ප්‍රංශයේ ජීවත් වන ලකී ගනේවත්ත තමන් ගේ නිර්දෝෂී භාවය ගැන කරන්නාවු ස්වයං පාපෝච්ඡාරණයක් ඊ මේල් ලිපියක් මගින් අපට යොමු කොට ඇත..එය එලෙසින්ම පළ කිරීමට අප තීරණය කළේ ඔහුට උදව්වක් ලෙසිනී...නමුත් මෙහි භාෂා පරිශීලනයේ ඇති ප්‍රාථමික භාවය ඉතා විශාලය..ඒ ගැන අපේ පාඨකයෝ අපට කමත්වා...මන්ද මේ.. ඒ ඔහුගේම රචනාවක් සංස්කරණයෙන් තොරව අප පළ කරන බැවිනී...
ලකී ගනේවත්ත |
දයාබර හිතවත,හිතවතිය ,
සහෝදරය ,සහෝදරිය ...!
විදෙස්ගතව ගතව ජීවත්වන ඔබ/අපට හිතවතකු මෙන්ම නෑයකු ලෙසද අසල්වැසියෙකු ලෙසද ගමේ කෙනෙකු ලෙසද පිලිගතයුතුව ඇත්තේද වැළඳගතයුතුව ඇත්තේද එකම රටෙහි ඉපදුන ශ්‍රී ලාංකිකයින් වන අප,අපම බව අමතක නොකළ යුතුය.ඒ සහෝදර බැම්ම මියයන තුරුම රැක ගත හැකි නම් විදෙස් රටක ජීවත් වුවද ඔබ අප එකම ජාතියක් ලෙස ලෝකය පිළිගනු ඇත.අපරාජිත නොවනු ඇත.
අතලොස්සක් වූ ජාතිවාදීන්/මූලධර්මවාදීන් හා ශ්‍රී ලංකාවෙහි ජන සමගිය භේද කර රට අස්ථාවර කිරීමට වලිකන එන් ,ජී,ඕ ,මුදල් මත යැපෙන
නරුමවාදීන්ගේ ප්‍රකාශයන් හා ක්‍රියාවන් නිසා මේවන විට අප මවුබිම තුල කනගාටු දායක ලෙස අරගලකාරී තත්වයක් උදාවී ඇත.ජාති භේද කුල භේද ආගම් භේද මිනිස් සිතට ඇතුල් කිරීම ඉතාම පහසු වුවද ඒවා සිත් තුලින් සෝදා හැරීම ඉතාම අපහසු වගේම එයින් සිදුවන සමාජ දෙදරීම හා විනාශය සුළුපටු නොවේ.කවුරු කලත් ත්‍රස්ථවාදයට අප විරුද්ධ වියයුතුය.ඒත් දමිල, සිංහල ,මුස්ලිම්, බර්ගර්,කියා ජාතිවාදීන් ලෙස අප වෙන් නොවිය යුතුය.පොදුවේ අප එකම රටක් උරුම කරගත් සහෝදර ශ්‍රී ලාංකිකයන් පමණි.ඈත අතීතයේ මුස්ලිම් ජාතිකයා ලක්බිමට පැමිණියේ කාන්තාවන් සමග නොවේ.එසේ නම් අප එකම මව් පරපුරක දරුවෝය.එකම නෑ පිරිසකි.නමුත් මේවනවිට පැරීසිය ඇතුළුව විදෙස්ගතව සිටින ශ්‍රී ලාංකිකයින් අතරද (මුස්ලිම්/සිංහල)ජාතිවාදී හැගීම් ඇති කිරීමට උත්සාහ ගන්නා බව පෙනී ගොස් ඇත.විශේෂයෙන් මෙහි සිටින ලාංකික මුස්ලිම් හිතවතුන් හැමදාමත් සිංහල අප සමග ඉතාම සමීපව ඇසුරු කල කටයුතු කල පිරිසකි.ඒ සහෝදර බැම්ම කඩා දැමීමට යමෙක් උත්සාහ කරනවා නම් ජාතික අපරාදයකි.එවැනි අපරාධයකට අවස්ථාවන් උදානොවීමට වග බලාගැනීම අප කාගේත් යුතුකමකි.
මම මෙම ප්‍රකාශය කිරීමට පෙළඹ වූ විශේෂම වූ හේතුවක්ද ඇත.ඊයේ දින තුල නිතර අප අතර ගැවසෙන මුස්ලිම් හිතවතකු.හතර වරක්ම දුරකථනයෙන් මා සමග කථා කළේය.මේ වනවිට අන්තර්ජාලය හා දුරකථනය හරහා මුස්ලිම් අයට විරුද්ධව ප්‍රකාශයක් ප්‍රචාරය කර ඇති බවත් ඒ පිටුපස ලකී ගනේවත්ත සිටිනා බවට ප්‍රචාරයක්ද පතුරුවා හරින බවත් ඔහු ඉතා හිතෛශීව මා වෙත දැන්වීය.
දයාබර ශ්‍රී ලාංකික හිතවතුනි.
