එදා අප රටම ඇන්කර් ,මව් කිරි හා සමාන කරමින් දැන්වීම් වළට පෙනී සිටියේ අද දෙවුර වසා පත්තිනි මවගේ චරිතය රඟන රෝසී ය.
ගමේ රටේ මව්වරුන්ගේ මොළ හේදුවේ නිලය අල්ලා නිර්මාණය කළ ඇතැම් වෙළෙඳ දැන්වීම් වලින්ය. 2009 වසරේදී දේශමාමක පිරිසක් විසින් කරන ලද හෙළිදරව්වකින් යළිත් කිරිපිටි ආනයනික බහුජාතික සමාගම්වල ඉහ මොළ රත්විය. අභියෝගකර තිබුණේ මේදය ඉවත්කර මෙරටට ගෙන්වන කිරිපිටිවල නියම කිරි පෝෂණය නොමැති නිසා ඒ වෙනුවට වෙනත් සත්ත්ව හා ශාක තෙල් කවලම් කරන බවය. ඒ හෙළිදරව්වත් සමග බහුජාතික සමාගම් එකී පිරිසට එරෙහිව නඩු මගට බැස්‌සේ අදාළ සොයා ගැනීම් සම්බන්ධව කරුණු දැක්‌වීම්, හෙළිදරව් කිරීම් හෝ ඒ ගැන ප්‍රසිද්ධ කිරීම් නවතාලන වාරණ නියෝගයක් නිකුත් කරන ලෙසය. එයින් නොනැවතී ඔවුන්ගෙන් හා ඒ පුවත හෙළිකළ පුවත්පතකින් වන්දියක්‌ද ඉල්ලුවේය. පසුව එම බහු ජාතික සමාගම නඩුව ඉල්ලා අස්‌කර ගත්තේය. පෙරකී දේශමාමක පිරිස තමන් කළ හෙළිදරව්ව මත පදනම්ව ඒ ස්‌ථාවරයේම සිටියේය. ඇදගෙන නෑමෙන් ගැලවුණු බහුජාතික කිරිපිටි සමාගම් අනතුරුව යළි වැඩ අල්ලා පිටි කිරි වීදුරුවකින් තොරව දරුවන්ගේ නුවණ නොවැඩෙන මනසකට රට තල්ලු කළේය. දැන් මේ කිරිපිටි ගැන අලුත් වටයකින් අලුත්ම කතාවක් කරලියට පැමිණ ඇත. ඒ ලොව පුරා ප්‍රචලිත අපේ රටටද පටවන විදේශීය කිරිපිටිවල ඩයිසයන ඩයමයිට් (ඩී.සී.ඩී) කෘෂි රසායන විෂ අන්තර්ගත බව හෙළිවීමය.
යළිත් ආනයනික කිරිපිටි ගැන ලියන්නට සිදුව ඇත. අලුත්ම කතාව ආනයනික කිරිපිටිවල ඩී.සී.ඩී. විෂ රසායනය තිබෙන බව හෙළිවීමය. මේ අලුත් කතාවට අප එළැඹිය යුත්තේ ආනයනික කිරිපිටි හා බැඳි ආසන්න අතීතයද මතක් කරගෙනය. ඒ කතාව ඇරඹෙන්නේ මෙසේය. මෙලමයින් භීතිකාව යටව ගියේය. බහු ජාතික සමාගම්වල බල පුළුවන්කාරකම හමුවේ සියලු හෙළිදරව් කිරීම්වලට මුකවාඩම් බැඳිණ. අනතුරුව ඇසුණේ පිටිකිරි වීදුරුවකින් තොරව මේ රටේ දරුවන් නිරෝගීව නොවැඩෙන බවකී. බහුභූත සුරංගනා කතාය. ගමේ රටේ මව්වරුන්ගේ මොළ හේදුවේ නිලය අල්ලා නිර්මාණය කළ ඇතැම් වෙළෙඳ දැන්වීම් වලින්ය. 2009 වසරේදී දේශමාමක පිරිසක් විසින් කරන ලද හෙළිදරව්වකින් යළිත් කිරිපිටි ආනයනික බහුජාතික සමාගම්වල ඉහ මොළ රත්විය. අභියෝගකර තිබුණේ මේදය ඉවත්කර මෙරටට ගෙන්වන කිරිපිටිවල නියම කිරි පෝෂණය නොමැති නිසා ඒ වෙනුවට වෙනත් සත්ත්ව හා ශාක තෙල් කවලම් කරන බවය. ඒ හෙළිදරව්වත් සමග බහුජාතික සමාගම් එකී පිරිසට එරෙහිව නඩු මගට බැස්‌සේ අදාළ සොයා ගැනීම් සම්බන්ධව කරුණු