තිස්ස ප්‍රේමසිරි ගේ අත්දැකීම් ගැන ඔහු ලියු ලිපියක් අද අප ඉදිරිපත් කරන්නේ ඔබට විවිධත්වයක් ලබාදෙනු සඳහායි ...
සමගි පෙරමුණු රජය අන්ත පරාජයකට ලක්වූ හැත්තෑ හතේ මහ මැතිවරණයෙන් සති දෙකක් යන්නටත් පෙර මගේ තීරණය වූවේ තවදුරටත් ගමේ සිටීමෙන් තඹ දොයිතුවක පලක් නොවන බවය. එයට මූලික හේතුව වූයේ උපන්ගෙයි ශ්‍රී ලංකා කාරයෙකු ලෙස හංවඩු ගැසී සිටි අපේ තාත්තා නිසා අමු ශ්‍රී ලංකා කාරයෙකු නොවූවත් මමද ඇත්තම යූ එන් පී විරෝධියෙකු වීමය.
මැතිවරණ සිතියම අකුලා දැමීමේ සුප්‍රකට ප්‍රකාශනයට අමතරව විරුද්ධවාදීන්ට බැස්ටිය දීම සඳහා ජේ.ආර්. ජයවර්ධන මහතා විසින් සති දෙකකට පොලීසියට නිවාඩු දීම යූ එන් පී විරෝධීන්ට කිසිසේත්ම ඇඟට ගුණදායක වූවේ නැත.
මුහුදුකරයේ සුප්‍රකට නගරයක මිනිසකු හා දීග ගොස් සිටි මගේ ලොකු අම්මාගේ දියණියගේ නිවසේ මට නවාතැන් ලැබුණේ ඒ අනුවය.
නාගරික සීමාව තුළ වුවද අක්කලාට පර්චස් 120ක පමණ ඉඩමක් හිමිව තිබිණ.
රා සඳහා ප්‍රසිද්ධ මේ නගරයේ තැබෑරුම් සඳහා වාර්ෂික ටෙන්ඩරය ලබා ගන්නා තැනැත්තා තැබෑරුම් අවට ඉඩම්වල පොල් ගස් බදු ගනී.
මේ ගණුදෙනුවට අනුව ඔහුට අයත් වන්නේ පොල් ගසේ රා ටික සඳහා අවශ්‍ය අලුත් මල් පමණි. වතු හිමියාට සුපුරුදු පරිදි පොල් කඩා ගත හැක. එමෙන්ම ගස් මදින්නා අතින් අතු පෑගීම නිසා පොල් පලදාව වැඩිවන බවට මතයක් තිබිමත්, ගිවිසුම් ප්‍රකාර වතු හිමියාට නොමිලයේ රා බෝතලයක් හිමි වීමත් නිසා ඉඩම් හිමියෝ කැමැත්තෙන්ම රා සඳහා සිය පොල් ගස් බදු දුන්හ.
මා හැත්තෑ හතේ දී සරණාගතයෙකු ලෙස අක්කලාගේ ගෙදරට කඩා වදින මොහොත වන විටද ඔවුහු සිය කුඩා ඉඩමේ ගස් ටික රා සඳහා බදු දී තිබිණි.
සියනෑ කෝරළයේ ඉරට්ට ගොබ්බයෙකු සේ දිවි ගෙවූ මට රා පිළිබඳ සංස්කෘතිය කවදත් අපූරු ආශ්වාදයක් ඇති කළ එකකි. පැරණි ජන කතා ඔස්සේ මෙන්ම වදුල වැනි සාහිත්‍ය කෘති ඔස්සේද, වැඩිමහල්ලන්ගේ ඕපාදූප ඔස්සේද, අසා ඇති රා කතා ඒ ගැන නොදත් මා හට අපූරු රස කතා වී තිබිණි.
