නිල ඇඳුම් පොරවාගත් තිරිසනකුගේ අවලං ක්‍රියාවකට එරෙහි වීම නිසා ‘රිවිර’ මාධ්‍යවේදී චාමර අමරසූරියට අතුරුගිරිය පොලිසිය නොසෑහෙන්නට ‘අතින් පයින්’ ස්තූති කොට තිබේ. අරංගල ප්‍රදේශයේ සංගීත සංදර්ශනයක් නරඹා එන අතරතුර පාපැදිවල යමින් සිටි තරුණයන්ට නිකරුණේ පොලු පහර දෙන ග්රාමාරක්ෂක භටයකු දැක ඔහු වෙත ගොස් තමා මාධ්‍යවේදියකු බවද අඟවා සිද්ධිය විමසා සිටියදී පැමිණි පොලිස් නිලධාරියකු “උඹ මීඩියා නෙවේ, මොකෙක් වුණත් කමක් නෑ” යි පවසා ඔහුට දිගින් දිගටම පහර දී තිබේ.
ඉන්පසුව ඔහු ජීප් රියට දමාගත් කිහිප දෙනකු “මූට දාපන් අපි ගෙනාපු ගංජා” යැයිද පවසා ඇත. පුවත්පතට පොලිස් වාර්තා සපයන මෙම මාධ්‍යවේදියා අතුරුගිරිය පොලිස් ස්ථානාධිපතිවරයාද දැන හඳුනන බැවින් තම ජංගම දුරකථනයෙන් මේ පිළිබඳව ඔහු දැනුවත් කිරීමට සූදානම් වූ මොහොතේ ඔහුගේ ජංගම දුරකථනයද උදුරාගෙන ඇති මෙම පිරිස මාධ්‍යවේදියා රාත්‍රී 12.15ට පමණ අතුරුගිරිය පොලිසියට ගෙනැවිත් තිබේ.
ඒ වනවිට පොලිස් ස්ථානාධිපතිවරයා එහි සිටි බැවින් කූඩුවට දැමූ ඔහු එළියට ගෙන ඇතත් ඔහු රෑ එළිවනතුරු පොලිසියේ රඳවාගෙන තිබේ. උදෑසන පරීක්ෂණයක් මෙහෙයවූ ඒ.එස්.පී.වරයා අදාළ පොලිස් නිලධාරීන්ගේ වැඩ තහනම් කරන්නදැයි මාධ්‍යවේදියාගෙන් විමසා ඇතත් එසේ නොකරන ලෙස ඔහු පවසා ඇත්තේ සැබැවින්ම ඔහුගේ හිත හොඳකම නිසාය. ඒ වනවිට ‘රිවිර’ මගින් මේ ගැන පොලිස්පතිවරයාද දැනුවත් කොට තිබූ නමුත් මෙම සිද්ධිය දහවල් වනවිට අගතියට පත් පාර්ශ්වයම දඬුවම් ලබන තත්ත්වයට පරිවර්තනය වී ඇත. මාධ්‍යවේදියා පොලිස් නිලධාරියකුට විදුලි පන්දමකින් පහරදුන් බවට පැමිණිල්ලක් ඇතැයි දහවල් 12.30ට පමණ ඔහු උසාවියට රැගෙන ගොස් ඇත. කඩුවෙල මහෙස්ත්‍රාත් උසාවියෙන් ඇප නියම කළ සැකකරුවකු ලෙස ඔහුට අවසන ගෙදර ඒමට සිදුවී තිබේ. දැන් මේ සම්බන්ධයෙන් අසන්නට ප්‍රශ්න කීපයක් අප ඉදිරියේ තිබේ.
* පාන්දර 2.00 සිට පසුදා දහවල් 12.00 පමණ වනතුරු මෙම මාධ්‍යවේදියාට එරෙහිව පැමිණිල්ලක් ඇති බව පොලිසිය ඔහුට දැනුම් නොදුන්නේ ඇයි?
* කිසියම් සිද්ධියක් දුටු විට ඒ පිළිබඳ පොලිස් නිලධාරීන් සමග කතා කිරීමට, විමසීමට හෝ අදහස් දැක්වීමට සාමාන්‍ය පුරවැසියකුට අයිතියක් නැද්ද?
