එදා සෝම හිමියන් ගේ "අඳුරෙන් එළියට " නම් වැඩසටහන ස්වාධීන රූපවාහිනියෙන් ඇරැඹු සැටි පිලිබඳව යමක් මෙහිදී මතක් වේ. එම දිනවල දී ...මා හට පැවරී තිබූ පොහෝදින ධර්මදේශනා වැඩසටහන් සම්පාදන වගකීම නිසා මා ඒ සඳහා සුදුසු ධර්ම කථික ධර්මධර ,ස්වාමීන් වහන්සේලා සොයමින් සිටි අවස්ථාවක දී ..ඒ දිනවල අප ආයතනයේ කැමරා ශිල්පියෙකු ලෙසින් කළ ..අදටත් අයි ටී එන් ආයතනයේ සේවය කරන සමන් මංචනායක මහතා .( ඔහුගේ භාර්යාව වන දිනේෂා මහත්මිය .ඇයගේ සොහොයුරා වන්නේ වර්තමාන රජයේ ඇමැත්තෙක් වන "රන්ජිත් සියඹලාපිටිය " වේ ).ඔවුන්ගේ දෙමාපියන් ජිවත්ව සිටින්නේ ද ඕස්ට්‍රේලියාවේ නිසා දවසක් මංචනායක මාගෙන් දිනක් ...සුමිතා මචං මම දන්නා හොඳ ස්වාමින් වහන්සේ නමක් ඉන්නවා ඕස්ට්‍රේලියාවේ හිටියේ දැන් ලංකාවට වැඩම කරලා ඉන්නේ .පුළුවන්නම් උන්වහන්සේට අවස්ථාවක් දෙන්න ..යනුවෙන් ඉල්ලීමක් කළේය ..
මා දෙවරක් නොසිතා උන්වහන්සේට අවස්ථාවක් දුන්නේය .ඒ ගරුතර සෝම හිමියන් ප්‍රථම වතාවට රුපවාහිණිය තුලින් ආ සැටිය .පසුව උන්වහන්සේ මාගේ විවිධ කාලින වැඩසටහන් තුළට සම්බන්ධ කරගත් අතර නොබෝ කලෙකින්ම උන්වහන්සේගේ ධර්මදේශනා ප්‍රේක්ෂකයන් අතර ඉතා ජනප්‍රිය වෙමින් පැවතිණ ....සෝම හිමියන්ගේ ආගමනය එසේය අපගේ වැඩසටහන් කමිටු රැස්වීමේදී එකල සභාපති වූ නිව්ටන් ගුණරත්න බුදුදහම වුව මාර්කට් කරන්න පුළුවන් කියා කී .අතර මා ඊට විරුද්ධවී එසේනම් සර්ව රාත්‍රික පිරිත් ද ප්‍රචාරය කොට ඒ මැදින් වෙළෙඳ දැන්වීම් දැමීමට කියාද ඔබ කියන්නේ යනුවෙන් .විරුද්ධත්වය ප්‍රකාශ කළ අතර .එසේ කරන්නේ නම් එය යහපත් ලෙසින් සජීවී වැඩසටහනක් ලෙසින් ජනතාවගේ ඇතැම් ප්‍රශ්ණ සඳහා බුදුදහමෙන් කරුණු සහ පිළිතුරු ලබාදෙන වැඩසටහනක් ආරම්භ කිරීමට සුදුසු යැයි මා යෝජනා කළෙමි . ඒ සඳහා නිව්ටන් ගේ අවධානය යොමුවූ අතර එම වැඩසටහන සඳහා "අඳුරෙන් එළියට " නම තබන්නේ ජගත් ගාමිණී ය .මාහට මතකයේ ඇති අයුරු එම නම ජගත් ගේය .... මෙය ඉතාම ජනප්‍රිය විය .නිව්ටන් මෙම සජීවී වැඩසටහන පාලනය කිරීමට කෙතරම් යත්න දැරුවද .ගරු සෝම හිමියන් ඊට එකඟ වුයෙම නැත..නිව්ටන් සිතා සිටියේ ඔහුට ඕනෑ ලෙසින් සෝම හිමියන්ද අවනත කර ගැනීමටය .ඊට අවනත නොවූ ගරුතර සෝම හිමියන් ගේ ප්‍රසිද්ධිය ඉවසීමට බැරිවූ එකල ජනාධිපතිනිය වූ චන්ද්‍රිකා ගේ අතකොළුවෙකු වූ නිව්ටන් නම් ගන්ධබ්බයා .