උතුරෙන් සිංහල හා මුස්ලිම් ජනතාව ඉතාමත් නින්දිත ලෙස පලවා හැරීමට ප්‍රභාකරන් කටයුතු කළා. මේ ජරා සිදුවීම ලංකාවේ වෙනත් කිසිදු පළාතක සිදුවූයේ නැහැ. එසේ කටයුතු කළ ප්‍රභාකරන් නැමැති ත්‍රස්තවාදියා, වීර මොනරවිල කැප්පෙටිපොළ නිලමේතුමන්ට සමාන කරන්න විග්නේෂ්වරන් උත්සාහ කරනවා.උතුරෙන් පලවා හරින ලද මුස්ලිම් ජනතාව නිශ්චිත කාලරාමුවකට අනුව යළි පදිංචි කිරීමට වහා පියවර ගත යුතු යැයි මුස්ලිම් සහෝදරත්වය සංවිධානයේ කැඳවුම්කරු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් ප්‍රකාශ කළේය.
ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ පසුගියදා කොළඹ පැවැති මුස්ලිම් සහෝදරත්වයේ ප්‍රථම මාධ්‍ය හමුවේදීය. බෙදුම්වාදී කොටි ත්‍රස්තවාදය විසින් උතුරෙන් මුස්ලිම් ජනතාව පලවා හැර 2013 ඔක්තෝබර් 20 වැනිදාට වසර 23ක් බවත්, එසේ පලවා හරින ලද පවුල් සංඛ්‍යාව 63,000ක් පමණ බවත් ඒ මහතා පැවසීය.
එම පවුල් වසර 23ක් තිස්සේ අනේකවිධ දුක් පීඩා විඳ ඇති බවත්, වේළුපිල්‍ලේ ප්‍රභාකරන්ගේ මිනීමරු ත්‍රස්තවාදය විසින් මුස්ලිම් ජනතාව පමණක් නොව සිංහල ජනතාවද උතුරෙන් පලවා හරිනු ලැබූ බව ඒ මහතා අවධාරණය කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මොහොමඩ් මුසම්මිල් මහතා, උතුරු පළාත් සභාවේ මහා ඇමැති සී.වී. විග්නේෂ්වරන් මහතා පසුගියදා උතුරෙන් පලවා හරින ලද මුස්ලිම් ජනතාවට නැවත තම ගම්බිම්වලට එන ලෙස ආරාධනා කරනු ලැබුවා. එසේ ආරාධනා කිරීම ප්‍රමාණවත් නැහැ. සිදුවිය යුත්තේ උතුරෙන් පලවා හරින ලද මුස්ලිම් හා සිංහල ජනතාව නිශ්චිත කාලරාමුවක් තුළ යළි පදිංචි කිරීමයි.
උතුරෙන් සිංහල හා මුස්ලිම් ජනතාව ඉතාමත් නින්දිත ලෙස පලවා හැරීමට ප්‍රභාකරන් කටයුතු කළා. මේ ජරා සිදුවීම ලංකාවේ වෙනත් කිසිදු පළාතක සිදුවූයේ නැහැ. එසේ කටයුතු කළ ප්‍රභාකරන් නැමැති ත්‍රස්තවාදියා, වීර මොනරවිල කැප්පෙටිපොළ නිලමේතුමන්ට සමාන කරන්න විග්නේෂ්වරන් උත්සාහ කරනවා. වීර මොනරවිල කැප්පෙටිපොළ නිලමේතුමන් සටන් වැදුණේ අධිරාජ්‍යවාදී සුද්දන් මෙරටින් පලවා හරින්න. නමුත් ප්‍රභාකරන් විසින් උතුරේ පලවා හරිනු ලැබුවේ තමන්ගේම රටේ අහිංසක ජනතාව.
මුස්ලිම් ජනතාවගේ අවශ්‍යතාව උතුරු හා නැගෙනහිර ඒකාබද්ධ කිරීම නෙවෙයි. ඔවුන්ට අවශ්‍ය මේ රටේ සියලු ජන කොටස් සමග සමගියෙන් ජීවත්වීමටය. ඒ තුළින් ජාතික සමගිය වර්ධනය කර ගැනීම ඔවුන්ගේ බලාපොරොත්තුවයි. අපට ඉතිහාසය අමතක නැහැ. දහස් ගණන් මුස්ලිම් ජනතාව නැගෙනහිරදී මරා දැමුණු ආකාරය අපට අමතක නැහැ. උතුරු නැගෙනහිර ඒකාබද්ධ කරන්න ගන්නා උත්සාහය තුළ ඇත්තේ දෙමළ ජාතිවාදී බෙදුම්වාදී වුවමනාව පමණයි. එමගින් මුස්ලිම් ජනතාවට කිසිදු සෙතක් සැලසෙන්නේ නැහැ. ඒ වුවමනාව අනුව හැසිරෙන්න අපට අවශ්‍ය නැහැ.

0 comments:
Post a Comment