මම ජාතිවාදය හා ආගම්වාදය පතුරවන අයට කවදත් විරුද්ධ වෙමි.එත් සිංහලයා කියන්නේ ශ්‍රී ලාංකිකයකුට පමණක් බව ලෝකයම පිළිගතයුතු සත්‍ය මමද පිලිගනිමි.ඒ සිහලයාගේ පැවැත්ම ලංකාව වූ සේම ඔවුන්ට වෙනත් රටක්ද නොමැති බැවිනි.නමුත් ශ්‍රී ලංකාවේ පාරම්පරිකව ජීවත්වන මුස්ලිම් දමිල බර්ගර් සියලු දෙනාටද සිංහලයාට තිබෙන සෑම මූලික අයිතිවාසිකමක්ම තිබෙන බවත් තිබියයුතු බවත් අවිවාදයෙන් පිලිගනිමි.පිළිගත යුතුය.මම මෙහි තිබෙන කිසිම දේශපාලන පක්ෂයක සාමාජිකයකුද නොවන අතර එසේ පක්ෂග්රාහීව කටයුතු කරන කෙනෙකුද නොවෙමි.ඒත් ශ්‍රී ලාකිකයන්ගේත් මව්බිමේත් සමගිය ආරක්ෂාව දියුණුව වෙනුවෙන් මට හැකි උපරිම ප්‍රමාණයෙන් කැපවීමට මා කිසිදා පසුබට නොවෙමි.එවැනි අවස්ථාවලදී සමහර පුද්ගලයන් මෙන්ම යම් සංවිධානවල නිලධාරීන් අත්තනෝමතිකව තීරණ ගෙන වැරදි ලෙස කටයුතු කරද්දී නිලය තරාතිරම නොබලා එම වැරදි පෙන්වා දී ඒවාට විරුද්ධ වුයෙමි.සංවිධානයක තනතුරක් ලබාගැනීම ආබරණයක් යයි සිතන හාප්රසිද්ධිය නිලය,බලය පසුපස දුවන සමහරුන් මගේ හඬ සහ ක්‍රියා කාරිත්වය නිහඬ කිරීමට මෑත කාලයේ සිට බලවත් වෙහෙසක් දරමින් සිටී.ඒ සඳහා පස් දෙනෙකු පමණ එකතුව නොයෙක් කුමන්ත්‍රණ සිදු කර ඇත.මොවුන් මා කාගේදෝ කාමරයකින් මුදල් සොරකම් කළා කීය.ගැහැනියක් /ළමයකු දූෂණය කල බව බලා සිටියා සේකීය.මා නියෝජනය කරන සංවිධාන වලට නිර්නාමික මා ගැන ලිපි යැවීය.ඊට අමතරව බොරු කේලාම් කියා යහළුවන් අතර කෙටවීය.නමුත් මාවැරදී කළා යයි කියන කිසිවකුගෙන් කිසිම දිනක මා වෙත මේ කියන කිසිම වරදකට චෝදනාවක් එල්ල වී නොමැත.මේ කිසිවකින් නිහඬ කර ගන්න බැරි වූ මට මේ තිරිසනුන් මෙවර ජාතිවාදී චෝදනාවක් එල්ල කරමින් මුස්ලිම් මිතුරන් අතර මා හතුරෙකු කිරීමට උත්සාහ ගනිමින් සිටී.අපේ සහෝදර මුස්ලිම් සහෝදරයිනි! මිතුරනි!මේ කපටි අත්මාර්තකාමීන්ගේ බොරු බේගල් හා උගුල් වලට රැවටෙන්න එපා.එයින් සිදු වන්නේ අපේ රටටත් ලිබියාවට,ඉරාකයට කල දේ කරන්නට අපේ රට විනාශ කරන්න බලන් ඉන්න හතුරන්ට ලබා දෙන අත්වැලක ආරම්භය විය හැක.ලංකාවේ මේ අවස්ථාවේ සිදුවන සමහර දේ අප අනුමත නොකරමු.මේ සඳහා අපට කළහැකි යමක් ඇත්නම් ඔබත් අපත් සාමූහිකව හින්ද කටයුතු කිරීම නැණවත් යයි මම අදහස් කරමි.මට අපහාස කරන්නට වලිකන නරුමයිනි.සියල්ලට පෙර තමන් කොච්චර සල්ලාලකම් කරල තියෙනවද අනුන්ගේ මුදල් කොච්චර වංචා කලාද. තමාගේ පව්ලේ සහෝදර සහෝදරියන් සමාජයට ආදර්ශමත් ජීවිත ගතකලාද.අවම වශයෙන් තමන්ගේ විවාහයේ කොටස්කරුට තමන් කොයිතරම් අවංකව කටයුතු කළාදැයි සිතා බලන්න.මොහොතකට තමන්ගේ ජීවිතය දෙස ආපසු හැරී බලන්න.එවිට ඔය සමාජය දූෂණය කරන කුහක ගති දුරුවේයැයි මම සිතමි... මුස්ලිම්/සිංහල බුද්ධිමත් සොහොයුරනි.අපේ සමගිය රැකගන්න.එකතුවන්න......
0 comments:
Post a Comment