උපසම්පදාව මඟින් තහවුරු කළ
විටෙක අපේ ඇතැම් රජවරුන් විසින් බුරුමයට විරුද්ධව ආක‍්‍රමණයන් දියත් කරනු ලැබ ඇතත්, ශ‍්‍රී ලංකාව හා බුරුමය හෙවත් පේගු රට (රක්ඛන්ග දේශය) අතර ඉතා සමීප රාජ්‍යතාන්ති‍්‍රක සම්බන්ධතාවන් මෙන් ම ඥාති සම්බන්ධතා හා වෙළෙඳ සම්බන්ධතා ද ආදියෙහි සිට පැවැත්තේ ය. මහා පරාක‍්‍රමබාහු රජ දවස සිංහල කුමරියක කාම්බෝජයේ රජු හා විවාහ වීමට යන අවස්ථාවක, ඇයට බුරුම රටේ රජකුගෙන් අතවරයක් සිදු වූ විටක දී පරාක‍්‍රමබාහු රජතුමා බුරුමය ආක‍්‍රමණය කළ අවස්ථාවක් ද ඉතිහාසයේ සඳහන් ය.මෙය බුරුමයේ අලවුංසිතූ රජතුමා ගේ සමයෙහි ය. ඉන් විශේෂ වූයේ එවකට ලංකාවේ සෙංකඩගල, කෝට්ටේ සහ සීතාවක රාජධානි අතර බුරුමය සමඟ ඇති වූ ඥාති සම්බන්ධතා ය.
මේ ඥාති සම්බන්ධතා ඇති වූයේ එවකට පැවැති මේ රාජධානි අතර වූ ආවාහ විවාහ ගනුදෙනු මඟිනි. දෙරටෙහි වෙළෙඳ ගනුදෙනු වූයේ අපේ අලි ඇතුන් හා කුරුඳු, එනසාල්, කරාබු, ගම්මිරිස් ආදී කුලුබඩු වර්ග එරටට අපනයනය කිරීමෙනි.
අපේ උතුරු නැඟෙනහිරබද වෙළෙඳ වරායවලින් මෙන් ම පසුකලෙක ගාල්ල, මාතර, කොළඹ ආදී මුහුදු බඩ වරායවලින් මේ වෙළෙඳ ගනුදෙනු සිදුවිය. බුරුමය නොහොත් පේගු රට හෙවත් එදා රක්ඛන්ග දේශය නමිනුත් හැඳින් වූ අද මියන්මාරය සමඟ නොබෝදා වෙළෙඳ හා අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීමට ද යෙදිණි.
එමෙන් ම එරටින් රාජ්‍යතාන්ති‍්‍රක පිරිසක් පැමිණ සෙංකඩගල ශ‍්‍රී දළදා මාලිගයට ඇතුන් දෙදෙනකු ද පූජා කළහ. බුරුම රජයෙන් අග්ග මහා පණ්ඩිත යන ගෞරව නාමය බුරුමයේ රජතුමා අතින්ම පිරිනැමුණු හිමිවරුන් කීප නමක් ද මෙරට සිටිනා බව ද සඳහන් කළ යුතු ය.
අප ගොඩනඟා ගත් ඥාති සම්බන්ධතා නිසා අපේ රටට එරටින් උපසම්පදා විනය කර්මය සෙංකඩගල රාජ්‍ය සමයේ දී දෙවරක්ම රැගෙන එන ලදී. ඒ අප රටේ සංඝ ශාසනය පිරිහී උපසම්පදා ශීලයෙහි පිහිටි භික්ෂූන් වහන්සේලා හිඟ ව භික්ෂු ශාසනය ගණින්නාන්සේලා ගෙන් පිරුණු අවස්ථාවන්හි දී ය.
ඥාති සම්බන්ධතා
කි‍්‍ර.ව.1497 සිට 1594 දක්වා කෙවුල්ගම පල්ලේපිටිය හා සෙංකඩගල ආදී ස්ථානයන්හි සිට පාලනය ගෙන ගියේ තුනයම මහ රජතුමා ය. තුනයේස, තුනයම හිස්කන්නැහේ යන නම්වලින් ද හැඳින්වෙන්නේ උඩිස්පත්තුවේ පොද්දල්ගොඩ සිටි, දැදිගම පරාක‍්‍රමබාහු රජු ගේ මුනුපුරා ය. දුම්බර හටන් බණ්ඩාර ගේ පුතා ය.