දැක්‌වීම්, හෙළිදරව් කිරීම් හෝ ඒ ගැන ප්‍රසිද්ධ කිරීම් නවතාලන වාරණ නියෝගයක් නිකුත් කරන ලෙසය. එයින් නොනැවතී ඔවුන්ගෙන් හා ඒ පුවත හෙළිකළ පුවත්පතකින් වන්දියක්‌ද ඉල්ලුවේය. පසුව එම බහු ජාතික සමාගම නඩුව ඉල්ලා අස්‌කර ගත්තේය. පෙරකී දේශමාමක පිරිස තමන් කළ හෙළිදරව්ව මත පදනම්ව ඒ ස්‌ථාවරයේම සිටියේය. ඇදගෙන නෑමෙන් ගැලවුණු බහුජාතික කිරිපිටි සමාගම් අනතුරුව යළි වැඩ අල්ලා පිටි කිරි වීදුරුවකින් තොරව දරුවන්ගේ නුවණ නොවැඩෙන මනසකට රට තල්ලු කළේය. දැන් මේ කිරිපිටි ගැන අලුත් වටයකින් අලුත්ම කතාවක් කරලියට පැමිණ ඇත. ඒ ලොව පුරා ප්‍රචලිත අපේ රටටද පටවන විදේශීය කිරිපිටිවල ඩයිසයන ඩයමයිට් (ඩී.සී.ඩී) කෘෂි රසායන විෂ අන්තර්ගත බව හෙළිවීමය. නොමැතිනම් තේරෙන සිංහලෙන් පැහැදුවොත් පිටරට බහුජාතික සමාගම් අපේ දරුවන්ට පොවන කිරි වීදුරුවල වස කවලම් බව තහවුරු වීමය. ඒ හෙළිදරව්වීමේ කතාව පසුපසද අතුරු කතාවක් ඇත. අපේ රටේ බලධාරීන් ගේ කල්කිරියාව ගැන කල්පනා කරන විට එයද ඔබ දැනගත යුතු කතාවකි. පමා වී පත්තුවීම ඩී.සී.ඩී කෘෂි රසායන විෂ කිරිපිටිවලට කවලම් වී ඇති බව අපේ රටේ කතාබහට ලක්‌වූයේ අද ඊයේ වුවත් මේ මාතෘකාව සෙසු ලෝකයා අතර කතා බහට ලක්‌වන්නේ දැනට මාස කිහිපයකට පෙර සිටමය. අන්තර්ජාතික මාධ්‍ය වාර්තා උපුටා දක්‌වන මෙරට වෙබ් අඩවි හෙළිකරන අන්දමට මේ කතාව ඇරඹෙන්නේ අපේ රටේ කිරි පිටි ඒකාධිකාරය හිමි නවසීලන්තයෙන්මය. එරට කිරිපිටි නිෂ්පාදනවල ඩී.සී.ඩී. රසායනය තිබෙන බවට ඒ මුල් හෙළිදරව්ව කර ඇත්තේ නවසීලන්තයේ හරිත පක්‍ෂයයි. නවසීලන්තයේ ප්‍රාථමික කර්මාන්ත පිළිබඳ අමාත්‍යාංශයද මේ කරුණ මෙන්ම එය වරදක් ලෙසද පිළිගෙන ඇත. අනතුරුව මේ වසර මුලදී නවසීලන්තයේ පොහොර සමාගම් ඩී.සී.ඩී. රසායනය අන්තර්ගත පොහොර වෙළෙඳ පොළෙන් ඉවත් කරගත් බවට පුවත් ප්‍රචාරය කර ඇත. ඊට සමගාමීව එරට අදාළ කිරි පිටි නිෂ්පාදන සමාගම් ඩී.සී.ඩී. යනු මිනිස් සිරුරට කිසිදු සෞඛ්‍ය ප්‍රශ්නයක් ඇති නොකරන රසායන ද්‍රව්‍යයක් බව තහවුරු කිරීමට ලොව පුරා ප්‍රචාරණයක් දියත්කර ඇති බව කියන්නේය. මේ රටේ පුරවැසියන්ද බහුලව භාවිතා කරන ආනයනික කිරිපිටිවල ගුණාත්මක භාවය පිළිබඳ මෙවැනි සුළි කුණාටු ලොව පුරා ජනතාව අතර පැතිරෙද්දීත් ඒ ගැන සොයා බැලීමේ වගකීම ඇති අපේ රටේ පාරිභෝගික කටයුතු අධිකාරියත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර උපදේශන කමිටුවත් පසු වූයේ මර නින්දේය. ඒ නින්දෙන් ඔවුන්ට අවදිවීමට සිදුවන්නේ විද්‍යා හා තාක්‍ෂණ අමාත්‍යාංශය යටතේ පවතින කාර්මික තාක්‍ෂණ ආයතනය මෙරට ආනයනික කිරිපිටි වර්ග හතරක ඩී.