* එය තමන්ගේ රාජකාරියට බාධා කිරීමක් සේ පොලිසිය අර්ථ දක්වන්නේ නම් රාජකාරියට බාධා කළ කෙනකු අත්අඩංගුවට ගන්නවා හැර ඔහුට පහරදීමට බලය දී ඇත්තේ දණ්ඩ නීති සංග්‍රහයේ කවර වගන්තියෙන්ද?
* චාමර අමරසූරිය සිද්ධියේදී ඔහුගේ නව යොවුන් බවත්, සාමකාමී බවත් උපයෝගි කරගෙන ඔහු නොමග යවා කරුණු වසන් කොට වරද කියා නොදී උසාවි රැගෙන යෑම නීතියේ සදාචාරයට එකඟද?
* මෙම මාධ්‍යවේදියාගේ පැමිණිල්ල විභාග කිරීමට කටයුතු නොකළේ මන්ද? මාධ්‍යවේදියකු නොව සාමාන්‍ය පුද්ගලයකු වුවද නීතියේ පිහිට පතා පොලිසියේ සටහන් කරන පැමිණිල්ලකට අත්වන්නේ මෙම ඉරණම නම් ඊට වගකියන්නේ කවුද?
* තරුණයකු අත්අඩංගුවට ගත් පසු ගංජා හෝ කුඩු පැකැට්ටුවක් දමා ඔහු කුඩුකාර සැකකරුවකු බවට පත් කිරීමේ පිළිවෙත කවර නීතියකට එකඟද?
* වැරදි කළ පොලිස් පොඩ්ඩන්ගේ වාසියට සිද්ධි නිර්මාණය කර ගැනීමට අතුරුගිරිය පොලිසියේ ඇතැම් ඉහළ නිලධාරීන්ගේද අනුදැනුම හා උපදෙස් ලැබිම නීතිය කෙළෙසීමක් නොවේද?
* මාධ්‍යවේදියකු බව පවා දැන දැනත් තරුණයකු කුඩු චෝදනාවට ලක් කිරීමට උත්සාහ කිරීම තුළින් රටේ තරුණයන් ඇතැම් පොලිසිවලදී මෙසේ බොරු චෝදනාවට ලක්වන බව පිළිගන්නවාද?
* පොලිස් දෙපාර්තමේන්තුවට බඳවා ගන්නා පුද්ගලයන්ට තම රාජකාරියට අදාළ නීතිය සම්බන්ධයෙන් ඇති දැනුම ගැන වගකිවයුත්තන් සෑහීමකට පත්වන්නේද?
* අප මාධ්‍යවේදියාට පහරදුන් නරුමයන්ට අතුරුගිරිය පොලිසියෙන් ලැබෙන දඬුවම කුමක්ද?
පොලිස්පතිතුමනි, නිල ඇඳුම තමන්ට ඕනෑම ජඩ වැඩකට දී ඇති ලයිසමක් යැයි සලකන පොලිස් කුක්කන්ට විධිමත් ෙනෙතික දැනුමක් ලබානොදුනහොත් නීතිය රකිනවා වෙනුවට බොහෝ තැනක පොලිසිය නීතිය වනසන මෙම බරපතළ තත්ත්වයෙන් ගොඩ ඒමට පහසු වන්නේ නැති බව අපි අවධාරණය කර සිටිමු. ඊට හේතුවද අපට වඩා ඔබ හොඳින් දන්නවාට සැක නැත. යුද සමයේ පොලිසියට අවශ්‍ය පිරිස් බලය සපුරා ගැනීම සඳහා බඳවාගත් අය තුන් මසක කෙටිකාලීන පුහුණුවෙන් පසු කෙළින්ම පොලිස් සේවාවේ ප්‍රායෝගික අත්දැකීම් ලැබුවේ යුද්ධයෙන් මිස විධිමත් ෙනෙතික පුහුණුවකින් හෝ දැනුමකින් නොවේ. ඔවුන් අද පොලිසිය අලුගෝසු රාජකාරියක් බවට පත්කර ගෙන ඇත්තේ එම මානසිකත්වය තුළින් බව පැහැදිලිය. දණ්ඩ නීති සංග්‍රහය හෝ අන් කිසි නීතියක් නොදන්නා ඔවුන් දන්නේ මිනිසුන්ට අතින් පයින් සංග්‍රහ කිරීමේ අවනීතිය පමණි. මෙවන් පොලිස් දෙපාර්තමේන්තුවක් සමග මේ රටේ නීතිය හා සාමය රැකීමේ අභියෝගය ඔබ ජයගන්නේ කෙසේද?

0 comments:
Post a Comment