728x90 AdSpace

tv
Latest News
http://janathamina.blogspot.fr/

අපේ ප්‍රවෘත්ති

ඇත්ත නම්

අපේ කම

ශ්‍රී ලංකා

විසිතුර

කලා තොරතුරු

Thursday, 7 November 2013

ප්‍රථම වතාවට ස්කයිප් තාක්ෂණය ඔස්සේ අපරාධ නඩුවක සාක්ෂි ලබාගන්න නියෝග

දිවයිනේ ප්‍රථම වතාවට අපරාධ නඩුවක් සඳහා ස්කයිප් තාක්ෂණය භාවිත කරමින් විදේශගත වී සිටින සාක්ෂිකරුවකුගේ සාක්ෂි ලබා ගැනීමට කොළඹ මහාධිකරණය තීරණය කළේය.


කූට ‍ලේඛන සකස් කොට රුපියල් කෝටි ගණනාවක් වටිනා ඉඩම් වංචාවක් සම්බන්ධයෙන් ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයකුට එරෙහිව පවරා ඇති නඩුවක ප්‍රධාන සාක්ෂිකරුවකු මේ වන විට විදේශගතවී සිටින බවට කරුණු වාර්තාවීම නිසා ස්කයිප් තාක්ෂණය භාවිත කොට ඔහුගේ සාක්ෂි ලබා ගැනීමට පියවර ගන්නා ලෙසට මහාධිකරණ රෙජිස්ට්‍රාර්වරයාට මහාධිකරණ විනිසුරු ලලිත් ජයසූරිය මහතා  නියෝග කළේය.කොළඹ 03, ඇල්ප්‍රඩ් පෙදෙසේ පිහිටි පර්චස් 7.625ක ඉඩම් කොටස එලෙස කූට ලෙස ඔප්පු සකස් කොට ඇති බව දැනගෙන ලියාපදිංචි කිරීම සඳහා නොතාරිස්වරයකුට භාරදීම ඇතුළු චෝදනා යටතේ පවරා තිබූ එම නඩුව ඊයේ කැඳවූ අවස්ථාවේ දී එකී සාක්ෂිකරු නවසීලන්තයේ රැකියාවකට ගොස් සිටින බවට තොරතුරු අනාවරණය විය.
කොළඹ-03 ඇල්බට් ප‍්‍රදේශයේ පිහිටි රුපියල් කෝටි ගණනක් වටිනා ඉඩම් වංචාවක් සම්බන්ධයෙන් ප‍්‍රධාන පෙළේ ව්‍යාපාරිකයකුට එරෙහිව පවරා ඇති නඩුවක ප‍්‍රධාන සාක්ෂිකරුවකුගෙන් මෙලෙස සාක්ෂි ලබාගැනීමට නියමිත ය. ඒ මේ වනවිට ඔහු නවසීලන්තයේ රැකියාවක නිරතව සිටින බව අනාවරණය වීම හේතුවෙනි.
ඒ අනුව කොළඹ වාණිජ මහාධිකරණය සතුව ඇති වීඩියෝ පහසුකම් ලබාගෙන ස්කයිප් තාක්ෂණය ඔස්සේ එම සාක්ෂිකරුගේ සාක්ෂිය ලබාගැනීමට පියවර ගන්නා ලෙසට විනිසුරුවරයා මහාධිකරණ රෙජිස්ට්‍රාර්වරයාට නියෝග කළේය.
ඒ.ජේ.ඒ අබේනායක
  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: ප්‍රථම වතාවට ස්කයිප් තාක්ෂණය ඔස්සේ අපරාධ නඩුවක සාක්ෂි ලබාගන්න නියෝග Rating: 5 Reviewed By: Unknown