සී.ඩී. විෂ රසායනය තිබෙන බව මාධ්‍ය මගින් අනාවරණය කිරීම නිසාය. කාර්මික තාක්‍ෂණ ආයතනය පරමාණු බලශක්‌ති අධිකාරිය හා එක්‌ව මෙරට වෙළෙඳපොළ තුළ ඇති ජනප්‍රිය ආනයනික කිරිපිටි වර්ග හතරක් සහ දේශීය කිරිපිටි වර්ග දෙකක සාම්පල ඇසුරෙන් සිදුකළ පරීක්‍ෂණයකදී හෙළිවූ තොරතුරු මත එම මාධ්‍ය නිවේදනය නිකුත් කර තිබුණේ ඉකුත් ජුලි 26 වන දිනයි. එහෙත් මේ පිළිබඳ වහා ක්‍රියාත්මක විය යුතු සෞඛ්‍ය අමාත්‍යාංශ බලධාරීන් අගෝස්‌තු හයවනදා තෙක්‌ම කල්මරණ නිහඬ පිළිවෙතක් අනුගමනය කළේ මුලදී කාර්මික තාක්‍ෂණ ආයතනයේ පරීක්‍ෂණ වාර්තාව තුට්‌ටුවකට මායිම් නොකරමිනි. එයින්ද නොනැවතුණු ඔවුන් බහුජාතික සමාගම්වලට තවදුරටත් පාරිභෝගිකයා ඇන්දවීමට ඉඩ හැරියේ එම සමාගම්වලට වාසි සහගත වූ තායිලන්ත පරීක්‍ෂණ වාර්තාවක් හිස් මුදුනින් පිළිගනිමිනි. එයින් උද්දාමය ලැබූ අදාළ බහු ජාතික සමාගම් තමන්ගේ කිරිපිටි නිෂ්පාදනවල ඩී.සී.ඩී. රසායනය නැති බව තහවුරු වූවා යෑයි කියමින් යළිත් ඇති පදමට වෙළෙඳ දැන්වීම් පළ කළේය. පෙර අත්දැකීම් මත බොහෝ දෙනා සිතුවේ එයින්ම මේ ආන්දොaලනය නිමා වෙතැයි කියාය. මුලදී අනුගමනය කළ දෙබිඩි පිළිවෙත එහෙත් මෙවර එය එසේ සිදු නොවිණ. බහු ජාතික සමාගම්වලට ඔවුන්ගේ රෙදි අපුල්ලන නිලධාරීන්ට ලෙහෙසියෙන් ලිස්‌සායනු නොහැකිවිණි. ජනමාධ්‍යයන්ගෙන් ඇතැම් මාධ්‍ය මෙය සෘජුවම ප්‍රශ්න කළේය. බොහෝ දෙනාගේ විමතියට හේතු වූයේ සෞඛ්‍ය බලධාරීන් මුලදී අනුගමනය කළ ක්‍රියා පිළිවෙතයි. මීට පෙර කැලණිය විශ්වවිද්‍යාලයීය විද්වත් කමිටුවක් රජරට වකුගඩු රෝගය සීඝ්‍රයෙන් පැතිර යැමට හේතුව කෘෂි රසායන මගින් පොළවට ආසනික් එකතු වීම නිසා එම පොළවේ භූගත ජලයේ ආසනික් සාන්ද්‍රණය වැඩිවීම බව හෙළි කළේය. එවිට එම පරීක්‍ෂණ වාර්තා නොපිළිගත් මේ සෞඛ්‍ය බලධාරීන් කීවේ රජය නිල වශයෙන් පිළිගන්නේ කාර්මික තාක්‍ෂණ ආයතනය නිකුත් කරන පරීක්‍ෂණ වාර්තා පමණක් බවය. නමුත් කාර්මික තාක්‍ෂණ ආයතනය ආනයනික කිරිපිටිවල ඩී.සී.ඩී. අන්තර්ගත බව පුන පුනා කියන විට මුලදී එය තුට්‌ටුවකට මායිම් නොකළ මේ මහත්වරු විද්‍යාගාර සොයමින් ලෝකය වටේ දිව්වෝය. ශ්‍රී ලංකාවේ කිරිපිටිවල ඩී.සී.ඩී. නැතැයි කියා මුලදී මාධ්‍ය නිවේදන නිකුත් කළේ එහෙමය. එහෙත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඊට ප්‍රතිවිරෝධීව දිගින්දිගටම ජනතාව දැනුවත් කළේය. ඔවුන් අවධාරණය කරන්නේ ඩී.සී.