හිස්කන්නැහේ නම ලැබුණේ පෘතුගීසින් ගෙන් හා කෝට්ටෙන් උදව්ගෙන සෙංකඩගල රාජ්‍යය හිස් කළ නිසා ය. ඔහුගේ එක් පුතකු මැදමහනුවර සිට රාජ්‍ය මෙහෙය වූ ජෝතිය සිටු ය. (1460-62) දෙවන පුතා 1543-1579 දක්වා සෙංකඩගල රජ කළ වීර වික‍්‍රමබාහු ය. ඔහු රන්කොඩි පතිරැන්නැහැගේ නමිනුත් හැඳින්වේ.
මොහු දොන් ජෝන් ද ගස්ටේර¤ සෙනෙවියා පෘතුගීසීන් අටදහස් හත්සියයක් සමඟ සෙංකඩගල නගරයට මේ කාලයේ මෙහෙය වූ ආක‍්‍රමණය පරදවා ඒ සිද්ධිය සිහිවීම සඳහා මල්වත්තේ පෝය මළුවේ, විහාරස්ථානයක් ද ඉදිකර ඇත.
තුන් වන පුතා 1582-1505 දක්වා සෙංකඩගල සිටි සුන්දර බණ්ඩාර හෙවත් වීරසුන්දර බණ්ඩාර ය. මොහු පෘතුගීසින් විසින් හඳුන්වන ලද්දේ මහාකළු පරාක‍්‍රමබාහු නමිනි. සීතාවක රාජසිංහ මොහුට වලගම වට්ටාරම දෙන්නට යැයි කැඳවාගෙන යන අතරතුර බොරු වළකට දමා මරා දැම්මේ ය.
මොහු ගේ බිසව වූයේ මාඩුවාවෙල කොස්බොක්කේ ගෙදර විමලු නම් මාතාව ය. ඒ බව දන්තුරේ සටන මෙහෙය වූ හමුදා නායක මහා හේවා පේඩිගේ සරණසේවා බණ්ඩාරයන්හට ලබාදුන් සන්නස් පත‍්‍රයේ මෙසේ සඳහන් වේ.
“මාඩුවාවෙල කොස්බොක්කේ ගෙදර විමලු නම් මාතාව ගේ අතිගරු පුත‍්‍රරත්නය වූ විමලධර්මසූරිය මහරජතුමා...” ආදී වශයෙනි. මෙම දෙදෙනා ගේ දරුවන් වූයේ කොනප්පු බණ්ඩාර නොහොත් දොන් ජෝන් ඔෆ් ඔස්ටි‍්‍රයා නමින් ද හැඳින්වූ පසුව විමලධර්මසූරිය (1593-1604) නමින් සෙංකඩගල රජ වූ මහරජතුමා සහ තවත් දූ කුමරියෙකි.
ඇය බිසව වූයේ මාදම්පේ සිටි යුවරජ වූ තනිවල්ලබාහු ගේ හා කපුරු ළමාඑතනි ගේ පුත් තම්මිට සූරිය බණ්ඩාරට ය. සූරිය බණ්ඩාර ගේ එක් දුවක වූ නිලුපුල් මාලා සීතාවක රාජසිංහ ගේ බිසව ය.
මේ තම්මිට සූරිය බණ්ඩාර යුවළ ගේ පුතා වූයේ ඉහතින් සඳහන් කළ වීරසූරිය බණ්ඩාර ගේ මරණින් පසු 1581-85 දක්වා සීතාවක රාජසිංහ විසින් සෙංකඩගල සිහසුනේ තැබූ නිකපිටියේ බණ්ඩාර නොහොත් රාජසූරිය වේ. නෑකම අතින් මොහු සීතාවක රාජසිංහ ගේ මස්සිනා ය.
