එකට සියදිවි නසාගැනීමට සලසුම්කල පෙම් යුවලක් අතුරින් පෙම්වතා මුලින් එල්ලී මියගිය පසු පෙම්වතිය බෙල්ලේ තිබු මදුව ගලවා දමා ගෙදර පැමිණීමේ පුවතක් කැකිරාවේ කාගම, හයේ ඇල ප්‍රදේශයෙන් වාර්තා වේ.
පෙම්වතාගේ වයස අවරුදු 20 ක් වන අතර පෙම්වතියට වයස තවම 15 කි. දෙදෙනාගේ ආදරය මෝරා එද්දී පෙම්වතියගේ පාර්ශවයෙන් එයට දැඩි ලෙස විරුද්ධ වී ඇත.
ඇතිව තිබෙන තත්ත්වය අනුව දෙදෙනාට එක්වීමට ඉඩක් නොලැබෙන බව දැනගත් පෙම්වතා සහ පෙම්වතිය මතු භාවයේ හෝ එක්වීමට ප්‍රාර්ථනා කොට සියදිවි නසාගැනීමට තීරණය කොට ඇත.

ඒ අනුව පෙම් යුවල ඊයේ (18) අළුයම කාලයේ ගමේ වෙල් යායකට පැමිණ එහි අඹ ගසකට නැග ඇත. ඉන් අනතුරුව එහි මදු දෙකක් සාදා දෙන්න ගෙලට දමාගෙන ඇත. මදුව බෙල්ලේ තබාගෙන මුලින්ම ඇත්තෙන් බිමට පැන ඇත්තේ පෙම්වතාය.
පෙම්වතා පැනීමෙන් අනතුරුව පෙම්වතිය මදුව ගලවා දමා ගසෙන් බිමට බැස අසල ඥාති නිවසකට ගොස් පෙම්වතාගේ එල්ලෙමින් තිබු සිරුර බිමට බාවා ඇත. ඒ වනවිටත් ඔහු මියගොසිනි.
පොලිසිය පැමිණ පරීක්ෂා කිරීමේදී අඹ ගසේ මදු දෙකක් තිබීමත් ඉන් එක මදුවක කාන්තා කෙස් තිබීමත් හේතුවෙන් පෙම් යුවලගේ සැලැස්ම හෙළිවී ඇත.

0 comments:
Post a Comment