ඩී. රසායනය කිසිසේත් මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු ද්‍රව්‍යයක් කියාය. එම රසායන ද්‍රව්‍යය එක දිගට පරිභෝජනය කරන මනුෂ්‍යයෙකුගේ ස්‌නායු පද්ධතිය, අක්‌මාව, වකුගඩු ඇතුළු ඉන්ද්‍රියන් ආශ්‍රිත රෝගාබාධ වැළඳීමේ ප්‍රවණතාව වැඩි බව ඔව්හු දැඩිව අවධාරණය කරති. තත්ත්වය එසේ නම් මෙහි ඇති භයානක අවදානම වන්නේ මෙම කිරිපිටි නිපදවන සමාගම් නිෂ්පාදිත සෙසු ආහාර පරිභෝජනය කිරීමද අවදානම් සහගත වීමයි. මේ පිළිබඳ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී විශේෂ ප්‍රකාශයක් කළ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ උප ලේකම් වෛද්‍ය නලීන් ආරියරත්න හෙළිදරව් කළේ ගවයින්ගේ කිරිවල ඩී.සී.ඩී. රසායනය අන්තර්ගත නම් එම කිරිවලින් නිපදවන අතුරු නිෂ්පාදන වලද ඩී.සී.ඩී. අන්තර් ගත වන බවයි. ඩී.සී.ඩී. කිරිපිටිවලට කලවම් වීම ළදරුවන් පවා ආහාරයට ගන්නා කිරිපිටි වැනි නිෂ්පාදනයක ඩී.සී.ඩී. වැනි කෘෂි රසායනයක් අඩංගු වූයේ කෙසේද? අප විශ්වාස කරන ලෙස කිසිදු ශිෂ්ටාචාරයක හෝ නොදියුණු ගෝත්‍රයක හෝ දරුවන්ට හිතාමතා වස පොවන්නේ නැත. ලෝක කිරි නිෂ්පාදන වෙළෙඳ පොළේ සියයට හැටක් හිමි නවසීලන්තයේ කිරිවලට ඩී.සී.ඩී. රසායනය පැමිණ ඇත්තේ ගවයින් බුදින තණ කොළ වලිනි. එහෙත් එය සොබාවිකව සිදු වූවක් නොවේ. නවසීලන්තය වැනි මහා පරිමාණ කිරි නිෂ්පාදන රටවල් ගවයින් අනුභව කරන තණකොළ වලට ඩී.සී.ඩී. රසායනය එකතු කරන්නේ එම රටවල ගවයන්ගේ මුත්‍රා ඇසුරෙන් නිපදවනු ලබන හරිතාගාර වායුන් මගින් ඕසොන් ස්‌ථරයට හානි පැමිණීම වැළැක්‌වීම සඳහාය. එහෙත් එයින් සිදුවූයේ මිනිස් සිරුරට අහිතකර විෂ රසායනයක් ගවයන්ගේ කිරිවලට එකතු වීමයි. දැන් ඒ කිරි වලින් නිපදවන කිරි පිටි මගින් අපේ කිරි වීදුරුවට වස පැමිණ ඇතිබව නොකියාම බැරිය. විශේෂයෙන් වාර්ෂිකව කිරි පිටි විශාල වශයෙන් ආනයනය කරන රටක ප්‍රජාවට එයින් සිදුවන හානිය සුළුවෙන් තැකිය නොහැකිය. නමුත් මේ ගැටලු මතුවූ මොහොතේදී බොහෝ දෙනෙක් මුනිවත රකින පිළිවෙතක සිටියේය. මේ මහත්තුරු විද්‍යාගාර සොයමින් ලෝකය වටේ දිව්වෝය. ශ්‍රී ලංකාවේ කිරිපිටිවල ඩී.සී.ඩී. නැතැයි කියා මුලදී මාධ්‍ය නිවේදන නිකුත් කළේ එහෙමයි. එවැනි පිළිවෙතක සිටි අපේ බලධාරීන් පමා වී හෝ කාර්මික තාක්‍ෂණ ආයතනය නිකුත් කළ වාර්තාවට හිස නමා ඩී.සී.ඩී. අඩංගු බව සඳහන් කිරිපිටි විකිණීම තහනම් කිරීමේ පියවරකට මාරු වූයේ කොහොමද? අහඹු ලෙස පැමිණි බොටලිනම් සහ ලෝක ප්‍රවණතාව එයද අහේතුකව සිදුවූවක් නොවේ. මේ තීරණය සඳහා ඔවුන් තල්ලු කිරීමට බලපෑ සාධක කිහිපයක්‌ම ඇත. එහි එක් ප්‍රධාන සාධකයක් වන්නේ ඩී.