ඒ කාලයේ අපේ බාප්පලා සහ ලොකු අයියලා බයිසිකල්වල නැගී ජා ඇලට හෝ මීගමුවට පැමිණ රා බෝතල් දෙක තුනක්ද ඉස්සන් සහ කකුළුවන්ද රැගෙන ගමට ආ උජාරුව ඒ රසය තවත් වැඩිකර තිබිණි. ඒ හැරුණු කල දිවුලපිටියේ සිමියොන් මාමා ප්‍රේමසිරි බාප්පාගේ හිල්මන් එකෙන් අපේ ගෙදර එන විට මස්සිනාට තෑග්ගක් කියා තාත්තාට ගෙන එන රා බෝතලයේ හැඩ නිලද මේ මනඃකල්පිත සංස්කෘතිය මා තුළ වඩාත් වර්ණවත් කරනු ලැබ තිබිණි. සරණාගතයෙක් ලෙස හෝ දැන් මා සිටින්නේ ඒ රා සංස්කෘතියේ මේ කවුරුවත් නොගිය තැනකය.
අක්කලාගේ වත්තේ ගස් ටික බාරව සිටි රා මදින්නා වූවේ රාජාය. රා මැදීම සඳහාම
විශේෂඥයින් වූ කොච්චි මිනිසුන්ගෙන් කෙනෙක් වූ රාජා අවුරුදු හතළිහක පමණ වයසකින්ද හැඩි දැඩි පෙනුමකින්ද යුක්ත තද කල්ලෙකි. කොට කලිසමක් හැඳ ඊට උඩින් ඩෙනිම් වැනි නිල්පැහැ රෙදි කඩක් දවටා ගන්නා ඔහු එය හම්පටියකින් තදින් බැඳ ගන්නේ එයට සවිකරන ලද සිය ආයුධ කට්ටලය සහිත ලෑලි කෑල්ලද සමගය. ලොකු ගල් ලෑල්ලක් තරම් වූ මෙම ලෑල්‍ලේ දිගින් අඟල් හයහතකට වඩා නැති, නමුත් ඒ තරම් පළලැති පිහියක්ද තවත් පිහි දෙකක්ද, විය. දුටු මතින්ම කැපේයයි බියක් දැනෙන තරම් මුවාතකින් යුත් මේ පිහිවලට අමතරව ඉතා ලස්සනට කුඩා පොල්ගෙඩියකින් පෙන් හෝල්ඩරයක් සේ සකසන ද භාජනයක්ද එයට අමුණා තිබේ. එම භාජනයේ ඇත්තේ ඔවුන්ගේ වර්ගයාටම ආවේණික වූ පොල් මල පදම් කිරීමට අවශ්‍ය බෙහෙත් මිශ්‍රණයකි. මීට අමතරව මල තැලීම සඳහා වූ සත්ව ඇට කැබැල්ලක් හෝ වෙනත් විශේෂ පොලු කැබැල්ලක්ද ඔහුගේ උපකරණ අතර වෙයි.
අතුරෙන් සම්බන්ධවන මුල්ම පොල් ගසටත්, අතුර අවසන්වන තැන පොල් ගසටත් පොල් ලෙලි තබා බැඳ ඇත්තේ නැගීමට පහසුවනු පිණිසය. පළපුරුදු නර්තන ශිල්පියෙකු සේ ඉතා සැහැල්ලුවෙන් අඩියට දෙකට ගසට නැග ගන්නා රාජා පැතලි පිහිය අතට ගෙන එක පහරින්ම මලෙහි පෙත්තක් කපා දමයි. දැනෙන නොදැනෙන තරම් සියුම් මෙම පෙති කැබලි පොල් අතුවල වැදී සියුම් හඬක් නගමින් බිමට වැටේ. ඉන්පසු ස්වකීය පොල් කට්ටේ වූ ජෙලි වැනි මිශ්‍රණයෙන් ස්වල්පයක් ඇඟිලි තුඩට ගෙන මලෙහි කැපූ තැන ආලේප කර සුළු වේලාවක් එක්තරා රිද්මයකට වෙලා ඇති මල තලන්නට පටන් ගනී. ඉක්බිති අලුත් මුට්ටිය එහි එල්ලා හෙතෙම කඹ දෙපොට ඔස්සේ ඊළඟ ගස වෙතට ගමන් කරයි.
