කන්‍යාභාවය යනු තරුණියක සතු ඉතාමත් අගනා පරම පවිත්‍ර වස්‌තුවක් නොහොත් සම්පතක් බව අපි දන්නෙමු. විවාහ ජීවිතයට එළැඹෙන තෙක් මෙම වස්‌තුව විනාශ කර ගැනීමට කිසිම තරුණියක සූදානම් නැත. එහෙත් තමාගේ පවිත්‍රත්වයේ සම්පත වන කන්‍යාභාවය රුපියල් සතවලට විකිණීමට සමහර තරුණියන් කැමැතිය. සිය කන්‍යාභාවය රුපියල් දස කෝටියකට විකිණූ එවන් තරුණියක ගැන පසුගියදා අපට බ්‍රසීලයෙන් අසන්නට ලැබිණ.
කැතරිනා මිග්ලිඕරිනි (Catarina migliorini) නමැති මෙම පාසල් දැරිය තමන්ගේ පවිත්‍රත්වයේ සම්පත වන කන්‍යාභාවය රුපිල් දස කෝටියකට නොහොත් ඩොලර් 780000 ට ජපනකු වෙනුවෙන් අලෙවි කළ බව 2012 නොවැම්බර් 4 වැනිදා ආන්දෝලාත්මක ලිපියක් පළ කරමින් කියා සිටියේය.
එම ආන්දෝලානාත්මක ලිපිය ඔබත් කියවන්නට ඇතැයි සිතමු. මෙම ලිපිය පළ වී මාස අටකට පසු, පසුගිය සතියේ යළිත් වරක් කන්‍යාභාවය විකුණූ එම දැරිය ගැන අලුත්ම පුවතක් ලන්ඩනයේ "ඩේලි මේල්" පුවත්පතින් අපට අසන්නට ලැබිණි. කිසියම් පිරිසකට රැවටී මෙම දැරිය තම කන්‍යාභාවය නැති කරගෙන ඇති බව එම පුවතින් වැඩිදුරටත් කියෑවිණි. සමස්‌ත ලෝක ජනතාවම විශ්මයට පත් කළ එම කතාවේ අලුත්ම තොරතුරු ඔබට දැන ගැනීම සඳහා මෙසේ සටහන් කරමු.

මෙම වෙන්දේසියෙන් පසු චිත්‍රපට නිෂ්පාදක ජස්‌ටින් සිස්‌ලේ කියා සිටියේ ඔස්‌ට්‍රේලියාව බලා පිටත්ව යන ගුවන් යානයකදී මෙම කන්‍යාව, ඇයව මිලදී ගත් පුද්ගලයාට භාර දෙන බවය. ඇයගේ කන්‍යාභාවය සිඳීමට පෙර හා පසුව වන සිද්ධීන් ඉතා රහසිගත ස්‌ථානයකදී ඇය මුණගැසී දැන ගන්නා බව ද නිෂ්පාදක ජස්‌ටින් කියා සිටියේය.
