මගේ මුණුපුරකුට මම නම දැම්මා ගාෆිල්ඩ් කියලා. අනිත් මුණපුරාට නම දැම්මෙ සචින් කියලා. හැබැයි දෙන්නම ගහන්නෙ රගර්.
96 ලෝක කුසලානයේදි සනත් සහ කළු ඉක්‌මනින් දැවී ගියාට පස්‌සෙ මම පිරිත් කිව්වා. මෙසේ පවසන්නේ ශ්‍රී ලංකා ධජය අතැතිව දශක හතරකටත් වැඩි කාලයක් ජාතික ක්‍රිකට් කණ්‌ඩායමේ ජයග්‍රහණය වෙනුවෙන් උගුර ලේ රහ වනතුරු කණ්‌ඩායම දිරිගැන්වූ පර්සි අබේසේකරය. ඔහු දැන් කාගෙත් ආදරණීය පර්සි අංකල්ය.
සෝබර්ස් සමග මම පදමට අරගෙන
ෆ්ලයිට් එකේ ඩාන්ස් කරා...
ඒ.සී.එල්. කේබල් ආයතනයේ සමාරම්භක සේවකයකු ලෙස රැකියාවට බැඳුණු ඔහු තවමත් එහි සේවය කරයි. වයස මුහුපුරා ගියද තමාට වාරු තිබෙන තුරු ඒ.සී.එල්. කේබල් ආයතනයේ රැකියාවට එන ලෙස එහි ප්‍රධානීන් පර්සිට දන්වා තිබේ. එම ආයතනයේ සියලු දෙනාටම පර්සි හොඳ මිතුරෙකි. සහෝදරයෙකි. පියෙකි. ඒ ඔහු ඉතිරිකරගත් අස්‌වැන්නය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සහ ඒ.සී.එල්. කේබල් ආයතනයේ අනුග්‍රහයෙන් ඔහු ශ්‍රී ලංකාව සහභාගි වන විදේශීය සංචාර ගණනාවක දිරි ගන්වන්නකු ලෙස සහභාගි වී ඇත. ඒ තරග සංඛ්‍යාව මෙපමණයෑයි කියා ගණන් කිරීමට බැරි තරමට ඔහු තරග නරඹා ඇත. සංචාර ගොස් ඇත. විදේශීය තරග නැරඹීමට අවශ්‍ය ප්‍රවේශපත් ඔහුට ලබාදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කරයි. එසේත් නැතිනම් ලොව ඕනෑම ක්‍රීඩකයකු පර්සි ඉල්ලන සැනින් ප්‍රවේශපත්‍ර ලබා දෙයි. ශ්‍රී ලංකාවේ තරග නැරඹීමට පර්සිට විශේෂ හැඳුනුම්පතක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ලබා දෙයි. ඒ හැරෙන්නට පර්සි කොතරම් ජනප්‍රිය වුවද වෙනත් කිසිවකුගෙන් කිසිම දෙයක් ලබා ගැනීමට උත්සහ කර නැත. මේ නිහතමානී චරිතය අපි 'ක්‍රිකට් පර්සි' ලෙස හඳුන්වමු.
ලෝක ක්‍රිකට් පිටියට ටෙන්ඩුල්කාර් බිහිවන්නේ එක්‌කෙනෙකි. මුරලිලාද බිහිවන්නේ එක්‌කෙනෙකි. එබැවින් මෙවැනි පර්සිලාද බිහි වන්නේ එක්‌කෙනෙකි. 'ක්‍රිකට් පර්සි' ගේ රස වෑහෙන කතා අතරින් එක් කොටසක් 'අපි නොදන්න ක්‍රිකට්' ඔස්‌සේ ඉකුත් සතියේදී පළ කළෙමු. මේ එහි දෙවැනි අදියරයි.