සී.ඩී. ගැටලුව ලංකාවේ කතාබහ වෙනවිට ලොව බලවත්ම රාජ්‍යයන් දෙකක් වන චීනය සහ රුසියාව මෙකී නවසීලන්ත කිරිපිටි ආනයනය වහා නවතා දැමීමය. එහෙත් මේ රටවල් දෙකම එම තීරණයට එළඹෙන්නේ කිරිපිටිවල ඩී.සී.ඩී. අන්තර්ගතවීමේ ප්‍රශ්නය නිසා නොව බොටලිනම් නමැති බැක්‌ටීරියාව නවසීලන්තයෙන් ආනයනික කිරිපිටිවල තිබෙන බව හෙළිවීම නිසාය. රුසියාවේ පාරිභෝගික ආරක්‍ෂක නිලධාරීන් ඒ බව සනාථ කරගත් වහාම නවසීලන්ත කිරිපිටි ආනයනය තහනම් කළේය. රුසියාවේ හැරල්ඩ් පුවත් සේවය මේ බව වාර්තා කළ අතර රුසියාව ඩොලර් මිලියන 120 ක පමණ ආනයනික කිරිපිටි හා ඒ ආශ්‍රිත ආහාර පරිභෝජනයට ගන්නා බව සඳහන්ය. චීනයේ සිදුව ඇත්තේද එයමය. චීන ආහාර තත්ත්ව පරීක්‍ෂක බලධාරීන් ආනයනික කිsරිපිටිවල බොටලිනම් බැක්‌ටීරියාව තිබෙන බව තහවුරු කරගත් වහාම මහජන චීන ආණ්‌ඩුව බහුජාතික සමාගම්වල ඔඩොක්‌කුවට නොවැටී තම පුරවැසියාගේ ආරක්‍ෂාව මත එම ආනයනික කිරිපිටි තහනම් කළේය. බී.බී.සී. පුවත් සේවය මෙම පුවත ලෝකය පුරා ප්‍රචාරය කරමින් කියා සිටියේ බොටලිනම් බැක්‌ටීරියාව නිසා ආහාර විෂ වීමෙන් හටගන්නා බොතුල්නියා රෝගය ඇතිවිය හැකි බවය. එය සිරුරේ ක්‍රියාකාරීත්වය අඩපණ කරන ආඝාත තත්ත්වයක් බව සඳහන් විය. තත්ත්වය එවැනි නරක අතකට හැරෙන විට සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂක ජනරාල්වරයා නවසීලන්තයේ නිෂ්පාදන කිරිපිටි තාවකාලිකව වරායෙන් නිදහස් නොකිරීමටත් වෙළෙඳ පොළේ ඇති "වේ ප්‍රොටීන්" අධි සාද්‍රණ කිරි නිෂ්පාදන වෙළෙඳ පොළෙන් ඉවත් කිරීමට තීරණය කළේය. ඒ බොටලිනම් බැක්‌ටීරියාව එම නිෂ්පාදනවල ඇති බව සැක කරමින්ය. එහෙත් ඒ මොහොතේදී ද ඩී.සී.ඩී. ගැන කතා නොකිරීමට ඔවුහු වගබලා ගත්හ. රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය තීරණාත්මක ලෙස මැදිහත් වන්නේ එවැනි වාතාවරණයකදීය. ඔවුන් සෞඛ්‍ය අමාත්‍යවරයා හමුවී සෘජුවම මේ අවදානම් තත්ත්වය හා මැදිහත් වන ලෙස ඉල්ලමින් වැදගත් යෝජනා දෙකක් ඉදිරිපත් කළේය. ඉන් එකක් නම් කාර්මික තාක්‍ෂණ ආයතන (අයි.ටී.අයි.) වාර්තාව නොසලකා හරින නිලධාරීන් පිළිබඳ වහාම විමර්ශනයක් ආරම්භ කිරීමය. අනෙක නම් මේ ගැටලු නිරාකරණය කරගන්නා තෙක් අවම වශයෙන් ආනයනික ළදරු කිරිපිටි වර්ගවත් තාවකාලිකව තහනම් කිරීමය. සෞඛ්‍ය බලධාරීන්ගේ පඬුපුල් ආසනය රත්වූයේ එවිටය. එහෙත් අයි.ටී.