තම්මිට සූරිය බණ්ඩාර යුවළ ගේ එක් දුවක පේගු රටේ රජතුමා සමඟ විවාහ ව එරටට ගොස් ඇත. (වීදිය බණ්ඩාර ගෝත‍්‍ර පටය – ඥානාර්ථ ප‍්‍රදීපය 1999-12-05) මේ ඥාති සම්බන්ධය අනුව බුරුමයේ (පේගුරට) අද මියන්මාරයේ රජකළ රජතුමා සෙංකඩගල රජ කළ විමලධර්මසූරිය රජතුමා ගේ සොහොයුරිය ගේ දුව නොහොත් යේලිය ගේ ස්වාමි පුරුෂයා වූ සිය බෑනනුවන් ය.
එදා ඇතිකර ගත් මේ ඥාති සම්බන්ධතාව නිසා මියන්මාරය සමඟ ඇති වූ අපේ බැඳීම මේ දක්වා ම ශක්තිමත් ව පවතී. මෙහි සඳහන් කළ තම්මිට සූරියබණ්ඩාර කෝට්ටේ දොන් ජුවන් ධර්මපාල කුමාරයාට කතෝලික ආගම ඉගැන්වීමට තරම් කතෝලික ආගම පිළිබඳ ව දැනුමක් ලබා සිටි බව පෘතුගීසි සමය පිළිබඳ පඩිවරයකු වූ ඇස්.ඥාණප‍්‍රගාසම් පියතුමා ඔහුගේ පොතෙහි සඳහන් කරයි.
ඔහුට කෝට්ටේ රජමාලිගාවට නිදහසේ යෑම් ඊම් කිරීමට හැකි වූයේ ද ඔහුගේ සුළු පියා වූ උඩුගම්පොල සකලකලාවල්ලභ ගේ පුත් වූ වීදිය බණ්ඩාර ගේ පුතා වූ ධර්මපාල කුමාරයා නිසා ය.
නෑකම අනුව ධර්මපාල තම්මිට සූරිය බණ්ඩාර ගේ බෑණෙක් වන්නේ ය. පසු කාලයක සූරිය බණ්ඩාර ද ප‍්‍රැන්සිස්කෝ බරෙන්තු නමින් කතෝලික ආගම වැළැඳ ගත්තේ ය. මොහු පෘතුගාලයේ රජු විසින් කෝට්ටේ රජමාලිගයෙහි ප‍්‍රධාන දුක්ගන්නාරාල (Chief Chamberlain) වශයෙන් ද පත් කෙළේ ය.
මොහු ගේ අවසානය ද 1581.02.18 දින සීතාවක රාජසිංහ සමඟ ගැටුමකින් සිදුවිය. සූරිය බණ්ඩාර ගේ පුතා වූ නිකපිටියේ බණ්ඩාර 1592 දී සීතාවක රජු වශයෙන් ද පත් කෙළේ තම අත්තම්මා වූ වීදිය බණ්ඩාර ගේ මව, මහා බිසෝ බණ්ඩාර හෙවත් කෝමරි ළමාඑතනි විසිනි.
ඔහු 1616.12.05 වන දින දඹදෙණියේ රජු වශයෙන් ද ප‍්‍රකාශයක් නිකුත් කරගත්තේ ය. පසු ව සෙංකඩගල සෙනරත් රජු විසින් මොහු එලවා දමනු ලැබ පෘතුගීසීන්ට එකතු වී දොන් පිලිප් නමින් බෞතීස්ම ලැබී ය.
මොහු කි‍්‍රස්තියානි ආගම වැළැඳගත් පළමුවන සිංහල කුමාරයා මෙන් ම ගෝවේ කොයිම්බර් විශ්වවිද්‍යාලයයට ඇතුළත් වී යුරෝපීය විශ්වවිද්‍යාලයයක උගත් පළමුවන සිංහල කුමාරයා ද විය. ලංකා රාජ්‍යතන්ත‍්‍රයෙහි දහනව අවුරුද්දක් විවිධ භූමිකා රඟපෑ ඔහු 1621 දී මෙලොවින් සමුගත්තේ ය.