මනා කඩිසරකමකින් මේ සියල්ලෙහි නිරතව රා එකතු කර ගන්නා හෙතෙම ඊළඟට තවත් කාරණයකට අත ගසයි. ඒ රාජකාරිය සඳහා අත්උදව්කාරයෙකු ලෙස මා ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත් වූවේ කරන්නේ කුමක්දැයි නොදැන වුවත් ඔහුගේ හොඳම යාළුවකු වීමේ අවස්ථාව ඒ නිසා මා හට උදාවිය.
සාමාන්‍යයෙන් ගසින් රා බාගැනීමෙන් පසුව ඔහු විසින් කළ යුතු රාජකාරිය වන්නේ රා බෝතල් ගණන මැන බලා තැබෑරුමෙන් ආ ළමයාට එය බාර දීම පමණි.
එහෙත් රාජා තම රාජකාරිය කරන්නේ මෙසේය.
හෙතෙම රා බෝතල් 35 ක් බෑවොත් මුලින්ම කරන්නේ ඉන් හත අටක් අයින් කර ගැනීමය.
ඉන්පසු අසල ඇති කුඩා ළිඳෙන් වතුර පනිට්ටුවක් ඇද වතුර බෝතල් 10ක් පමණ මුල් රා තොගයට එකතු කරයි.
ඒ අනුව ඔහු ගසෙන් බෑ රා බෝතල් තිස් පහ දැන් නැවතත් අංග සම්පූර්ණය. ඉන්පසු හෙතෙම ඩිස්ප්‍රින් පෙති අහුරක්ද, අවශ්‍යයයි සිතේනම් ගංජා කුඩු ස්වල්පයක්ද එයට දමා කෙළවර තලන ලද එඬරු පොල්ලකින් කලතයි. ඩිස්ප්‍රින් දමන්නේත් එඬරු පොල්ලකින් කලතන්නේත් පෙණ නගිනු පිණිසය.
දැන් රාජකාරියේ ප්‍රථම අදියර සම්පූර්ණය.
ඔය අතරේ තැබෑරුමේ
ළමයා ලොකු බූලියක්ද බයිසිකලයේ බැඳගෙන තැබෑරුමට රා ගෙන යාම පිණිස පැමිණෙයි. ඔහු ළඟට හෙමින් කිට්ටුවන රාජා වටපිට බලා කොලුවාට මෙසේ කියයි.
“මල්ලි රා බෝතල් 30යි බං තියෙන්නෙ. තව පහක්වත් දාපං නැතුව ජීවත් වෙන්ඩ බෑ බං”
මෙසේ කියන රාජා කොලුවාගේ අතේ රුපියල් දෙකක් තබයි. කොලුවා වටපිට බලා එය පිළිගන්නා නමුදු ඒකා මැවුම්කරුවෙකු නොවන හෙයින් ඔහු අසල වූ කුඩා ළිඳ පිහිට කොට ගනිමින් රා බෝතල් ගණන පහකින් වැඩි කරගනී. මේවා ගෙන ගොස් දමන තැබෑරුමේ මහා පීප්පය එයට දමන ඕනෑම ජලීය ද්‍රාවණයක් සැණෙකින් රා බවට පත් කිරීමේ බලගතු රසායනික ද්‍රව්‍යයන්ගෙන් යුක්ත බැවින් මේ ජල මුසුව කිසිසේත්ම ප්‍රශ්නයක් නොවන බව කොලුවා දනී.
තැබෑරුමේ කොලුවා පිටත්ව ගිය පසු රාජා තමන්ගේ දෙවැනි රාජකාරිය අරඹයි. එය නම් කලින් රා තොගයට කළ සාත්තුවම මේ බෝතල් හත අටටද සිදු කිරීමය. ඒ අනුව තමා තැබෑරුමට නොයවා ඉතිරි කරගත් රා බෝතල් හත අට පානීය ජලයේ පිහිටෙන් දහයක් දොළහක් බවට පත්වන්ට ගතවන්නේ ඉතා සුළු කාලයකි.