අයි. වාර්තාව දෙස ඇසක් හැර නොබැලූ ඔවුන් වහාම කිරිපිටි පිළිබඳ කෙරෙන වෙළෙඳ දැන්වීම් ප්‍රචාරය නැවැත්වීය. වෙළෙඳපොළ තුළ තිබෙන අදාළ කිරිපිටි තොග යළි ගෙන්වා ගැනීමට කටයුතු කරන ලෙස අදාළ සමාගම්වලට නියෝග නිකුත් කළේය. පමාවී හෝ රටේ පුරවැසියන්ගේ පැත්තෙන් සිතා එවැනි තීරණයකට එළැඹීම පිළිබඳ අප එම බලධාරීන්ට හිස නමා ආචාරය කළ යුතුය. එහෙත් පුරවැසියන් වශයෙන් අපට ප්‍රශ්න කළ යුතු කරුණක් ඇත. මෙවැනි විෂ ද්‍රව්‍යයක් අන්තර්ගත කිරිපිටි වර්ගයක් මෙරට වෙළෙඳ පොළට පැමිණෙන තෙක් සෞඛ්‍ය බලධාරීන් කුමක් කළේද යන්නය. ආහාර පිළිබඳ නිසි බලධාරියා වනුයේ සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ පවතින සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේද ප්‍රධානියා වන සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂක ජනරාල්වරයාය. එම අධ්‍යක්‍ෂක ජනරාල්වරයාගේ ප්‍රධානත්වයෙන් මෙරටට ආනයනය කරනු ලබන ආහාර වර්ග පිළිබඳ සොයා බැලීම සඳහා ආහාර උපදේශක කමිටුවක්‌ද පවතී. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට අනුව මෙම ඩී.සී.ඩී. අඩංගු කිරිපිටි තොග මෙරටට පැමිණෙන තෙක් මෙම බලධාරීන් සිදුකළේ කුමක්‌ද? යන්න ගැටළුවකි. පසුගියදා කොළඹ පැවැති මාධ්‍ය සම්මන්ත්‍රණයක් අමතමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂක ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහතා ප්‍රකාශ කර සිටියේ නවසීලන්තයෙන් මෙරටට ආනයනය කරනු ලබන කිරිපිටි වර්ග පරීක්‍ෂාවකින් තොරව වෙළෙඳ පොළට නිකුත් නොකරන බවයි. කිසි විටෙක කිරිපිටි සමාගම් ආරක්‍ෂා නොකරන බවත් නිසි පරීක්‍ෂාවක් සිදු කිරීමෙන් අනතුරුව එම කිරිපිටිවල විෂ ද්‍රව්‍ය අඩංගු නොවන බව තහවුරු කර ගත් පසු පමණක් කිරිපිටි වෙළෙඳපොළට මුදාහරින බව වෛද්‍ය මහීපාල කීවේය. කරුණු එසේ නම් ඩීසීඩී රසායනිකය අඩංගු කිරිපිටි වෙළෙඳ පොළට නිකුත් වූයේ කෙසේද? එම කිරිපිටි වර්ගවල ඩී.සී.ඩී. රසායනිකය අඩංගු බව දැන දැනත් ඒවා වෙළෙඳ පොළට නිකුත් කළේද? නොඑසේ නම් පරීක්‍ෂණයක් නොපවත්වාම ඒවා නිකුත් කළේද? යන්න දන්නේ එම කිරිපිටි වෙළෙඳ පොළට නිකුත් කිරීමට අවසර දුන් සෞඛ්‍ය බලධාරීන්ම පමණකි.
තිස්‌ස ගුණතිලක, ඒමන්ති මාරඹේ
http://yourhealth.asiaone.com/content/ava-testing-new-zealand-milk-toxic-traces
Thursday, Jan 31, 2013
The Straits Times
By Sue-ann Tan, Priscilla Kham
