වැලිවේරිය සිදුවූ ගැටුමෙන් තුවාල ලැබූ පුද්ගලයන් 4 දෙනාගෙන් තවත් අයෙකු මීට සුළුමොහොතකට පෙර ජීවිතක්ෂයට පත්ව ඇති බව කොළඹ ජාතික රෝහලේ අධ්යක්ෂ අනිල් ජාසිංහ මහතා පැවසුවේය.
මේ වනවිට තවත් දෙදෙනෙකු දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවත් තවත් එක් අයෙකු රෝහලේ 79 වන වාට්ටුවේ ප්‍රතිකාර ලබන බවත් හදිසි අනතුරු අංශයේ අධ්යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක මහතා මව්බිමට පැවසුවේය.
මේ වනවිට වැලිවේරිය ප්‍රදේශයේ ජනතාව හා යුද හමුදාව අතර ඇතිවූ ගැටුමෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 3 දක්වා ඉහල ගොස් ඇත.
මිය ගිය පුද්ගලයාගේ වයස අවුරුදු 29ක් වන අතර අද දහවල් 12.45ට පමණ මියගොස් ඇත. මියගිය පුද්ගලයා නිලන්ත නම් වන අතර හිසට සිදුවී තිබූ දැඩි බරපතල හානි හේතුවෙන් ඔහු මියගොස් ඇති බව රෝහල් ආරංචිමාර්ග සඳහන් කළේය.

0 comments:
Post a Comment