මේ රා තොගය රාජාගේ නීති විරෝධී ව්‍යාපාරයක් සඳහාය. ඒ නීති විරෝධී රා බොන්නට පැමිණෙන්නේ තැබෑරුමට යාම තමාගේ තත්ත්වයට මදිකමක්සේ සලකන පළාතේ උගත් මධ්‍යම පාන්තිකයන්ය. පැන්ෂන් ගිය ගාඩ් මහත්තුරුද පෝස්ට් මාස්ටර්ලාද, මේ අතර වූ බව මට මතකය.
වටපිට බලා නිවස පිටුපස දක්වාම පැමිණෙන ඔවුන් ලොකු අශෝක වීදුරුවට පුරවාදෙන රා බෝතලය හිටගෙනම පානය කළ යුතුය. බයිලා කපිරිඤ්ඤා හෝ ඉතාලියේ හිටපු අගමැතිගේ පවුල් ජීවිතය ගැන කතා මෙතැනට තහනම්ය. රාජා බලා සිටින්නේ හැකි ඉක්මනට වීදුරුව ඉල්ලා ගන්නටය.
“මහත්තයා ඉක්මනට යංඩ. දන්නවනේ මහත්තයට හින්දා මේ රා බෝතලේ හංගල තියාගත්තෙ. අහුවුණොත් ගස් මැදිල්ලත් ගස්...?
අමුත්තා මහත් තෘප්තියෙන් රා වීදුරුව අවසන් කර” හෙටත් තියාපං රාජා” කියා පිටත්ව යයි. තැබෑරුමේ රා බෝතලය රු.2.50 නම් ඔහුගේ මේ “ස්පෙෂල්” බෝතලය රුපියල් තුනකි.
ඊළඟට එන්නාටද රාජා කියන්නේ ඔය කතාවමය. දෙන්නේ පරණ ගර්තයමය මේ ආකාරයට ඉතා කෙටි කලක් තුළ රාජගේ මේ ස්පෙෂල් ව්‍යාපෘතියේ රා විකිණී අවසන් වෙයි. රාජාගේ රාජකාරියේ තුන්වන අදියර පටන් ගන්නේ සවස්යාමයේ ගෙදර යන්නට ඔන්න කියා තිබියදීය.
එහිදී ඔහු ඉතා පිරිසිදුව සෝදන ලද බෝතල් දෙකක් රා කියා ඔහු විසින් හඳුන්වනු ලබන මිශ්‍රණයෙන්ම පුරවා ගනී. ඉන්පසු රා මුට්ටිවල වැටී සිටින මී මැස්සන් දෙන්නෙකු තුන් දෙනෙකු බැගින් බෝතලයේ කට ළඟ තිබෙන ඩිස්පී්‍රන් සහ එඬරු කිරිවලින් සෑදුණු පෙණ මත තබාගනී. ගස් මදින රාජා තම සුපුරුදු ගර්තය නියම ගහේ බඩු බවට පත් කරන්නේ රා මුට්ටියට වැටී පරලෝක ප්‍රාප්ත වූ මී මැස්සන්ට පින්සිදු වන්නටය.
මේ රා බෝතල් දෙක බයිසිකලයේ එල්ලාගෙන ඇති පන්මල්‍ලේ තැන්පත් කර ගන්නේ ඒ සඳහා අතරමග දෙමහල් නිවසක විශේෂ පාරිභෝගිකයකු සිටින බැවිනි. ධනවත් ව්‍යාපාරිකයෙකු වන හෙතෙම නියම ගහේ බඩු මිස සාමාන්‍ය රා බොන්නෙක් නොවේ.
මේ මී මැස්සන් දැමීමේ අරුත නම් මෙම රා එයට වැටුණු මී මැස්සන් ඉවත් කිරීමෙන්වත් ඉඳුල් නොවූ රා බව පෙන්වීමය. සිය හිත මිතුරන්ට ඊර්ෂියා උපදවන අයුරින් ඔහු සෑම සන්ධ්‍යාවකම නියම ගහේ බඩු තොලගාන්නේ තම හිතෛෂිවන්ත ගස් මදින්නා විසින් ගෙනෙන ලද මේ බෝතල් දෙකට පින්සිදුවන්නටය. එම නොඉඳුල් රා බෝතලයක මිල එකල රුපියල් පහකි.
