දෙමළ මව්භූමි ප්‍රදේශවල ජාතිවාදී සිංහල රජයන් විසින් 60 වසරක කාලයක් පුරා අඛණ්ඩව සිදුකරන ඉඩම් පැහැරගැනීම පිළිබඳ සමුළුවක්, බ්‍රිතාන්‍ය දෙමළ සංසදය සහ දෙමළ ජාතකයින් සඳහා වන සර්වපාක්ෂික පාර්ලිමේන්තු කණ්ඩායම එක්ව සංවිධානය කර ඇත.
බෙදුම්වාදී අරමුණු මුදුන්පත් කරගැනීම සඳහා සීමිත පිරිසකගෙන් සැදුම්ලත් ජාතිවාදී කණ්ඩායම් සාවද්‍ය තොරතුරු ජනතාව අතර පැතිරවීමට උත්සාහ දරයි .ඒ සඳහා ඔවුන් උපයෝගී කරගන්නා දමිළ මාධ්‍යයන් වෙතින් පළවන සාවද්‍ය තොරතුරු ඔබගේ දැනගැනීම සඳහා ඉදිරිපත් කිරීම අපගේ අරමුණයි .
එම සමුළුව 2014.01.31 වන දින බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු පරිශ්‍රයේදීත්, 2014.02.01 වන දින UCL විශ්ව විද්‍යාලයේ Kennedy Lecture Theatre හීත් පැවැත්වීමට නියමිතව ඇත.
මෙම සමුළුවට බොහෝ විදෙස් මාධ්‍යයන් සහභාගිවීමට නියමිත බැවින්, දෙමළ ජනතාව මුහුණදෙන සැලසුම් සහගත ජාතිඝාතනයත් ඉඩම් පැහැරගැනීමත් ජාත්‍යන්තරයට පැහැදිලිව පෙන්වාදීමට හොඳ අවස්ථාවක් වනු ඇත. මෙම සමුළුවට ශ්‍රී ලංකාව, ඉන්දියාව, මැලේසියාව,දකුණු අප්‍රිකාව ඇතුළු බොහෝ රටවල සිට විද්වතුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ දේශපාලන නියෝජීතයින් සහභාගී වී සමාලෝචනය කිරීමට නියමිතය.
මෙම සමුළුවෙන් අනතුරුව,හරෝහී ඇති Zoroastrian Centre හීදී පෙබරවාරී 02 දින පස්වරු 04.00 සිට රාත්‍රී 09.00 දක්වා රැස්වීමක් සහ දෙමළ සංස්කෘතික උත්සවයක් පැවැත්වීමට බ්‍රිතාන්‍ය දෙමළ සංසදය අවශ්‍ය කටයුතු සුදානම් කර ඇත. මෙම රැස්වීමට මැලේසියාවේ Penang ප්‍රාන්තයේ නියෝජ්‍ය මහ ඇමති රාමසාමි, මාවෙයි සේනාධිරාජා, අරියනේන්ද්‍රන්, සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්, සෙල්වම් අඩෙයිකලනාදන්, ගජේන්කුමාර් පොන්නම්බලම් ඇතුළුව ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ සිට පැමිණි තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කථා කිරීමට නියමිතය. මෙම අවස්ථාවට සහභාගි වන මෙන් බ්‍රිතාන්‍යයේ ජිවත්වන දෙමළ ඥාතීන් සියළු දෙනාගෙන් ඉල්ලා සිටින්නෙමු.
INTERNATIONAL CONFERENCE ON STATE GRABS OF TAMIL LAND IN THE ISLAND OF SRI LANKA
ඇතුල්විමේ ගාස්තුව :- පවුම් 10
ස්ථානය :- Zoroastrian Centre ,Harrow
http://www.sankathi24.com/news/37951/64//d,fullart.aspx

0 comments:
Post a Comment