728x90 AdSpace

tv
Latest News
http://janathamina.blogspot.fr/

අපේ ප්‍රවෘත්ති

ඇත්ත නම්

අපේ කම

ශ්‍රී ලංකා

විසිතුර

කලා තොරතුරු

Monday, 4 November 2013

එතනෝල් සිද්ධියේ පස් දෙනාට තුන් කෝටි තිස් හත් ලක්ෂයක් දඩ

මහත් ආන්දෝලනයට තුඩුදුන් වියට්නාමයේ සිට එතනෝල් මද්‍යාසාර ස්ප්‍රීතු ලීටර් හැට දෙදාහක් නීතිවිරෝධී අන්දමින් මෙරටට ආනයනය කිරීම සම්බන්ධයෙන් වරදකරුවන් වූ පුද්ගලයින් පස් දෙනාට රුපියල් තුන්කෝටි තිස් හත් ලක්ෂ පනස් දහසක දඩ මුදලක් ඊයේ (04 දා) සවස ශ්‍රී ලංකා රේගුව විසින් නියම කරන ලදී.

මෙම දඩ මුදල සුරාබදු  දෙපාර්තමේන්තුව ඉතිහාසයේ භාණ්ඩයකට නියම කරන ලද ඉහළම දඩ මුදල ලෙසත් එතනෝල් හා මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රේගුව විසින්ද
නියම කළ ඉහළම දඩ මුදල ලෙසද ඉතිහාසයට එක්විය.
මෙලෙස දඩ මුදල් නියම වූයේ ජයලත් පීරිස්, මුත්තයියා ශශිදරන් රංග සමරක්කොඩි, සමීර ඉන්දික සහ රමේෂ් කුමාර යන අයවළුන්ටය.
ඒ අනුව ජයලත් පීරිස්ට රුපියල් එක්කෝටි පනස් ලක්ෂයක්, මුත්තයියා ශෂිදරන්ට එක්කෝටි පනස් ලක්ෂයක්, රංග සමරක්කොඩිට දොළොස් ලක්ෂ පනස් දහසක්, සමීර ඉන්දිකට දොළොස් ලක්ෂ පනස් දහසක් සහ රමේෂ් කුමාර්ට දොළොස් ලක්ෂ පනස් දහස බැගින්ද දඩ මුදල බෙදී යන ලදී.
මෙහි අවසන් තීන්දුව ප්‍රකාශයට පත් කරන මොහොතේ මෙහි ප්‍රධාන සැකකරුවන්  වන ජයලත් පීරිස් හා රංග සමරක්කොඩි යන අය පැමිණි නොසිටි බව වාර්තා වේ. ජයලත් පීරිස් ගේ නීතිඥවරයා පවසා ඇත්තේ ඔහුට අධික රුධිර පීඩනය ඇති බැවින් රෝහල්ගත කර ඇති බවයි. කෙසේ වෙතත් ඊයේ දිනයේදී දඩ මුදල නොගෙවීම හේතුවෙන් ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා නියෝගයක් ශ්‍රී ලංකා රේගුව විසින් නිකුත් කර ඇති බවද ආරංචි මාර්ග පවසයි.
මුත්තයියා ශෂිදරන් මෙම තීන්දුවට එරෙහිව පසුගියදා මෝසමක් ඉදිරිපත් කර අභියාචනාධිකරණයට ඉදිරිපත් කර ඇති බැවින් ඔහුගේ දඩ මුදල ගෙවීම එම තීන්දුවෙන් පසුව සිදු කිරීම සඳහා ඉඩ ලබා දීමට රේගුවට සිදුවිය. ඔහු වෙනුවෙන් ජනාධිපති නීතිඥ ශ්‍රීනාත් පෙරේරා මහතා පෙනී සිටි බවද වාර්තා වේ.
රේගු ආඥාපනතේ 129 ජේදය යටතේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ සුමතිපාල උඩුගම්සූරිය මහතා විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව ඒ මහතා සිය වෘත්තියෙන් විශ්‍රාම ගැනීමද විශේෂ සිදුවීමක් විය.
ඉකුත් මාර්තු මස 09 වැනිදා වියට්නාමයේ සිට කාබ්.බ්ලාන්ච් නෞකාවෙන් මෙම කන්ටේනර් දෙක ශ්‍රී ලංකාවට පැමිණි අතර සුරාබදු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ඒ බෝදරගම මහතාගේ උපදෙස් මත බත්තරමුල්ල සුරාබදු ඒකකයේ ප්‍රධාන සුරාබදු පරීක්ෂක පී.එන්.හේමන්ත මහතා විසින් මාර්තු 13 වැනි දින තොටලඟ ප්‍රදේශයේදී කන්ටේනර් රථ දෙක අත්අඩංගුවට ගන්නා ලදී.
ඉන් අනතුරුව සුරාබදු හා රේගුව අතර ඇති වූ මත ගැටුමකින් අනතුරුව දෙපාර්ශ්වයේම නිලධාරීන් ඉදිරිපිට මාර්තු 16 වැනි දින කන්ටේනර් දෙක විවෘත කරන ලදී. එහිදී හෙළිවූයේ එක් කන්ටේනර් රථයක බැරල් 155 බැගින් වූ බැරල් 310 ක එතනෝල් මෙහි අඩංගුව තිබෙන බවයි. අනතුරුව මේ සම්බන්ධයෙන් ඉදිරි පරීක්ෂණ පැවැත්වීම සඳහා ශ්‍රී ලංකා රේගුවේ පරිණත නිලධාරියකු වන රේගු අධිකාරී වත්සල නානායක්කාර මහතාට මෙම පරීක්ෂණය භාරදෙන ලදී.
පුරා මාස 8කට අධික කාලයක් ඒ මහතා විසින් ඉතා සූක්ෂ්ම ලෙස මෙහි පරීක්ෂණ මෙහෙයවන ලදී.
ඒ අතරතුර කාලයේ වැඩිදුර පරීක්ෂණ සඳහා එතනෝල් සාම්පල රජයේ රස පරීක්ෂක වෙත යොමු කළ අතර එහිදී හෙළි වූයේ එහි මද්‍යසාර ප්‍රතිශතය 96 වන  බවයි.
  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: එතනෝල් සිද්ධියේ පස් දෙනාට තුන් කෝටි තිස් හත් ලක්ෂයක් දඩ Rating: 5 Reviewed By: Unknown