එය නතර කර දැම්මේ එකල අමාත්‍යවරයෙකු වූ අශ්රොප් ගැන සහ දීඝවාපිය ඩෝසර් කල දේ උන්වහන්සේ එළිපිටම කී නිසාය.එක රැයකින් මෙම නිව්ටන් සිය බලය අතට ගෙන වැඩසටහන නැවැත්වූ අතර ටි එන් එල් නාලිකාවේ ශාන් වික්‍රමසිංහ එය වෙනස් නමකින් "නැණ පහණ "ලෙසින් එළිදක්වන ලදී . ..මෙය කිසිදු මාධ්‍යකින් එළිදරව් නොවූ දෙයකි ..පසුව මාද අයි .ටි .එන් තුලින් ඉවත්වෙන්නේ ..නිව්ටන් නමැති කුහක මිනිසා නිසාය ...රාජ්‍ය බලය යොදා ඉතාම පහත් අන්දමින් මාධ්‍ය පාලනය කළ එක කාලකන්ණි ජඩ මිනිසෙකු ලෙසිනි අදටද මා මෙකී වසලයා හඳුන්වන්නේ.දක්ෂතා ඇති අය පහතට දමා ඌ හට සර් කියා දෙකට තුනට නැමුණු උන් හට විශේෂ වරප්‍රසාද දී උඩ දමන ලදී . පසුව මාද ටී එන් එල් ආයතනයේ බාහිර අධ්‍යක්ෂකවරයෙකු ලෙසින් " රටතොට " නම් ප්රසාංගික විකට ටෙලි නාට්‍ය මාලාවක් නිර්මාණය කරන විටදී ..පිළියන්දල ටි එන් එල් ආයතනය ඉදිරිපසදී ...බොහෝ අවස්ථාවන් හිදී ගරු සෝම හිමියන් නැවත මුණගැසීමට අවස්ථාව ලැබෙන විට උන්වහන්සේ පැමිණි සුදු පැහැ වෑන් රථයේ ඉදිරිපෙළ අසුනේ සිටිමින් මාහට අමතනු දැනුදු මැවි පෙනේ ...උන්වහන්සේ සිනා මුසු මුහුණින් මා අමතා සුමිත් ඔයත් දැන් මෙහේද ....අසමින් උන්වහන්සේ රථය තුලම වැඩ හිඳ ගිලන්පස වළඳයි .... ඔව් හාමුදුරුවනේ දැන් අයි ටී එන් එක නිව්ටන් බදු අරගෙනනේ...මම පවසයි ... අපරාදේ ඔය වගේ කට්ටිය ....කියා උන්වහන්සේ ..සුපුරුදු සිනහ වතින් මුව සරසා ගෙන ... බොහොවතාවක්ම මා සමග පවසා තිබේ.... උන්වහන්සේ ගේ අඳුරෙන් එළියට වැඩසටහන නැවැත්වූවා කියා ..නිව්ටන් හට ටී එන් එල් හී නැණ පහණ වැඩසටහන නැවැත්වීමට හැකිවියේ නැත ..එයද නැවත ලීමට ශාන් වික්‍රමසිංහ යන් හටද දහ අතේ ඇමතු බව එකළ .ඔහු මාහට පවසා තිබේ . නිව්ටන් ගුණරත්න නම් වූ කාලකන්නි මිනිසා එය සිය මරණ මංචකයේදී හෝ එය සිහිගන්වනු නියතය.... මගේ අත්දැකීම් සහ කිසිවෙක් නොදන්නා මේ සියල්ලක්ම එළිදරව් කිරීමට කාලය එළඹ ඇතැයි සිතමි..... අඳුරෙන් එලියට වැඩසටහන නවත්වා ඉන්පසු උන්වහන්සේ ආරම්භකළ නැණ පහණ වැඩසටහනේදී එදා සිටි අශ්රොෆ් ඇමතිවරයා කල පාපොච්චාරණයද ..ඔබට මෙහිදී ඉදිරිපත් කරන්නෙමි ...ඔහු පවසා සිටියේ එම වැඩසටහන නැවැත්වීමට කියා නොකීවද ... අයි ටි එන් සභාපතිවරයා විසින් ඒක පාක්ෂිකව එය නැවත්වූ බවයි ..වෙන සාක්ෂියක් ඔබට අවැසි නොවේ යැයි මා සිතමි .
සෝම හිමියෙනි... ඔබ වහන්සේ ට නිවන් සුව

0 comments:
Post a Comment