1983 ශ්‍රී ලංකා කණ්‌ඩායම එංගලන්තයේ පැවැති ලෝක කුසලාන සහභාගි වෙන්න යන ගුවන් යානයේ මමත් හිටියා. එතකොට අපේ පුහුණුකරු තමයි සර් ගාෆිල්ඩ් සෝබර්ස්. රංජිත් ප්‍රනාන්දු සහ ගාෆිල්ඩ් සෝබර්ස් ගියේ එක ළඟ වාඩිවෙලා. මම හිටියේ ටිකක් පිටිපස්‌සට වෙන්න. රංජිත් ප්‍රනාන්දු බොන්නෙ නැහැ. සෝබර්ස් හොඳට ඩි්‍රන්ක් ගන්නවා. පස්‌සෙ රංජිත් ප්‍රනාන්දු මට කතා කරල කිව්වා ඔයාට හොඳ පාට්‌නර් කෙනෙක් ඉන්නවා මෙතනින් වාඩිවෙන්න මම ඔතනට එන්නම් කියලා.
පස්‌සෙ මමත් ගිහිල්ල වාඩි වුණා. මමත් ඉතින් ගොඩක් බොන්නෙ නැහැ. ඒත් සෝබර්ස් එක්‌ක ඩි්‍රන්ක් එකක් ගහන එකත් ලොකු දෙයක් හින්ද අපි දෙන්නම තරගෙට බිව්වා. ඕක බලන් ඉඳල ගාමිණී දිසානායක මහත්තය ගුවන් සේවිකාවට කිව්වා මගේ බිලට දාල තව එකක් සෝබර්ස්‌ට දෙන්න කියලා. මොන බිලක්‌වත් ගුවන්යානයේ නැහැ. එයා එහෙම කිව්වෙ අපි ගහන ගැහිල්ල බලන් ඉඳලා ජෝක් එකට. ඊට පස්‌සෙ ටික වෙලාවක් ගිහිල්ල සෝබර්ස් කිව්වා ඇමැතිතුමාට මගේ බිලට දාල ඩි්‍රන්ක් එකක් දෙන්න කියලා. ඔහොම විහිළුවෙන් විහිළුව යනකොට සෝබර්ස්‌ටයි මටයි පදමට වෙරි වුණා. දෙන්නම ෂීට් බෙල්ට් ගලවල ෆ්ලයිට් එකේ ඩාන්ස් කළා. අපි කිව්වෙ බයිල සිංදු. ඒක බලන හැමෝටම මේක මාර විනෝදයක් වුණා. සෝබර්ස් හින්ද කවුරුත් මුකුත් කියන්නෙත් නැහැ. ක්‍රිකටස්‌ලත් සිංදු වගයක් කියල අපි දෙන්නගෙ ඩාන්ස් එකට සපෝර්ට් එකක් දුන්නා.
මම සෝබර්ස්‌ට වඩා දවස් දෙකයි බාල. මම 1936 ජූලි 30 වැනිදා. සෝබර්ස් 1936 ජූලි 28 වැනිදා. කොහොම හරි සෝබර්ස් ලංකාවෙන් යන්න බඩු පැක් කරනවා. මම ගියා 28 වැනිදා එයාගෙ උපන්දිනයට තෑග්ගක් අරගෙන. මම යනකොටත් සෝබර්ස් බඩු පැක් කරන්නෙ බ්‍රැන්ඩි ෂොට් එකක් දාගන්න ගමන්. ඔය දවස්‌වල ලංකාවෙ කළු ජූලිය තදින්ම තිබුණ කාලයක්.
