ලද ගැටලුවලට මැදිවී එම ගැටලුවලින් පීඩා විඳිමින් ඉතා දිගු කලක් තිස්සේ කුරිරු හස්තයට හසුව ජීවිත ගැටලු පසක් කොට ගනිමින් සිටින එහි පාත්‍රවර්ගයාට සියල්ල සිදුවී හමාර බව දක්නට ලැබෙයි.
සමාජ ගැටලු කවර සමාජයකට වුවද පොදු වූවකි. සමාජ ගැටලු පිළිබඳවත් විවිධ චරිතයන් එයට මුහුණ දෙන ආකාරය පිළිබඳවත් සමර්සෙට් මෝම් මෙම නවකතාවෙන් කදිමට චිත්‍රණය කරයි.
මෝම් තම චරිත දීප්තිමත් කිරීම සඳහා පරිසර වර්ණනා ඉතා මඳ වශයෙන් යොදා ගනී. ඔහු චරිත වටා ඇති පරිසරය පමණක් ඉතා සරල ලෙස වනයි. ඔහු තම චරිත දීප්තිමත් කිරීම සඳහා යොදා ගන්නේ ඉතා කෙටි වර්ණනාවන් පමණි. ඔහු ගෙනෙන වර්ණනා ඔහු විසින් ම නිර්මිත විශේෂ ශෛලියකින් යුත් ඒවාය.
”ඒ කුඩා ගොඩනැඟිල්ලේ පිය ගැට මත හිඳගෙන ඔවුහු පහතින් පිහිටි වසංගතය බිලිගෙන තිබූ නගරය දෙසට සෙමින් ගලා බසින ගඟ දෙස බලා සිටියෝය. ඒ නගරය වටා ඉදිකොට තිබූ තාප්පය ඔවුන් සිටි තැනට මනාව දිස්විය. එහි වූ දැඩි උෂ්ණය ඝන කළු රෙද්දක් ඇඟලාගත් විටෙක මෙන් දැඩිවිය. ජීවිතයේ අනියත බව පිළිබඳව කියා පාමින් ගඟ සෙමෙන් ගලා ගියේය. සියලු දේවල් ගලා ගොස් නැතිවී යයි. මුළු මිනිස් සංහතියම ගඟේ වතුර බිංදු වැනි යැයි කිටීට සිතුණි. වතුර බිංදු එකිනෙකට ළංව නිමක් නැති ගංවතුරක් සේ මුහුදට ගලායයි. සියලු දේ ඉතා ඉක්මනින් නැතිවී යන මුත් මිනිස්සු ඉතා සුළු දේ මහත් කොට සලකමින් තෘප්තියෙන් තොර ජීවිත ගත කරති.”
(සෝබන වේල්පට - සමර්සෙට් මෝම් – පරිවර්තනය – ඩබ්ලිව් පී. සෙනෙවිරත්න පිටුව 155)
සමර්සෙට් මෝම් තමන් මවන ලද චරිතයන්ට ආලෝකය දෙන්නේ තමන්ගේ ශෛලියෙන් එම අවස්ථාවට උචිත වර්ණනා ඉදිරිපත් කරමිනි. පුද්ගල සම්බන්‍ධතා, පවුල් ජීවිතයේ ආරවුල්, සමාජ ගැටලු හමුවේ චරිතයන් හැසිරෙන ආකාරය ඉතා සරල බස් වහරකින් එහෙත් ඉතා ගැඹුරු හැඟුම් දනවන අයුරින් මෝම් කදිමට චිත්‍රණය කරයි. මෝම් ජීවිත තක්සලාවෙන් ලැබූ ඥානය වඩාත් මෙයට උපකාරී වී ඇත. ප්‍රතිභාව, නිරන්තර ඇබෑසිය, ව්‍යුත්පත්තිය යන ගුණාංග ත්‍රිත්වයට හිමිකම් කියූ මෝම් ව්‍යුත්පත්තිය නොහොත් පාණ්ඩිත්ව ගුණය ඔහු දිගු කලක් පොළව මත ජීවත් වීමෙන් ලැබූ බව ඔහුගේ නිර්මාණ විමංශනය කරන්නකුට හැඟීයයි.
වසර 91 ක් තරම් දිගු කාලයක් ජීවත් වූ මෝම් සියවස් දෙකක් එකලු කළ රචකයකු ලෙස හැඳින්වීම යුක්තියුක්තය. ඔහු කාර්මික විප්ලවයත්, මිනිසා අභ්‍යාවකාශය ජය ගැනීමත් ලෝකයේ නව ප්‍රවණතාවන් හා ස්වාධීන රාජ්‍ය ඇතිවීමත් වැඩවසම් සමාජ ක්‍රමය බිඳවැටී ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී රාජ්‍ය බිහිවීමත් 1917 ශ්‍රේෂ්ඨ ඔක්තෝබර් විප්ලවයත් ලෝක යුද්ධ ද්විත්වයත් ලෝකයේ නව තාක්‍ෂණික යුගයත් සියැසින් දුටුවෙකි.
ලෝකයේ ගත්කතුවරුන් බොහොමයක් මේ තරම් කලක් ජීවත් වී නැත. වැඩි දෙනෙක් අඩසියවසකට අඩු කාලයක් ආයු ලැබුවෝ වෙති.
මෝම් සියවස් දෙකක සමාජ ප්‍රගමනය සියැසින් දුටු නිසාවෙන් මහා ප්‍රාඥයකු ලෙස ලෝකය දෙස බලන්නට අවස්ථාව උදා කර ගත්තෙකි.
තිලක් පුෂ්ප කුමාර සේනානායක

0 comments:
Post a Comment