මේ ආකාරයට රාජාගේ අත යට රාවලට මේ තරම් ඉල්ලුමක් ලැබෙන්නේ ඔහුගේ අන්දකයිප්පු මිශ්‍රණය නිසා පමණක්ම නොවේ යයි මට සිතේ. තමාට පමණක් විශේෂයෙන්ම හොඳම බඩු ලැබෙන බවට එකිනෙකා තුළ ඇතිවන මානසික උද්දාමයද එයට හේතු වේ යැයි මට සිතේ.
දිනක් ඒ අසල පල්ලියක මංගල්‍යයක් දිනයේ අක්කලාගේ ඥාති තරුණයෙක් අක්කලාගේ ගෙදර මදින්නාගෙන් හොඳම ගහේ බඩු ලබා දෙන්නට මිතුරු පිරිවරක්ද කැටුව පැමිණියේය.
මේ වනවිට රාජාගේ හොඳම යාළුවා වී සිටි මා ඇමතූ ඔහු “මල්ලී බලන්ඩ කී දෙනෙක් එනවද කියල. අද බඩු මදිවෙයි වගේ” කීවේ වතුර කළයද අතට ගනිමිණි. ඒ වතුර කළයේ පිහිටෙන් පැමිණි සියල්ලන්ටම ළිඳෙන් ඇදගත් ගහේ බඩු ලබා දෙන්නට රාජාට හැකි විය.
රාජාගේ කොතරම් මිතුරෙකුට වුවත් ගසෙන් හොඳම රා නොලැබුණු බව විශ්වාසය. රාජා රාවලට වඩා ප්‍රිය කළේ අරක්කුය. දිනක් මම අක්කාත් සමග ඒ ගැන කතා කළෙමි.
අක්කා සිනාසෙමින් පැවසුවේ රාජාගෙන් හොඳ රා බොන්නට බලා සිටීම තරම් මෝඩකමක් තවත් නැති බවය.
“ඉතින් අක්කෙ රාජාගෙ රා මුට්ටිය ගහෙන් බහින කොටම අරගත්තොත් හරිනෙ. එතකොට කලවම් කරන්න බෑ නේ”
මම ඇසුවෙමි.
“පිස්සුද බං ඒකා ගහට නගිනකොටම ලබු කැටේට වතුර අරගෙන යනව“
“එතකොට අපි ලබු කැටෙත් චෙක් කළොත් ?,
“එතකොට ඒක ගහේ තියෙන කුරුම්බා හරි කපල දානවා”
“ඉතින් බං අක්කෙ ඔය විදිහට මෙහෙන් මටවත් හොඳ රා ටිකක් බොන්න බැරිද...?
මම මද අමනාපයකින් යුතුව විමසුවෙමි.
“පුළුවන්”
ඇය කිව්වාය.
“කොහොමද ඒ ?”“උඹ රාජාත් එක්ක එකතු වෙලා ගස් මදින්ඩ ඉගෙන ගනිං මම අයියට කියල උඹට ගස් දෙක තුනක් දෙන්නං. වෙනනම් විදියක් නෑ ”
නමුත් අක්කා කියූ විදියට මම ගස් මදින්නට ඉගෙන ගත්තේ නැත. එහෙත් අදටත් මම පිහියක් මුවාත තබන්නේ මහත ලී කොටයක් මතට තිරිවානා ගල්කැට දෙකක් එකට ගාටා වැටුණු ගල් කුඩු උපකාරි කර ගනිමිනි. මා රාජාගෙන් ඉගෙන ගත්තේ ඔහු ඒ තරම් හොඳින් මල් කපන්නට පිහි මුවාත තැබූ ආකාරය පමණි.

0 comments:
Post a Comment