සෝබර්ස් හිටපු තැන අහසෙත් කළු දුම එහෙම යනවා. සෝබර්ස් ටිකක් බය වෙලා වගේ හිටියෙ. මොකද පොලිසියෙ කවුරුත් නැහැ එයාගෙ ආරක්‍ෂාවට යන්න. මමත් ඉතින් සීයු සෝබර්ස් කියල පිටත් වෙන්න හදන කොට සෝබර්ස් ඇහැව්වා, 'පර්සි මාව ගුවන්තොටුපොළට එක්‌ක යන්න එන්නෙ නැද්ද කියලා.' මට බැහැ කියන්න බැරි හින්ද කාර් එකේ ඉඩ නැහැ කියල කිව්වා. පස්‌සෙ බඩු ටික පැත්තකට කරල මාවත් නග්ග ගත්තා. මමත් ඉතින් නැග්ගෙ මැරෙන්න හරි සෝබර්ස් එක්‌කනෙ යන්නෙ කියලා. ඩ්‍රයිවර් මුස්‌ලිම්. අපි දෙමටගොඩ පාලම යටින් යනකොට වාහන දෙකක් තිබුණා. ඒ වාහන ගිනි ගන්නවා. සෝබර්ස් මේක දැකල තවත් බය වෙලා වගේ මට පෙනුණා. පස්‌සෙ කට්‌ටියක් නැවැත්තුවා. අපිත් එක්‌ක ඇන්ටන් ගුණවර්ධනත් හිටියා. ගුවර්ධනගෙන් එතන හිටපු කොල්ලෙක් නම මොකක්‌ද කියල ඇහුව්වාම එයා ගු ගු ගු ගාලා ගොත ගහනවා බය වෙලා. ඒ වෙලාවෙ මට තිබුණෙ බැහැල දුවන්න. නැත්තිනම් මැරෙන්න හිත හදා ගන්නා. නැතිනම් බය නැතිව ෙෆ්ස් කරන්න. පස්‌සෙ මම බැහැල ඇහැව්වා තමුසෙලට මොළේ නැද්ද. සිංහල දෙමළ අඳුරන්නෙ නැහැ. මොකක්‌ද මේ කරන්නෙ කියලා. උන් මගෙන් ඇහැව්වා තමුසෙ කවුද කියලා. මම කිව්වා මම පර්සි කියලා. උන් දන්න පර්සි කෙනෙක් නැහැ. උන් චක්‌ගුඩුවත් ගහපු එවුන් නෙමෙයි. මමත් හිත හදාගත්ත දැන්නම් ආදාහනයම තමයි කියලා.
පස්‌සෙ එකෙක් ඇවිල්ලා ඇහුවා ආ මේ පර්සි අංකල් නේද කියලා. මට ඔන්න ටිකක් දැන් ෆිට් එකක් ආවා. ඒ මෑන් ඇහුව්වා පර්සි අංකල් මොකද මේ ටැමිල් කිට්‌ටියත් එක්‌ක යන්නෙ කියලා. මම කිව්වා මොන ටැමිල්ද හලෝ මේ ඉස්‌සරහ ඉන්නෙ ගාෆිල්ඩ් සෝබර්ස්. එයාව එයාර්පෝට් ගෙනියන ගමන්. අපේ ක්‍රිකට් පුහුණුකරු. මේ සෝබර්ස්‌ද අංකල් කියල ඌ එතන හිටපු අනිත් එක්‌කෙනාටත් කිව්වා. මේ අර ලෝක වාර්තා තියපු ක්‍රිකටර්. හයේ හයක් ගහපු සෝබර්ස් කියලා. ඒ පාර අංකල් යන්න කියලා කිව්වා. අපි පිටත් වුණා. තව ටික වෙලාවක් හිටියනම් මොනව වෙයිද දන්නෙ නැහැ. පස්‌සෙ සෝබර්ස්‌ට වර්ල්ඩ් රෙකෝඩ් තියපු දවසටත් වඩා දහඩිය දාලා. එයා ඉංග්‍රීසියෙන් මගෙත් එක්‌ක උන්ට බණිනවා. මම ජනාධිපතිතුමාට කියලා මුන් ඔක්‌කොම මරවනවා කියලා. මොන මැරිල්ලක්‌වත් නැහැ තව පොඩ්ඩෙන් අපිව මැරෙනවා.