මේ අතර තම කන්‍යාභාවය විකිණීමේ ගනුදෙනුව ගැන 'Huffington Post' නමැති පුවත්පතට ප්‍රකාශයක් කරන
කැත්රිනා "ජස්‌ටින් සිස්‌ලේ මාව මුලා කළා. මම ඔවුන්ට රැවටුණා මං හිතනවා සිස්‌ලේ මාව පමණක් නොවෙයි තවත් බොහෝ දෙනෙක් රවට්‌ටලා තියෙනවා කියල...." යෑයි කියා ඇත. මෙම කන්‍යාභාව ගනුදෙනුව ගැන වැඩිදුරටත් කරුණු දක්‌වන කැතරිනා, මෙම වෙන්දේසිය සංවිධානය කළ චිත්‍රපට නිෂ්පාදක ජස්‌ටින් සිස්‌ලේ තමන්ට දෙනවා යෑයි කී මුදලෙන් (ඩොලර් හත්ලක්‍ෂ අසූ දහ) සතයක්‌වත් මේ දක්‌වා ලැබී නැතැයි ද කියා සිටියි. කන්‍යාභාවය විකිණීමේ ගනුදෙනුවට තමා කැමැති වුවත් තමන් තවමත් කන්‍යාවක් බව කැතරිනා වැඩිදුරටත් සඳහන් කරයි. තමන් කන්‍යාභාවය විකිණීමට කැමැති වූයේ එක් පරමාර්ථයක් මුල් කරගෙන යෑයි කියන කැතරිනා මෙම මුදල් තමන්ට ලැබුණේ නම් නිවසක් නැති දුගී පවුල් කීපයකට නිවාස කීපයක් තනාදීමට තමන් සැලසුම් කර තිබුණේ යෑයිද කැතරිනා වැඩිදුරටත් කියා සිටියි.කැතරිනා තම කන්‍යාභාවය වෙන්දේසියේ අලෙවි කිරීමට ඉදිරිපත් වූයේ හොඳ පරමාර්ථයකින් වුවත් මුළු ලෝකයාම ඇය දෙස බැලුවේ වපර ඇසකිනි. මුළු ලෝකයාගේම අපවාදය ඇය වෙත එල්ල වූයේ ඉන් පසුවය. වෙසඟනකට හැර වෙන කෙනකුට මෙවැනි දෙයක් කළ නොහැකි බව ඔවුහු චෝදනාකර සිටියහ. ඇත්ත වශයෙන්ම ඇය වෙසඟනකැයි ඔවුහු වැඩිදුරටත් කියා සිටියහ.
මෙම වෙන්දේසිය නිසා තමන් ලෝක අපවාදයකට ලක්‌වී සිටින බව දන්නේ යෑයි 'Folha' නමැති පුවත්පතට ප්‍රකාශයක් කරමින් කියා සිටි කැතරිනා තමන් එවැනි ගැහැනියක් නොවේ යෑයිද කියා සිටියාය. "මේ වෙන්දේසිය ඒ අයගේ බිස්‌නස් එකක්. මෙයට ඉදිරිපත් වීමෙන් මට ලෝකය පුරා කරක් ගැසීමටත් චිත්‍රපටයක රඟපෑමටත් ලැබෙනවා.... එපමණක් නොවෙයි.. චිත්‍රපටයේ රඟපාල මට වෙනම මුදලක් හොයා ගන්නත් පුළුවන්කම තිබුණා" ඇය 'Folha' පුවත්පතට කියා සිටියාය.

මෙම වෙන්දේසියේදී චිත්‍රපට නිෂ්පාදක ජස්‌ටින් සිස්‌ලේ තමන්ට දීමට පොරොන්දු වූ මුදලෙන් සතයක්‌වත් නොගෙවූ බව කියන කැතිරිනා. තමන් නට්‌සු හමුවීම සඳහා ඔස්‌ට්‍රේලියාවට ගිය ගමන් වියදම්වත් නොදුන් බව කියා සිටියාය.." මොහු ප්‍රොඩාකාරයෙක්... මොහු මේ වෙන්දේසිය සංවිධානය කරල තිබුණේ ඔහුගේ චිත්‍රපටයට ප්‍රචාරයක් ලබා ගැනීමේ අරමුණින් බව දැන් පැහැදිලිය. මගේ කන්‍යාභාවය අලෙවි කිරීමේ මුවාවෙන් ජස්‌ටින් ඔහුගේ චිත්‍රපටයට හොඳ ප්‍රචාරයක් ලබා ගත්තා. අනිත් කාරණය තමයි මාව අලෙවි කළ ජපන්කාරයා "නට්‌සු" නමැති පුද්ගලයෙක් මාව මිලදී ගත් බව චිත්‍රපට නිෂ්පාදක ජස්‌ටින් කියතත් එහෙම කෙනෙක් සිටියේ නැති බව දැන් මට පැහැදිලියි". මෙම වෙන්දේසිය නිසා කැතරිනා මිග්ලිඕරිනි නමැති භෞතික විද්‍යාව හදාරන ශිෂ්‍යාවට ලෝක ප්‍රසිද්ධියක් ලැබුණ බව ඇත්තකි. මෙම වෙන්දේසිය නිසා තමන් වංචාකාරයන් පිරිසකට අසු වූ බව ඇය වැඩිදුරටත් කියා සිටියාය.
(අනුග්‍රහය - Daily Mail - London)
ආතර් යූ. අමරසේන
0 comments:
Post a Comment