SINGAPORE - Tests are being carried out on milk imported to Singapore from New Zealand after a potentially toxic substance was found in dairy products there.
Trace amounts of dicyandiamide (DCD), a chemical used in fertilisers, were detected last month in milk products from Fonterra, the world's largest dairy exporter.
Singapore's Agri-Food and Veterinary Authority (AVA) said DCD has low toxicity and is present in trace levels in Fonterra products which may be imported here - so they could carry a low food safety risk.
Thursday, Jan 31, 2013
The Straits Times
By Sue-ann Tan, Priscilla Kham
SINGAPORE - Tests are being carried out on milk imported to Singapore from New Zealand after a potentially toxic substance was found in dairy products there.The Straits Times
By Sue-ann Tan, Priscilla Kham
Trace amounts of dicyandiamide (DCD), a chemical used in fertilisers, were detected last month in milk products from Fonterra, the world's largest dairy exporter.
Singapore's Agri-Food and Veterinary Authority (AVA) said DCD has low toxicity and is present in trace levels in Fonterra products which may be imported here - so they could carry a low food safety risk.
- See more at: http://yourhealth.asiaone.com/content/ava-testing-new-zealand-milk-toxic-traces#sthash.tNGIBI1h.dpuf
Thursday, Jan 31, 2013
The Straits Times
By Sue-ann Tan, Priscilla Kham
SINGAPORE - Tests are being carried out on milk imported to Singapore from New Zealand after a potentially toxic substance was found in dairy products there.The Straits Times
By Sue-ann Tan, Priscilla Kham
Trace amounts of dicyandiamide (DCD), a chemical used in fertilisers, were detected last month in milk products from Fonterra, the world's largest dairy exporter.
Singapore's Agri-Food and Veterinary Authority (AVA) said DCD has low toxicity and is present in trace levels in Fonterra products which may be imported here - so they could carry a low food safety risk.
- See more at: http://yourhealth.asiaone.com/content/ava-testing-new-zealand-milk-toxic-traces#sthash.tNGIBI1h.dpuf
0 comments:
Post a Comment