එයාර්පෝට් එකට ගියාට පස්‌සෙ ෆ්ලයිට් එක පැය හතරක් පරක්‌කුයි. ඒ පාර බෑග් එකෙන් බ්‍රැන්ඩි බෝතලයක් අරගෙන සෝබර්ස් කිව්වා අපි හැමෝටම ෂොට් එක එක ගන්න කියලා. අනිත් එකෙක්‌වත් බිව්වෙ නැහැ. මමත් ඉතින් ඒ වෙලාවෙ හැටියට ගිනි වතුර තිබ්බත් බොනවා. බයිට් එකට රෝස් චිකන් දෙකක් ගෙනාවා. සෝබර්ස් ඕක බීලා කාලා යයි. මම ආයිත් කොළඹ යන්න එපායෑ. ඒක නිසා තරගෙට බොන්න යන්නෙ නැතිව හිමිහිට කාලක් විතර මම බිව්වා. අනිත් තුන්කාලම බිව්වෙ සෝබර්ස්. දැන් ඉතිං සෝබර්ස්‌ව පිටත් කරන්න ඕන. ඒත් එයාට වෙරි. ඔහොම ඉන්නකොට ඩෙන්සිල් ද සිල්වා කියල මගේ යාළුවෙක් හම්බ වුණා. එයා එයාර්පෝට් එකේ වැඩ කරන්නෙ. මම කිව්වා මගේ යාළුවෙක් ඉන්නවා ෆ්ලයිට් එකටම ගිහින් දාන්න පුළුවන්ද කියලා. අයියෝ පර්සි උඹගෙ යාළුවෙක් හරි මාළුවෙක් හරි උඹ කියනව නම් මම ගිහිං දාන්නම් කිව්වා. ගාෆිල්ඩ් සෝබර්ස් බව දැනගත්තු ගමන් මෙයා හරි සතුටෙන් ගිහිං දැම්මා. අපි කොළඹ ආවා. ඒ එනකොටත් හරි ජරමරවලට මම මුහුණ දුන්නා. පස්‌සෙ දවසක මම ඩෙන්සිල්ගෙන් ඇහුවා සෝබර්ස් අවුලක් නැතුව ගියාද කියාල. ඩෙන්සිල් කිව්වා තව පොඩ්ඩෙන් අවුල් ජාලයයි. මගෙ රස්‌සාවත් ගහල යනව කියලා. එයාර්පෝට් එක ඇතුළෙදි වීඅයිපී බාර් එකට ගිහිං සෝබර්ස් ආයිත් බීලා. ඩෙන්සිල්ටත් පොවලා. ඌට වෙරි වෙලා. රස්‌සාව බේරගෙන තියෙන්නෙත් බොහොම අමාරුවෙන්. මම හිතන්නෙ ඒ ගියාට පස්‌සෙ සෝබර්ස් ආයිත් මෙහෙ මතක ඇති කාලෙක ආවෙ නැහැ.
කපිල් දේව්ගෙ නායකත්වයෙන් ඉන්දියාව මෙහෙ ආවා. අසරුදීන්ට අවුරුදු 23 යි. අසරුදීන් ශතක තුනක් පිට පිටම ගහල ලංකාවට ආවේ. අසරුදීන් බැට් කරන්න යනවා. මම එදාමයි අසරුදීන්ව දැක්‌කෙ. එයා බැට් කරන්න යනකොටම මම කිව්වා අසාර් උඹ තුන්වැනි පන්දුවෙන් අවුට් වෙනවා කියලා. කිව්ව වගේම තුන්වැනි පන්දුවෙන් අවුට් වුණා. ලන්ච් එකේදි මම උඩට යනකොට අසරුදීන් මාව දැකල හැරිල ගියා. එයා හිතුවෙ මම මන්තරකාරයෙක් කියලා. දැන් හැම තිස්‌සෙම අසරුදීන්ට තුන්වැනි බෝලයෙන් අවුට් වෙනව කියන්න බැහැනෙ. ඉන්දියාවෙ කට්‌ටිය ඇට මාල බෙල්ලෙ එල්ලගෙන මන්තර කරනව වගේ මමත් පේමන්ට් එකෙන් ඇටමාලයක් අරගෙන බෙල්ලෙ එල්ලගෙන අසරුදීන් බැට් කරන්න යනකොටම හයියෙන් කෑ ගහල මතුරනවා. කොහොම හරි ඒ ටුවර් එකේ අසරුදීන්ගෙ ඇවරේඡ් එක 18 යි.
