පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල සකසුරුවම් සමිතියේ මුදල් වංචා කිරීමේ සිද්ධියට සම්බන්ධ බව කියන එම සමිතියේ හිටපු භාණ්ඩාගාරික යූ. ඩබ්ලිව්. පී. ධර්මප්‍රිය නමැත්තා විදේශයක සිට පැමිණියහොත් හෝ විදේශ ගතවීමට උත්සාහ කළහොත් ඔහු අත්අඩංගුවට ගෙන වහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දෙන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් කපිල දුෂාන්ත එපිටවෙල මහතා ඊයේ (04 දා) ආගමන විගමන පාලකවරයාට නියෝග කළේය.
සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර වාර්තාවක් ගොනු කරමින් කළ ඉල්ලීමක් අනුව මහෙස්ත්‍රාත්වරයා එලෙස නියෝග කළේය.
පාර්ලිමේන්තු නිලධාරී විදාන ගමගේ සුනිල් ශාන්ත මහතා කළ පැමිණිල්ලක් අනුව මෙහි පරීක්ෂණ ආරම්භ කළ බවට කියා සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පාර්ලිමේන්තු මහලේකම්වරයා නිල බලයෙන් සභාපතිත්වය දරන මෙම සමිතියේ 698 දෙනකු සාමාජිකත්වය දරන බවත් සමිතියේ හිටපු භාණ්ඩාගාරික විසින් එහි මුදල් වංචා කර ඇති බවට පැමිණිල්ලෙන් කියා ඇති බවත් පැවැසුවේය.
සාමාජිකයන් සඳහා රුපියල් ලක්ෂ දහයක ණය මුදලක් පිරිනැමීම අරමුණුකොට ගනිමින් 2013 දී ලංකා බැංකුවෙන් රුපියල් මිලියන 400 ක ණය මුදලක් ලබාගෙන ඇති බවත් පසුගිය සැප්තැම්බර් 17 දා පැවැති සමිති නිලවරණයේදී පැමිණිලිකරු ලේකම් ලෙසත් පී. ආර්. එස්. ඡේ. සෝමරත්න මහතා භාණ්ඩාගාරික ලෙසත් පත්වී ඇති බවත් දැන්වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හිටපු භාණ්ඩාගාරික අභිනව භාණ්ඩාගාරිකට සමිතියේ මූල්‍ය ප්‍රකාශන හා නිල මුද්‍රd ලබාදිය යුතු වුවත් එසේ භාර නොදී මඟ හැර ඇති බව ද පැවැසුවේය.
පසුව විටින් විට ප්‍රකාශන කීපයක් භාරදී තිබුණ ද ඒවා අසම්පූර්ණ ලේඛන බවද පසුගිය ඔක්තෝබර් 11 දා සිට ඔහු සේවයට වාර්තා නොකරන බවද පැවැසූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බැංකු ගිණුම් පිළිබඳව සොයා බැලීමේදී 2013 සැප්තැම්බර් මස දක්වා ස්ථාවර තැන්පත් ලෙස තිබූ රුපියල් 10,663,101.90 ක මුදලක් ස්ථාවර තැන්පත් ගිණුqම් ලෙස නොමැති බවට අනාවරණයවී ඇති බවත් කියා සිටියේය.
සමිතියේ සියලු ගිණුම් කටයුතු පරීක්ෂා කර බැලීමට පාර්ලිමේන්තු මුදල් අධ්යක්ෂවරයා ප්රමුඛ විගණන පරීක්ෂණ මණ්ඩලයක් විගණන කරන බවද මුදල් වංචාවට සම්බන්ධ හිටපු භාණ්ඩාගාරික යූ. ඩබ්ලිව්. පී. ධර්මප්‍රිය නමැති අය විමර්ශන මඟ හැර විදේශගතව ඇති බවට කරුණු අනාවරණය වී ඇති බවත් දැන්වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හපුතලේ-වල්ගහවෙල පදිංචි උලුවඩුගේ පුෂ්පකුමාර ධර්මප්‍රිය නමැති හිටපු භාණ්ඩාගාරිකවරයා විදේශයක සිට දිවයිනට පැමිණියහොත් හෝ දිවයිනෙන් බැහැර වීමට උත්සාහ කළහොත් ඔහුගේ ගුවන් ගමන් නවතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදෙන ලෙසට ආගමන විගමන පාලකවරයාට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා සිටියේය.
0 comments:
Post a Comment