බුරුම රටින් උපසම්පදාව
බුරුම රටින් මෙරටට උපසම්පදා අධිශීල සම්ප‍්‍රදාය කි‍්‍ර.ව. 1597 දී පිහිටුවා ගනු ලැබූයේ පළමුවන විමලධර්මසූරිය මහ රජතුමා ගේ සමයේ ය. ඒ සිද්ධිය අස්ගිරි තල්පතෙහි මැන්දිස් රෝහණධීර සංස්කරණයෙහි මෙසේ සඳහන් වේ.
“උතුම් විමලදහම් සූය්‍ය¡ චක‍්‍රවර්තීන් වහන්සේගෙන් උඩපළාත දිසා ඨානාන්තරය ලැබී තිබුණ ගිරිරට මාවිල්ඔය නුවර විජේසිංහ මුදියන්සේට පත් අස්නකුත් මහත් අනර්ඝ බොහෝ පඬුරු පාක්කුඩම් සමඟ සිංහල සේනාව භාරකර වදාරමින් රක්ඛන්ග දේශාධිපති මහා රජෝත්තමයාණන් වෙත ගමන් කරවා චන්ද විලාශය කීර්ති නන්දිවක්ක මහා ථෙරානු ථෙර අතිරේක දශවර්ග සංඝයා සෙංකඩගල නුවරට වැඩම කරවා” ආදී වශයෙනි.
නන්දිවක්ක නන්දිවිශාල යතිවරයන් ප‍්‍රමුඛ දශවර්ගික භික්ෂූන් වහන්සේලා මෙරටට ගෙන්වා ගෙන ගැටඹේ උදකුක්ක්‍ෂේප සීමා මාලකයක් ඉඳිකරවා උපසම්පදා විනය කර්මය නැවත වරක් මෙරට ඇති කෙළේ ය.
එදා උපසම්පදාව ලැබූ භික්ෂූන් අතර කොටකේදෙණියේ බුද්ධවංශ, ගුණදාහේ ධම්මරංසි, සපුවිද සරණංකර, අඹන්පොල කෝලිත, ගොඩගම බුද්ධපාල, තුඩුගල ධම්මපාල ආදී සුප‍්‍රසිද්ධ යතිවරයන් ද විය.
එදින උපසම්පදාවෙන් පසු ප‍්‍රථම ධර්ම දේශනාව පැවැත්වූයේ ගම්පොල රාජගුරු ධර්මකීර්ති මහානායක ස්වාමීන් වහන්සේ ය. බුරුම රට සමඟ අපේ සම්බන්ධතාව තවදුරටත් තහවුරු වන්නේ තවත් අවුරුදු සියයකින් පමණ පසු 1697 දී ද විමලධර්මසූරිය මහ රජු ගේ මුණුබුරු දෙවන විමලධර්මසූරිය රජු දවසේ ද නැවත වරක් මෙරටට උපසම්පදාව රැගෙන ආ බැවිනි.
අස්ගිරි තල්පත එම සිද්ධිය මෙසේ සටහන් කරයි. “බුද්ධ වර්ෂයෙන් දෙදහස් එකුත් සාලිස් වැන්නට පැමිණි වර්ෂයෙහි ඇසල මස පුර සතවක් නම් තිථිය ලත් බ‍්‍රහස්පතින්දා සෙංකඩගල නුවරින් රක්ඛන්ග දේශයට ගමන් කරවූ දොඩම්වල හේරත් මුදියන්සේ ප‍්‍රධාන රදළවරු ඇතුලු සිංහල සේනාව, දෙදහස් දෙසිය හතළිසක් වූ වර්ෂයෙහි බක්මස පුර පසලොස්වක තිථිය ලත් සිකුරාදා øවන්ට පැයක් තියෙද්දී සන්තාන ලෝකරාග යන ථෙරානු ථෙර දෙනම ප‍්‍රධාන තිස්තුන් නමක් කැටුව සෙංකඩගල නුවරට පැමිණියා ය.
” එදා පුසේ නැකතින් උපසම්පදා ලාභී හිමිවරුන් වූයේ ගොලහැන්වත්තේ රාජගුරු ධර්මකීර්ති, ගුණදාහේ ශ‍්‍රී විමලධර ඒකනායක උන්නාන්සේ, කරගොල්ලේ නවරතන උන්නාන්සේ හා හුලංගමුවේ ජිනදාස උන්නාන්සේ ය.
0 comments:
Post a Comment