තව දවසක් එස්.එස්.සී. එකේ මැච් එකක් වෙලාවෙ ඩේවිඩ් බූන් බැට් කරන්න යනවා. එතකොට වෙලාව 11.00 ට විතර ඇති. මම හොඳ කියමනක් කියලා තුන්වැනි බෝලයට බූන් අවුට් වෙනව කිව්වා. කිව්ව වගේම අවුට් වුණා. ඊළඟ වතාවෙදිත් මම හොඳ කියුම් ටිකක් කියල කිව්වා ඉක්‌මනට අවුට් වෙලා එන්න. ඇවිල්ල හම්බ වෙමු කියල. එදා ඔයාව අවුට් වුන එකට මගේ කණගාටුව කියලත් කිව්වා. බූන්ට කේන්ති ගිහිල්ල බැට් එකත් අරගෙන මාව එලවන්න ගත්තා. මම දුවනකොට බූන්ව පැටලිලා වැටුණා. ඒ හින්ද තමයි මම එදා බේරුණෙ. බූන්ව ඊට පස්‌සෙ මට ඔස්‌ටේ්‍රලියාවෙදි හම්බ වුණා. ඒ ටස්‌මේනියාවෙදි. එතකොට එයා ක්‍රිකට් වලින් විශ්‍රාම ගිහිල්ලා. මම පිටි පස්‌සෙන් ගිහිල්ල බූන්ව බදාගෙන මෙහෙම කිව්වා. ඩෙවිඩ් බූන්...කම්බැක් සූන්.. කියලා. ඒ පාර එයා මගෙන් ඇහුවා උඹට තවම ඒ සිද්ධිය මතකද කියලා. පස්‌සෙ මාව බදාගෙන ආ ගිය තොරතුරු කතා කළා.
මම ඉන්දියාවෙ ශ්‍රීකාන්ත්ටත් කිව්වා උඹට මේ පාර ගහන්න පුළුවන් ලකුණු දහයයි කියලා. ඒ පාර ශ්‍රීකාන්ත් පළමු බෝලෙටම හයක් ගැහුවා. දෙවැනි බෝලෙට හතරයි. දැන් මගෙ දිහා බලාගෙන ඉන්නවා. මම කිව්වා තුන්වැනි බෝලෙන් උඹ අවුට් කියලා හයියෙන් එයාට ඇහෙන්න කෑ ගහල කිව්වා. කිව්ව වගේම අවුට් වුණා. ඊට පස්‌සෙ නැවත වරක් ඉන්දියාව ලංකාවට එනකොට ඉන්දියාවෙ ටීම් එකේ නායකයා මොහොමඩ් අසරුදීන්. එයා කියල තිබ්බා අපේ සචින් ටෙන්ඩුල්කාර් වගේ කට්‌ටියට කෑ ගහල මානසිකව වට්‌ටන වචන කිව්වොත් තරග තීරකට රිපෝට් කරනවා කියලා. මට ග්‍රවුන්ඩ් එකට එන්න දෙන්න එපා කියල රිපෝට් කරනවා කිව්වා. පස්‌සෙ මම අසරුදීන්ව හම්බ වෙලා කිව්වා උඹලගෙ රටේ වගේ පිට්‌ටනියෙ කට්‌ටියට බෝතල්වලින් ගහන මොළේ නැති වැඩ මෙහෙ කරන්නෙ නැහැ කියලා.
නවසීලන්තයේ මාටින් ක්‍රෝ තරගයේ වීරයා සම්මාන දෙකක්‌ද පර්සි අබේසේකරට ත්‍යාගයක් වශයෙන් පිරි නමා ඇති අතර ජාවිඩ් මියෑන්ඩාඩ්, මහේන්ද්‍ර සිං දොaනි, ගාෆිල්ඩ් සෝබර්ස්, හර්බජාන් සිං සහ රිචඩ් හැඩ්ලි ඇතුළු තවත් ලොව ප්‍රසිද්ධ ක්‍රිකට් ක්‍රීඩකයන් රාශියක් පර්සි අබේසේකරට ත්‍යාගයන් පිරිනමා තිබේ. එය වටිනා සමරු ලෙස තවමත් පර්සි අබේසේකර සුරක්‍ෂිතව තබාගෙන සිටියි.
ඉන්දියාවේ අයි.පී.එල්. තරගාවලියේදී ප්‍රීති සින්ටා සහ තවත් නළු නිළියන් සිය කණ්‌ඩායම් දිරි ගන්වන ලෙස පර්සි අබේසේකරට තුටුq පඬුරු දී එන ලෙස ආරාධනා කළද එය එක හෙළාම ඔහු ප්‍රතික්‍ෂේප කළ බව පවසයි. 'මට අපේ ජාතික කොඩිය රැගෙන ලෝකයේ ඕනෑම රටක යන්න පුළුවන්. ඒත් වෙනත් රටවල කණ්‌ඩායම් දිරි ගන්වන්න මුදල් වෙනුවෙන් මම යන්නෙ නැහැ' යනුවෙන් පර්සි පැවසීය.
අසේල විතාන

0 comments:
Post a Comment